For faster navigation, this Iframe is preloading the Wikiwand page for නිධානය.

නිධානය

නිධානය
අධ්‍යක්‍ෂණයලෙස්ටර් ජෙම්ස් පීරිස්
රචනයතිස්ස අබේසේකර
තිර රචනයතිස්ස අබේසේකර
නිශ්පාදනයසිලෝන් තියටර්ස් (ඊ. ඇන්තනි පිල්ලේ)
සිනෙමාරූපණයඑම්.එස්.ආනන්දන්
සංස්කරණයලෙස්ටර් ජේම්ස් පීරිස් / එඩ්වින් ලීටින්, ග්ලැඩ්වින් ප්‍රනාන්දු සහාය එම්. පී. රූපසේන
සංගීතයප්‍රේමසිරි කේමදාස
නිකුත්වූ දිනය
  • පෙබරවාරි 3, 1972 (1972-02-03)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

නිධානය යනු ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 1972 වර්ෂයේදී තිරගත වූ සිංහල චිත්‍රපටිකි. එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ බිහිවූ සිනමා කෘති අතරින් ප්‍රබල ස්ථානයක් ගත් චිත්‍රපටියකි.

රංගනය

[සංස්කරණය]
  • ගාමිණී ෆොන්සේකා - විලී අබේනායක
  • මාලිනී ෆොන්සේකා - අයිරින්
  • සමන් බොකලවල - ජූලියස්
  • ප්‍රැන්සිස් පෙරේරා - ජුවානිස්
  • මාපා ගුණරත්න - දොස්තර
  • ශාන්ති ලේඛා - අයිරින්ගේ මව
  • ට්‍රිලීෂියා ගුණවර්ධන - දුල්ෂි
  • ටී. ශ්‍රියානන්ද
  • දේවිකා කරුණාරත්න
  • ලලිත් ආනන්ද සොයිසා
  • තිලකසිරි ප්‍රනාන්දු - දියෝනිස්
  • ජේ. බී. එල්. ගුණසේකර - විලීගේ පියා
  • තලතා ගුණසේකර - නැනී
  • කුමාරසිංහ අප්පුහාමි - ගුරුන්නාන්සේ
  • කේ. එල්. කොරනේලිස් - විලීගේ සහෝදරයා
  • විජේරත්න වරකාගොඩ - සිල්වා
  • බැරී වයිටිංටන්ග් - ජී. ඒ.
  • ස්ටැන්ලි ද සිල්වා.
  • රොබෙකා ආනොල්ඩා
  • ශාන්ත රාමනායක
  • ක්‍රිස් ග්‍රීට්
  • කල්යාණි රාමනායක,
  • ඈන් ග්‍රීට්

පසු තත්වය

[සංස්කරණය]

‘නිධානය’චිත්‍රපටයට අවුරුදු 40 ක් පිරෙද්දී සිංහල සිනමාවට අවුරුදු 65 සපිරෙද්දී මෙම චිත්‍රපටයේ නෙගටිව් පටය පුළුස්සා දමා තිබීම අතිශය ඛේදජනක කාරණාවකි. මාක්ස්වාදී විචාරකයකු වූ පියල් සෝමරත්න එය ව්‍යාජ චිත්‍රපටයක් ලෙස හඳුන්වා දුන්නේය. (සමසමාජය 1972 මාර්තු 24). එහෙත් උත්ප්‍රාසයට තුඩුදෙන කාරණාව වන්නේ පියල් පසු කලෙක ‘නිධානය’ 50 වසරක හොඳම චිත්‍රපටය ලෙස තේරිමය. එපමණක් ද නොවේ. ‘නිධානය’ නැවත කියවීමක්’ නමින් ලිපියක් ලියූ පියල් ඒ අවස්ථාවේ කියා සිටියේ මෙය ලෙස්ටර්ගේ උත්කෘෂ්ටතම සිනමා කෘතිය බවය.

කෙසේ වෙතත් විදේශීය සිනමා විචාරකයෝ ‘නිධානයේ’ අගය එකවර වටහා ගත් බවක් පෙනී යයි. ප්‍රංශයේ POSITIF නම් වූ වාමවාදී සඟරාවට ‘නිධානය’ විචාරය කළ මිචෙල් සිමෙන්ට් මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ ගරා වැටෙන රදල ධනවාදී ආර්ථිකය බව කියා ඇත.

මෙරට බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ නිධානය බව අවිවාදිත කරුණකි. එහි විශිෂ්ටත්වයට ළඟාවීමට මෙතෙක් කිසිදු චිත්‍රපටයක් නිර්මාණය වී නොමැති වග ද පොදු මතයකි. එහෙත් එවන් අමිල වූ අගයකින් යුතු නිධානයෙහි කිසිදු පිටපතක් නොමැති වීම එම චිත්‍රපටය නැරැඹූ නොරැඹූ කොයි කාගෙත් කණගාටුවට හේතු විය. පුළුස්සා විනාශ වූ නිධානය යළි දැක ගැනීමේ භාග්‍යක් නැති වූ අතරෙහි, නැති වූ නිධානය නැවත සොයා ගැනීණ.

රවින්ද්‍ර රන්දෙණියගේ සභාපතිත්වයෙන් යුතු ෆිල්ම් ටීම් ආයතනයට සබඳකම් ඇති ඉන්දියාවේ "ඩුන්ගාර් ෆූර්" නම් වූ නිෂ්පාදන ආයතනයක් තිබේ. එහි සභාපති සිවෙන්ද්‍ර සිං මහතා ඉකුත් දිනෙක ද ෆිල්ම් ටීම් හි මැදිහත්වීම මත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ව මුණ ගැසිණ. එම දෙපාර්ශවයේ සාකච්ඡාව අවසන් වූයේ නිධානය යළි සොයාදීමේ පොරොන්දුව පිටය. ඔහු එය පිළිබඳ හොලිවුඩ් හී "වර්ල්ඩ් ෆිල්ම් ෆවුන්ඩේෂන්" ආයතනයට දැන්වීය.

ලාබ නොතකා ලොව විශිෂ්ටම සිනමා කෘතීන් සංරක්ෂණය කරන මෙහි ප්‍රධානියා ලෙස හොලිවුඩයේ සම්භාවනීය චිත්‍රපට අධ්‍යක්ෂ "මාර්ටින් ස්කොර්සේසෙ" කටයුතු කරයි. ඔවුන්ගේ අධීක්ෂණයෙන් යුත් නිලධාරි මඬුල්ලක් මෙරටට පැමිණ එහි විශිෂ්ටත්වය ගැන දැනුවත් වී නිධානය සෙවීමට පටන් ගත්තේය. දැඩි පරිශ්‍රමයකින් පසු උත්සාහය සාර්ථක වූයේ ඉන්දියාවේ පූණා හි සංරක්ෂණාගාරයක එහි අනු නෙගටිව් පටයක් සොයා ගැනීමෙනි. එතුළ මුළු නිධානයම අඩුවක් නොවී තිබිණ. මේ වන විට එය මෙරටට ගෙන ඒමේ සාකච්ඡාවක නියැලෙමින් සිටින බව රවීන්ද්‍ර රන්දෙණිය පවසා සිටියි. චිත්‍රපට සංස්ථාවේ පූර්ණ අනු දැනුම යටතේ කෙටි කාලයක් අතරතුර නිධානය මෙරටදී ආයෙත් දැක ගැනීමට හැකි වන බව ඔහු පැවසීය.[1]


  • ‘නිධානය’ අන්තර් ජාතික සම්මානයට ද පාත්‍ර වූ සිනමා පටයකි. ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී මෙයට රජත සිංහ සම්මානය (SILVER LION OF ST. MARK) ලැබුණේය.
  • ප්‍රංශයේ ‘සිනේමතෙක්’ ආයතනය විසින් ලෝක සිනමාවට සිය වසරක් පිරීම නිමිති කරගෙන 1995 දී ලෝක සිනමාවේ හොඳම චිත්‍රපට 100 හි නම් ප්‍රකාශනයට පත් කරන ලදී.

ඒ නම් 100 අතරට ‘නිධානය’ ද ඇතුළත් වූයේය.

  • 1999 දී කොරියාවේ 4 වැනි පූසාන් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ 20 වැනි සියවසේ ආසියාවේ නිර්මාණය වූ හොඳම චිත්‍රපට 13 න් එකක් ලෙස ද ‘නිධානය’ නම් කළේය.

නිෂ්පාදනය

[සංස්කරණය]
නිධානයෙහි ගාමිණී ෆොන්සේකා මී මැස්මොරය ආවේෂ කරගනිමින්
  • ඉදිරිපත් කිරීම - සිලෝන් තිියටර්ස්
    • නිෂ්පාදනය – ඊ. ඇන්තනි පිල්ලේ (ලංකා චිත්‍රාගාරය)
  • සහාය අධ්‍යක්ෂණය – උපාලි පෙරේරා
  • කැමරා අධ්‍යක්ෂණය – එම්. එස්. ආනන්දන්
  • සහාය කැමරා - තල්පේ කුමාරසිංහ / එච්. මාටින් / කේ. ගනේෂන්
  • අංග රචනය - රෙජී ද සිල්වා
    • සහාය- වී. සරවන බාවා
  • කලා අධ්‍යක්ෂණය – ජේ. ඒ. වින්සන්
    • සහාය - ලයනල් සිල්වා
  • ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
    • සහාය - ඩී. එච්. පුංචිහේවා
  • රසායනාගාර - සී. මහේන්ද්‍රන්, ඒ. අයි. ජොහාර්
  • නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා
  • විදුලි කාර්මික – ඩී. සිරිසේන පෙරේරා

විශේෂත්ව

[සංස්කරණය]
  • මෙතෙක් තිබෙන සිනමාපට අතුරින් හොඳම චිත්‍රපටිය ලෙස ප්‍රමුඛත්වය ගන්නේ මෙයයි.
  • එවකට සිනමා දශක අතරින් තෝරා අංක එකට පත් කරනු ලැබූ චිත්‍රපටිය වීම.
  • අධ්‍යක්ෂණය, නළුවා, නිළිය, කැමරාකරණය ආදී අංග විශේෂිත වූව මෙන්ම සම්මානයටද පාත්‍ර වීම.
  • මෙම චිත්‍රපටයට ගීත ඇතුළත් වූයේ නැත.

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "නිධානය ඉන්දියාවෙන් ගොඩ ගැනේ". සරසවිය.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 සැප්තැම්බර්)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
නිධානය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?