For faster navigation, this Iframe is preloading the Wikiwand page for මුද්‍රණ ක්‍රම.

මුද්‍රණ ක්‍රම

ගොනුව:Go.JPG

මුද්‍රණ ක්‍රම

[සංස්කරණය]

උත්තල මුද්‍රණ ශිල්පය -LETTERPRESS

[සංස්කරණය]

මෙය පැරණිම හා ආරම්භක මුද්‍රණ ක්‍රමයක් ලෙස සලකන අතර වර්තමානයේද ඉතා ප්‍රබල ලෙස පවතින මුද්‍රණ ක්‍රමයකි.

මෙහි සිද්ධාන්තය නම් උඩට මතු කරන ලද අක්ෂර හෝ සලකුණු (මේවා ඊයම්,ලී,ප්ලාස්ටික් යන කුමන හෝ මාධ්‍යයක් භාවිතා කර තනා ගත්තක් විය හැකිය).මත තීන්ත තවරා අවශ්‍ය කරන මුද්‍රණ මාධ්‍යය මත තද කිරීමෙන් මුද්‍රණ පිටපත් ලබා ගත හැකිය.

මුද්‍රණ ක්‍රමයේ විවිධ අවස්ථා

[සංස්කරණය]
  1. මෙය ලෙටර් ප්‍රෙස් ක්‍රමයේ මුලීක අවස්ථාවයි.මෙහිදී වරකට එක පිටපත බැගින් ලබා ගත හැකි අතර උසස් මුද්‍රණ තත්වයක් පැවති‍යද කාර්යක්‍ෂමතාව අඩුය.
  2. මෙය ලෙටර්ප්‍රෙස් ක්‍රමයේම වර්ධක අවස්ථාවක් වන අතර මෙහිදී මුද්‍රණ මාධ්‍යය (කඩදාසි ආදිය) සමතල තලයක වෙනුවට භ්‍රමනය වන සිලින්ඩරයකට සවිව ඇත.මෙය මුල් අවස්ථාවට සාපේක්‍ෂව කාර්යක්‍ෂම වන අතර මෙහිදී වරකට ලබාගත හැක්කේ එක් පිටපතක් බැගිනි.
  3. මෙහිදී පෙර අවස්ථා වලදී මෙන් උත්තල අකුරු රැදවු රාමුවක් වෙනුවට උත්තල අකුරු රැදවු සිලින්ඩරයක් යොදා ගනී.මේ අකුරු සදහා ඊයම් වැනි ලෝහ ද්‍රව්‍ය භාවිතා කරයි.මුද්‍රණ මාධ්‍ය(කඩදාසි වැනි දේ) රෝලක් ලෙස හාවිතා කරමින් යාන්ත්‍රිකව ඵකවර පිටපත් විශාල සංඛ්‍යාවක් ලබා ගත හැකි කාර්යක්‍ෂම ක්‍රමයකි.මේ සදහා තෙල් ගතියෙන් යුතු ඝන තීන්ත වර්ග හාවිතා කරයි.
  4. මෙහිදී පෙර පරිදිම උත්තල අකුරු රැද වු සිලින්ඩරයක් භාවිතා කරන අතර මෙහි වෙනස ඵ් සදහා ප්ලාස්ටික් වැනි සැහැල්ලු ද්‍රව්‍ය යොදා ගැනීමේ හැකියාවය. මෙම ක්‍රමයේදී දියාරු ගතිය වැඩි තීන්ත භාවිතා කරන අතර ඉතා කාර්යක්‍ෂම හා යාන්ත්‍රිකව විශාල පිටපත් ලබාගත හැකි ලෙටර් ප්‍රෙස් ක්‍රමයේ මුලික අවස්ථාවකි.
  • ඉහත දැක්වු සියළු අවස්ථා වලදී අකුරු හෝ රූප ඇමුණු රාමුව හෝ සිලින්ඩර වලදී අදාළ අකුරු හෝ රූප නොපිට පෙරලූ ස්වභාවයෙන් හෙවත් පාර්ශවික අපවර්තනයෙන් යුතුව යොදාගනී.


අවතල මුද්‍රණ ක්‍රම‍ය(ROTOGRAVURE PRESS)

[සංස්කරණය]

මෙහිදී පෙර විස්තර කළ උත්තල හෝ සමතල ක්‍රම‍ය මෙන් නොව මුද්‍රණය වියයුතු ප්‍රදේශවල ඉතා සියුම් සිදුරු (මේවා විනිවිද නොයයි) රාශියක් ඇති කරනු ලැබේ.මෙය සකස් කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවීම මෙහි ඇති අවාසියයි.එසේ සකස් කරගත් මුද්‍රණ තලය සිලින්ඩරයක සවි කරනු ලබන අතර එය භ්‍රමණය වීමේදී තීන්ත මාධ්‍යයක් කරා ගමන් කරයි.එහිදී සිදුරු තුළ තීන්ත රැදෙන අතර Doctorblade නැමති තලයෙන් අමතර ප්‍රදේශවල පිස දමනු ලබයි.එසේ සූදානම් කළ සිලින්ඩරය හරහා මුද්‍රණ මාධ්‍යය හෙවත් කඩදාසි ආදිය ගමන් කරනු ලැබීමෙන් මුද්‍රණය සිදුවේ.මෙම ක්‍රමයෙන් අති විශාල පිටපත් ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය විට සාර්ථකව භාවිතා කරනු ලබන ක්‍රමයකි.මෙම අවස්ථාවේදීද මුද්‍රණ රාමුව තුළ අක්ෂර පාර්ශවික අපවර්තනයෙන් යුතුව පහත පරිදි පවතී.

සමතල මුද්‍රණ ක්‍රමය(Offset litho press)

[සංස්කරණය]

තෙල් හා ජලය එකිනෙක මිශ්‍ර නොවේ යන පදනම මත මෙම ක්‍රමය ගොඩානැගී ඇති අතර තෙල් හා ජලයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයන් දක්වන ද්‍රව්‍යයක් මගින් සින්කෝ ඇලුමීනියම් තහඩුවකට ලබා ගන්නා නෙගිටිව් හෝ පොසිටිව් සේයා පටලයක් මුද්‍රණ රාමුව ලෙස භාවිතා කිරීම මෙහි තාක්ෂණයයි.මෙහිදී අදාල මුද්‍රණ පිටපත් තීන්ත තැවරීම හා නොතැවරීම වියයුතු කලාප ඉහත කී සේයා පටලයේ අන්තර්ගත ද්‍රව්‍යයේ ජලය හා තෙල්වල ඇති ප්‍රතිවිරුද්‍ධ ප්‍රතිඵලයක් ලෙස තීරණය වේ.


මෙම මුද්‍රණ ක්‍රමයේ විවිධ අවස්ථා

[සංස්කරණය]

මෙම ක්‍රමයේදි ලබාගත් පාර්ශවික අපවර්තනයෙන් යුත් සේයා පටලය ලබාලත් අතර එය ඉහළින් ඇති plate සිලින්ඩරයේ දවටනු ලබන අතර එයට මුලින් ජලය තැවරේ.එහිදී ජලයට සංවේදී කොටස්වල ජලය තැවරෙන අතර ඊළග අවස්ථාවේදී ජලය නොතැවරුණු හෙවත් තෙල් වලට සංවේදී කොටස් වල තීන්ත තැවරේ.මෙසේ සූදානම් වූ සිලින්ඩරයේ මුද්‍රණ මාධ්‍යය (කඩදාසි ආදිය) ගමන් කරන සිලින්ඩරයට තදවීමෙන් මුද්‍රණය සිදුවේ.

Offset Litho press

[සංස්කරණය]

මෙහිත් සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පෙර සේම වන අතර ප්‍රධාන වෙනස මූලික සේයා පටලය තුළ මුද්‍රණය නොවිය යුතු දෑ පාර්ශවික අපවර්ථනයෙන් සිදු නොවීමයි.මෙහිදී ඒ වෙනුවට ප්‍රතිවිරුද්ධ දිශාවකට භ්‍රමණය වන තවත් සිලින්ඩරයක් යොදා ගනී.

  • ඉහත අවස්ථා දෙකම දැනට බහුල ලෙස භාවිතා වන අතර කාර්යක්‍ෂම හා වැඩි පිටපත් ප්‍රමාණයක් ලබා ගත හැකි ක්‍රම වේ.


සිදුරු මුද්‍රණ ක්‍රමය (Screen Printing)

[සංස්කරණය]

තීන්ත විනිවිද යෑමෙන් මුද්‍රණය කීරීම මෙහි සිද්ධාන්තය වන අතර මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද සිල්ක් රෙදි වර්ගයක් භාවිතා කරන අතර මුද්‍රණය නොවිය යුතු ස්ථාන වි‍ශේෂිත රසායනික වර්ගයක් මගින් ආවරණය කරනු ලබයි.මෙහිදී සකස් කරගත් සිල්ක් රෙදි වර්ගය රාමුවකට තදින් සවි කරගනු ලබන අතර ඊට යටින් මුද්‍රණ මාධ්‍යය (කඩදාසි ආදිය) තබා රාමුව මතට තීන්ත තවරා විනිවිද යැවීම මගින් මුද්‍රණය කරගනී.මෙය ඉතා සරල මුද්‍රණ ක්‍රමයක් වන අතර වර්තමානයේද මුද්‍රණයේ පවතී.


මුද්‍රණයේ හෙට දවස

[සංස්කරණය]

මුද්‍රණයේ ඉතිහාසය ඈත අතීතයේට දිව යන්නකි.මුද්‍රණය අතීයේ සිට විවිධ මංපෙත් පසු කරමින් අද දවස වන විට පරිගණක තාක්ෂණයත් සමග එකට එක්ව මුද්‍රණ ක්ෂේත්‍රයේ අධිවේගී දියුණුවකට පා නගා ඇත. නූතන පරිගණනක තාක්ෂණය තුළින් ස්වයංක්‍රීයව අධිවේගී ලෙස මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාත්මකව පවතී.එක් වරකට පිටපත් කෝටි ගණනක් ලබා ගත හැකි අන්දමට අද මෙම තාක්‍ෂණය දියුණුව පවතී. ලෝකයේ මුද්‍රණ ක්ෂේත්‍රයේ අද තත්වය ඉතා දියුණු මට්ටමක පවතී.එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල මේ අධිවේගී තාක්ෂණය ඔරොත්තු නොදෙන අන්දමට පත්ව ඇත්තේ නූතන තාක්ෂණයේ දියුණුව අප වැනි රටවල අත පෙවිය නොහැකි මට්ටමක තිබීමය. මිළ අධික මුද්‍රණ යන්ත්‍ර අප රටට ගෙන ඒම රටේ ආර්ථිකය කෙරේද බලපායි.තවත් හේතුවක් නම් ශ්‍රමිකයන් නවීන දේ ඉගෙනීමට ඇති අකමැත්තයි.අද ලෝකය තුළ මුද්‍රණය පිළිබඳ විමසා බැලීම තුළින් එහි අනාගතය කෙබදු වේද යන්න සිතීම පවා අපහසුය.දැනට ලෝකයේ විවිධ රටවල මුද්‍රණ ක්ෂේත්‍රය විශාල ප්‍රාග්ධන සූක්‍ෂම ව්‍යාපාර බවට පත්ව ඇත.එවන් මුද්‍රණ කර්මාන්ත තුළ මිනිස් ශ්‍රමය යොදන කටයුතු සඳහා රොබෝ තාක්ෂණය භාවිතා කරයි.රොබෝවරු මගින් අද විවිධ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියා කරවයි. මුද්‍රණයේ හෙට දවස පිළිබඳ බැලීමේදී අද තාක්ෂණය මෙතරම් අධිවේගී නම් අනාගතයේදී මීට වඩා සූක්‍ෂම ලෙස කටයුතු කරගත හැකි වනු නියතය.අනාගතයේදී මුද්‍රණ යන්ත්‍ර‍ය පරිගණක වැඩසටහනක් තුළින් කිසිම මිනිස් ශ්‍රමයක් නොමැතිව සිදුවේ යැයි සිතිය හැක.අද තාක්‍ෂණය දෙස විමසා බලන විට ඉහත කීවාටත් වඩා විශාල දියුණුවක් මේ ක්ෂේත්‍රය තුළින් දැකිය හැකිය.

සබැදි පිටු

[සංස්කරණය]

ශ්‍රි ලංකා‍‍‍වේ මුද්‍රණ කර්මාන්ත‍ය

ආශ්‍රිත ග්‍රන්ථ

[සංස්කරණය]
  • පිළිස‍‍දර සගරාව.රජයේ මුද්‍රණාලය.
  • ශ්‍රී ලාංකීය මුද්‍රණ ඉතිහාසය.රජයේ මුද්‍රණාලය.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මුද්‍රණ ක්‍රම
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?