For faster navigation, this Iframe is preloading the Wikiwand page for ද කිං'ස් ඩ්‍රීම්.

ද කිං'ස් ඩ්‍රීම්

ද කිං'ස් ඩ්‍රීම්
ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේThe Great King's Dream
Dream of the Emperor
Dream of the King
රචනය කලේයූ දොං-යූන්
කිම් සොන්-දොක්
අධ්‍යක්ෂණය කලේෂින් චං-සොක්
කිම් සං-හ්වි
රඟපෑමචෝයි සූ-ජොං
කිම් යු-සොක්
පාක් ජූ-මි
හොං ඉයුන්-හී
ලී යොං-ආ
ඇරඹුම් තේමාව"The Heart's Road" - ජෙසිකා ජුං විසිනි[1][2][3]
සම්භව රටදකුණු කොරියාව
කථාංග ගණන70 + විශේෂ කථාංග 5
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)හන් ජූන්-සෝ
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයසෙනසුරාදා සහ ඉරිදා දිනවල 21:40ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවකොරියානු විකාශන පද්ධතිය
මුල් ධාවනයසැප්තැම්බර් 8, 2012 (2012-09-08) – ජුනි 9, 2013 (2013-06-09)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේGwanggaeto, The Great Conqueror
අනුගමනය වනුයේJeong Do-jeon
බාහිර සබැඳි
වෙබ් අඩවිය
ද කිං'ස් ඩ්‍රීම්
හංගුල්대왕의 꿈
හන්ජා의 꿈
ප්‍රතිශෝධිත රෝමානුකරණයDaewang-ui Kkum
මැකූන්–‍රයිෂවර්Taewang'ŭi Kkum
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

ද කිං'ස් ඩ්‍රීම් (කොරියානු대왕의 꿈; ප්‍රරෝදේවං-උයි කුම්) නැතහොත් ඩ්‍රීම් ඔෆ් ද එම්පරර් හෙවත් ද‍ ග්‍රේට් කිං'ස් ඩ්‍රීම් හා ඩ්‍රීම් ඔෆ් ද කිං යන නාමයන්ගෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. දකුණු කොරියාවේ KBS1 නාළිකාව ඔස්සේ විකාශය ආරම්භ වූ මෙය 2012 සැප්තැම්බර් 8 සිට 2013 ජූනි 9 වන දින දක්වා විකාශය කෙරුණේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ය. මෙය එරට වේලාවෙන් 21:40ට කථාංග 70කින් යුක්තව විකාශය විය.

ෂින් චං-සොක් සහ කිම් සං-හ්වි විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම රූපවාහිනී කතාමාලාව යූ දොං-යූන් සහ කිම් සොන්-දොක් යන කතුවරුන්ගේ රචනාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ චෝයි සූ-ජොං, කිම් යු-සොක්, පාක් ජූ-මි, හොං ඉයුන්-හී සහ ලී යොං-ආ යන නළු නිළි පිරිස විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ හන් ජූන්-සෝ විසිනි.

කථාපුවත

[සංස්කරණය]

කිම් චුන්චු යනු සිල්ලා රාජධානියේ ජින්ජි රජුගේ මුණුපුරායි. ඔහුගේ මුත්තණුවන් වන ජින්ජි රජුව සිහසුනෙන් නෙරපීමත් සමග, චුන්චු හට සිල්ලාවේ සිහසුනට උරුමකරුවකු වීමේ අවස්ථාව ගිලිහී යයි. ඔහුට පසුව කිම් යුෂින් නැමැත්තකු මුණ ගැසේ. ඔවුහු දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වෙති. පසුව චුන්චු සිල්ලාවේ 29වන පාලකයා වන මුයොල් රජු ලෙස සිහසුනට පත් වේ. ඔහු කොරියා‍නු අර්ධද්වීපයේ පැවති පුරාතන තුන් රාජධානි වන ගොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා යන රාජධානි එක්සත් කරයි. කිම් යුෂින් පසුව කොරියානු ඉතිහාසයේ විසූ ශ්‍රේෂ්ඨතම සෙන්පතීන්ගෙන් අයකු බවට පත් වේ.[4]

මෙම කතාමාලාව සිල්ලාවේ ජින්ජි රජ (ක්‍රි.ව. 576 - 579), සිල්ලාවේ ජින්ප්යොං රජ (579 – 632), සිල්ලාහි සොන්දොක් රැජින (632 – 647), සිල්ලාහි ජින්දොක් රැජින (647 – 654) සහ සිල්ලාවේ මුයොල් (654 – 661) යන රජවරුන්ගේ සහ රැජිනියන්ගේ රාජ්‍ය සමයයන් තුළින් ඉදිරියට ගලා යයි.

චරිත නිරූපණය

[සංස්කරණය]

ප්‍රධාන චරිත

[සංස්කරණය]

සහායක චරිත

[සංස්කරණය]
කිම් චුන්චුගේ පවුල
  • ජුං දොං-හ්වන්, කිම් යොංචුන් ලෙස (චුන්චුගේ මාමණ්ඩිය)
  • ජෝ ක්‍යුං-සූක්, චොන්මියොං කුමරිය ලෙස (චුන්චුගේ මව)
  • චූ සෝ-යොං, බෝරා කුමරිය ලෙස (චුන්චුගේ ප්‍රථම බිසව)
  • ලිනා, කිම් මුන්හුයි ලෙස; පසුව මුන්මියොං රැජින ලෙස (චුන්චුගේ දෙවන බිසවයි. යුෂින්ගේ සොයුරියයි.)[15]
  • ග්‍රීනා පාක්, ගොතාසෝ ලෙස
    • ජුං දා-බින්, ළමා ගොතාසෝ ලෙස
  • ලී ජොං-සූ, කිම් බොප්මින් ලෙස; පසුව මුන්මු රජු
    • කිම් ජින්-සොං, ළමා බොප්මින් ලෙස
  • ජොන් ක්වං-ජින්, කිම් ඉන්මුන් ලෙස
  • චෝයි ක්‍යු-හ්යුන්, ජේඋයි ලෙස
  • ජෝ යොං-ජින්, ළමා කිම් ජොංමියොං ලෙස
කිම් යුෂින්ගේ පවුල
  • චෝයි ඉල්-හ්වා, කිම් සෝහ්යොන් ලෙස (යුෂින්ගේ පියා)
    • කිම් දොං-යූන්, තරුණ සෝහ්යොන් ලෙස
  • කිම් යේ-ර්යොං, මන්මියොං මැතිණිය (යුෂින්ගේ මව)
    • කිම් හ්‍යුං-මි, ලාබාල මන්මියොං ලෙස
  • මින් ජි-ආ, කිම් බෝහුයි ලෙස (යුෂින්ගේ සොයුරිය)
  • කිම් හ්‍යුන්-සූක්, ජේමේ ආර්යාව ලෙස
  • කිම් දොං-යූන්, කිම් සක්වං ලෙස
  • බෙක් ස්‍යුං-වූ, කිම් වොන්සුල් ලෙස
  • ලී ස්‍යුල්-බි, ජිසෝ ආර්යාව ලෙස (යුෂින්ගේ තෙවන භාර්යාව සහ චුන්චුගේ දියණියයි)
සිල්ලා රාජකීය නිවස
  • කිම් හා-ක්‍යූන්, ජින්ප්යොං රජු ලෙස
  • ජුං ජේ-සූන්, සදෝ වැන්දඹු රැජින ලෙස
  • හොං ඉල්-ක්වොන්, ගල්මුන්වං ගුක්බන් ලෙස (ජින්ප්යොංගේ සොහොයුරා)
  • ජෝ යැං-ජා, මන්හෝ වැන්දඹු රැජින ලෙස
  • ඉම් නන්-හ්‍යුං, මායා රැජින ලෙස
  • ලී සි-වොන්, බෝර්යං කුමරිය ලෙස
  • ජං මින්-ක්‍යෝ, බෝරෝ කුමරු ලෙස
  • චුන් බෝ-ග්‍යුන්, මන්හ්වා ලෙස
සිල්ලා වංශවතුන් සහ දේශපාලනඥයින්
  • ඉම් හ්‍යුක්, කිම් අල්චොන් ලෙස
  • සියෝ ඉන්-සොක්, සුක්‍යුලියොං ලෙස
  • ලී වූ-සුක්, ඉයුල්ජේ ලෙස
  • චෝයි චොල්-හෝ, බිදාම් ලෙස
  • පාක් චිල්-යොං, කිම් හුජික් ලෙස
  • යැං ජේ-සුං, ඉම් ජොං ලෙස
  • ලී ඉල්-ජේ, හොරිම් ලෙස
  • බේ දෝ-හ්වන්, යොම් ජං ලෙස
    • කිම් කි-දූ, ලාබාලා යොම් ජං ලෙස
  • බෙක් ජේ-ජින්, මන්චුන් ලෙස
  • කං ජි-හූ, යොම් ජොං ලෙස
  • කිම් මියුං-ගූක්, ගූම් කං ලෙස
  • ලී වොන්-සොක්, සාජින් ලෙස
සිල්ලාහි පුනරුදය
  • පාක් ජේ-වූං, කිම් හ්‍යුම්-සුන් ලෙස
  • කිම් හ්‍යුක්, ගොම් ‍ගූන් ලෙස
  • චෝයි වං-සූන්, යේ වොන් ලෙස
  • ලී මියුං-හෝ, යං දෝ ලෙස
  • ජුං වූක්, ගූන් ක්වන් ලෙස
  • යූ මින්-හෝ, චුන් ක්වං ලෙස
  • යූන් හොං-බින්, ක්වන් චං ලෙස
  • කිම් ජි-හූන්, බන් ගුල් ලෙස
  • ලී වොන්-බල්, කිම් පුමිල් ලෙස
  • චෝයි ක්‍යු-හ්වන්, කිම් ජින්ජු ලෙස
  • ජුං දොං-ක්‍යු, කිම් ජින්හ්‍යුම් ලෙස
වෙනත් සිල්ලාහි පුද්ගලයින්
  • ලී දේ-රෝ, වොන්ග්වං භික්ෂුව ලෙස
  • ජෝ ජේ-වන්, බෙක් සොක් ලෙස
  • චෝයි බොම්-හෝ, චන්දොක් ලෙස
  • ලී චුල්-මින්, චිල්සුක් ලෙස
  • යොම් චොල්-හෝ, සොක්පුම් ලෙස
  • කිම් හොං-ප්යෝ, කිම් පුම්සොක් ලෙස
  • ලී බ්යුං-වූක්, ගොම් ඉල් ලෙස
  • කිම් තේ-හ්‍යුං, කංසු ලෙස
  • කිම් හ්‍යුං-ඉල්, දොංතේචොන් ලෙස
ග්වයිමුන්දන්
  • ජං දොං-ජික්, බිහ්යොං ලෙස
  • කිම් ක්‍යුං-ර්යොං, නන්ස්‍යුං ලෙස
  • ලී ජුං-යොං, ගිල්දල් ලෙස
  • නෝ යොං-ජෝ, ලාබාලා ඔන් ගූන්හේ ලෙස
  • ලී සේ-යොං, චුන් ග්වන්-න්‍යෝ ලෙස
  • කිම් ජින්-යි, සිනෝ ලෙස
  • හොං සූ-ආ, යොන්හ්වා ලෙස[16]
    • කං යේ-සෝ, ලාබාල යොන්හ්වා ලෙස
  • ලී ආහ්-යි, චාබි ලෙස
    • ලී හ්යේ-ඉන්, ලාබාල චාබි ලෙස
  • ජං ජූන්-න්‍යුං, මෝචුක් ලෙස
  • මායා, හොරාං ලෙස
  • කිම් හ්‍යුන්-ජුං, ම්යෝරාං ලෙස
ගොගුර්යෝ
  • චෝයි දොං-ජූන්, යොන් ගේසොමුන් ලෙස
  • ආන් ෂින්-වූ, බෝජං රජු ලෙස
  • කිම් සොන්-දොං, නෝයි ඉයුම්ෂින් ලෙස
බෙක්ජේ
  • පාක් චුල්-හෝ, මු රජු ලෙස
  • ලී ජින්-වූ, උයිජා රජු ලෙස
  • චා ගි-හ්වන්, ග්යේරු ලෙස
  • ගොං ජුං-හ්වන්, බුයෝ යුං ලෙස
  • හියෝ ජුං-මින්, බුයෝ තේ ලෙස
  • කිම් මින්-කි, බුයෝ හ්යෝ ලෙස
  • ජං තේ-සුං, බුයෝ පුං ලෙස
  • චෝයි ජේ-සුං, ග්යේබෙක් ලෙස
  • ජෝ ඉයුන්-සූක්, ග්යේබෙක්ගේ බිරිඳ ලෙස
  • කිම් චුල්-කි, දෝචුං ලෙස
  • කිම් යොං-කි, බොක්සින් ලෙස
  • චෝයි වූ-ජූන්, යුන් චුං ලෙස
  • කිම් වොන්-බේ, සොං චුං ලෙස
  • ඉම් බ්‍යුං-කි, හොංසු ලෙස
  • වොන් සොක්-යොන්, සන්ග්යොං ලෙස
  • චෝයි දොං-යුබ්, උයිජික් ලෙස
  • හොං ඉන්-යොං, හ්වා-සි ලෙස
  • ජුං ස්‍යුං-වූ, දෝජිම් ලෙස
  • ජෝ තේ-බොං, චුංස්‍යුං ලෙස
ටෑං රාජවංශය
  • යූන් ස්‍යුං-වොන්, ටයිෂොං අධිරාජයා ලෙස
  • සියෝ දොං-සූ, ගඔෂොං අධිරාජයා ලෙස
  • ජුං හ්‍යුං-චේ, සෝ ජොං-බං ලෙස
  • බං හ්‍යුං-ජූ, දොං බෝ-ර්යං ලෙස
  • සුන් දොං-හ්‍යුක්, යු ඉන්-වොන් ලෙස
  • කිම් යොං-සුන්, යු ඉන්-ග්වේ ලෙස
  • චෝයි නක්-හී, සොන් ඉන්-සා ලෙස
  • ඕ සං-හූන්, ටෑං සෙන්පතියෙක් ලෙස
ජපානය
  • කිම් මින්-ක්‍යූං, සයිමෙයි අධිරාජිනිය ලෙස
  • ආන් හොං-ජින්, ටෙන්ජි අධිරාජයා ලෙස
  • නෝ ස්‍යුං-ජින්, ෆුජිවරා නෝ කමතරි ලෙස
  • ජුං ජින්-ගක්, සෝගා නෝ ඉරුකා ලෙස

ඓතිහාසික තොරතුරු

[සංස්කරණය]

ජින්ජි රජුව සිහසුනෙන් නෙරපා දැමුණේ මිෂිල් බිසව විසින් මෙහෙයවූ කුමන්ත්‍රණයක් මගිනි. අනතුරුව ජින්ප්යොං රජු සිල්ලාවේ සිහසුනට පත් විය. ජින්ප්යොං රජුට පුතුන් නොසිටි බැවින් සිය දියණිය වූ සොන්දොක්ව සිය උරුමකරු ලෙස තෝරා ගන්නා ලදී. මෙය පෙරනොවූ විරූ අත්දැකීමක් වුව ද, එමගින් සිල්ලාවේ ජනයා එතරම් පුදුමයට පත් නොවී ය. එයට හේතුව එම යුගයේ මව්බිසෝවරුන් සහ අනුරාජිනියන් වැනි කාන්තාවන් රාජ්‍ය උපදේශිකාවන් ලෙස කටයුතු කර තිබීම නිසායි. - මීට අමතරව ජින්ප්යොං සිහසුනට පැමිණියේ ද මීෂිල් බිසව විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් මගිනි. මෙකල රාජධානිය පුරා කාන්තාවන් පවුල්වල ප්‍රධානීන් වූ අතර පීතෘවංශීය මෙන්ම මාතෘවංශීය ප්‍රවේණි ක්‍රම ද පැවතිණි. සිල්ලාව තුළ, කාන්තාවන්ගේ තත්ත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතිණි. සොන්දොක්ගේ සාර්ථක රාජ්‍ය සමය සිල්ලාවේ තවත් රාජ්‍යාධිකාරී රැජිනියන් දෙදෙනකු සඳහා පූර්වාදර්ශයක් විය.

රැජින බවට පත්වීමට ප්‍රථම සොන්දොක්, දියොක්මාන් කුමරිය (හන්ජා: 德曼) ලෙස හැඳින්විණි. සම්ගුක් සගි අනුව, ඇය සිල්ලාහි ජින්ප්යොං රජුගේ පළමු දියණිය වෙයි. නමුත් වෙනත් ඓතිහාසික වාර්තා අනුව, ඇය ජින්ප්යොං රජුගේ දියණියන් අතුරින් දෙවැන්නායි. ඇය ඇගේ වැඩිමහල් සොයුරිය වූ චොන්මියොං කුමරියට වඩා බෙහෙවින් බාල ය. ඇයගේ බෑනා සහ චොන්මියොං කුමරියගේ පුත්‍රයා පසුකලෙක සිල්ලාහි මුයොල් ලෙස රාජ්‍යත්වයට පත් විය. සොන්දොක්ගේ අනෙක් සොයුරිය වූ සොන්හ්වා කුමරිය පසුකලෙක බෙක්ජේහි මු සමග විවාහ වී බෙක්ජේහි උයිජාගේ මව බවට පත් වූවා ය. නමුත් සොන්හ්වාගේ පැවැත්ම මතභේදාත්මක ය. එයට හේතුව 2009දී හමු වූ සාක්ෂියකට අනුව ‍උයිජා රජුගේ මව ඓතිහාසික වාර්තාවල සඳහන් පරිදි සොන්හ්වා කුමරිය නොව සාතෙක් රැජින බව සඳහන් වේ.

සොන්දොක් රැජිනගේ මරණින් පසු සිල්ලා රාජධානියේ සිහසුනට පත් ජින්දොක් රැජින සිල්ලාවේ දෙවන රාජ්‍ය කරන රැජිනිය වූවා ය. සිල්ලාවේ අනන්‍ය කුල ක්‍රමයේ ඉහළම කුලය වූ සොංගොල් කුලයේ අවසන් රාජ්‍ය පාලකයා වූයේ ද ඇයයි. ඇග් සැබෑ නාමය ස්‍යුංමන් යන්නයි. ඇගේ පියා වූ කිම් ගුක්බන්, ජින්ප්යොං රජුගේ බාලම සොහොයුරා වූ අතර, ඇගේ මව වොල්ම්යොං ආර්යාව නම් වූවා ය. ඇගේ සත් අවුරුදු රාජ්‍ය පාලන සමය තුළ, ජින්දොක් රැජින ප්‍රධාන වශයෙන්ම සිය අවධානය යොමුකළේ රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවයි. කිම් යුෂින් නැමැති සෙන්පතියාගේ ආධාර ඇතිව ඇය සිල්ලා රාජ්‍යයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට සමත් වූ අතර, ටෑං චීනය සමග ඇගේ රාජධානියේ සම්බන්ධතා ද වැඩි දියුණු කිරීමට උත්සාහ ගත්තා ය. මෙම උත්සාහයන් පසුකලෙක තුන් රාජධානි (සිල්ලා, බෙක්ජේ, සහ ගොගුර්යෝ) එක්සත් කිරීමට පදනම දැමූයේ යැයි කීම අසත්‍යයක් නොවේ.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ හොං, ග්‍රේස් ඩැන්බි (5 සැප්තැම්බර් 2012). "SNSD Jessica to Sing OST for The King's Dream". enewsWorld. සම්ප්‍රවේශය 2014-07-26.
  2. ^ සුන්වූ, කාර්ලා (6 සැප්තැම්බර් 2012). "Jessica sings for KBS drama". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-07-26.
  3. ^ හොං, ග්‍රේස් ඩැන්බි (25 සැප්තැම්බර් 2012). "SNSD Jessica's Heart's Way MV for The King's Dream Released". enewsWorld. සම්ප්‍රවේශය 2014-07-26.
  4. ^ හියා, ජුං-මින් (8 සැප්තැම්බර් 2012). "The Cast of The King's Dream Don Their Shiny Traditional Outfits for the Cameras". enewsWorld. සම්ප්‍රවේශය 2014-07-26.
  5. ^ "Actor Choi Su-jong suffers light injury in car accident". The Korea Times. 27 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 2014-07-26.
  6. ^ "Injury-Prone Choi Soo-jong Falls off Steed Again". ද චෝසුන් ඉල්බෝ. 28 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 2014-07-26.
  7. ^ සුන්වූ, කාර්ලා (26 ඔක්තෝබර් 2012). "Choi Soo-jong injured on drama set". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-07-26.
  8. ^ සුන්වූ, කාර්ලා (28 දෙසැම්බර් 2012). "Choi Soo-jong hurt on KBS set again". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-07-26.
  9. ^ සුන්වූ, කාර්ලා (25 ඔක්තෝබර් 2012). "Park Joo-mi involved in car crash". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-07-26.
  10. ^ "Choi Soo-jong, Park Joo-mi Injured While Shooting Drama". ද චෝසුන් ඉල්බෝ. 26 ඔක්තෝබර් 2012. සම්ප්‍රවේශය 2014-07-26.
  11. ^ සුන්වූ, කාර්ලා (7 නොවැම්බර් 2012). "Park Joo-mi's injury delays drama". කොරියා ජූංඇං ‍ඩේලි. සම්ප්‍රවේශය 2014-07-26.
  12. ^ "Park Joo-mi Jettisons Starring Role After Accident". ද චෝසුන් ඉල්බෝ. 23 නොවැම්බර් 2012. සම්ප්‍රවේශය 2014-07-26.
  13. ^ "Hong Eun-hee to Step In as Female Lead of KBS Drama". ද චෝසුන් ඉල්බෝ. 27 නොවැම්බර් 2012. සම්ප්‍රවේශය 2014-07-26.
  14. ^ සුන්වූ, කාර්ලා (27 නොවැම්බර් 2012). "Park Joo-mi replaced by Hong Eun-hee". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-07-26.
  15. ^ ලී, හ්යේ-ජි (22 අගෝස්තු 2012). "The Grace's LINA to mark small screen debut with grace". TenAsia. සම්ප්‍රවේශය 2014-07-26.
  16. ^ ලී, සුන්-මින් (3 අප්‍රේල් 2013). "Hong Soo-ah apologizes for Western wedding dress". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-07-26.

මේවාත් බලන්න

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ද කිං'ස් ඩ්‍රීම්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?