For faster navigation, this Iframe is preloading the Wikiwand page for බෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය.

බෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය

බෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය
කොරියානු නම
හංගුල්부여 능산리 출토 백제 금동 대향로
හන්ජා扶餘陵山里出土百濟金銅大香爐
ප්‍රතිශෝධිත රෝමානුකරණයBuyeo Neungsan-ri chulto Baekje geumdong daehyangno
මැකූන්–‍රයිෂවර්Puyŏ Nŭngsanni ch'ult'o Paekche kŭmdong taehyangno

බෙක්ජේහි රන් ආලේපිත ලෝකඩ සුවඳ දාහකය 1996 මැයි 30 දින 287වන කොරියානු ජාතික වස්තුව ලෙස නම්කෙරිණි. [1][2] වර්තමානයේ මෙම කෞතුක වස්තුව බුයෝ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙය සොයාගන්නා ලද්දේ, 1993දී චුංචොංනම්-දෝහි බුයෝ ප්‍රාන්තයේ න්‍යුංසන්-රි ප්‍රදේශයේ පුරාතන විහාර භූමියක සිදුකළ කැනීම්වලිනි. කැනීම් කටයුතුවල දී හමුවූ පුරාවස්තු 450 අතුරින් විශාලතම සොයාගැනීම වූයේ ද මෙම සුවඳ දාහකයයි.

බෙක්ජේහි රන් ආලේපිත-ලෝකඩ සුවඳ දාහකය බෙක්ජේ ජනයාගේ කලා කෞශල්‍යයේ මහිමය නිරූපණය කරන අතර, එය කොරියානු කලාවේ අග්‍ර කෘතියක් ලෙස ද සැලකේ.

සුවඳ දාහකය සෙන්ටිමීටර 64ක උසින් යුක්ත ය. එහි දේහයේ විෂ්කම්භය සෙන්ටිමීටර 19ක් වන අතර බර කි‍ලෝග්‍රෑම් 11.8කි. මෙය 6වන සියවසේ දී පමණ නිර්මාණය වන්නට ඇත.

ඉතිහාසය

[සංස්කරණය]

"පසුගිය සියවසේ කිරුළු පළන් කැනීම් ජයග්‍රහණ අතුරින් එකකි, බෙක්ජේ රන් ආලේපිත ලෝකඩ සුවඳ දාහකය. මෙය බෙක්ජේ රාජවංශ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැක. යතාර්ථවාදී ලෝකය විශිෂ්ට තාක්ෂණ ක්‍රම සහ කලාත්මක නෙතකින් යුතුව මෘදු අයුරින් නිරූපණයට තැත් කළ බෙක්ජේ ජනයාගේ චින්තනය මෙමගින් විදහා පායි. ඒ වනතෙක් මේ ආකාරයේ සුවඳ දාහකයක් ලෝකයේ කිසිදු ස්ථානයකින් සොයාගෙන නොතිබිණි. සැබැවින්ම මෙය අග්‍රකෘතියක් ලෙස හැඳින්වුව ද එහි පුදුමයට පත් වන්නට දෙයක් නැත", ඉහත පරිදි සඳහන් කරන්නේ චුංචොංනම්-දෝහි සංස්කෘතිය සහ සංචාරක කර්මාන්තය පිළිබඳ වූ වෙබ්අඩවියයි.[3]

මෑතක් වනතෙක්ම පුළුල්ව පිළිගැනුණේ බෙක්ජේ සුවඳ දාහකය හන් රාජවංශයේ බක්සන් (හංගුල්: 박산 향로, හන්ජා: 博山香爐) දාහකවලින් අනුකරණය කෙරුණක් බවයි. නමුත් ඉතිහාසඥයින් සහ පුරාවිද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් කොරියානු පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකළ විශිෂ්ට අනාවරණයත් සමග එය අසත්‍ය බව පෙනී ගියේ ය. මෙය පුරාතන චීන මූලාකෘතිවලින් වෙනස් වන්නේ එහි සැලැස්ම සහ ව්‍යූහය හේතුවෙනි. විශේෂයෙන්ම සංගීතඥයින් පස්දෙනාගේ කැටයම එයට හේතු වී ඇත. මෙහි හන් රාජවංශ සුවඳ දාහකවල අලංකරණ මෝස්තර අංග දක්නට නොලැබේ. මීට අමතරව, කැටයමේ ඇතුළත් එක් සංගීත භාණ්ඩයක් මෙම අධ්‍යයනයට තවත් ඉඟියක් ලබා දෙයි. 'වන්හම්' (හංගුල්: 완함, හන්ජා: 阮咸) නැමැති මෙම සංගීත භාණ්ඩය 7වන සියවසේ දී පළමු වරට ටෑං රාජවංශය වෙත හඳුන්වා දෙන ලද්දේ බෙක්ජේ රාජධානිය අභාවයට යාමෙන් පසුවයි. පසුකාලීන 8වන සියවසේ ටෑං රාජවංශ යුගයේ දී මෙම සංගීත භාණ්ඩය අතිශයින් ජනප්‍රියත්වයට පත් විය. මේ බව ටෑංහි නව ග්‍රන්ථය (සම්ප්‍රදායික චීන: 新唐書) තුළ සඳහන් වේ. එහි දැක්වෙන්නේ 'වන්හම්' උපකරණයට එහි නාමය ලබාදෙන ලද්දේ ටෑං යුගයේ එකල ප්‍රමුඛ කලා ශිල්පියකුගේ ගෞරව නාමය අනුව ය. මෙය සිදුවූයේ බෙක්ජේ සුවඳ දාහකය නිමවා සියවසකට පමණ පසුව ය. 'වන්හම්' සම්භවය වූයේ කිසිල් ගුහාවල කුචාවෙන් වන අතර, එහි මෙම සංගීත භාණ්ඩයේ මුල්ම ස්වරූපය තවමත් දැකගත හැක.

බෙක්ජේ දාහකය තාත්වික අයුරින් නිමවා ඇති අතර, එය ත්‍රිමාන ස්වභාවයකින් යුක්ත ය. සුවඳ දාහකය තුළ බෞද්ධ සහ තාඕවාදී තේමා දක්නට ලැබෙන අතර, ඇතැමුන් අදහස් දක්වන්නේ එහි ඊසානදිග ආසියානු සංස්කෘතික තේමාවන් සංකේතවත් කරන බවයි. මෙහි මකර සහ ෆීනික්ස් ‍රුව යිං සහ යැං මෝස්තරයක් බව යෝජනා වී ඇති අතර, මෙය සොයාගන්නා ලද්දේ බෞද්ධ විහාරයක තිබී බැවින් එයට පක්ෂව අදහස් ගණනාවක් ‍ඉදරිපත් වී ඇත. කෙසේනමුත්, මෙම කෞතුක වස්තුවේ ඇති අනන්‍ය ස්වභාවය හේතුවෙන් මෙම දාහකය මුතුන්මිත්තන්ගේ වතාවත් සඳහා හෝ විශේෂිත උත්සවයක් සඳහා භාවිතා වන්නට ඇතැයි සිතිය හැක.

පෙනුම

[සංස්කරණය]

සුවඳ දාහකය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත ය. එනම්: දේහය, පියන, ෆීනික්ස්-හැඩැති මිට සහ ආධාරක ඵලකයයි.

මෙහි පියන වටා, ස්තර පහකින් යුක්තව තුනී කඳු 74ක් මුදුන තෙක් විහිදී යන අයුරින් වාත්තු කොට නිමවා ඇත. මෙහි පියන ද විවිධ කැටයම්වලින් සමන්විත අතර, එහි විවිධ සංගීත භාණ්ඩ රැගත් සංගීතඥයින් පස්දෙනකු ද, වෙනත් මිනිස් රූ දහසයක් සහ ව්‍යාඝ්‍රයන්,මකරුන් හා මුවන් ඇතුළු සත්ත්ව රූ තිස් නවයක් ද දැකගත හැක. මීට අමතරව පියනේ වෙනස් ආකාරවල දර්ශන ද කැටයම් කොට ඇති අතර, වෘක්ෂ ආකාර සයක්, ගල් පර්වත, පාරවල්, දිය ඇලි සහ විල් ඒ අතර වේ. මෙමගින් තාඕවාදී තාපසයින්ගේ පරමාදර්ශී භූමිදර්ශනවාදය සංකේතවත් කෙරේ. කඳුවැටියේ උසැති මුදුන් පහක පක්ෂින් පස්දෙනකු ලැග සිටිනු නිරූපිත ය. පියනේ මුදුන මකර රුවකින් විසිතුරු කොට ඇත. පියනට වාතාශ්‍රය ලැබීම සඳහා සිදුරු පහක් ද දැකගත හැකි අතර, ෆීනික්ස් පක්ෂියාගේ ලයෙහි ඇති සිදුර තුළින් සුවඳ දුම් මුදාහරින්නට ඇත.

පියනෙහි අග්‍රය මුතු ඇටයක් දරා සිටින බොංහ්වං (ෆිනික්ස්) රුවකින් අලංකාර කොට ඇත. බොංහ්වං රුවේ වල්ගය ආරුක්කුවක ආකාරයෙන් වක්‍ර වී ඇත.

දාහකයේ දේහය පොබයන නෙළුම් පොහොට්ටුවක අයුරින් නිර්මාණය කොට ඇත. නෙළුම් පොහොට්ටුවෙහි පෙතිවල පාර්ශ්වික පෘෂ්ඨයේ සත්ත්ව රූ විසි හය් දැකගත හැකි අතර, මේ අතර මත්ස්‍ය රූ, දිව්‍යමය මෘග රූ සහ පක්ෂි රූප වේ. ඇතැම් සත්ත්වයින් නෙළුම් පෙති මත ලැගුම්ගෙන සිටින අතර, තවත් සමහර සත්ත්වයින් මුදුනෙහි ඇතුළත් කොට ඇත.

ආධාරක ඵලකය මකර හැඩයෙන් යුක්ත වන අතර, එහි මුඛය එයට ආධාරව ඇති දේහයේ පාදම වෙත මුහුණලා ඇත. මකර රුව වටා වලාකුළු ආකාර ලෝකඩ සැරසිල්ලක් දැකගත හැකි අතර, මකර රුවේ වල්ගය වක්‍ර හැඩයක් ගෙන තිබීම නිසා සචල පෙනුමක් ලබා දී ඇත.

පුරාවිද්‍යාත්මක වැදගත්කම

[සංස්කරණය]

මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීම හන් රාජවංශයේ සුවඳ දාහකවලින් වෙනස් වන බව ‍බොහෝ අන්තර්ජාතික ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින් සහ ග්‍රන්ථ කතුවරුන්ගේ අදහසයි. කුචාවලින් සංගීත උපකරණය සම්භවය වූ බවට වන අදහස නිසා සේද මාවත හා සම්බන්ධ නව මතයක් යෝජනා වී ඇත. මේ නිසා කොරියානු අර්ධද්වීපයේ තුන් රාජධානි සහ පුරාතන ජපානය වෙත එකල භූ‍ගෝලීය-දේශපාලනික සමතුලිතතාව, සංස්කෘතික හුවමාරුව සහ වෙළඳ මාර්ග පිළිබඳ නව අදහස් ඉදිරිපත් වෙමින් පවතියි. වෙනත් වචනවලින් කිවහොත්, එම සංගීත උපකරණය ටෑං රාජවංශය තුළ වන්හම් ලෙස නම් කිරීමටත් ප්‍රථම බෙක්ජේ සුවඳ දාහකය තුළ දක්නට ලැබේ.

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "National Treasure (국보 國寶)" (Korean බසින්). Empas/EncyKorea. සම්ප්‍රවේශය 2008-04-14.((cite web)): CS1 maint: unrecognized language (link)
  2. ^ "Heritage classification". Cultural Heritage Administration.
  3. ^ Culture and Tourism[permanent dead link]

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
බෙක්ජේහි රන් ආලේපිත ‍ලෝකඩ සුවඳ දාහකය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?