ඩේලි නිවුස් (ශ්‍රී ලංකාව)
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ආකෘතිය | පුළුල් පත්‍රය |
අයිතිකරු | ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම |
සංස්කාරක | රාජ්පාල් අබේනායක |
ඇරඹුනේ | 1918 |
භාෂාව | ඉංග්‍රීසි |
මූලස්ථානය | 35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව |
සංසරණය | 88,000 |
බුහුනණීය පුවත්පත් | සන්ඩේ ඔබ්සවර් දිනමිණ සිළුමිණ තිනකරන් |
නිල වෙබ්අඩවිය | dailynews.lk |
ඩේලි නිවුස් යනු, ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන ඉංග්‍රීසි භාෂා පුවත්පතකි. දැනට එය ප්‍රකාශයට පත් කෙරෙනුයේ, රජය-සතු සංස්ථාවක් වන, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) විසිනි. මෙම පුවත්පත ප්‍රකාශය ඇරඹුනේ 1918 ජනවාරි 31 දිනදීය.[1] එහි ආරම්භකයා ඩී. ආර්. විජේවර්ධන මහතා විය.
වර්තමාන පුවත්පත ලියැවෙන්නේ පුළුල් පුවත්පතක් ලෙසින් වන අතර, වර්ණයෙන් සහ කළු-සුදු යන දෙයාකාරයෙන්ම ඡායාරූප මුද්‍රණය කෙරෙයි. සතියේ දින මුද්‍රණයෙහි, ප්‍රධාන කොටස තුල ජාතික තොරතුරු පිළිබඳ ප්‍රවෘත්ති, විදේශීය තොරතුරු, ව්‍යාපාරික, දේශපාලන විශ්ලේෂනය, ක්‍රීඩා, කතුවැකි සහ මතිමතාන්තර ඇතුලත් වෙයි. සෑම බ්‍රහස්පතින්දා දිනයකම, "විස්ඩම්" නමැති කුඩා පුවත්පතක්, නොමිලේ අතිරේකයක් ලෙසින් නිකුත් වෙයි. මෙයට අමතරව, සෑම සිකුරාදා දිනයකම ඩේලි නිවුස් විසින් අතිරේකයක් ලෙසින් ද ශ්‍රී ලංකා ගැසට් පත්‍රය ප්‍රකාශය කෙරෙයි. ඩේලි නිවුස් පුවත්පතෙහි වත්මන් ප්‍රධාන-කතෘ වන්නේ රාජ්පාල් අබේනායක මහතාය.[2]
මෙයද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "නිවුස්පේපර්ස් ඉන් සිලෝන්". Ancestry.com. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.
- ^ "රාජ්පාල් එඩිටර්-ඉන්-චීෆ් ඔෆ් ඩේලි නිවුස්". ද නේෂන්. 28 ඔක්තොම්බර් 2012. http://www.nation.lk/edition/news-online/item/11965-rajpal-editor-in-chief-of-daily-news.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 ඔක්තොම්බර් 2012.
බාහිර සබැඳි
[සංස්කරණය]- ඩේලි නිවුස් නිල වෙබ් අඩවිය
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.