For faster navigation, this Iframe is preloading the Wikiwand page for නායකත්‍වය.

නායකත්‍වය

නායකත්වය
කැලේ රජා

නායකත්‍වය (විකල්ප අක්‍ෂර වින්‍යාසය; නායකත්වය) යනු යම් අවස්ථාවක පරමාර්ථයක් ළඟා කර ගැනීම සඳහා පුද්ගලයන් හෝ කණ්ඩායම් කටයුතු මෙහෙයවීමෙ හා බලපෑම් කිරීමේ ක්‍රියාවලියයි. යම් කාර්යයක් සඳහා බලපෑම් කිරීම සඳහා නායකයෙකු තමන් සතු බලය (power) සහ අධිකාරිය (Authority) උපයෝගී කර ගනියි. බලය යනු යමක් ඉටුකර ගැනීම සඳහා මානව, තොරතුරු සහ භෞතික සම්පත් හැසිරවීමේ හැකියාවයි. පුද්ගලයන් ලවා යමක් ඉටුකර ගැනීම සඳහා සංවිධානය විසින් නායකත්වයට පවරා ඇති අයිතිය අධිකාරිය ලෙස හැඳින්වේ. වෙනත් ආකාරයකින් පැවසුවහොත් යම් පරමාර්ථයක් ඉටුකර ගැනීම සඳහා අනුගාමිකයින් වෙත බලපෑම් කිරීම ට ඇති හැකියාවයි. මෙම නිර්වචනයේ දී නායකත්වය සමග අදාල වන ප්‍රධාන වචන 4 ක් සඳහන් වේ. ඒවා නම්,

  1. අනුගාමිකයන් (Followers),
  2. පරමාර්ථය (Goal),
  3. සුදානම (Willingness) සහ
  4. අවස්ථාව (Situation) යි.

එමනිසා නායකත්වය යනු; අනුගාමිකයින්. පරමාර්ථ, සුදානම සහ අවස්ථාව හි ශ්‍රිතයක් ලෙස දැක්විය හැක. මේ අනුව සාර්ථක නායකයෙකු සතුව ඉහත ගුණාංග සියල්ල තිබිය යුතුය.

නායකත්වය = f ( අනුගාමිකයින්. පරමාර්ථ, සුදානම සහ අවස්ථාව)

නායකත්ව කුසලතා

[සංස්කරණය]
  • ශිල්පීය නිපුනතාවය (Technical Skill) - තමාට පැවරෙන යම් කාර්යයන් පිළිබඳව පුර්ණ අවබෝධයක් තිබීම
  • සංකල්පමය නිපුනතාවය (Conceptual Skill) - සංවිධානය සම්බන්ධව විවිධ ගැටළු සහ ඒවගේ මුලයන් පිළිබඳ ග්‍රහණය කරගැනීමේ හැකියාව
  • විග්‍රහාත්මක නිපුනතාව (Diagnose Skill) - සංවිධානයක ගැටළු අධ්‍යනය කිරීම තුලින් ඒවාට බලප ඇති මුලයන් සොයා ගැනීමේ හැකියාව
  • අන්තර් සම්බන්ධතා නිපුනතාව (Interpersonal Skill) - සංවිධානයා අභ්‍යන්තර සහ බාහිර පිරිස් සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීම
  • විශ්ලේෂණාත්මක නිපුනතාව (Analytical Skill) - යම් ගැටලුවකට බලපාන ප්‍රධාන කරුණ හඳුනාගැනීම සහ ඒවාට බලපාන සියුම් කරුණු කෙරෙහි විශේෂ අවධානය මගින් පැහැදිලි කරගැනීමේ හැකියාව
  • සංදේශන නිපුනතාව (Communication Skill) - සංවිධානයකට අවශ්‍ය විධිමත් සනිවෙදනයක් පවත්වා ගැනීමේ හැකියාව
  • තීරණ ගැනීමේ නිපුනතාව (Decision Making Skill) - යම් ගැටලුවක දී සංවිධානයට හානියක් නොවන ආකාරයට වඩාත්ම පලදායී තීරණය ගැනීමේ හැකියාව.

මෙම නිපුණතාවයන් ට අමතරව සාර්ථක නායකයෙකු සතුව තිබිය යුතු ගුණාංග කිහිපයක් ද ඇත.

  1. නැණවත් බව (Intelligence)
  2. උපායශීලී බව (Tactfulness)
  3. සත්‍යවාදී බව (Accuracy)
  4. ඉවසීම (Tolerance)
  5. පෞරුෂය (Personality)
  6. අවංකකම (Honest)
  7. සහයෝගයෙන් වැඩ කිරීමේ කැමැත්ත (Team Spirit)
  8. විශ්වාසවන්ත බව (Trust)
  9. ආත්ම විශ්වාසය (Self Confidence)
  10. ප්‍රාරම්භක ශක්තිය (Initiative)

නායකත්ව ශෛලීන්

[සංස්කරණය]

සංවිධානයක් තුල නායකයෙකු කටයුතු කරන ආකාරය අනුව නායකත්ව ශෛලීන් කිහිපයක් කළමනාකරණය තුල විගහ කරයි.

  • අධිකාරවාදී ශෛලිය (Compliance Management) - මෙහිදී මානව සාධකය (Human element) ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන අතර කාර්ය සාධකය සම්බන්ධව වැඩි අවධානයක් යොදවයි
  • ග්‍රාම්‍ය සමාජ ශෛලිය (Country Club Management) - ප්‍රධාන වශයෙන් කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා පිළිබඳව අවධානය යොදයි.
  • මැදුම් පිළිවෙත් ශෛලිය (Middle of the Road Management) - කාර්ය මණ්ඩලය සතුටුදායී ආකාරයෙන් පවත්වාගනියි.
  • සහභාගීත්ව නායකත්ව ශෛලිය (Team Management) - සංවිධාන අරමුණු කෙරෙහි කාර්යමණ්ඩලය යොදා ගැනීම මෙහිදී සිදුකරයි. තීරණ ගැනීමේ ක්‍රියාවලියට සේවක මණ්ඩලය සහභාගී කරගනියි.

නායකත්ව වර්ග

[සංස්කරණය]
  1. විධිමත් නායකත්වය - පුද්ගලයෙකුට සංවිධානය තුල ලැබී ඇති තනතුර ට ඔහුට ලැබෙන නායකත්වය විධිමත් නායකත්වයි. ආයතනයක කළමනාකරු උදාහරණයක් ලෙස ගත හැකිය.
  2. අවිධිමත් නායකත්වය - පුද්ගලයන් අතර අන්තර් පුද්ගල සම්බන්ධතා මගින් ඇතිකරගන්න නායකත්වය වන අතර මෙය සාර්ථක කළමණාකරුවෙකු ප්‍රගුණ කරගත යුතු ගුණාංගයකි.

නායකත්ව න්‍යායන්

[සංස්කරණය]

නායකත්වය පිළිබඳව කරන ලද පර්යේෂණ වලදී නායකත්වය පිළිබඳ න්‍යායන් රාශියක් කලින් කලට පැහැදිලි කර තිබේ.

ගතිලක්ෂණ න්‍යාය

[සංස්කරණය]

Leaders are born cannot be made , මුලිකම විග්‍රහය ට අනුව නායකයෙකු යනු උපතින්ම එය උරුම කරගත් පුද්ගලයෙකු ය. නැපෝලියන් බොනපාට්, මහා ඇලෙක්සැන්ඩර් වැන්නවුන් උපතින් ම රැගෙන ආ ගති ලක්ෂණ නිසා උසස් නායකයන් විය. බුද්ධිය, සමාජශීලී බව, අවංක බව, ත්‍යාගශීලී බව ආදී විශේෂ ගතිලක්ෂණ මෙහිදී කැපී පෙනේ.

ගතිලක්ෂණ න්‍යාය තුල දුර්වලතා සහ සීමාවන්

  1. සමහර ලක්ෂණ පුහුණුවෙන් ද වර්ධනය කරගත හැක.
  2. විග්‍රහයේදී සියලුම ගතිලක්ෂණ එක සමාන ආකාරයෙන් බල නොපායි.
  3. ගතිලක්ෂණ වල සාපේක්ෂ වැදගත්කම් විග්‍රහ කර නැත.
  4. නායකත්වය ඇතිවීම සහ පවත්වා ගැනීම යන්න වෙනම විග්‍රහ කර නැත.
  5. අනුගාමිකයන් තුල සමහර නායකත්ව ගුණාංග ඇතිවිට නායකයන් හඳුනාගන්න ආකාරය විග්‍රහ කර නැත.

යතාර්ථවාදී ගති ලක්ෂණ න්‍යායන්

[සංස්කරණය]

නායකයෙකුට සහජ ලක්ෂණ පමණක් නොව අධ්‍යපනය හා පළපුරුද්ද මත ඔහුගේ නායකත්ව විලාසයට සහ චර්යාවට බලපෑමක් ඇති කල හැකි වේ. 

අවස්ථානුකුල න්‍යායන්

[සංස්කරණය]

අවස්ථාව අනුව නායකත්වයට බලපෑම් කල හැකි තත්වයකි. උදාහරණ -:ෆීඩිලර්,හර්සි සහ බිලැන්චාර්ඩි අවස්ථානුකූල නායකත්වය

නුතන න්‍යායන්

[සංස්කරණය]

නායකයා සහ කළමනාකරු

[සංස්කරණය]

කළමනාකරු

Øමොහු යටතේ සේවකයන් ඇත.

Øවිධිමත් සංවිධාන වියුහ යටතේ හදුනා ගත හැකිය.

Øබලය පදනම් වනුයේ තනතුර මුලාශ්‍ර කරෙගනය.

Øගරුත්වය බලෙන්  අපේක්ෂා කරයි.

Øඉහළ කළමනාකාරිතිවය විසින් පත් කරයි

Øතාර්කික ආකෘතිය මත තීරණ ගනු ලබයි.


මූලාශ්‍ර

[සංස්කරණය]
  • Prof. J S Chandan (2004). Management Theory and Practice. Vikas Publishing House Pvt Ltd. ISBN 0-7069-9030-7.
  • Gibson, Ivancevich, Donnelly (2000). Organizations (Behavior, Structure, Process). McGraw-Hill. ISBN 0-07-116950-4.((cite book)): CS1 maint: multiple names: authors list (link)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
නායකත්‍වය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?