For faster navigation, this Iframe is preloading the Wikiwand page for දිගු දුර විහිදුම් බලකාය.

දිගු දුර විහිදුම් බලකාය

දිගු දුර විහිදුම් බලකා(Long Range Reconnaissance Patrol (LRRP)) යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා රෙජිමේන්තුවලට අයත් ඒකක වේ. මෙය දිගු දුර මෙහෙයුම් ඒකක[1] විශේෂ බලකායේ කර්නල් රාජ් විජේසිරි, මෙම දිගු දුර විහිදුම් බලකා සංකල්පය හා මහසොහොන් බලකාය, විශේෂ බලකාය වෙත හඳුන්වාදීමට මූලික වූ ප්‍රධාන පුද්ගලයා ලෙස සැළකේ.[2] එල්ටීටීඊ සංවිධානයේ පාලනයට නතුව තිබූ ප්‍රදේශ වෙත ගොස් කොටි නායකයින් සොයා යමින් ඔවුන් ඝාතනය කරමින් කොටි සංවිධානය දුර්වල කිරිම LRRP ඒකකවල ප්‍රධාන අරමුණු විය. ශ්‍රී ලංකාවේ ඊළාම් යුධ සමයේ, එල්ටීටීඊ ග්‍රහණයට නතුව තිබූ ප්‍රදේශවලදී එල්ටීටීඊ සංවිධානයේ නායකයන් සාර්ථකව විනාශ කොට දැමීමට මෙම ඒකක වලට හැකිවිය.[1]


ක්‍රි.ව. 2002 වර්ෂයේදී පොලීසිය විසින්, මිලේනියම් සිටි හී ස්ථානගතව තුබූ LRRP බලකාය වැටලීමත් සමග මෙම බලකායට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ජනමාධ්‍ය වෙත නිරාවරණය වූ අතර එසේ තොරතුරු හෙළිදරව් වූ ද්‍රවිඩ බුද්ධි කණ්‌ඩායමට අයත් පිරිස් පසුව එල්ටීටීය මගින් ඝාතනයට ලක් කෙරුණි. පසුකාලීනව රජය හා ත කොටි සංවිධානය අතර වූ සාම ගිවිසුම බිඳ වැටීමත් සමග LRRP ඒකකවල නැවතත් ප්‍රතිසංවිධානය හා ක්‍රියාත්මක වීම සිදු විය.

හෙළිදරවු වීම හා ප්‍රතිපල

[සංස්කරණය]

2002 වර්ෂයේදී රජය හා ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කෙරුණු අතර LRRP ය විසින් එල්ටීටීඊ සංවිධානයේ ඉහල නායකයින් ඉලක්කගත කිරීම මෙලෙස කොටි සංවිධානය රජය සමග සාකච්ඡා මාර්ගයට පිවිසීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු සාධක වන්නට ඇතැයි හමුදාවේ විශ්වාසය විය.[3]

2002 ජනවාරි 2වන දින, මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පල යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් අතුරුගිරයේ, මිලේනියම් සිටි හී ස්ථානගත කොට තිබූ LRRP බලකායට අයත් ස්ථානය වටලනු ලැබූ අතර ඒ වන විට අළුතින් බලයට පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ රජයේ ඉහල නායකයින් කිහිප දෙනෙකු ඝාතනයට සැළසුම් කිරීම, ඒකකයට එල්ල වූ චෝදනාව විය. ඒකකයේ නායකව සිටි කැප්ටන් නිලාම් ඇතුළු හය දෙනෙකු එම අවස්ථාවේ අත්අඩංගුවට ගැණුනු අතර හමුදා සෙබලුන් හතර දෙනෙකු සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකුද අත්අඩංගුවට ගැණිනි. ඊට අමතරව, අවිආයුධ ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගන්නා ලදී. එසේම වැටලීම සම්බන්ධ තොරතුරු මාධ්‍ය මගින් අනාවරණය කිරීමටද පියවර ගැණුනි. මෙමගින් එතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ LRRP හෙවත් දිගුදුර විහිදුම් බලකාය මෙහෙයවන්නේ කවුරුන්ද හා ඊට සම්බන්ධ ද්‍රවිඩ චර පුරුෂයන්ගේ රහස්‍යතාව හෙළිදරව් වීම සිදුවිය.[4] අත්අඩංගුවට ගැණුනු පිරිස් නිදහස් කර ගැනීම අසාර්ථක වීමත් සමග, එවක හමුදා කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල මහතා LRRP ඒකකයේ සැබෑ ස්වරූපය පිළිබද පොදු ප්‍රකාශයක් සිදුකරන ලදී. පොලිසිය මගින් සිදුකල වැටලීම දෝෂාරෝපණයට ලක්කල ආරක්ෂක ඇමති තිලක් මාරපන මහතාගේ නියෝග මත, ජනවාරි 13 වැනිදා ප්‍රශ්න කිරීම් වලින් පමනක් අනතුරුව අත්අඩංගුවට පත් පිරිස මුදා හරින ලදී.[5]

මෙම සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානය, LRRP බලකායට සහය දුන් හා සහය දෙන බවට සැකකරන්නන් විනාශ කිරීමට පියවර ගත් අතර.[6] ඒකකයේ ප්‍රධාන ඔත්තුකරුවෙකු වූ, මයික් ලෙස හැඳින්වූ තැනැත්තා පැහැරගෙන ගොස් ජනවාරි 20 වනදා මරා දැමීමට එල්ටීටීඊය කටයුතු කරන ලදී. මෙයින් අනතුරුව LRRP ය සමග සම්බන්ධතා පැවැත්වූ 80 කට වඩා වැඩි පිරිසක් එල්ටීටීඊය මගින් ඝාතනයට ලක්විය. රජය මගින් මෙම ඝාතන වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගත් අතර රජයේ බුද්ධි අංශ විසින් කල ඉල්ලීම්ද, යුධ විරාමය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයි සැලකූ නිසා නොසලකා හරින ලදී.[6]

පරීක්ෂණ

[සංස්කරණය]

ආරක්ෂක අමාත්‍ය අධීක්ෂණය යටතේ හමුදා අණදෙන නිළදාරී විසින් LRRP බලකායේ ක්‍රියාකාරකම් විමර්ෂණය සඳහා අධිකරණයක් පිහිටවූ අතර, බලකායේ ක්‍රියාකාරකම් හා උපකරණ සියල්ල නීත්‍යානුකූල බවට අවසානයේ අධිකරණ විසින් නිගමනය කරන ලදී. මෙම සිදුවීම හේතුවෙන් ගොඩනැගුණු මහජන මතබේද හා ඝාතන හේතුවෙන්, ජනපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් පොලිසිය මගින් සිදුකරන ලද වැටලීම පිළිබඳ විමර්ෂනය සඳහා කොමිසමක් පත් කරන ලදී. කොමිසම විසින් නිකුත් කල අවසන් වාර්ථාවේ වූ නිගමන අනූව, කුලසිරි උඩුගම්පල ප්‍රමුඛව පොලීසිය විසින් සිදුකල වැටලීම ජාතියට සිදුකල සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක් ලෙස දක්වා තිබුණි. එසේම මෙම සිදුවීමට වගකිව යුතු පොලිස් සහ හමුදා නිළදාරීන්ගේ ලැයිස්තුවක්ද වාර්ථාවෙහි අන්තර්ගත විය.[6]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b Jeyaraj, D. B. S. (12 March 2008). "LRRP infiltration demolishes impregnable Tiger terrain myth". The Bottom Line (Sri Lanka). 18 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 July 2015.
  2. ^ "ට්රූ සන්ස් ඔෆ් මදර් ලංකා". සන්ඩේ ඔබ්සවර්. ද ඇසෝසියේටඩ් නිව්ස් පේපර් ඔෆ් සිලෝන්. 15 අගෝස්තු 2010. සම්ප්‍රවේශය 6 මාර්තු 2015.
  3. ^ V.S. සම්බන්දන් (1 ජූලි 2005). "වෝර් බයි අදර් මීන්ස්". ද හින්දු. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2008.
  4. ^ "ද එයිට් මෑන් ටීම්". 2009 සැප්තැම්බර් 16. සම්ප්‍රවේශය 28 ජුනි 2008. ((cite web)): Check date values in: |date= (help)
  5. ^ W.A. සුනිල් (24 ජනවාරි 2002). "පොලිස් රෙයිඩ් එක්ස්පෝසස් අ සීක්‍රට් ශ්‍රී ලංකන් ආමි ඇසසිනේෂන් ස්ක්වඩ්". වර්ල්ඩ් සෝෂියලිස්ට් වෙබ්සයිට්. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2008.
  6. ^ a b c Iqbal Athas. "ටයිගර්ස් ක්‍රැක් මයික් මිස්ට්‍රි ආෆ්ටර් සේෆ් හවුස් බ්ලන්ඩර්". ද සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2008.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
දිගු දුර විහිදුම් බලකාය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?