For faster navigation, this Iframe is preloading the Wikiwand page for මයි නේම් ඉස් බන්දු.

මයි නේම් ඉස් බන්දු

මයි නේම් ඉස් බන්දු
අධ්‍යක්‍ෂණයසුරංග ද අල්විස්
රචනයසුරංග ද අල්විස්
තිර රචනයසුරංග ද අල්විස
කතාවස්තුවසුරංග ද අල්විස්
නිශ්පාදනයජනිත ෆිල්ම්ස්
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයඅයෙෂ්මන්ත හෙට්ටිආරච්චි
සංගීතයසරත් ද අල්විස්
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 30, 2015 (2015-10-30)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
ආදායමරු මිලියන 20(දින18)

මයි නේම් ඉස් බන්දු (සිංහල: මගේ නම බන්දු) යනු සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ බන්දු සමරසිංහයන්ගේ 85 වන සිනමා මෙහෙවරයි. මෙහිදී බන්දූට උපහාරයක් වශයෙන් හා ඔහුගේ ජීවිතයෙහි සන්ධිස්ථානයක් ලෙස මෙම සිනමා කෘතිය හැඳින්විය හැකිය. මෙහි බන්දු,අනූෂා,රොඩ්නි වර්ණකුල,රෝයි ද සිල්වා යන ප්‍රවීණයින් දායකත්වය සපයයි.

කතා සාරාංශය

[සංස්කරණය]

වාහන පෙළ නවතා ඇත්තේ එක සීරුවට ය. ඈතින් පෙනෙන්නේ රතු පැහැති එළියක් දැල් වී ඇති මාර්ග සංඥා පුවරුවකි. වරින්වර ඒ පුවරුවේ දැල්වෙන එළි නිසා වාහන තදබදයෙන් පිරී ඉතිරෙන නගරය ජනාකීර්ණ වන්නේ ඉබේම ය. එහෙත් තවත් වරක් එක්වර ම මේ සීරුවට නවතා ඇති වාහන පෙළ දිව යන්නේ වේගයෙනි. එකිනෙකා පරදන අයුරෙන් දිවයන වාහන පෙළේ අඩුව පිරිමහන්නට මෙන් තවත් වාහන පෙළක් පැමිණේ. ඒ අතරින් වේගයෙන් ඇවිද යන මිනිසුන් ය. පදික වේදිකාව එක ම මිනිස් ගංගාවකි. හදිසියේ ම නැඟුණු බ්රේක් හඬ විනාඩි කිහිපයක් මුළු නගරය ම නවතා දැමුවා සේය. යන ගමන නවතා සියල්ලන් ම මදක් එදෙසට සවන් යොමු කළේ මේ සිදුවන්නට යන්නේ කුමක් දැයි දකිනු රිසියෙනි. වේගයෙන් ඇඳී යන රථය පිටුපස ඇදී ගියේ පොලිස් ජිප් රියකි. රථ දෙක කොතරම් වේගයෙන් ගියේ දැයි පැවසුවහොත් කුමන රථය පොලිස් ජිප් රථයදැයි කුමන රථය අනෙක් රථයදැයි සොයා ගන්නට බැරි තරම් ය. ජනාකීර්ණ නගරයෙන් මදක් ඈතට ඇදී ගිය එක් රථයකට පොලිස් ජිප් රිය මග හැරිණි. රථය වේගයෙන් ඇදී ගියේ පවනට බඳු වේගයෙනි. රථයේ ගමනට බාධා පමුනුවමින් ඉදිරිපස වූයේ පොලිස් ජිප් රථයකි. මැරයන් සිව්දෙනෙක් රථය ඉදිරිපසට පැමිණියහ. ජිප් රථයෙන් බැස්සේ පොලිස් ඇඳුම ඇඳගත් පොලිස් නිලධාරියෙකි. මැරයන් ඔහුව වට කළේ සටනට ඔහුට අභියෝග කරමිනි. ඔවුන් අතර දරුණු සටනකි. එහෙත් පොලිස් නිලධාරියා මැරයන් සිව්දෙනාට දෙවැනි නොවේ. මැරයන් යටත් තර ගන්න මේ පොලිස් නිලධාරියා වීරයෙකු සේ ගමනක යෙදෙයි. එවිට මැරයන්ගේ රථයෙන් බිමට බසින්නේ සුන්දර යුවතියකි. ඇය සිය අත ඇති මල්පෙතිවලින් අහුරක් ගෙන පොලිස් නිලධාරියා දෙසට වීසි කරන්නේ සුන්දර දසුනක් මවමිනි.

"කවුද යකෝ උදේම මාව ස්ර්විස් කරන්නේ ?"

තම ඇඟට වැටුණු වතුර පහරින් අවදි වූ බන්දුල කෑ ගසන්නේ කුමක් වූයේ දැයි සිතා ගන්නටවත් නොහැකි වූ නිසා ය. මුළු ශරීරය ම ජලයෙන් තෙමී ඇත. ඒ අසල උන්නේ රාජු ය. සෝපහසාත්මක සිනාවක් ඔහුගේ මුවඟ රැව්දෙයි.

"බලපන් කොයිතරම් ලස්සන හීනයක් ද බල බල හිටියේ. චික් ඒ කෙල්ල බැඳලා බබාලා හදලා උඹව මාමා කෙනෙක් කරන්න හදන කොටම තෝ වතුර ගැහුවා."

මෙතෙක් දකිමින් සිටි සිහිනයේ කොටසක් පිළිබඳ බන්දුල විස්තර කළේ හදවත නැඟුණු ශෝකයෙනි.

"බය වෙන්න එපා. ලබන සතියේ යමු කෙල්ලෙක්ව බලන්න. මම දන්න කෙනෙක්."

එකෙනෙහි ම බන්දුල රාජුව පෙරළගෙන සිප ගන්නේ රාජුගේ මේ වදන දරා ගන්න බැරිව මෙනි. වීදියේ නාට්ටාමි රැකියාවෙන් දිවි ගෙවන මේ දෙදෙනා එකිනෙකාට නැතිවම බැරි යහළුවන් දෙදෙනෙකි. කපුවා දිගින් දිගට ම කල්පනා කළේ ධනසිරි මුදලාලිගෙන් තමාට සිදු වූ අවනම්බුවයි.

"මම කියන්නද මට ඕන මොනවගේ බෑණා කෙනෙක් ද කියලා සල්ලිවලින්, දේපළෙන්, නම්බුකාරකමින් මට වඩා හතළිස් ගුණයක් තියෙන්න ඕනෑ. එයාගේ පළාතේ ඉන්නවාට වඩා වැඩකාරයෝ එයාගේ ගෙදර ඉන්න ඕනේ. මේ වගේ උන්ට දෙන්න දරුවෝ මා ළඟ නෑ."

බසයේ පැමිණෙන හෝරා කිහිපයේ ම ඔහුට ධනසිරි මුදලාලිගේ වචන එකක් නෑර තම දෙසවන දෝංකාර දුන්නේ ය. කුමක් කළ යුතුදැයි ඔහු දසඅතේ කල්පනා කළේ ය. බස්රථය ගමනාන්තයට පැමිණ තිබිණ. ඔහුගේ නෙත ගැටුණේ බන්දු හා රාජුගේ දර්ශනයයි. ඔවුන් මනමාලියක් බලන්නට ගිය ගමන කුමක් වන්නට ඇත්ද?

"මොකද වුණේ මනමාලිට ?"

බන්දුගේ මුහුණෙන් පළවන්නේ දුක්මුසු පෙනුමකි.

"මේ පින්තූරය බලපන්."

කපුවා සුන්දර යුවතියකගේ සේයාරුවක් බන්දුට පෙන්වන්නේ මේ අතර ය. ඔහුගේ සිතේ ඇති වන්නේ පුදුමයකි. කලින් බලන්නට ගිය කෙල්ල නිසා සිදු වූ අවනඩුව අමතක වෙන්නටත් මත්තෙන් තවත් අවනඩුවක් වැටෙන්නට හදන වගක් ඔහුට හැඟෙයි.

"උඹ බය වෙන්න එපා. අදින් පස්සේ උඹගේ අවනම්බුව මගෙත් අවනම්බුවයි. උඹට මෙච්චරයි කරන්න තියෙන්නේ. උඹ මේ කෙල්ලව කසාද බැඳපන්. මට ඕන ඒකිගේ තාත්තාගේ අහංකාරකම, උද්දච්චකම නැති කරන්න. පොඩි බොරුවක් කියන්න පුළුවන් ද?"

විශ්මයට පත් වී බලාගෙන සිටින බන්දුගේ කනට කර කපුවා කුමක්දෝ පවසයි. අතරමඟ නතර කළ රථයෙන් පළමුව බිමට බසින්නේ බන්දු ය. ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇත. ඔහු අසල ම සිටින්නේ රාජු ය. එතැනට පැමිණියේ සුන්දර යුවතියන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා බන්දු දෙස බලා සිටින්නේ පුදුමය රැඳී කෝල සහගත බැල්මක් දෙනෙතේ රදවමිනි. වැඩි වේලාවක් යුවතියන්ට එසේ සිටින්නට සිදු නොවේ. ඔවුන් අතරට පැමිණෙන යුවතියන්ගේ සොහොයුරා මේ දෙන්නා එතැනින් පන්නා දමන්නේ මොවුන් පිළිබඳ වැඩි විස්තර දැන ගන්න අටියෙනි.

"මේ ගමේ ෆයිව් ස්ටාර් හෝටලයක් තියෙනව ද?"

මේ තරුණයාගෙන් අසන බන්දුගේ ස්වරය උස් ය. ඔහු තම ගමට පැමිණි මේ අලුත් ම විලාසිතාවලින් සැරැසී සිටින අමුත්තා දෙස බලන්නේ විමසිල්ලෙනි. අසල ම උන් කපුවාගෙන් ඒ පිළිබඳ විමසන ඔහුගේ නෙත තවමත් යොමු වී ඇත්තේ අමුතු තරුණයා දෙසට ය. කපුවා මේ අමුතු තරුණයා පිළිබඳ සියලු විස්තර ඔහුගේ දෙසවන තබයි. කපුවාට යළිත් සිහිපත් වන්නේ ධනසිරි මුදලාලි ය.

"අපේ නංගීට මූව ජෝඩු කළා නම් හරි. කෝටිපතියෙක්."

කපුවාගේ කියුම් අසනා යුවතියන්ගේ සොහොයුරා තිරණයකට පැමිණෙන්නේ සැනෙනි.[1]

රංගනය

[සංස්කරණය]
  • බන්දු සමරසිංහ - බන්දු නාට්ටාමියා/ හාමූ ලෙසත්,
  • අනූෂා දමයන්ති - සංජු ලෙසත්,
  • රොඩ්නි වර්ණකුල - රාජූ
  • රෝයි ද සිල්වා
  • ආරියසේන ගමගේ - ධනසිරි මුදලාලි
  • විශ්ව ලංකා
  • මාර්ක් සැම්සන්
  • දෙනුවන සේනාධී - පූසා හෙවත් පුඤ්ඤසෝම
  • රොනී ලීච්
  • දමිතා සළුවඩන
  • ප්‍රේමදාස විතානගේ - කපුවා
  • තරංති පෙරේරා - සංජුගේ නංගි
  • උපාලි කීර්තිසේන
  • ඩී.බී.ගංගොඩතැන්න - නගරසභා කුණු ටැක්ටර් කාරයා

ගීතයන්

[සංස්කරණය]
  • ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු
  • ගායනය - උරේෂා රවිහාරි, බුද්ධික උෂාන්, රුක්මන් අසිත, උදයංග සුරේෂ්
මයි නේම් ඉස් බන්දු
Song Screenshot
චිත්‍රපට ස්වරමාලාව ,
සරත් ද අල්විස්
විසිනි
මුදාහැරුණේඔක්තෝබර් 10, 2015 (2015-10-10)
පටිගත කෙරුණේ2014
දිග12:14
අංකය. ගීතයගායනයන් කාලය
1. "සොමියේ ඉන්නෙ"  රුක්මන් අසිත 04.02
2. "පාවී එනු මැන"  බන්දු සමරසිංහ,උරේෂා රවිහාරි  
3. "මල් මනමාලි"  උරේෂා රවිහාරි, බුද්ධික උෂාන් 04.31
සම්පූර්ණ දිග:
12:14

නිෂ්පාදනය

[සංස්කරණය]
  • කලා අධ්‍යක්ෂණය - සමන් පද්මකුමාර
  • අංග රචනය - චාමර නිරෝෂන්
  • ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා
  • විශේෂ ප්‍රයෝග හා සහාය සංස්කරණය - රුවන් වීරසිංහ
  • සහාය අධ්‍යක්ෂණය - නිම්ෂාන් වීරක්කොඩි, නදීෂා ඩයස්
  • නිෂ්පාදන කළමනාකරණය - ජයන්ත දිසානායක, ප්‍රසාද් සුරේක

බාහිර ලිපි

[සංස්කරණය]

මයි නේම් ඉස් බන්දු හා සබැඳි අයිඑම්ඩීබී යොමුව

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මයි නේම් ඉස් බන්දු කතා සාරාංශය". සරසවිය.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මයි නේම් ඉස් බන්දු
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?