For faster navigation, this Iframe is preloading the Wikiwand page for මළපොත.

මළපොත

ඇත්තටම ' මළ පොතේ අකුරක් බෑ ' ද...

   එහෙනම් කියවලා ම බලන්න ..👇

      ෴ මළ පොත ෴

   අප රටේ කෙනෙකු මිය ගිය පසු මිනිය නිවසේ තැම්පත් කළ දා පටන් සත් දවසක් නික්මෙන තුරු රැය පහන් වන තුරු ඉටු කළ කාර්යක් තිබුණි. එනම් ප්‍රදේශයේ හුරු පුරුදු පුරුෂ පාර්ශවයේ පිරිසක් විසින් වෙස්සන්තර ජාතක කාව්‍ය කියවීම ය. වෙස්සන්තරේ කියනවා යනුවෙන් හඳුන්වනු ලැබූ මෙම කාර්ය ස්වෙච්ඡාවෙන් කරන ලද්දකි. ඒ අනුව ඔවුන් හඬ නඟා කියන මෙම කවි ඇසීමෙන් එම අවමඟුල පිළිබඳ වූ ශෝකී ස්භාවය මුළු ගම්මානය පුරාම පැතිර ගිය බව නොරහසකි. අවමඟුල් නිවෙස් තුළ රාත්‍රි කාලයේ පැතිර යන නිහැඩියාව හෙවත් මළ පාළුව ඒ තුළින් මැකී ගිය බව සියනෑ කෝරළයේ ගැමියන්ගේ මතයයි.

   පන්සිය පනස් ජාතක පොතේ අවසාන හෙවත් 541 වන ජාතක කතාව වන වෙස්සන්තර ජාතක කතාව පාදක කරගෙන ලියන ලද මෙම වෙසතුරු දා කව අපගේ ජාතක කතාවක් කව්‍ය නිර්මාණයක් වූ පළමු අවස්ථාව නොවේ. රචකයෙකු රචනා කළ කාලවකවානුවක් පිළිබඳ විස්තර සඳහන් නොවන වෙසතුරු දා කවෙහි අඩංගු මුළු පද්‍ය සංඛ්‍යාව 975 කි. වෙස්සන්තර කාව්‍ය සමස්ථ වශයෙන් ම විරහ වේදනා රසයෙන් පිරි කවි වලින් යුතු ප්‍රබන්ධයක් නොවේ.

   එහි ඇතැම් තැන් වල හාස්‍ය හා ශෘංගාර රසය ද මැනවින් ගැබ්ව තිබේ. වෙස්සන්තර ජාතක කතාවේ එන මහළු ජූජක බමුණා සරණ පාවාගත් තරුණ බිරිඳ ගෙන් සෙසු කාන්තාවන් උසුළු විසුළුවෙන් ප්‍රශ්න විමසන අන්දම 388 වන මෙම කවියෙන් දැක්වේ.

   අප මේ ගෑනුන් හැමටම නින්දා

   තොප මේ එන්නේ සිත් නපුරෙන් දා

   සැප වින්ඳේ තොපි කොයි හැටියෙන් දා

   සිප ගත්තේ කොයි කොයි විලසින් දා

   ජූජක බමුණාගේ විරූපී බව, ඔහුගේ හැසිරීම්, ඔහු සිය බිරිඳ ගෙන් පීඩනයට ලක්වන අන්දම මෙම කාව්‍යයේ හාස්‍ය රසයෙන් නිර්මිතයි. ඒ සියලු රසයන් පරයමින් වෙස්සන්තර රජු දරු දෙන්නා දන්දෙන අවස්ථාවේ කරුණා රසය, මන්ත්‍රී දේවියගේ විරහවේ දුක් රසය හේතුවෙන් බොහෝ දෙනා අතර වෙසතුරු දා කව වැළපුම් කාව්‍යක් ලෙස ප්‍රසිද්ධිය.

   අනේකවිධ සිංහල සාහිත්‍යයේ කාව්‍ය සංග්‍රහ අතරින් අවමංගල්‍යයන්හී දී ගයනා කෙරෙන එකම කාව්‍ය සංග්‍රහය බැවින් වෙසතුරු දා කව ' මළ පොත ' ලෙස හැඳින්විය. මෙලෙස වෙසතුරු දා කව මළගෙවල් වල කොතරම් ජනප්‍රිය ද යන්න පැහැදිලි වන තැනක් ලෙස සාමාන්‍ය නිවෙසක වෙසතුරු දා කව ගායනය අසුභ ය යන මතයක් ද ගැමියන් අතර විය. මෙන්ම කෙනෙකුගේ මරණය ඇඟවීම පිණිසත් ' වෙස්සන්තරය කියන්න වෙනවා ' යනුවෙන් ව්‍යවාහාර වී ඇත.

   තියුණු සංවේදී බවක් දනවන වෙසතුරු දා කව නාද රටා ධර්මසිරි ගමගේ සූරින් අධ්‍යක්ෂණය කළ පූජා චිත්‍රපටයට සංගීත නිර්මාණයේදී ප්‍රේමසිරි කේමදාසයන් ද යොදාගෙන තිබුණි. වෙස්සන්තර කතා ප්‍රවෘත්තියේ පරමාදර්ශය මියගිය තැනැත්තාගේ ඥාතීන්ට තම විරහ වේදනාව දුරුකර ගැනීමට ද යම් පිටුවහලක් වූ බව නොවනුමානය. වෙස්සන්තරය කීම බෞද්ධ දර්ශනය හා සිංහල සාහිත්‍ය එක්ව සෑදුණු ⁣මනෝ චිකිත්සක ක්‍රමයක් ලෙසද අර්ථ දැක්විය හැක.

           

              තොරතුරු තිලක් සේනාසිංහගේ ලිපියක් ඇසුරිනි

{{bottomLinkPreText}} {{bottomLinkText}}
මළපොත
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?