For faster navigation, this Iframe is preloading the Wikiwand page for දයා තෙන්නකෝන්.

දයා තෙන්නකෝන්

දයා තෙන්නකෝන්
Daya Thennakoon
උපත
දයා බණ්ඩාර තෙන්නකෝන්

29 නොවැම්බර් 1941(1941-11-29)
මියගිය දිනය17 April 2020(2020-04-17) (වයස 78)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයධර්මරාජ විද්‍යාලය
උගත් ශාස්ත්‍රාලයලංකා විශ්වවිද්‍යාලය
රැකියාවනළුවෙක්, නාට්‍යකරුවෙක්
සක්‍රීය වසර1965–2020
කලත්‍රයා(යන්)ග්‍රේස් ආරියවිමල්

දයා බණ්ඩාර තෙන්නකෝන් (උපත 1941 නොවැම්බර් 29 - 2020 අප්‍රේල් 17), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1][2]

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

ඔහු 1941 නොවැම්බර් 29 වන දින මහනුවර රංගල ගලබඩවත්ත කුඩා ගම්මානයේ උපත ලැබීය. ඔහු ගලබඩවත්ත ප්‍රාථමික පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ අතර පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙතින් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළේය.[3] ඔහුගේ පියා තේ වතු පාලකයෙකි.[4] පාසල් කාලයෙන් පසු ඔහු ලංකා විශ්ව විද්‍යාලය වෙත තේරී පත්වී කලා උපාධියක් ලබා ගත්තේය.[5]

ඔහු විවාහ වී සිටියේ ප්‍රවීණ නිළි ග්‍රේස් ආරියවිමල් සමඟයි. ඔහුට ග්‍රේස් මුණගැසෙන්නේ 1965 හෙන්රි ජයසේන විසින් නිෂ්පාදනය කරන ලද මනරංජන වැඩවර්ජන වේදිකා නාට්‍යයේදීය.[6]

තෙන්නකෝන් මහතා 2020 අප්‍රේල් 17 වැනි දින වයස අවුරුදු 78 දී මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.[7][8] අවසන් කටයුතු අප්‍රේල් 19 ඉරිදා පෙරවරු 11.00 ට මාලඹේ තලාහේන සුසාන භූමියේදී සිදුකෙරිණි.[9]

වෘත්තීය ජීවිතය

[සංස්කරණය]

තෙන්නකෝන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහුගේ පාසලේ මෙන්ම විශ්ව විද්‍යාල මිතුරා වූ ධර්මසේන පතිරාජ ඔහුගේ චිත්‍රපට තිර රචනය සඳහා චිත්‍රපට නිෂ්පාදක සුගතපාල සෙනරත් යාපා සමඟ ඔහුගේ හන්තානේ කතාව චිත්‍රපටයට කරන ලද සාකච්ඡා කිහිපයකට සහභාගි වන ලෙස 1969 දී තෙන්නකෝන්ට ආරාධනා කළේය. [9] තෙන්නකෝන් තම රංගනයට පිවිසි එම චිත්‍රපටයේ "නාථ" චරිතය සඳහා තෝරා ගන්නා ලදී. ඔහු වේදිකාවට පිවිසියේ බන්දුල ජයවර්ධන නිෂ්පාදනය කළ බෝසතානේනි නාට්‍ය හරහා.[6][10]

ඔහු සිනමාවට පිවිසීමට පෙර ලස්සන පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කළේය.[11]

ඔහු විශ්වවිද්‍යාලයෙන් පිටව යන විට ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (CBC) රැකියා පුරප්පාඩු තිබුණු අතර එයට අයදුම් කලේය.[9] 1969 දී ඔහු CBC හි මෙහෙයුම් සහකාර ලෙස සේවය කළේය.[12] කෙසේ වෙතත්, මෙම කාලය තුළ ඔහු 1972 දී දුන්නු දුනුගමුවේ, සත සත, සහ 1970 දී පතිරාජගේ කොරා සහ අන්ධයා ඇතුළු සුගතපාල ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද වේදිකා නාට්‍ය රැසකට තෝරා ගන්නා ලදී.[13] ඔහු මාලිනී වීරමුණි සමඟ දුන්නු දුනුගමුවේ චිත‍්‍රපටයේ කළ රංගනය මෙතෙක් පේ‍්‍රක්ෂකයින් දැක ඇති දර්ශනීයම රංගනයක් විය.[11] ඔහු වැඩිපුරම සම්බන්ධ වී ඇත්තේ විශ්වවිද්‍යාල සහකරු ධර්මසේන පතිරාජගේ වැඩවලටය. පසුව නාමෙල් වීරමුණිගේ නෙට්ටුක්කාරි නාට්‍යයටත් ද සිල්වාගේ හිත හොද අම්මණ්ඩි නාට්‍යයටත් සම්බන්ධ වුණා.[6][3][5]

මේ අතරතුර ඔහු ගුවන්විදුලි අධ්‍යාපන සේවයේ නිෂ්පාදකවරයා ලෙස උසස් කරන ලදී. වසරේ විශේෂ ඇගයීම සඳහා වූ ජපන් සම්මානය 1979 දී තෙන්නකෝන් විසින් රචිත මුහුදේ යුද්ධය වැඩසටහනට පිරිනමන ලදී. ඉන්පසු ඔහු තට්ටු ගෙවල් රූපවාහිනී කතා මාලාවේ රඟපෑ අතර එය අතිශයින් ජනප්‍රියත්වයට පත්විය.[7] 2003 වසරේ සක්මන් මළුව චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් ඔහුට කුසලතා සම්මානයක් හිමි විය.[3][11][9] ඉන් ටික කලකට පසු ඔහු "සිනේ වීඩියෝ" නම් රූපවාහිනී නිෂ්පාදන සමාගමක් සමඟ හවුල් විය. එකල ඉතා ජනප්‍රිය වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව, DSI වැනි වෙළෙඳ දැන්වීම් රැසක් නිර්මාණය කිරීමට ඔහු සම්බන්ධ විය. ඔහු මුල් අවදියේ ස්වර්ණවාහිනිය සඳහා වාර්තා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කළේය.[14]

ඔහු සිය සංකල්පයක් ලෙස ගීතයක් රූපගත කළේ ශ්‍රී ලංකා රූපවාහිනියේ ප්‍රථම වතාවටය. එය ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍යයක් සඳහා නිර්මාණය වූ පළමු වීඩියෝ ගීතය විය. එමනිසා තෙන්නකෝන් ශ්‍රී ලාංකේය රූපවාහිනී සංගීත වීඩියෝවල පුරෝගාමියා වේ.[14] අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, සෙයිලම, බඹරු ඇවිත්, කරුමක්කාරයෝ, කිණිහිරිය මල්, සක්මන් මළුව, සොල්දාදු උන්නැහේ, ස්වරූප, දේදුනු ආකාසේ සහ 28 වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක සහාය චරිත කිහිපයකම ඔහු රංගනයෙන්ද දායක වී ඇත.[9][5]

වේදිකා නාට්‍ය

[සංස්කරණය]
  • බෝසතාණෙනි
  • දීගෙක ඇවිත් කන්දොස්කිරියාව [15][16]
  • දුන්නු දුනුගමුවේ
  • ඇසළ සඳ අවන්හල
  • හිත හොන්ඩා අම්මණ්ඩි
  • කොර සහ අන්ධයා
  • මුතු කුමාරි
  • නෙට්ටුක්කාරි
  • සත සතා
  • ඒකාධිපතියා [17]

රූපවාහිනී කතාමාලා

[සංස්කරණය]
  • අඳුකොළ [14]
  • අනුත්තරා [18]
  • හතේ කල්ලිය [19]
  • පින්කෙත
  • සංසුන්ගම අන්දරය [14]
  • තට්‍ටු ගෙවල්
  • වෙස්

සම්මාන

[සංස්කරණය]

ඔහු සම්මාන කිහිපයක් ලබා ඇත.[20]

  • 1 වන FIPRESCT විචාරක සම්මානය 1994 හොඳම රංගනය සඳහා - තරණය
  • 7 වැනි ස්වර්ණ සංඛ සිනමා සම්මාන 1996 හොඳම සහය නළුවා සඳහා - සෙයිලම
  • 26 වැනි සරසවිය සම්මානය 1998 හොඳම රංගනය සඳහා - තරණය
  1. ^ "Veteran Actor Daya Thennakoon passed away". සම්ප්‍රවේශය 17 April 2020.
  2. ^ "Daya Thennakoon career". සම්ප්‍රවේශය 17 April 2020.
  3. ^ a b c "Death of Daya Tennakoon". Sarasaviya. සම්ප්‍රවේශය 17 June 2020.
  4. ^ "Daya Tennakoon reminds his past". Hiru FM. සම්ප්‍රවේශය 17 June 2020.
  5. ^ a b c "Daya, a loss to theater, TV and cinema". Sunday Times. සම්ප්‍රවේශය 17 June 2020.
  6. ^ a b c "It was originally related to Costa; Mostly acted with Malani - Daya Tennakoon". Divaina. සම්ප්‍රවේශය 17 June 2020.
  7. ^ a b "Daya Tennakoon is no more". Ada. සම්ප්‍රවේශය 17 June 2020.
  8. ^ "Actor Daya Tennakoon passes away". News First. සම්ප්‍රවේශය 17 June 2020.
  9. ^ a b c d e "Daya Tennakoon who passed away". Lankadeepa. සම්ප්‍රවේශය 17 June 2020.
  10. ^ "Daya the best of the last". Daily Mirror. සම්ප්‍රවේශය 17 June 2020.
  11. ^ a b c "දයා ටැං ට ටෑං". Sarasaviya. සම්ප්‍රවේශය 17 June 2020.
  12. ^ "For the love of music". Daily News. සම්ප්‍රවේශය 17 June 2020.
  13. ^ "Daya Tennakoon who did not make acting a act". Silumina. සම්ප්‍රවේශය 17 June 2020.
  14. ^ a b c d "අපි නොදන්න තෙන්නකෝන්ෑං". Gossip Lanka. සම්ප්‍රවේශය 17 June 2020.
  15. ^ "Deegeka Awith Kandoskiriyawa - Theatre, Comedy". Timeout. සම්ප්‍රවේශය 17 June 2020.
  16. ^ "Deegeta Evith (The Proposal)". Sunday Observer. සම්ප්‍රවේශය 17 June 2020.
  17. ^ "The Dictator at the Wendt". Sunday Observer. සම්ප්‍රවේශය 17 June 2020.
  18. ^ "Anuththara Tele Drama". vodtv. සම්ප්‍රවේශය 17 June 2020.
  19. ^ "ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් සමුගනී". Hiru FM. සම්ප්‍රවේශය 17 June 2020.
  20. ^ "Daya Thennakoon biography". Digital Identity of Sinhala Cinema. සම්ප්‍රවේශය 17 June 2020.
[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
දයා තෙන්නකෝන්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?