For faster navigation, this Iframe is preloading the Wikiwand page for ත්‍රසිමේන් විල සටන.

ත්‍රසිමේන් විල සටන

ත්‍රසිමේන් විල සටන
දෙවන පියුනික් යුද්ධය හි කොටසකි
දිනයජූනි 24, 217 ක්‍රිපූ
පිහිටුම
ත්‍රසිමේන් විල, ඉතාලිය
ප්‍රතිඵලය කාර්තජේනියානු ජයග්‍රහණය
යුද්ධාවතීරයන්
කාර්තේජ් රෝමානු ජනරජය
ආඥාපතියන් සහ නායකයන්
හැනිබල් ගායියුස් ෆ්ලාමිනියුස් †
හමුදාමය ප්‍රබලතාවය
55,000 සොල්දාදුවන්[1] 30,000 සොල්දාදුවන්[2]
අපාතිකයන් සහ හානි
2,500 මිය ගියහ සහ "බොහෝ දෙනෙක්" තුවාල වලින් මිය ගියහ [3] 15,000 මිය ගියහ[4]

ත්‍රසිමේන් විල සටන (ජූනි 24, 217 ක්‍රිපූ, ජුලියානු දින දසුනෙහි අප්‍රේල්) යනු දෙවන පියුනික් යුද්ධයෙහි ප්‍රධාන සටනකි. හැනිබල් යටතේ සටන් වැදුනු කාර්තජේනියානුවන් විසින් ගායියුස් ෆ්ලාමිනියුස් යටතේ වූ රෝමානුවන් පරාජය කෙරිණි. භාවිතා කල භටයන් ගණන අනුව සැලකූ කල හමුදාමය ඉතිහාසයේ විශාලතම රැක සිට පහරදීම ලෙසින්, ත්‍රසිමේන් විලෙහි රෝමානු හමුදාවට එරෙහිව හැනිබල්ගේ මෙම ජයග්‍රහණය තවමත් සැලකෙයි. ආදිතම දන්නා යුද්ධ උපාය මාර්ගික විවර්තන ගමනයද හැනිබල් විසින් භාවිතා කරන ලද්දේ මෙම සටනෙහි පූර්විකා අවදියෙහිදීය. [5]

පූර්විකාව

[සංස්කරණය]

ටිබේරියස් සැම්ප්‍රෝනියුස් ලොන්ගුස්ගේ ත්‍රේබියාවේ පරාජයෙන් මහත් ලෙසින් ත්‍රාසයට සහ තැති ගැන්මට ලක්ව සිටි රෝමානුවෝ, උතුරු දෙසින් පැමිණි මෙම නව තර්ජනයට එදිරිව ක්‍රියාකරනු වස් වහා සැලසුම් කලහ. සැම්ප්‍රෝනියුස් රෝමය වෙත යළි සම්ප්‍රාප්තවූ අතර, රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය තීරණය කලේ ඉදිරි වසර වූ ක්‍රිපූ 217 දී නව කොන්සල්වරුන් තෝරා පත් කර ගන්නා ලෙසිනි. නව කොන්සල්වරයන් ලෙසින් ග්නායුස් සර්විලියුස් ජෙමිනුස් සහ ගායියුස් ෆ්ලාමිනියුස් පත්වූ අතර, කොන්සල්වරයා ලෙසින් තේරී පත්වූ පසුව සුදුසු චාරිත්‍ර වාරිත්‍ර සිදු නොකොට රෝමයෙන් ඉවතට යෑම හේතුවෙන් දෙවැන්නාගේ පත්වීම සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් අවලංගු කිරීමේ තර්ජනයක්ද පැවතිණි.[6]පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ වෙනුවට ක්‍රියාකරමින් ඔහුගේ යුද්ධ හමුදාවේ අණ දෙන නිලධාරි ලෙසින් ක්‍රියා කරන ලෙසින් සර්විලියුස් වෙත වරදානය ලබා දුන් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය, සැම්ප්‍රෝනියුස්ගේ යුද්ධ හමුදාවේ ඉතිරිවී තිබු කුමන හෝ කොටසට සඳහා නායකත්වය සැපයීමට ෆ්ලාමිනියුස් පත් කලේය. ත්‍රේබියා වෙතදී ලද පරාජය නිසා හමුදාවන් දෙකම දුර්වලව සිටි බැවින්, නව සේනාංක සතරක් පිහිටුවන ලදි. මෙම නව සේනා බලයන් හා පෙර හමුදාවෙහි ඉතිරිය එක් කොට, කොන්සල්වරුන් දෙදෙනා අතරෙහි බෙදා දෙන ලදි.[7]ටීකීනුස් සහ ත්‍රේබියා සටන් වලින් පසුව, ෆ්ලාමිනියුස්ගේ හමුදාව දකුණු දෙසට හැරී ගමනෙහි යෙදුනේ රෝමය ආරක්ෂා කිරීමට සූදානම් වනු සඳහාය. හැනිබල් පසුපසින්ම පැමිණි අතර, වේගයෙන් ගමන් කල බැවින් විගසින් රෝමානු හමුදාව පසු කලේය. නගරය වෙත ලඟා වීමට පෙර, හැනිබල් සමග සටනෙහි නියැලීම සඳහා ගමන් වේගය වැඩි කර ලීමට ෆ්ලාමිනියුස් හට අනිවාර්යයෙන් සිදු කිරීමට විය. සර්විලියුස් යටත් වූ තවත් බල සේනාවක් ෆ්ලාමිනියුස් හා එක් වීමට නියමිතව තිබුණි.

මෙය සිදුවීමට හැකිවීමට පෙර, ෆ්ලාමිනියුස්ගේ සේනාව දරුණු සටනකට පොලඹවාගැනීමට උපායක් ලෙසින් ෆ්ලාමිනියුස් විසින් ආරක්ෂා කිරීමට නියමිතව තිබූ ප්‍රදේශය විනාශ කිරීම හැනිබල් විසින් සිදු කෙරිණි. පොලිබියුස් ලියා ඇති පරිදී, ෆ්ලාමිනියුස් සටනට පොළඹවාගත හැකි අයුරු පිළිබඳ හැනිබල් විසින් සිතාගත් ආකාරයට ක්‍රියාත්මක වෙමින්, "ෆයිසුලයි යාබද ප්‍රදේශය වෙතින් ඔහු නික්මවී ගොස් රෝමානු කඳවුරෙන් මද දුරක් ඉදිරියට ගිය සැණින්, අසබඩ ප්‍රදේශය වෙත ආක්‍රමණයක් සිදු කල විට, ෆ්ලාමිනියුස් කලබල බවට පත්වුනු අතර, සතුරා විසින් තමන්ට අවමන් කරන ලදැයි යන අදහසින් මහත් ප්‍රකෝපයට පැමිණියේය: ප්‍රදේශයෙහි විනාශකිරීම දිගටම පැවතෙත්ම, සතර අතින් නැගුනු දුමාරය වෙතින් විනාශකිරීමේ කාර්යය ඉදිරියට පැවතෙන බව දුටු ඔහුට එම දර්ශනය ඉවසිලිමත් ලෙසින් විඳ දරාගැනීමට නොහැකි විය."[8][9]මේ අවස්ථාවෙහිදීම, රෝමයේ මිත්‍රපාක්ෂිකයන්ගේ පාක්ෂිකභාවය බිඳ හෙලීමට හැනිබල් ප්‍රයත්න දැරුවේ, ජනරජය බල රහිත බවත් ඔවුන් ආරක්ෂා කිරීමට හැකියාව රහිත බවත් ඒත්තු ගැන්වීමෙනි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ බැට්ල් ඔෆ් ලේක් ත්‍රසිමේන්, එම්.ආර්. වැන් ඩර් වර්ෆ්, ග්‍රවුන්ඩ් වෝෆෙයාර්: එච්-කියු, සංස්. ස්ටැන්ලි සැන්ඩ්ලර්, (ABC-CLIO, 2002), 486.
  2. ^ බැට්ල් ඔෆ් ලේක් ත්‍රසිමේන්, එම්.ආර්. වැන් ඩර් වර්ෆ්, ග්‍රවුන්ඩ් වෝෆෙයාර්: එච්-කියු, 486.
  3. ^ ලිවී, අබ් ඌර්බෙ කෝන්ඩිටා 22:7.3-4 (යුද්ධයේදී සටන් කරමින් එය පිළිබඳ වාර්තා කල ඉතිහාසඥ ක්වින්ටස් ෆේබියස් පික්ටර් උපුටා දක්වමින්)
  4. ^ ලිවී, 22:7.2-4 (පික්ටර් උපුටා දක්වමින්)
  5. ^ 1001 බැට්ල්ස් දැට් චේන්ජ්ඩ් ද කෝර්ස් ඔෆ් වර්ල්ඩ් හිස්ට්‍රි
  6. ^ ලිවී, අබ් ඌර්බෙ කෝන්ඩිටා, 21:64
  7. ^ ලිවී, අබ් ඌර්බෙ කෝන්ඩිටා, 21.63
  8. ^ පොලිබියුස්, ද හිස්ට්‍රීස්, 3.82.
  9. ^ ලිවි, අබ් ඌර්බෙ කෝන්ඩිටා, 22.3

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ත්‍රසිමේන් විල සටන
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?