බන්ධන ඇඳුම
බන්ධන ඇඳුමක් යනු (පොදුවේ ගිම්ප් ඇඳුමක් ලෙසද හැඳින්වේ), ශරීරය සම්පූර්ණයෙන්ම (සාමාන්‍යයෙන් අත් සහ පාද ඇතුළුව) ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති සිරුරටම දැවටෙන ඇඳුමකි. ඒ සමඟ බොහෝ විට හිස් ආවරණයක් සම්බන්ධ කර ඇත; එසේ නොවේ නම්, බන්ධන ඇඳුමක් ඇඳි තැනැත්තෙක් බොහෝ විට ඒ සමඟ වෙනමම බන්ධන ආවරණයක් (ගිම්ප් හිස් ආවරණයක්) පැළඳ සිටියි. බන්ධන ඇඳුමක් ඕනෑම ද්‍රව්‍යයකින් සාදා ගත හැක. සම්, PVC, රබර්, ස්පැන්ඩෙක්ස් සහ ඩාර්ලෙක්ස් මීට සුලභව යොදාගන්නා ද්‍රව්‍ය වේ.
බන්ධන ඇඳුමක් හිස් ආවරණයක් රහිතව ඇති විට කැට්සූට් එකක් ලෙස් හැඳින්වේ. කෝර්සෙට්, බන්ධන පටි හෝ වෙනත් ප්‍රතිබාධන යාන්ත්‍රණයක් එවැනි ඇඳුමක් සමඟ ඒකාබද්ධව පැළඳිය හැකිය.
භාවිත
[සංස්කරණය]බන්ධන ඇඳුමක් සමහර විට BDSM හි පළඳින්නා (ගිම්ප්) වෛෂයිකරණයට ද, ඔවුන් ලිංගික සහකරුවෙකුට වඩා ලිංගික කෙළිබඩුවක් බවට පත් කිරීමට ද භාවිතා කරයි. නමුත් ඇතැමුන් එය අඳින්නේ හුදෙක්ම සෞන්දර්යාත්මක හේතු නිසා හෝ එමඟින් ඇතිවන ස්පර්ශීය සංවේදනයට ඇති කැමත්ත නිසා හෝ වේ. සමහර අවස්ථාවලදී බන්ධන ඇඳුම් වල පියයුරු, ලිංගික අවයව සහ මුඛයට සෘජුවම ප්‍රවේශ වීමට ඉඩ සැලසෙන පරිදි සුදුසු විවරයන් ඇත.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
[සංස්කරණය]බන්ධන ඇඳුම් සමහරවිට ගිම්ප් සූට් ලෙස ද හැඳින්වේ, [1] ක්වෙන්ටින් ටැරන්ටිනෝගේ Pulp Fiction චිත්‍රපටයේ එය භාවිතා කිරීමෙන් ජනප්‍රිය වූ යෙදුමකි. [2]
මේවාත් බලන්න
[සංස්කරණය]යොමු කිරීම්
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.