For faster navigation, this Iframe is preloading the Wikiwand page for මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස්.

මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස්

මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස්
Developer(s)මයික්‍රොසොෆ්ට්
Stable release4.0.1108.0000 / ජනවාරි 11, 2011; වසර 13 කට පෙර (2011-01-11)
Operating systemවින්ඩෝස් එක්ස්පී සර්විස් පැක් 3 හෝ පසු සංස්කරණ
Development statusක්‍රියාකාරී
Typeගණිතමය මෘදුකාංග
Licenseනොමිලේදෙන
Websitemicrosoft.com/en-pk/download/details.aspx?id=15702
ගොනුව:MSMath.png
මයික්‍රොසොෆ්ට් මැත් 3:ප්‍රස්ථාරකරණ අකාරය

'මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් (පෙර මයික්‍රොසොෆ්ට් මැත්) යනු පරිශීලකයන් හට ගණිත හා විද්‍යාත්මක ගැටළු විසඳීමට ඉඩ ලබා දෙන, මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වෙනුවෙන් නිර්මාණය කළ, නොමිලේ බාගත කළ හැකි අධ්‍යාපනික වැඩසටහනකි. මයික්‍රොසොෆ්ට් විසින් සංවර්ධන කළ හා නඩත්තු කරන මෙය අධ්‍යාපනික මෙවලමක් ලෙස මූලිකවම සිසුන් වෙනුවෙන් සාදා ඇත.[1]

මීට අදාළ සමාන ක්‍රියාකාරීත්වයක් ඇති නොමිලේ දෙන සංකලනයක් මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් එඩ්-ඉන් ෆොර් වර්ඩ් ඇන්ඩ් වන් නෝට් ලෙස මයික්‍රොසොෆ්ට් වෙතින් ලබා දේ (වර්ඩ් 2007 හෝ ඉහළ සංස්කරණයක් අවශ්‍යය).[2][3]

ටෙක් ඇන්ඩ් ලර්නිං මැගසින් වෙතින් 2008 දී මයික්‍රොසොෆ්ට් මැත් වෙත විශිෂ්ඨතා සම්මානයක් පිළි ගන්වන ලදි.[4]

පහසුකම්

[සංස්කරණය]

මයික්‍රොසොෆ්ට් මැත් සතුව ගණිතමය, විද්‍යාත්මක හා තාක්ෂණයට අදාළ ගැටළු විසඳීමට සහය දෙන මෙන්ම පරිශීලකයන්ට අධ්‍යාපනය ලබා දීමට විවිධ අංග ඇත. ප්‍රස්ථාර ගණක යන්ත්‍රය හා ඒකක පරිවර්ථකය වැනි අංග මෙම යෙදවුම ලබා දේ. ඊට අමතරව එහි ඇති ත්‍රිකෝණ විසඳනය හා සමීකරණ විසඳනය සැම ප්‍රශ්නයටම පියවරෙන් පියවර විසඳුම් ලබාදේ.

මයික්‍රොසොෆ්ට් මැත් 3.0 ස්ථායී සංස්කරණය කලනය හා අත් අකුරු හඳුනාගැනීමට ද සහය දැක්වීම නිසා පරිශීලකයන්ට අතින් ගැටලු ලිවිය හකි අතර මයික්‍රොසොෆ්ට් මැත් ඒවා හඳුනා ගනී.

සංස්කරණ

[සංස්කරණය]
  • මයික්‍රොසොෆ්ට් මැත් 1.0 – 2006 දී මයික්‍රොසොෆ්ට් ස්ටුඩන්ට් හි පමණක් භාවිතවිය.
  • මයික්‍රොසොෆ්ට් මැත් 2.0 – 2007 දී මයික්‍රොසොෆ්ට් ස්ටුඩන්ට් හි පමණක් භාවිතවිය.
  • මයික්‍රොසොෆ්ට් මැත් 3.0 – අංග සම්පූර්ණ සංස්කරණය තනිව මිලදී ගත හැකි විය. එන්කාටා කැල්කියුලේටර් නම් අගයෙන් අඩු සංස්කරණයක් මයික්‍රොසොෆ්ට් ස්ටුඩන්ට් හි කොටසක් ලෙස තිබුනි. අංග සම්පූර්ණ සංස්කරණයට මූලිකව කලන හැකියාව, අංකිත තීන්ත (අත් අකුරු) හඳුනාගැනීමේ හැකියාව හා ප්‍රදර්ශක සඳහා විශේෂ දර්ශන අකාරක් වීය. මෙම ස්ථායී සංස්කරණය නිෂ්පාදන සක්‍රීය කිරීමක් සහිත පළමු මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් සංස්කරණය විය.[5]
  • මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් 4.0 – මෙම සංස්කරණය නොමිලේ බාගතකළ හැකි ලෙස බිට්-32 හා බිට්-64 සංස්කරණය සහිතව 2011 ජනවාරි මස නිකුත් කරන ලදි.[6] එහි රිබන් අතුරු මුහුණතක් විය.

පද්ධති අවශ්‍යථා

[සංස්කරණය]

මයික්‍රොසොෆ්ට් මැත් සඳහා පද්ධති අවශ්‍යථා:[7]

අවම අවශ්‍යථා නිර්දේශිත අවශ්‍යථා
සකසනය පෙන්ටියම් 500 MHz හෝ සමාන පෙන්ටියම් 1 GHz හෝ සමාන
මෙහෙයුම් පද්ධතිය
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් එක්ස්පී සර්විස් පැක් 3 හෝ ඉහළ
රැම් 256 MB 512 MB
දෘඩ තැටිය
65 MB නිදහස් ඉඩක්
චිත්‍රක වීජීඒ හැකියාව ඇති 800 x 600 විභේදනයක් සහිත හෝ වඩා හොඳ වීඩියෝ කාඩ් එකක් වීජීඒ හැකියාව ඇති 1024 x 768 විභේදනයක් සහිත හෝ වඩා හොඳ වීඩියෝ කාඩ් එකක්
වෙනත් අවශ්‍යථා
ඩොට්නෙට් ෆ්‍රේම්ව'ක් 3.5 එස්පී 1

වින්ඩෝස් මොබයිල් ඇප්

[සංස්කරණය]

2015 දී මයික්‍රොසොෆ්ට් වෙතින් මේ සන්නාමයෙන්ම මයික්‍රොසොෆ්ට් මැත් නමින් (මීට අමතරව නොකියා මොබයිල්-මැතමැටික්ස් හෝ නොකියා මොමැත් ලෙසද හැඳින්විය) වින්ඩෝස් මොබයිල් සඳහා ජංගම යෙදවුමක් පූර්ව මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් සමග සම්බන්ධයක් නොතිබූ දකුණු අප්‍රිකානු හා ටැන්සානියානු සිසුන් වෙනුවෙන්ම නිකුත් කරන ලදි.[8][9][10]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Sharma, Trishna (11 January 2011). "මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් 4.0 නිකුත් කරයි". TechGenie. 23 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 April 2017.
  2. ^ "බාගත කිරීමේ විස්තරය: වර්ඩ් හා වන් නෝට් සඳහා මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් සංකලනය". Microsoft Download Center. Microsoft Corporation. 17 October 2010. සම්ප්‍රවේශය 29 November 2010.
  3. ^ "නොමිලේ: වර්ඩ් හා වන් නෝට් සඳහා මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් සංකලනය නිකුත්විය". Microsoft New Zealand Education blog. Microsoft Corporation. 15 August 2010. සම්ප්‍රවේශය 29 November 2010.
  4. ^ "2008 වසරේ විශිෂ්ඨතා සම්මාන දිනූවන්". Tech & Learning Magazine. 3 January 2009. සම්ප්‍රවේශය 29 November 2010.
  5. ^ "ඔබේ මයික්‍රොසොෆ්ට් ක්‍රීඩා හා සිතියම් වැඩසටහන් සක්‍රීය කරගන්න (මතක් කිරීම 9.1)". Microsoft Support. Microsoft Corporation. 25 June 2010. සම්ප්‍රවේශය 29 November 2010.
  6. ^ "මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස් 4.0 නොමිලේ බාගතකළ හැකි ලෙස නිකුත්විය". TechNet Blogs. Microsoft. 2011-01-12.
  7. ^ "මයික්‍රොසොෆ්ට් මැත්". Microsoft Learning Space. Microsoft Corporation. සම්ප්‍රවේශය 29 November 2010.
  8. ^ Mathematics, News for (5 January 2015). "Nokia Mobile-Mathematics: A solution for mathematic failure in Tanzania?". News for Mathematics.
  9. ^ Net, School (19 January 2015). "Microsoft Math". Schoolnet South Africa.
  10. ^ Al-Riyami, Fahad (17 February 2015). "Microsoft releases new app to make learning math exciting". WinBeta.

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මයික්‍රොසොෆ්ට් මැතමැටික්ස්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?