For faster navigation, this Iframe is preloading the Wikiwand page for මායියා ඈන්ජලෝ.

මායියා ඈන්ජලෝ

මායියා ඈන්ජලෝ
උපතමාගරීට් ඈන් ජොන්සන්
අප්‍රේල් 4, 1928(1928-04-04)
සෙන්ට් ලුවිස්, මිසරි, එක්සත් ජනපදය
මරණයMay 28, 2014(2014-05-28) (වයස 86)
වින්ස්ටන්-සේලම්, උතුරු කැරොලයිනා, එ.ජ.
වෘත්තියකිවිඳිය, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකරු, නළඟන, චිත්‍රපට නිෂ්පාදක, රූපවාහිනී නිෂ්පාදක, නාට්‍ය රචක, චිත්‍රපට අධ්‍යක්ෂක, ගත්කතුවර, නිළිය, මහාචාර්යය
භාෂාවඉංග්‍රීසි
වාර්ගිකත්වයඅප්‍රිකානු ඇමරිකානු
යුගය1969–2014
ප්‍රභේදයෝස්වයං-චරිතාපදානය
සංගණ්‍ය කෘතිය(කෘති)අයි නෝ වයි ද කේජ්ඩ් බර්ඩ් සිංස්
"ඔන් ද පල්ස් ඔෆ් මෝර්නිං"
කලත්‍රයා(යන්)ටොෂ් ඇන්ජලෝස් (1951–1954, දික්.)
පොල් ඩු ෆු (1973–1981, දික්.)

mayaangelou.com
Maya Angelou (2013)

මායා ඈන්ජලෝ (උපතේදී මාගරීට් ඈන් ජොන්සන්; අප්‍රේල් 4, 1928 – මැයි 28, 2014) යනු ඇමරිකානු ගත්කතුවරියක සහ කිවිඳියක වූවාය. ස්වයං චරිතාපදාන හතක්, රචනා පොත් තුනක් සහ කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ඇය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වසර 50 ක කාලයක් පුරා එළිදැක්වුනු නාට්‍ය, චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් ලැයිස්තුවක් ඇය වෙත බැර කෙරෙයි. සම්මාන දුසිම් ගණනක්ද 30 කට වඩා ගෞරව ආචාර්ය උපාධි සංඛ්‍යාවක්ද ඇය ලබා ඇත. ඇයගේ ළමා කාලය සහ මුල් යෞවන කාලයේ අත්දැකීම් වෙත අවධානය යොමු කල, කෘති හතකින් සමන්විත ස්වයං චරිතාපදාන මාලාව නිසා ඈන්ජලෝ මහත් කීර්තියට පත් වූවාය. එයින් පළමුවැන්න වූ, අයි නෝ වයි ද කේජ්ඩ් බර්ඩ් සිංස් (1969), පවසන්නේ වයස දහහත වන තුරු ඇයගේ ජීවිතය වන අතර, එය විසින් ජාත්‍යන්තර පිළිගැනුම සහ කීර්තිය ඇය වෙත ළඟා කර දුනි.

කිවිඳියක සහ ලේඛිකාවන ලෙසට ඇය පත්වූයේ, යෞවනියක ලෙසින් තවත් බොහෝ රැකියා කිරීමෙන් පසුව වන අතර, ඒවා අතර, බැදුම් අරක්කැමි, ගණිකාව, සමාජශාලා නළඟන සහ රඟපාන්නිය, පෝගි ඇන්ඩ් බස් ගී නළුවේ නළු නිලි කණ්ඩායමෙහි සාමාජිකාවක, දක්ෂිණ ක්‍රිස්තියානි නායකත්ව සමුළුව සඳහා සම්බන්ධීකාරක සහ, යළි-ජනාවාසකරණ කාලයේදී ඊජිප්තුවෙහි සහ ඝානාවෙහි ජනමාධ්‍යෙව්දිනියක යන දේ වෙයි. නාට්‍ය, චිත්‍රපට සහ ජනසතු රූපවාහිනී වැඩසටහන් තුල ඇය නිළියක, ලේඛිකාවක, අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදකවරියක ලෙස කටයුතු කලාය. 1982දී පටන්, උතුරු කැරොලයිනාවේ, වින්ස්ටන්-සේලම්හී, වේක් ෆොරස්ට් විශ්වවිද්‍යාලයේ ඇය උගැන්වූ අතර, එහි ඇමරිකානු අධ්‍යයනයන් පිළිබඳ පළමු ජීවිතාන්තය තෙක් රෙනෝල්ඩ්ස් මහාචාර්යපදවිය ඉසිලුවාය. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයෙහි සක්‍රීය සාමාජිකාවක වූ ඇය, මාටින් ලූතර් කිං, කණි. සහ මැල්කම් එක්ස් සමගින් කටයුතු කලාය. 1990 ගණන් වල පටන්, කථිකාචාර්ය මණ්ඩලයේ ඇය වසරකට පෙනී සිටීම් 80 කට සහභාගී වූ අතර, අසූ වියැති වන තුරුම මෙය අනුගමනය කළාය. 1993දී, ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ දිවුරුම් දීමේ උත්සවයේදී, ඈන්ජලෝ විසින් ඇයගේ කාව්‍යය "ඔන් ද පල්ස් ඔෆ් මෝර්නිං" (1993) ගායනා කල අතර, මෙය නිසා, 1961දී ජෝන් එෆ්. කෙනඩිගේ දිවුරුම් දීමේ උත්සවයේදී රොබට් ෆ්‍රොස්ට් විසින් සිදු කලාට පසු දිවුරුම් දීමේ උත්සවයකදී පාඨනයක් කල පළමු කිවිඳිය වූවාය.[තහවුරු කර නොමැත]

අයි නෝ වයි ද කේජ්ඩ් බර්ඩ් සිංස් යන ප්‍රකාශනය හා සමගින්, ඈන්ජලෝ විසින් ඇයගේ පුද්ගලික ජීවිතයේ කරුණු ප්‍රසිද්ධ සංවාදයට භාජනය කළාය. කළු ජාතිකයන් සහ ස්ත්‍රීන් පිළිබඳ නියෝතියක ලෙසින් ඇය ගෞරවයට පත් වූ අතර,[තහවුරු කර නොමැත] ඇයගේ කෘතීන් විසින් කළු ජාතීන්ගේ සංස්කෘතිය ආරක්ෂා කෙරුණු බව සැලකුණි. [තහවුරු කර නොමැත] සමහරක් එජ පුස්තකාල වලින් ඇයගේ පොත් තහනම් කිරීමට ප්‍රයත්න දැරුවද,[තහවුරු කර නොමැත] ඇයගේ කෘතීන් පාසැල් සහ විශ්වවිද්‍යාලයන්හී පුළුල් ලෙසින් භාවිතා විය. [තහවුරු කර නොමැත] ඈන්ජලෝගේ ප්‍රධාන කෘතීන් නම් කෙරුණේ ස්වයං-චරිතාපදාන ප්‍රබන්ධ ලෙසින් වුවද,[තහවුරු කර නොමැත] බොහෝ විචාරකයෝ ඒවා ස්වයං-චරිතාපදාන ලෙසින් වර්ගීකරණය කළහ. [තහවුරු කර නොමැත] එහි ප්‍රභේදය විචාරණය, වෙනස්කිරීම, සහ පුළුල් කිරීම ඔස්සේ ස්වයං-චරිතාපදානයන්හී පොදු ආකෘතිය අභියෝගයට ලක්කිරීමට ඇය සිතාමතාම ප්‍රයත්නයක් දැරුවාය.[තහවුරු කර නොමැත] ඇයගේ පොත් කේන්ද්‍රගතව ඇත්තේ වර්ගවාදය, තදාත්ම්‍යය, පවුල සහ, සංචාරය වැනි තේමා මතය.

ජීවිතය සහ වෘත්තිය

[සංස්කරණය]

මුල් වසර කිහිපය

[සංස්කරණය]

මාගරීට් ජොන්සන්, 1928, අප්‍රේල් 4 දිනදී, සෙන්ට් ලුවිස්, මිසරිහීදී, උපත ලද්දේ, ද්වාරිකයෙක් සහ නාවුක ආහාරවේදියෙක් වූ බේලි ජොන්සන් සහ සාත්තු සේවිකාවක සහ කාඩ් බෙදන්නියක වූ විවියන් (බැක්ස්ටර්) ජොන්සන් හට දාවය. [1][note 1] ඈන්ජලෝගේ වැඩිමහල් සොහොයුරා වූ, බේලි කණි. විසින්, මාගරීට් හට අපනාමයක් ලෙසින් "මයියා" යන්න ව්‍යුත්පන්න කර ඇත්තේ, "මයි" හෝ "මයිය සිස්ටර්" යන්නන් වෙතිනි.[2] ඈන්ජලෝ තුන් හැවිරිදි සහ ඇයගේ සොහොයුරා හතර හැවිරිදි වත්ම, ඔවුන්ගේ දෙමව්පියන්ගේ "ඛේදජනක විවාහය"[3] කෙළවර වූ අතර, ඔවුන්ගේ පිතෘ පාර්ශව ආච්චී වූ ඇනී හෙන්ඩර්සන් සමග විසීම සඳහා, ඔවුන්ගේ පියා විසින්, ස්ටෑම්ප්ස්, ආකැන්සාස් වෙත, ඔවුන්ව තනිව දුම්රියෙන් යැවීය. එකල අප්‍රිකානු-ඇමරිකානුවන් මුහුණ දුන් කටුක ආර්ථික තත්ත්වයට "විස්මයජනක ව්‍යතිරේකයක්" සපයමින්[4] මහා අවපාතය සහ දෙවන ලෝක යුද්ධය තුලදී ඈන්ජලෝගේ ආච්චි මූල්‍යමය වශයෙන් සමෘද්ධිමත් වූයේ, ඇය සතුවූ සාමාන්‍ය ගබඩාව වෙතින් ඇය විකුණුවේ ජනතාවට අවශ්‍ය මූලික වෙළෙඳ ද්‍රව්‍යයන් නිසාද "ඇය විසින් ඥානවන්ත සහ අවංක ආයෝජන" සිදු කල බැවිනුත්ය. [1][note 2]

ඈන්ජලෝගේ ජීවිතය සත්‍ය වශයෙන්ම පරිපූර්ණ එකක් විය: අන්තදූගී අවපාත යුග දක්ෂිණ පළාතේ සිට, ගණිකා තැරැව්කාරියක, ගණිකාවක, සුපිරි සමාජ ශාලාවක ගී ගයන්නියක, පෝගි ඇන්ඩ් බස් නාට්‍යයේ රැඟුම් දක්වන්නියක, මායින් ලූතර් කිං කණි.ගේ දක්ෂිණ ක්‍රිස්තියානි නායකත්ව සමුළුවෙහි සම්බන්ධිකාරකයෙක්, යළි-ජනාවසකරණ කාලයේදී ඊජිප්තුවේ සහ ඝානාවේ මාධ්‍යවේදිනියක, මැල්කම් එක්ස්ගේ සුහෘදයෙක් සහ, වොට්ස් කැරැලි ඇසින් දුටුවෙක් වූවාය. කිං සහ මැල්කම්, බිලී හොලිඩේ සහ, ඇබේ ලින්කන් ඇය කිට්ටුවෙන් ආශ්‍රය කළාය.

ද නිව් රිපබ්ලික් (මැක්වෝටර්, පි. 36) හී විචාරක ජෝන් මැක්වෝටර්

ඇයගේ ජීවිත කතාව අවබෝධ කර ගත් සැණින් ඔබ හට සිතෙනුයේ ඔබගේම ජීවිතයේ ඔබ කළ දේවල් කෙතරම් අල්පද යන්න සහ ඇය ජීවිතයේ ලද කටුක අත්දැකීම් වලින් අඩක් හෝ ඔබට අත්විඳීමට සිදු නොවීමෙන් ඔබ කෙතරම් භාග්‍යවන්තද යන්නයි.

ද ගාඩියන් ලේඛක ගැරී යං, 2009[6]

සතර වසරක් ගත වෙත්ම, දරුවන්ගේ පියා "කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ස්ටෑම්ප්ස් වෙත පැමිණි අතර"[7] සෙන්ට් ලුවිස්හී ඔවුන්ගේ මවගේ භාරකාරිත්වයට දරුවන් යළි පමුණවන ලදි. අට හැවිරිදි වත්ම, ඇයගේ මව සමග ජීවත්වූ ඈන්ජලෝ, ලිංගික අපයෝජනයට ලක්ව දූෂණය වූයේ, ෆ්‍රීමන් නමැති, ඇයගේ මවගේ පෙම්වතා අතිනි. මේ බව ඇය විසින් ඇයගේ සොහොයුරා වෙත හෙළි කල අතර, ඔහු විසින් පවුලේ අනෙකුන් වෙත එය දන්වන ලදි. ෆ්‍රීමන් වැරැදිකරු බව ඔප්පුවූ අතර සිර ගත කෙරුනේ එක් දිනකට පමණි. ඔහු නිදහස ලැබීමෙන් දින සතරකට පසුව, ඔහු ඝාතනය කරනු ලැබූ අතර, බොහෝ විට එය ඈන්ජලෝගේ මාමා වරුන් අතින් සිදු වන්නට ඇත. [8] වසර පහක පමණ කාලයක් පුරා ඈන්ජලෝ නිෂ්ශබ්ද වූයේ,[9] ඇය පැවසූ පරිදී, "මා සිතන්නේ, මගේ වචනය මොහු මරා දැමූ බවයි; මම ඒ මිනිසා මරා දැමුවේ මම ඔහුගේ නම කිවූ නිසයි. මම නැවත කිසිදිනෙක කතා නොකරන්නේ, මගේ වචන විසින් ඕනෑම අයෙකු මරා දැමිය හැකි නිසයි ..." යනුවෙන් විශ්වාස කල බැවිනි. [10] ඈන්ජලෝ පිළිබඳ චරිතාපදානයක් ලියූ මාර්සියා ඈන් ගිලෙස්පි සහ ඇයගේ සගයන් පරිදී, මෙම නිෂ්ශබ්ද කාල පරිච්ඡේදය තුලදී ඈන්ජලෝ විසින් ඇයගේ අසාමාන්‍ය මතක ශක්තිය, පොත් වලට සහ සාහිත්‍යයට ඇයගේ ආදරය සහ, ඇය අවට ලොවට සවන් දීමට සහ එය නිරික්ෂණය කිරීමට ඇයගේ හැකියාව වර්ධනය කර ගත්තාය.[11]

ෆ්‍රීමන්ගේ ඝාතනයෙන් මඳ කලකට පසු, ඈන්ජලෝ සහ ඇයගේ සොහොයුරා යළි ඔවුන්ගේ ආච්චි වෙත යැවිණි.[12] ඇයට නැවත කථා කිරීමට හැකියාව ලබා දීමේ ගෞරවය ඈන්ජලෝ විසින් ලබා දෙන්නේ, ගුරුවරියක සහ ඇයගේ පවුලේ මිතුරියක වන බර්තා ෆ්ලවර්ස් මහත්මියටය. ඇයගේ ජීවිතයට සහ වෘත්තියට බලපෑම් ඇති කල ගත්කතුවරුන් වූ, චාල්ස් ඩිකන්ස්, විලියම් ෂේක්ස්පියර්, එඩ්ගාර් ඇලන් පෝ, ඩග්ලස් ජොන්සන් සහ, ජේම්ස් වෙල්ඩන් ජොන්සන් වැනි ගත්කතුවරුන් මෙන්ම, ෆ්‍රාන්සස් හාපර්, ඈන් ස්පෙන්සර්, සහ ජෙසී ෆොසට් වැනි කළු ජාතික කලාකාරිනියන්ද ඇයට හඳුන්වාදුන්නේ ෆ්ලවර්ස් මහත්මිය විසිනි.[13][14][15]

ආශ්‍රිත

[සංස්කරණය]

පැහැදිලිකිරීමේ සටහන්

[සංස්කරණය]
  1. ^ ඈන්ජලෝ විසින් විවියන් බැක්ස්ටර්ගේ ජීවිතය ගැන සහ ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන මම් ඇන්ඩ් මී ඇන්ඩ් මම් (2013) හී එනම්, ඇයගේ ස්වයං-චරිතෝපදාන සතෙහි අවසන් කොටසෙහි ලියා ඇත.
  2. ^ ඈන්ජලෝ පරිදී, ඇනී ඇන්ඩර්සන් විසින් ඇයගේ වෙළෙඳ ව්‍යාපාරය ගොඩනැගීමේදී, ඇය අරඹා ඇත්තේ කළු ජාතික කම්කරුවන් හට ආහාර සල් ලෙසින් වන අතර, එය අත්‍යන්තයේ ගබඩාවක් බවට ප්‍රවර්ධනය වී ඇත.[5]

උපන්‍යාස

[සංස්කරණය]
  1. ^ a b ලුප්ටන්, පි. 4
  2. ^ ඈන්ජලෝ (1969), පි. 67
  3. ^ ඈන්ජලෝ (1969), පි. 6
  4. ^ ජොන්සන්, ක්ලෝඩියා (2008). "හැඳින්වීම". In ජොන්සන්, ක්ලෝඩියා (ed.). රේසිසම් ඉන් මායියා ඈන්ජලෝස් අයි නෝ වයි ද කේජ්ඩ් බර්ඩ් සිංස්. ඩිට්‍රයිට්, මිෂිගන්: ගේල් ප්‍රෙස්. p. 11. ISBN 978-0-7377-3905-3.
  5. ^ ඈන්ජලෝ (1993), පිටු. 21–24
  6. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :6 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. ^ ඈන්ජලෝ (1969), පි. 52
  8. ^ ජොයේන් එම්. බ්‍රැක්ස්ටන් (1999). මායියා ඈන්ජලෝස් අයි නෝ වයි ද කේජ්ඩ් බර්ඩ් සිංස්: අ කේස්බුක්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 121. ISBN 9780195116076.
  9. ^ ලුප්ටන්, පි. 5
  10. ^ "මායියා ඈන්ජලෝ අයි නො වයි ද කේජ්ඩ් බර්ඩ් සිංස්". බීබීසී ලෝක සේවය පොත් සමාජය. ඔක්තොම්බර් 2005. සම්ප්‍රවේශය දෙසැම්බර් 17, 2013.
  11. ^ ගිලෙස්පි සහ අනෙකුන්, පි. 22.
  12. ^ ගිලෙස්පි සහ අනෙකුන්, පිටු. 21–22.
  13. ^ ඈන්ජලෝ (1969), පි. 13.
  14. ^ ගිලෙස්පි සහ අනෙකුන්, පි. 23.
  15. ^ ලුප්ටන්, පි. 15.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මායියා ඈන්ජලෝ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?