For faster navigation, this Iframe is preloading the Wikiwand page for දානය.

දානය

දානය යනු - තමා සතු දෙයක් වෙන අයෙක්, කෙනෙක් හො වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් අතහැරීම, දීම පූජා කිරීමයි

දානය ප්‍රධාන කොටස් 03 යි

1 - පූජා වශයෙන් ලබාදෙන දානය 2 - අනුග්‍රහ වශයෙන් ලබාදෙන දානය 3 - ඉහත කාරනා දෙකටම අදාල නොවන ලෙස දීම

පූජා වශයෙන් හෝ අනුග්‍ර‍හ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානය යි. දෙන වස්තුව ය, දීම ය යන දෙකට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. දානමය කුශලය වනුයේ දෙන වස්තුව නො ව, දීමය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් දීම සිදු කරන්නා වූ චේතනාව ය. ත්‍යාග යනු ද දක්ෂිණා යනු ද යාග යනු ද එයට ව්‍යවහාර කරන්නා වූ නාමයෝ ය.


දීම සාමාන්‍යයෙන් එකක් වුව ද දානය ය, පූජාව ය යන මොවුන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ.

0-1 ගුණයෙන් තමාට උසස් වූ බුද්ධාදි උත්තමයන් වහන්සේලාට දීම පූජා නම් වේ. (සංඝයා වහන්සේලා උදෙසා)

0-2

ගුණයෙන් තමා හා සම වූ ද තමාට හීන වූ ද තැනැත්තන් හට අනුග්‍ර‍හ වශයෙන් දීම දාන නම් වේ. ( ගිහියන් උදෙසා)

0-3

දාන, පූජා දෙකට අයත් නොවන්නා වූ කුලිය දීම අඹුදරුවන්ට දීම යනාදිය පුණ්‍ය සංඛ්‍යාවට නො ගනු ලැබේ.

දාන අතර උතුම් දානය වනුයේ ධර්ම දානයයි. ධර්ම දානය සිදු කරන්නවුන්ගේ ප්‍රඥාව වැඩි දියුණු වේ.

දානය සහ ආනිශංස

[සංස්කරණය]

දානයට බුදුදහමේ සුවිශේෂ තැනක් හිමි වී ඇත. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල දානය මුල් තැනට එයි. දස පුණ්‍ය ක්‍රියාවලද දානය මුල් තැනට එයි. සතර සංග්‍රහ වස්තුවලද දානයට විශේෂ තැනක් හිමි වෙයි. දාන පාරමිතාව දස පාරමි ධර්ම අතර මුල්තැනට පැමිණෙයි. දස සක්විති වත් වලද දානයට සුවිශේෂ තැනක් හිමි වෙයි. මංගල කරුණු 38 ටද දානය ඇතුළත් වී ඇත. දස රාජ ධර්ම වලටද දානය ඇතුළත් වී ඇත. වෙසක් පොසොන් වැනි බෞද්ධයන්ගේ අතිශය වැදගත් පසළොස්වක පෝය දිනයන්හි ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෑම නගරයකම ගමකම මහ දන්සැල් පැවැත්වීමට බෞද්ධයෝ මහත් රුචියක් දක්වති. බුදුරජාණන්වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දානය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කර ඇත. ආනන්දය, පෞද්ගලික දාන 14 ක් ඇත. ආනිශංස ලැබෙන පිළිවෙළින් එය පහත දැක්වෙයි. 1. තථාගතයන් වහන්සේට දෙනු ලබන දානය 2. පසේ බුදුන් වහන්සේට දෙනු ලබන දානය 3. තථාගත ශ්‍රාවක රහතන් වහන්සේට දෙනු ලබන දානය 4. රහත්වීම සඳහා ප්‍රතිපදාවේ යෙදෙන අර්හත් මාර්ගයට පත් අයට දෙන දානය 5. අනාගාමී ඵලයට පත් අයට දෙන දානය 6. අනාගාමී මාර්ගයට පත් වූ අයට දෙන දානය 7. සකෘදාගාමි ඵලයට පත් වූ අයට දෙන දානය 8. සකෘදාගාමී මාර්ගයේ ගමන් කරන අයට දෙන දානය 9. සෝවාන් ඵලයට පත් වූ අයට දෙන දානය 10. සෝවාන් මාර්ගයේ ගමන් කරන අයට දෙන දානය 11. කාමයන්ගෙන් වෙන්ව තවුස්දම් රකින තවුසන්ට දෙන දානය 12. සිල්වත්ව සිටින තෙරුවන් සරණ නොගිය පන්සිල් සුරකින අයට දෙන දානය 13. තෙරුවන් සරණ නොගිය පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය 14. තිරිසන් සතුන්ට දෙන දානය බුදුරජාණන් වහන්සේට දෙන දානයෙ ආනිසංස ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැකිය. මෙවැනිම විස්තරයක් වේලාම සූත්‍රයේද සඳහන් වෙයි. සංඝයා වහන්සේට දෙන දාන 7 ක් පිළිබඳ විස්තර එහි සඳහන් වෙයි. 1. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානය 2. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු භික්ෂු භික්ෂුණීන් වහන්සේට දෙන දානය 3. භික්ෂූන් වහන්සේට දෙන දානය 4. භික්ෂුණීන් වහන්සේට දෙන දානය 5. මෙතරම් ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේ සහ භික්ෂුණීන් වහන්සේ ප්‍රමාණයකට දෙන දානය 6. යම්කිසි භික්ෂු සංඝයා ප්‍රමාණයකට කොට දෙන දානය 7. භික්ෂුණීන් වහන්සේ ප්‍රමාණයකට දෙන දානය. මේ දාන අතරින් පළමුවන දානය බුදුන් වහන්සේ පිරිනිවන් පෑවද බුදුන් වහන්සේ වෙනුවට සධාතුක කරඬුව සහිතව සිදුකළ හැකිය. මහා සංඝයාට දෙන දානයත්, භික්ෂුන් වහන්සේට දෙන දානයත්, යම්කිසි භික්ෂූන් වහන්සේ ප්‍රමාණ කොට දෙන දානයත් පමණකි, මෙකල දියහැකි වන්නේ. අනාගත කාලයෙහි සිල් ගුණයෙන් පිරිහුන දුසිල් මහණ පිරිසක් ඇති වෙයි. කාසාව කණ්ඨක නම් එම භික්ෂූන් වහන්සේට දෙන දානයේද ආනිශංස ඉමහත් බව, එම සූත්‍රයෙහි සඳහන් වෙයි.දෙනු ලබන දානය පිරිසුදු විය යුතු ය. එය ක්‍රම 4 කින් දැක්වෙයි. ඒවා ‘දක්ෂිණ විසුද්ධි’ නමින් හඳුන්වයි. 1. දානය ලබන අය අපිරිසුදුයි. දානය දෙන අය පිරිසුදුයි. 2. දානය ලබන අය පිරිසුදුයි. දෙන අය අපිරිසුදුයි. 3. දන් දෙන අයත්, ලබන අයත් අපිරිසුදුයි 4. දන් දෙන අයත්, ලබන අයත් පිරිසුදුයි. මේ අනුව පෞද්ගලික දානයට වඩා සාංඝික දානයෙහි ආනිශංස වැඩි ය. ඊට හේතුව එම දානය දෙනු ලබන්නේ භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් කාය සාක්ෂි කොට අතීත, වර්තමාන හා අනාගත යන තුන් කාලයටම අයත් මහා සංඝයා වහන්සේ උදෙසා බැවිනි. වීතරාගී උතුමෙකු විසින් වීතරාගී උතුමකුට දෙන දානය ආමිස දාන අතර උතුම්ම දානය යි. ඊට හේතුව දෙපැත්තම පිරිසුදු වීම යි.

ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

පුද්ගලයෙක් කිසිදු ලෞකික ප්‍රතිලාභයක් නොතකා තමන් සතු දෙයක් අත්හැරදැමීම දානය නම්වේ. බුදු දහමට අනුව දානය පුණ්‍ය ක්‍රියාවකි.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
දානය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?