භූගෝල විද්‍යා සංවර්ධනය
භූගෝල විද්‍යා සංවර්ධනය යනු පොළොව මත වෙසෙන මිනිසාගේ ජීවන තත්ත්වය හා ක්‍රියාකාරකම් පිළිබඳ පෘථිවියේ භූගෝල ශාස්ත්‍රය යටතේ අධ්‍යයනය කිරීමයි. මෙහිදී සංවර්ධනය යනු මිනිසුන්ගේ ජිවිත වලට බලපාන වෙනස් වීමේ ක්‍රියාවලියකි. මේ වෙනස ඉවසා දරා සිටින මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ වැඩි දියුණුවක් සිදුවේ. "කෙසේ වුවද සංවර්ධනය සෑම අවස්ථාවක දීම නියත ක්‍රියාවලියක් නොවේ," අසංවර්ධනය සංවර්ධනය කරා ගෙන ගිය ගෝලීය ආර්ථික බලයන් සම්බන්ධයෙන් ගන්ඩර් ෆැනක් විස්තර කළේ ඒ අයුරිනි. මෙය ඔහුගේ රඳා පැවැත්මේ මතයෙන් ආවරණය වී ඇත.
භූගෝලීය සංවර්ධනයේ දී, භූගෝලී ශාස්ත්‍ර ඥානය අනුව සංවර්ධනයට ඇති අවකාශ පිළිබඳව විවිධ ක්‍රමවේද හදාරයි. ආර්ථික, දේශපාලන හා සමාජ සාධක දෙස බැලීමේදී සංවර්ධනය මැනීමට හැක්කේ කවර ගුණාංගවලින් ද යන්න සොයා ගැනීමට ඔවුන් උත්සාහ දරති. වෙසෙසින්ම ඔවුන් තේරුම් ගැනීමට ප්‍රයත්න දරන්නේ භූගෝලීය හේතුන් හා වෙනස්වන සංවර්ධනයේ ප්‍රතිඵලයන්ය. එම අධ්‍යයනවලදී සංසන්දනය කරනුයේ ආර්ථික වශයෙන් වඩා සංවර්ධිත රටවල් (MADC) හා ආර්ථික වශයෙන් ඌන සංවර්ධිත(LEDC) රටවල්ය. අතිරේක වශයෙන් රටවල් ඇතුළත වෙනස්කම්ද සලකා බලනු ලැබේ.
සංවර්ධනය වන භූගෝලීය විද්‍යාවේදී තිරසර සංවර්ධනය ගැනද අධ්‍යයනය කෙරෙනුයේ අනාගත පරම්පරාවටත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඉඩකඩ සැලසිය යුතු බැවිනි.
සටහන්
[සංස්කරණය]Development geography |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.