For faster navigation, this Iframe is preloading the Wikiwand page for බන්කර් හිල් සටන.

බන්කර් හිල් සටන

බන්කර් හිල් සටන
ඇමරිකානු විප්ලවීය සටනෙහි හි කොටසකි

ජෝන් ටෲම්බ්ල් විසින් නිර්මිත බන්කර් හිල් සටනෙහිදී ජනරාල් වොරන්ගේ මරණය
දිනයජූනි 17, 1775
පිහිටුම
චාල්ස්ටවුන්, මැසචූසට්ස්
42°22′34.9″N 71°3′38.8″W / 42.376361°N 71.060778°W / 42.376361; -71.060778ඛණ්ඩාංක: 42°22′34.9″N 71°3′38.8″W / 42.376361°N 71.060778°W / 42.376361; -71.060778
ප්‍රතිඵලය බ්‍රිතාන්‍ය පරාජය හා සම ජය[1]
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
බ්‍රිතාන්‍යයන් විසින් චාල්ස්ටවුන් අර්ධද්වීපය අත්පත් කර ගැනීම
යුද්ධාවතීරයන්

එක්සත් ජනපද එක්සත් ජනපද

  • කනටිකට්
  • මැසචූසට්ස්
  • නිව් හැම්ප්ෂයර්
  • රෝඩ් අයිලන්ඩ්
 මහා බ්‍රිතාන්‍යය
ආඥාපතියන් සහ නායකයන්
ඊශ්‍රයෙල් පට්නම්
විලියම් ප්‍රෙස්කොට්
ජෝසප් වොරන් 
ජෝන් ස්ටෝක්
(ආඥාපතිත්වයට අවනත නොවූ වොරන් තනි පුද්ගලයෙකු ලෙසින් සටන් වැදුනේය)
බ්‍රිතාන්‍ය යුධ හමුදාව:
විලියම් හව්
ශ්‍රීමත් රොබට් පිගොට්
ජේම්ස් ඇබක්‍රොම්බි +
ජෝන් පිට්කෙයාන් 
හෙන්රි ක්ලින්ටන්
රාජකීය නාවික හමුදාව:
සැමුඑල් ග්‍රේව්ස්
හමුදාමය ප්‍රබලතාවය
2,400 පමණ[2] 3,000+[3]
අපාතිකයන් සහ හානි
115 මිය ගියෝය,
305 තුවාල ලදහ,
30 අත් අඩංගුවට පත්හ (යුද සිරකරුවන් 20 මිය ගියහ)
එකතුව: 450[4]
226 මියගියහ,
(නිලධාරින් 19 ඇතුළුව)
828 සෙබළු තුවාල ලදහ,
(නිලධාරින් 62 ඇතුළුව)
එකතුව: 1,054[5]


ඇමෙරිකානු විප්ලවීය යුද්ධයෙහි මුල් කාලයෙහි දී, බොස්ටන් වටලෑම අතරතුර දී, 1775 ජූනි 17 දින දී බන්කර් හිල් සටන සිදු වූයේ බොහෝ ලෙසින් බ්‍රීඩ්ස් හිල් අසබඩ හි දී ය. ජනපද හා බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් නතු කර ගැනීමේ මුල් අභිප්‍රායක් වූ බන්කර් හිල් අවට සටන පැවතීම සිදු වූ අතර අසබඩ පිහිටීම අනුසාරයෙන් සටන එම නම් ලදුව ද, සමහර විටෙක "බ්‍රීඩ්ස් හිල් සටන" ලෙසින් ද හැඳින්වේ.

1775 ජූනි 13 දින දී, බොස්ටන් නුවර වට ලා සිට ජනපද හමුදා නායකයන්ට දැනගන්නට ලැබුනේ නගරය වටා ඇති කිසිවෙකු විසින් භාවිතා කොකරන කඳු අල්ලා ගැනීමට නගරය වෙතින් භට කණ්ඩායම් එවීමට බ්‍රිතාන්‍ය ජෙනරල්වරුන් සැලසුම් කරන බවයි. මෙම බුද්ධි තොරතුරට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින්, විලියම් ප්‍රෙස්කොට්ගේ නායකත්වය යටතේ 1,200 සංඛ්‍යාවක ජනපද භට සේනාවක් බන්කර් හිල් හා බ්‍රීඩ්ස් හිල් යන කඳුවැටි වෙත රහසේ පැමිණ, එහි කඳවුරු ලා ගෙන පස් බැම්මෙන් බ්‍රීඩ්ස් හිල්හි බලකොටු තනා, චාල්ස්ටවුන් අර්ධද්වීපයෙහි බොහෝ ප්‍රදේශයන්හි ලිහිල් ලෙසින් බලිකෘත ආරක්ෂක වලලු තැනූහ.

ඊළඟ දිනයේ දී මෙම නව ආරක්ෂක තත්ත්වය ගැන බ්‍රිතාන්‍යයන්ට අනතුරු ඇඟවුනු විට ඒවා වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට ඔව්හූ උත්සුක වූහ. පළමු ප්‍රහාර දෙක බ්‍රිතාන්‍යයන්ට මහත් අලාභ හානී සිදු කරමින් පසුබැස්වීමට ජනපද ආරක්ෂක වලලු විසින් සමත් වුව ද, තුන්වන ප්‍රහාරයෙහි දී, පස් බැමි බලකොටුව තුල වූ ජනපද බල ඇණි වෙතවූ වෙඩි බෙහෙත් නිමවූ කල, මෙම ආරක්ෂක ස්ථාන අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයෝ අවසානයේ දී සමත් වූහ. ජනපද හමුදා බන්කර් හිල් වෙතින් පසුව වූ කේම්බ්‍රිජ් වෙත පසු බැස්සේ ඔවුන් ලද අති මහත් පරාජය බන්කර් හිල්හි දී අත්විඳිමිනි.

අවසන් ප්‍රතිඵලය බ්‍රිතාන්‍යයන්ට ජයග්‍රහණය අත් කර දුන්න ද, ඔවුනට මහත් හානි අත්විය: 800 දෙනෙකුට වඩා තුවාල ලද අතර 226 දෙනෙකු මිය ගිය අතර, එයට ඉහළ නිලධාරින් මහත් සංඛ්‍යාවක්ද අයත් වූහ. පරාජය හා සම ජයක නිදසුනක් ලෙස මෙම සටන සැලකෙන්නේ, ප්‍රකටව පෙනෙන ලාභය (බන්කර් හිල් අල්ලා ගැනීම) ඉතා අප්‍රගල්භ එකක් වූ අතර බොස්ටන් වැටලීමෙහි තත්වාකාරයෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොකරමින්ම ඉමහත් හානි (යොදවා තිබූ බලකායෙන් තුනෙන් පංගුවක් නටහ) අත් කර දුන් නිසාය. මේ අතර, ජනපද හමුදාවන්ට පසුබැස හොඳ තත්ත්වයෙන් යළි සමූහගත වීමට හැකිවූයේ අඩු ප්‍රමාණයක් ආපතිකයන් ලද නිසාවෙනි. තව දුරටත්, මෙම සටන පැහැදිලි කර දුන්නේ කෝඩුකාර ජනපද හමුදාවන් හට සූදානම් වූ සටනක දී නිත්‍ය හමුදා බලකායන් හා කරට කර සිටිය හැකි බවය.

භූ විෂමතාවය

[සංස්කරණය]

අර්ධ ද්වීපයක පිහිටා තිබූ බොස්ටන්, [6] එය වට කර තිබූ හා බ්‍රිතාන්‍ය යුධ නැව් විසින් අභිභවනය කර තුබූ ජල කඳ විසින් එය වෙත ලං වීමෙන් ආරක්ෂා කර තිබුණි.

[1]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b ක්ලින්ටන්, පිටුව. 19. ජෙනරල් ක්ලින්ටන්ගේ කියමන වූයේ හෙරක්ලියා සටනෙන් පසුව එපරස් හී පිරස්ගේ මුල් ප්‍රකාශයෙහි පුනරාවර්තනයකි, "මෙවැනි තවත් එක් ජයග්‍රහණයකින් අභිප්‍රාය වැනසී යනු ඇත".
  2. ^ චිඩ්සි පිටුව. 122 පරිදී රාත්‍රි-සමයේ ආරක්ෂා සැලසීම් කටයුතු කුලදී 1,400 පමණ සෙබල පිරිසක් සිටියහ. සටන ඇවිලීමට මොහොතකට පෙර පැමිණි අමතර සෙබල සංඛ්‍යාව පිළිබඳ ෆ්‍රෝතින්හැම් එතරම් පැහැදිලි නැත. පිටුව. 136, මෙන්ම පිටුව. 190 හි දැක්වෙන අධෝසටහනක, නිවැරැදි ගණනයක් කිරීමේ අපහසුතාවය ගැන ඔහු විස්තාරණයෙහි යෙදෙයි.
  3. ^ චිඩ්සි පිටු. 90 පවසන්නේ ඉල්ලා සිටි මුල් බලකාය 1,550 ක් වුවද, සටන ඇරඹීමට පෙර හෝව් විසින් තවත් සෙබළ ප්‍රමාණයක් ඉල්ලා සිට එය ලබා ගත් බවයි. ෆ්‍රෝතින්හැම් පිටු. 137 පවසන පරිදී බ්‍රිතාන්‍ය බලකායට 3,000 ට වැඩි සංඛ්‍යාවක් අයත් වූහ. තවදුරටත් පිටුව 148 හී ෆ්‍රෝතින්හැම් පවසන්නේ, දෙවන ප්‍රහාරය මැඩ පැවැත්වූ පසුව අමතර බලකාය බොස්ටන් වෙතින් ලඟාවූ බවයි. ෆ්‍රෝතින්හැම්, පිටු. 191 සටහන් කරනුයේ බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ නිවැරැදි ගණනයක් සිදු කිරීමේ දුෂ්කරතාවයක් පැන නැගුණු බවයි.
  4. ^ චිඩ්සි, පිටු. 104
  5. ^ ෆ්‍රෝතින්හැම් පිටු. 191, 194.
  6. ^ 18 වන සියවසෙහි බොස්ටන් අර්ධ ද්වීපයක් විය. ප්‍රාථමික වශයෙන් 19 වන සියවසෙහි, අර්ධ ද්වීපය අවට භූමිය බොහොමයක් ගොඩ කරන ලද අතර, නූතන නගරයට එහි වත්මන් භූ විෂමතාවය ලබා දුනි. වැඩි විස්තර සඳහා බොස්ටන්හී ඉතිහාසය බලන්න.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
බන්කර් හිල් සටන
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?