For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඉස්ලාම් ධර්මයේ එන දෙවියන්වහන්සේ.

ඉස්ලාම් ධර්මයේ එන දෙවියන්වහන්සේ

tiny globe
17 වෙනි සියවසේ දී විසූ ඔටෝමානු චිත්‍ර ශිල්පී හාෆිස් උසමාන් අල්ලාහ් දෙවියන්ගේ නාමය අරාබි චාරුලේඛන ආශ්‍රයෙන්


දෙවියන්වහන්සේගේ ඒකීයත්වය හෙවත් තවිභීදය යනු දෙවියන්වහන්සේ (අරාබියෙන්;අල්ලාහ්) අසමසම (වාහිද්) බවත්, ඒකීය බවත් තරයේ විශ්වාස කිරීමයි. අල් කුර් - ආනය මෙලොව ඉක්මවා යන අසහාය නියත සත්‍යයක පැවැත්ම පිළිබඳව තරයේ කියා සිටියි. සම්පූර්ණ නිමැවුමෙන්ම ස්වාධීන වූත්, අනූපමේය වූත්, අභේද්‍ය වූත් භාවයක් පිළිබඳව අල් කුර් - ආනය සඳහන් කරයි.

කුර් - ආනයට අනුව,


“ ඔහු නම් එකම දෙවියන් වහන්සේය, අභේද්‍ය වූ දෙවියන් ය, ඔහු උත්පත්තිය ලබා නොදෙන්නේ ය, ඔහු ඉපිදවන්නේ ද නැත. ඔහු ඔහු තුළමය, ඔහු කිසිවකත් මත යැපෙන්නේ නැත. “(සුරාව 112 – 1- 4) “ඔබගේ අධිපතියා මුළුමනින්ම ස්වාධීන වේ, සියලු දේම ඔහු විසින් නිර්මාණය කරයි. ඔහුට රිසිවී නම් අනෙකෙකුගේ බීජයෙන් ඔබ තුළ ජනිත කළ සේම, ඔබව නෙරපා හැර අනිකුන් සමඟ ඔබව ප්‍රතිස්ථාපනය කළ හැකිය. “(සුරාව 5 : 133)


වින්සන්ට් කෝනෙල්ට අනුව අල් කුර් - ආනය, යතාර්ථය සමස්ථයක් වශයෙන් ඒකාබද්ධව ගෙන විස්තර කිරීම මඟින් දෙවියන් වහන්සේගේ අද්වෛතවාදී ප්‍රතිරූපය ගොඩනඟයි. මෙහිදී දෙවියන් වහන්සේ පැවැත්මක් ඇති සියලු දේම විස්තර කරන හෝ සියලු දේම පවරන තනි සංකල්පයක් ලෙස ගෙන ඇත.


ඔහු මුල්ම සහ අවසාන පුද්ගලයායි. ඔහු බාහිර සහ අභ්‍යන්තර පුද්ගලයායි. එමෙන්ම සියලු දේ ගැනම දැනුමක් ඇත්තායි.” (සුරාව 57:3) ඉස්ලාම් ධර්මයේ මුලික වශයෙන් එන ඒකදේවවාදය හා සමඟ ඇති නොගැලපීම නිසාත්, මැවුම්කරු සහ සත්වයා යන දෙකෙහි වෙනස අපැහැදිලි වන පරිදි දෙවියන් වහන්සේගේ අද්වෛතවාදී ප්‍රතිරූපයක් කරා යන නිසාත් ඇතැම් මුස්ලිම්වරු විසින් මෙම විවරණය, දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලබයි.


දෙවියන් වහන්සේගේ අභේද්‍ය භාවය(භේද රහිත බව), දෙවියන්වහන්සේගේ වෛරීභාවයේ අභේද්‍යත්වය හඟවයි. මෙය විශ්වය යන්න අනුභූතීන් සහ බහුදේව වාදයේ එන සදාචාරාත්මක ව්‍යාකූලත්වයට වඩා, සාධාරණ සහ සදාචාරාත්මක ලෙස සංගත දෙයක් යන අවබෝධය ඇති කරයි. තවද අල් කුර් - ආනය දැක්වෙන පරිදි කුසල් සහ අකුසල් යන දෙක ඇතිවන්නේ දෙවියන්ගේ නිර්මාණාත්මක ක්‍රියාවලින් බවත්, නපුරු බලවේග වලට කිසි දෙයක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැති බවත්, තර්කයන් ලෙස ගෙන, දෙවියන් වහන්සේගේ ‍ද්වි ආකාර චින්තනයන් ප්‍රතික්ෂේප කරයි. ඉස්ලාම් ධර්මය අදහන දෙවියන් ස්ථානීය ‍හෝ ගොත්‍රික නොව, සාර්වත්‍ර දෙවියෙකි, සාරධර්ම සමෝදානය කර අකුසල් වලට කිසිදු ඉඩක් ලබා ගෙන නොදෙන බලවේගයකි.


තව්හීදයේ ඉස්ලාම් ධර්මයේ දැක්වෙන ප්‍රකාශයන්ගේ ප්‍රධානතම වගන්තිය පිහිටුවයි. තමාට කළ නොහැකියැයි අල් කුර් - ආනයේ සඳහන් වෙන එකම පාපය නම්, මැවූ වස්තුවක් දේවත්වයෙන් ලා සැලකීමයි. ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් සියල්ලම තව්හීද් යන ප්‍රතිපත්තිය මත පදනම් වේ යැයි මුස්ලිම්වරු විශ්වාස කරති.


සටහන්

[සංස්කරණය]
God in Islam Oneness of God

බලන්න

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඉස්ලාම් ධර්මයේ එන දෙවියන්වහන්සේ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?