For faster navigation, this Iframe is preloading the Wikiwand page for මානව අධ්‍යයනය-ජනවාර්ගිකත්වය.

මානව අධ්‍යයනය-ජනවාර්ගිකත්වය

මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. මෙහි ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය කාරණය දක්වා නොමැත. ඔබට හැකි නම් මෙම වැඩි දියුණු කිරීමට ලිපිය කාරුණික වන්න. (2011 අගෝස්තු) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)

ජනවාර්ගිකත්වය මානව අධ්‍යයනයේ එක් කොටසකි.ජන වර්ගයන් බිහිවීම, ව්‍යාප්තිය, තාක්ෂණය, ආගම්, භාෂා සහ සමාජයීය කරුණු ජනවාර්ගිකත්වය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව මෙහිදී අධ්‍යයනය කෙරේ.තවද ජාතිකමය සහ වෙනත් මානුෂික වෙනස්කම්වලට ඒවායේ බලපෑම පිළිබඳවද ඒ යටතේ සොයා බැලේ.


ජනවාර්ගිකත්ව අධ්‍යයනය ගෝත්‍ර විද්‍යාවෙන් වෙනස් වන කරුණු කිහිපයකි. ඒවානම් ගෝත්‍ර විද්‍යාවේදී එක් ගෝත්‍රයක් පිළිබඳව පමණක් හදාරයි. නමුත් ජනවාර්ගිකත්ව අධ්‍යයනයේදී විවිධ ජන වර්ග බිහිවීම, ඒවා අතර සමානකම් හා වෙනස්කම් අධ්‍යයනය කිරීමත් සිදුකෙරේ. ජනවාර්ගිකත්වය යන්න මුලින්ම හඳුන්වා දෙන ලද්දේ 1783 දීය.ඒ වියානාවේදී කෘතියක් එළි දැක්වූ ඇඩම් ෆ්‍රාන්ස් කොලර් විසිනි. කොලර්ට මෙම විෂයය පිළිබඳ උනන්දුවක් ඇති වූයේ ඔහුගේ මවුබිම වූ හංගේරියාවේ පැවති භාෂාවන්, ඊට ස්ලොවැකියාවෙන් උරුම වූ කරුණු, බොල්කන් පෙදෙස්වල ඔටෝමන් අධිරාජ්‍යයේ හීනවීමත් සමඟ ඇතිවූ වෙනස්වීම්ය.

ජනවාර්ගිකත්වයේ අරමුණු වන්නේ, මානව ඉතිහාසය යළි හුවා දැක්වීම සහ සංස්කෘතිකමය වෙනස්කම් අවබෝධ කරගැනීමයි. "මානුෂිකත්වය” යනු 19 වැනි සියවසේ සිට බොහෝ මතවාදවලට තුඩුදුන් කරුණකි. ඇමෙරිකාවේදී සහ බ්‍රිතාන්‍යයේ දී මෙය සංස්කෘතික හා සමාජයීය මානව විද්‍යාව ලෙස ද හැඳින්වේ. නමුත් 18 වැනි සියවසේ පටන් යුරෝපයේ මෙය හැඳින්වූයේ අධ්‍යාපනික අංගයක් ලෙසය. ඕනෑම ජනවාර්ගික සංසන්දනයක් ජනවාර්ගික අධ්‍යයනයක් ලෙස හැඳින්වෙන අවස්ථා ද තිබේ.

15 වැනි සියවසේදී ඇමෙරිකාව සොයාගැනීමත් සමඟ වෙනස් ජනවර්ග පිළිබඳව අධ්‍යයනයට හදිසි මඟක් පෑදිණි. මෙයින් විවිධාකාරයේ ජනවර්ග "ඉතිහාසයක් සහිත ” සහ " ඉතිහාසයක් රහිත ” යනුවෙන් කොටස් දෙකට බෙදිණි. නමුත් මෙම මතය ඉතිහාසය යන මතවාදයේ අර්ථ දැක්වීම අනුව වෙනස් විය.

මොන්ටේන්ගේ එක් ලියවිල්ලක්, ලෙවී ස්ට්‍රාවුස් විසින් හඳුන්වනු ලැබුයේ ජනවාර්ගිකත්ව අධ්‍යයනයක් ලෙසය. ලෙවී ස්ට්‍රාවුස් විසින් ලෝකයේ ජනවර්ගවල පවතින මූලික සමානකම් පිළිබඳ මතයක් ගෙනහැර පෑවද එම මතවාද මාර්ක්ස්, නීෂේ, ෆෝකෝල්ට්, අල්කූසර් හා ඩෙලූප් ආදී 19 හා 20 වැනි සියවස්වල සමාජයීය දර්ශනවාදීන්ගේ දෝෂ දර්ශනයට භාජනය විය.

ජනවාර්ගිකත්වපිළිබදව වූ අර්ථ දැක්වම්

[සංස්කරණය]

ජනවාර්ගිකත්වය පිළිබඳව අර්ථකථනය ඉතා සංකිර්ණ සහ අපැහැදිලි බවත්, එය ඉතා අසීරු කර්යයක් බවත් සමාජ විද්‍යාඥ Max Weber මහතා වරක් පවසන ලදී.

කෙසේ වෙත්ත බොහෝ සමාජ විද්‍යාඥයින් අනුමත කරන ලද අර්ථකතනයක් Weber මහතා ඉදිරිපත් කරන ලදි.

ශාරිරික මෙන්ම චාරිත්‍ර වල සමානාත්මකතාවයන් නිසාද, සංක්‍රමණයේ සහ ජනපදකරණයේ මතකයන් නිසාද, තමන්ගේ පොදු පෙළපත ගැන ආත්මගත විශ්වාසයක් ඇති මිනිසුන්ගේ වාර්ගිකරණයට මෙම විශ්වාසය මහත් රුකුලක් වූ අතර ඒ සඳහා ලේ නෑකමක් තිබීම අවශ්‍ය නොවීය.

Weber මහතාගෙන් පසුව සමාජ විද්‍යාඥයන්ගේ ජනවාර්ග පිළිබඳ හැඳින්විම් බොහෝ විට සාවද්‍ය ඒවා බව මානව විද්‍යාඥ Ronald Choen මහතා ‍මානව වගී පිළිබඳව මානව විද්‍යා හා සමාජ අධ්‍යනයකදී පෙන්වා දෙන ලදි.

"අප අනුමත කරන මානව වර්ග වල අනන්‍යතාවයන්, ඉතා අඥානය, එමෙන්ම ඉතා සාවද්‍ය"

යටත් විජිතවාදීන් ජනවර්ගවල අනන්‍යතාවය (පෙර තම ගෝත්‍රක වල අනන්‍යතාවය) පිළිබඳ බොහෝ විට ප්‍රශ්න නගරන බව Cohen මහතා පෙන්වා දෙන ලදි. Harold Isaacs විසින් ජනවාර්ගිකත්වයේ අනෙක් ලක්ෂණයන් හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් ඔවුන්ගේ ශාරිරික පෙනුම, නම, භාෂාව, ඉතිහාසය සහ ආගම විශේෂයක් ගනී, මෙම අර්ථකතනය සමහර ශබ්දකෝෂ වලත් අන්තර්ගත වේ. එකිනෙකට වෙනස් මානව වර්ගවල ලක්ෂණ මෙලෙස ඉතා වැදගත් වුයේ කෙසේද, කෙදිනද, එයට හේතුව කුමක්දැයි සමාජ විද්‍යාඥයන් විමර්ශනය කරන ලදි. ජනවර්ගික සීමා ඉතා අස්ථිර බව මානව විද්‍යාඥ John Viocent පෙන්වා දෙන ලදි. ජනවාර්ගීකරණය ද්විධාරකණයට සමාන කළ Ronald Cohen, තවද එය දේශපාලනික අවශ්‍යතාවයන්ගේ සීමා වලින් වට කල හැකි බවද පෙන්වා දෙන ලදි. මේ හේතු නිසා ජනවාර්ගීකරණයට පෙළපත දැඩිලෙස බල නොපායි. පොදු දේශපාලනික තත්ත්වය ටතේ ජනවාර්ගික සීමා වෙස්කිරීම ජනවාර්ගීකරණයේ වැදගත්ම ලක්ෂණය වෙයි.

ජනවාර්ගික කණ්ඩායම්

[සංස්කරණය]

වංශය හෝ පරම්පරාව මුලික කොට ගෙන එකිනෙකාගේ අනන්‍යතාවයන් හඳුනාගැනීමට සමත් මිනිසුන් කොටසකින් සමන්විත වු කණ්ඩායමක් ජනවාර්ගික කණ්ඩායමක් ලෙස හඳුන්වයි. ජනවාර්ගික අනන්‍යතාවය මත කණ්ඩායමේ විශිෂ්ඨත්වය රඳා පවතියි. පොදු සංස්කෘතිය, භාෂාව, ආගම හා ජෛව ගති ලක්ෂණ මඟින්ද එය සලකුණු කරයි.

1992 හිදී පැවැති 'ජනවාර්ගික ‍ලෝකය මැනීමේ අභියෝග' නම් වු අන්තර්ජාතික සම්මේලනයට අනුව නම් "ජනවාර්ගිකත්වය” යනු මිනිස් ජිවිතයේ මුලික සාධකයකි. එය මිනිසුන්ට ආවේණික ආශ්චර්යාත්මක අත්දැකීමකි. මානවවේදී ෆෙඩ්‍රික් බර්ත් (Fredrink Barth) සහ එරික් වොල්ෆ් (Eric Wolf) පවසන පරිදි ජනවාර්ගිකත්වය යනු කණ්ඩායමේ ලක්ෂණ වලට වඩා අන්තර්ක්‍රියාවන්ය. එවැනි අනන්‍යතාවයන් පහළ කිරීමේ ක්‍රියාපිළිවෙල “ethnogenesis" ලෙස හඳුන්වයි. මෙවැනි ජනවාර්ගික කණ්ඩායම්වල සමාජිකයන් සංස්කෘතික සම්බන්ධතාවයන් ඇති කර ගනියි. ඉතිහාසඥයන් සහ සංස්කෘතික මානවවේදීන් පවසන පරිදි අතීතයේ එවැනි සම්බන්ධතාවන් ඇති කරගත්තාවු අයගෙන් පසු අය වටිනාකම, චාරිත්‍රයන් සහ න්‍යායන් පසු කාලයකදී සොයා ගන්නා ලදී.

විවිධ රටවල ජනවාර්ගිකත්වය

[සංස්කරණය]

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනවාර්ගික කණ්ඩායම් සමූහයම "ජනවාර්ගිකත්වය"යන නමින් හඳුන්වයි. රටේ තමන් සිටින කොටස අනුව ලතින් ඇමෙරිකානුවන් සහ ලතින් යුරෝපීයන් තමන්ගේ ජනවාර්ගික කණ්ඩායම් පොදු අයිතිය අනුව සංවිධානය කර ඇත. මුලින් නම් කෙරුණු පෙරදිග ජනවාර්ගික කණ්ඩායම්, ආසියානු ජනවාර්ගික කණ්ඩායම් ලෙස නම් කල අතර ආසියානුවන් ලෙසද හඳුන්වන ලදී. අප්‍රිකාවට ආවේණික වූ ආදිවාසින්ගෙන් පැවත එන පරම්පරාව “කළු ජාතිකයා”, “අප්‍රිකානු ඇමෙරිකානුවා” යන පද වලින් හඳුන්වයි. සුදු ඇමෙරිකානුවන් යුරෝපයෙන් පැවත එන අතර ඔවුන් දැන් උතුරු ඇමෙරිකාවේ වාසය කරති. මැද පෙරදිගයන් යනු උතුරු අප්‍රිකාවේ සහ නිරිත දිග ආසියාවේ වාසය කරන ජනතාවයි. ඉරානය, සෞදිඅරාබිය, ඊජිප්තුව වැනි රටවල්වල වාසය කරන ජනතාව එම හැඳින්වීමට අයත්වේ.


එක්සත් රාජධානියේ විධිමත් සහ අවිධිමත් ලෙස වෙනස් වර්ගීකරණයන් යොදා ගෙන ඇත. ඒ අතරින් වඩාත් පිළිගත් වර්ගීකරණය වන්නේ 2001 එංගලන්ත සහ වේල්ස් හි සංගණයට යොදාගත් ජාතික සංඛ්‍යාන වර්ගීකරණයයි. එක්සත් රාජධානියේ සහ ‍යුරොපයේ, පොදුවේ භාවිතා කල පෙරදිග සහ ආසියානු යන පද කවුරැත් දැන සිටියත් එය විරුද්ධ අර්ථයක් ගෙන එන ලදී. පසුව ඉන්දියානු උපමහද්වීපයේ ජනතාව හැඳින්වීමට එම පද යොදා ගත්හ.


චීනයේ හඳුනාගත් ජනවාර්ගික කණ්ඩායම් 56 ක් ඇත. එයින් බොහෝමයක් Han චීන ජන වර්ගයට අයත්ය. බො‍හෝ සුළු ජාතීන් තමන්ගේම සංස්කෘතියක් සහ භාෂාවක් පවත්වාගෙන යයි. එමෙන්ම චීන ජනතාවගෙන් වැඩි පිරිසක් Han චීනවරු බවට පත්වෙමින් සිටී. චීනයේ බොහෝ ප්‍රදේශවල Han චීනවරු ප්‍රබලතම ජන වර්ගය බවට පත්ව ඇති අතර ටිබෙටයෙහි සහ Xinjiang හි ඔවුන් තාමත් සුළු ජාතියක් ලෙස පිළිගැනේ. පවුලකට එක් දරුවෙක් පමණක් සිටීම වැදගත්ය යන්න පිළිගන්නා එකම ජනවාර්ගික කණ්ඩායම Han චීනවරු වෙති.


ප්‍රංශයේ ජනවාර්ගික වර්ගීකරණය ගැන කිසිදු සංගණනයක් පවත්වා නැති අතර වාර්ගික ජනතාවගේ සංඛ්‍යානයන් සහ තොරතුරු එකතු කිරීම මෙන්ම භාවිතයද වළක්වා ඇත. Micolas Sarkozy සහ Francois Fillon ගේ නායකත්වයෙන් යුත් වත්මන් ප්‍රංශ රජය එම වාරණය ඉවත් කිරීමට උත්සාහ දරයි.


|Ethnology

|-

{{bottomLinkPreText}} {{bottomLinkText}}
මානව අධ්‍යයනය-ජනවාර්ගිකත්වය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?