ටොලමි I සෝටර් .ටොලමියානු රාජවංශය / ˌ t ɒ l ə ˈ m eɪ . ɪ k / (පුරාතන ග්‍රීක :Πτολεμαῖοι, Ptolemaioi ) හෙවත් ඇතැම් අවස්ථාවන්හි ලැගිඩ්වරුන් / ˈ l æ dʒ ɪ d z / හෝ ලැගිඩේ / ˈ l æ dʒ ɪ ˌ d iː / (පුරාතන ග්‍රීක :Λαγίδαι, Lagidai , Iවන ටොලමිගේ පියා වූ ලැගස් අනුව යෙදුණකි) යනුවෙන් හැඳින්වෙන්නේ හෙලනිස්තික යුගයේ ඊජිප්තුවේ ටොලමියානු රාජධානිය පාලනය කළ මැසිඩෝනියානු සම්භවයක් සහිත ග්‍රීක [ 1] [ 2] [ 3] [ 4] [ 5] ඔවුන්ගේ පාලනය වර්ෂ 275ක් පැවති අතර, එය ක්‍රි.පූ. 305 සිට 30 දක්වා පැවතිණි. මෙය පුරාතන ඊජිප්තුවේ අවසන් රාජවංශය ලෙස සැලකෙයි.
ටොලමි , මහා ඇලෙක්සැන්ඩර් ගේ සෙන්පතීන්ගේ ආරක්ෂකයන් සත්දෙනාගෙන් අයෙකි. ක්‍රි.පූ. 323දී ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු, ඔහුව ඊජිප්තුවේ ප්‍රදේශ රාජයා ලෙස නම් කරන ලදී. ක්‍රි.පූ. 305දී ඔහු තමන්ව Iවන ටොලමි ලෙස හඳුන්වා ගත්තේ ය. පසුකලෙක ඔහුව සෝටර් හෙවත් "ගැලවුම්කරුවා" ලෙස හැඳින්විණි.
ඊජිප්තුවරුන් මඳ කලෙකින්ම ටොලමිවරුන්ව, නිදහස් ඊජිප්තුවේ පාරාවෝ වරුන්ගේ අනුප්‍රාප්තිකයින් ලෙස සලකන ලදී. ක්‍රි.පූ. 30දී රෝමය විසින් යටත් කරගන්නා තෙක්ම ටොලමිගේ පවුල විසින් ඊජිප්තුවේ පාලනය ගෙන යන ලදී.
මෙම රාජවංශයේ සියලුම පුරුෂ පාලකයින් ටොලමි යන නාමය භාවිතා කර තිබේ. ඇතැම් ටොලමියානු රාජ්‍ය කළ රැජිනියන් සිය සැමියන්ගේ සොයුරියන් වූ අතර ඔවුන්ව බොහෝවිට ක්ලියෝපැට්රා, ආර්සිනෝයි හෝ බෙරෙනිස් යන නාමයෙන් හැඳින්විණි. මෙම පෙළපතේ වඩාත් ප්‍රකට සාමාජිකයා මෙහි අවසන් රැජිනිය වූ VIIවන ක්ලියෝපැට්රා ය. ඇය ජුලියස් සීසර් සහ පොම්පේ අතර පැවති දේශපාලන අරගලවලදීත්, පසුව ඔක්ටේවියන් සහ මාක් ඇන්ටනි අතර ඇති වූ අරගලවලදීත් දැක්වූ දායකත්වය හේතුවෙන් ප්‍රකට වූවා ය. රෝම ආක්‍රමණයේ දී ඇය විසින් සිය දිවි හානි කරගැනීම ඊජිප්තුවේ ටොලමියානු පාලනයේ අවසානය සනිටුහන් කළේ ය.
ටොලමියානු පාලකයින් සහ බිසෝවරුන්[ සංස්කරණය ] මෙහි වරහන් තුළ දක්වා ඇති දිනයන් ටොලමියානු පාරාවෝවරුන්ගේ රාජ්‍ය වර්ෂයන් වේ. ඔවුහු බොහෝ විට සිය භාර්යාවන් සමග හවුල් පාලනයක් ගෙනගියෝ ය. බොහෝ විට මෙම භාර්යාවන් ඔවුන්ගේම සොයුරියන් විය. රැජිනියන් කිහිප දෙනකු විසින් රාජ්‍ය අධිකාරය හොබවා තිබේ. මේ අතරින් අවසාන මෙන්ම සුප්‍රකටම රැජිනිය ක්ලියෝපැට්රා ("ක්ලියෝපැට්රා VII ෆිලොපේටර්", ක්‍රි.පූ. 51–30) ය. ඇය ඇගේ සොයුරන් දෙදෙනා සහ පුත්‍රයා සමග ගෙනගිය හවුල් පාලන සමයේ ක්‍රියාකාරී පාලකයා වූයේ ඇයයි. අවසන් පාලකයින් අංකනය කිරීම සඳහා නොයෙකුත් ක්‍රමවේද භාවිත වී ඇත. මෙහි භාවිත ක්‍රමය නූතන විද්වතුන් විසින් වඩාත් බහුලව භාවිතා කෙරෙන ක්‍රමයයි.
ටොලමි I සෝටර් (ක්‍රි.පූ. 303–282) [ 6] - පළමුව තායිස් ද, අනතුරුව ආර්ටකාමා ද, අනතුරුව යුරිඩිස් ද අවසානයේ Iවන බෙරෙනිස් සමග ද විවාහ විය.
ටොලමි II ෆිලඩෙල්ෆස් (ක්‍රි.පූ. 285[තහවුරු කර නොමැත ] –246) - පළමුව Iවන ආර්සිනෝයිව ද, අනතුරුව IIවන ආර්සිනෝයි ද විවාහ කරගන්නා ලදී. ටොලමි එපිගෝනස් (ක්‍රි.පූ. 267–259) සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
ටොලමි III යුවර්ගීට්ස් (ක්‍රි.පූ. 246–221) - IIවන බෙරෙනිස් හා විවාහ විය.
ටොලමි IV ෆිලොපේටර් (ක්‍රි.පූ. 221–203) - IIIවන ආර්සිනෝයි සමග විවාහ විය.
ටොලමි V එපිෆේන්ස් (ක්‍රි.පූ. 203–181) - ක්ලියෝපැට්රා I සයිරා සමග විවාහ විය.
ටොලමි VI ෆිලොමීටර් (ක්‍රි.පූ. 181–164, ක්‍රි.පූ. 163–145) - IIවන ක්ලියෝපැට්රා සමග විවාහ විය. ක්‍රි.පූ. 152දී කෙටි කාලයක් ටොලමි යුපේටර් සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
ටොලමි VII නියොස් ෆිලොපේටර් (රාජ්‍ය පාලනය කොට නැත)
ටොලමි VIII ෆිස්කන් (ක්‍රි.පූ. 170–163, ක්‍රි.පූ. 145–116) – IIවන ක්ලියෝපැට්රාවත් අනතුරුව IIIවන ක්ලියෝපැට්රා වත් විවාහ කරගන්නා ලදී. ක්‍රි.පූ. 131-127 අතර කාලයේ IIවන ක්ලියෝපැට්රා විසින් ඔහුව තාවකාලිකව පිටුවහල් කරන ලදී. පසුව ක්‍රි.පූ. 124දී ඇය සමග සමාදාන විය.
ක්ලියෝපැට්රා II ෆිලොමිටෝරා සොටෙයිරා (ක්‍රි.පූ. 131–127) - ටොලමි VIII ෆිස්කන් ට එදිරිව
ක්ලියෝපැට්රා III ෆිලොමීටර් සොටෙයිරා ඩිකායෝසයිනේ නයිකෙෆොරස් (කොකේ) (ක්‍රි.පූ. 116–101) - ටොලමි IX ලැතිරොස් (ක්‍රි.පූ. 116–107) සහ ටොලමි X ඇලෙක්සැන්ඩර් I (ක්‍රි.පූ. 107–101) සමග හවුල් පාලනයක් ගෙනයන ලදී.
ටොලමි IX ලැතිරොස් (ක්‍රි.පූ. 116–107, ක්‍රි.පූ. 88–81 IIවන සෝටර් ලෙස) - IVවන ක්ලියෝපැට්රා ව ද, අනතුරුව ක්ලියෝපැට්රා සෙලීන් Iව ද විවාහ කරගන්නා ලදී; සිය පළමු රාජ්‍ය සමයේ IIIවන ක්ලියෝපැට්රා සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
ටොලමි X ඇලෙක්සැන්ඩර් I (ක්‍රි.පූ. 107–88) - ක්ලියෝපැට්රා සෙලීන් I සමගත්, අනතුරුව IIIවන බෙරෙනිස් සමගත් විවාහ විය; ක්‍රි.පූ 101 වන තෙක් IIIවන ක්ලියෝපැට්රා සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
බෙරෙනිස් III ෆිලොපේටර් (ක්‍රි.පූ. 81–80)
ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (ක්‍රි.පූ. 80) – IIIවන ක්ලියෝපැට්රා සමග විවාහ වී ඇයව මරාදැමීමට පෙර හවුල් පාලනයක් ගෙනගියේ ය. එම සිදුවීමෙන් පසු ඔහුට පාලනය ගෙනයාමට හැකිවූයේ දින 19ක් පමණි.
ටොලමි XII නියොස් ඩියොනීසස් (ඕලීට්ස්) (ක්‍රි.පූ. 80–58, ක්‍රි.පූ. 55–51) - ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා සමග විවාහ විය.
ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා (ක්‍රි.පූ. 58–57) - බෙරෙනිස් IV එපිෆේනියා (ක්‍රි.පූ. 58–55) සහ ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනා (ක්‍රි.පූ. 58) සමග හවුල් පාලනයක් ගෙනගියා ය.
ක්ලියෝපැට්රා ("ක්ලියෝපැට්රා VII ෆිලොපේටර්", ක්‍රි.පූ. 51–30) - ටොලමි XIII තියොස් ෆිලොපේටර් (ක්‍රි.පූ. 51–47), XIVවන ටොලමි (ක්‍රි.පූ. 47–44) සහ ටොලමි XV සිසේරියන් (ක්‍රි.පූ. 44–30) සමග හවුල් පාලනයක් ගෙනගියා ය.
IVවන ආර්සිනෝයි (ක්‍රි.පූ. 48–47) - ක්ලියෝපැට්රාට එදිරිව ටොලමියානු රාජවංශයේ සෙසු සාමාජිකයින්[ සංස්කරණය ] ටොලමි කෙරෝනොස් (ක්‍රි.පූ. 279දී මියගිය) - ටොලමි I සෝටර්ගේ වැඩිමහල්ම පුත්‍රයායි. ක්‍රමයෙන් මැසිඩෝනියාවේ රජු බවට පත් විය.
ටොලමි ඒපියන් (ක්‍රි.පූ. 96දී මියගිය) - ටොලමි VIII ෆිස්කන්ගේ පුත්‍රයායි. සිරෙනයිකාවේ රජු ලෙස පත්කෙරිණි. සිරෙනයිකාව රෝමයට පවරා දුන්නේ ය.
ටොලමි ෆිලඩෙල්ෆස් (ක්‍රි.පූ. 36දී උපන්) - මාක් ඇන්ටනි සහ VIIවන ක්ලියෝපැට්රාගේ පුත්‍රයායි.
මෝරිටේනියාවේ ටොලමි (ක්‍රි.ව. 40දී මියගිය) - නුමිඩියාවේ සහ මෝරිටේනියාවේ රජු වූ IIවන ජුබාගේත්, VIIවන ක්ලියෝපැට්රා හා මාක් ඇන්ටනිගේ දියණිය වූ ක්ලියෝපැට්රා සෙලීන් IIගේ පුත්‍රයායි. මෝරිටේනියාවේ රජු ය. වර්තමාන විද්වතුන් පවසන්නේ ටොලමියානු රාජවංශයේ බොහෝ දෙනා අධික ස්ථූලභාවයෙන් පෙළුණු බවයි. එයට හේතුව ප්‍රතිමා සහ කාසිවල දැක්වෙන් ඔවුන්ගේ රූපවල නෙරා ආ ඇස් සහ ඉදිමුණු ගෙල සහිත බැවිනි. කුටුම්භීය ග්‍රේව්ස් රෝගය මගින් ඔවුන්ගේ ඉදිමුණු ගෙල සහ නෙරා ආ ඇස් (උදක්ෂිය) පිළිබඳ විස්තර කළ හැක.
මෙම සොයාගැනීම් පිළිබඳ කුටුම්භීය ස්වරූපයෙන් සොයාබලන විට, මෙම රාජවංශයේ සාමාජිකයන් බහු-ඉන්ද්‍රිය ෆයිබ්‍රෝටික තත්ත්වයකින් පෙළෙන්නට ඇති බව පෙනේ. මෙම තත්ත්වය අර්ඩ්හයිම්-චෙස්ටර් රෝගය හෝ කුටුම්භීය බහු කේන්ද්‍රීය ෆයිබ්‍රොස්‍ක්ලෙරෝසිස් ත්ත්වයක් විය හැක.[ 7]
ටොලමියානු රාජවංශය පිහිටුවූ මැසිඩෝනියාවේ ටොලමි.
ටොලමි II
ටොලමි III
ටොලමි IV
ටොලමි V
ටොලමි VI
ක්ලියෝපැට්රා II
ටොලමි VIII
ටොලමි IX
ටොලමි X
ටොලමි XI
ටොලමි XII
ටොලමි XIII සහ අයිසිස් දෙවඟන
ටොලමි XIV
ක්ලියෝපැට්රා VII
ටොලමි XV, බොහෝවිට සිසේරියන් ලෙස හඳුන්වයි.
සෙලියුකිඩ් පාලකයින් ලැයිස්තුව
හෙලනිස්තික යුගය
පුරාතන ඊජිප්තුවේ ඉතිහාසය
ටොලමියානු නියෝග
ටොලමියානු පාරාවෝවරුන්ගේ ලැයිස්තුව
^ ජෝන්ස්, පෘඩන්ස් ජේ. (2006). ක්ලියෝපැට්රා: අ සෝස්බුක් . ඔක්ලහෝමා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 14. ඔවුහු ටොලමියානු රාජවංශයේ සාමාජිකයන් වූ මැසිඩෝනියානු ග්‍රීකවරු වූහ. ඔවුහු එහි රණශූර මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු ඊජිප්තුව පාලනය කළහ.
^ පොමරෝයි, සාරා බී. (1990). විමෙන් ඉන් හෙලනිස්ටික් ඊජිල්ට් . වේන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 16. ටොලමියානු ඊජිප්තුව ග්‍රීක පාලන පන්තියක් සහිත රාජාණ්ඩුවක් විය.
^ රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී., ed. (2000). ද ඔක්ස්ෆර්ඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් ර්න්ෂන්ට් ඊජිප්ට් . ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. VIIවන ක්ලියෝපැට්රා උපත ලැබූයේ ටොලමි XII ඕලීට්ස් (ක්‍රි.පූ. 80–57, රාජ්‍ය සමය ක්‍රි.පූ. 55–51) සහ ක්ලියෝපැට්රාගේ දියණිය ලෙස ය. ඇගේ දෙමාපියන් දෙදෙනාම මැසිඩෝනියානු ග්‍රීකවරු වූහ.
^ බාඩ්, කැත්රින් ඒ., ed. (1999). එන්සයික්ලොපීඩියා ඔෆ් ද ආකියොලොජි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට් . රූට්ලෙජ්. p. 488. ටොලමියානු රජවරුන් ඒ වනවිටත් කිරුළු පැළඳියේ මෙම්ෆිස්හි වන අතර, එම නගරය ප්‍රකට වූයේ මැසිඩෝනියානු ග්‍රීකවරුන් විසින් පිහිටුවූ ඇලෙක්සැන්ඩ්‍රියාවට එරෙහි ඊජිප්තු සතුරු නගරයක් ලෙසයි.
^ බාඩ්, කැත්රින් ඒ., ed. (1999). එන්සයික්ලොපීඩියා ඔෆ් ද ආකියොලොජි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට් . රූට්ලෙජ්. p. 687. ටොලමියානු යුගයේ දී, ග්‍රීක සම්භවයක් ඇති පාලකයින් විසින් ඊජිප්තුව පාලනය කළ සමයේ...
^ වැසන්, ඩොනල්ඩ් (පෙබරවාරි 3, 2012). "ටොලමි I" . ඒන්ෂන්ට් හිස්ට්‍රි එන්සයික්ලොපීඩියා. සම්ප්‍රවේශය ඔක්තෝබර් 1, 2016 .
^ ඇශ්‍රාෆියන්, හියුටන් (2005). "ෆැමිලියල් ප්‍රොප්ටෝසිස් ඇන්ඩ් ඔබේසිටි ඉන් ද ටොලමීස්". J. R. Soc. Med . 98 (2): 85–86.
සුසෑන් ස්ටීවන්ස්, Seeing Double. Intercultural Poetics in Ptolemaic Alexandria (බර්ක්ලේ, 2002).
ඒ. ලැම්පෙලා, Rome and the Ptolemies of Egypt. The development of their political relations 273-80 B.C. (හෙල්සින්කි, 1998).
ජේ. ජී. මැනිං, The Last Pharaohs: Egypt Under the Ptolemies, 305-30 BC (ප්‍රින්ස්ටන්, 2009).
යුගය
රාජවංශය
පාරාවෝවරු (පිරිමි කාන්තා ) නිශ්චිත නැත
ප්‍රාක්රාජවංශික (පූර්ව-3150 ක්‍රි.පූ.)
මුල්කාලීන රාජවංශික (ක්‍රි.පූ. 3150–2686)
පැරණි රාජධානිය(ක්‍රි.පූ. 2686–2181)
III
නෙබ්කා
ඩ්ජෝසර්
සෙඛෙම්ඛෙට්
සැනැඛ්ට්
ඛාබා
ක්වාහෙඩ්ජෙට්
හුනි
IV
ස්නෙෆ්රු
ඛුෆු
ඩ්ජෙඩෙෆ්රේ
ඛෆ්රේ
බිඛෙරිස්
මෙන්කෝරේ
ෂෙප්සෙස්කෆ්
තම්ෆ්තිස්
V
යුසර්කාෆ්
සහුරේ
නෙෆරිර්කරේ කකායි
නෙෆරෙෆ්රේ
ෂෙප්සෙස්කරේ
න්යුසෙරේ ඉනි
මෙන්කෝහොර් කාඉයු
ඩ්ජෙඩ්කරේ ඉසෙසි
උනාස්
VI
ටෙටි
උසර්කරේ
පෙපි I
මෙරෙන්රේ නෙම්ට්යෙම්සෆ් I
පෙපි II
මෙරෙන්රේ II
නෙට්ජෙර්කරේ සිප්ටාහ්
1වන අන්තර්මධ්‍ය(ක්‍රි.පූ. 2181–2040)
මෙන්කරේ
නෙෆර්කරේ II
නෙෆර්කරේ III නෙබි
ඩ්ජෙඩ්කරේ ෂෙමායි
නෙෆර්කරේ IV ඛෙන්ඩු
මෙරෙන්හොර්
නෙෆර්කාමින්
නිකරේ
නෙෆර්කරේ V ටෙරෙරු
නෙෆර්කහොර්
නෙෆර්කරේ VI පෙපිසෙනෙබ්
නෙෆර්කාමින් අනු
ක්වාකරේ ඉබි
නෙෆර්කෝරේ
නෙෆර්කෝහොර්
නෙෆරිර්කරේ
වැඩ්ජ්කරේ
ඛුයික්වර්
ඛුයි
මෙර්යිබ්රේ ඛෙටි
නෙෆර්කරේ VII
නෙබ්කෝරේ ඛෙටි
සෙටුට්
මෙරිහාතොර්
නෙෆර්කරේ VIII
වහ්කරේ ඛෙටි
මෙරිකරේ
මධ්‍ය රාජධානිය සහ දෙවන අන්තර්මධ්‍ය යුගය (ක්‍රි.පූ. 2040–1550)
යුගය
රාජවංශය
පාරාවෝවරු (පිරිමි කාන්තා ) නිශ්චිත නැත
මධ්‍ය රාජධානිය(ක්‍රි.පූ. 2040–1802)
XI
මෙන්ටුහොටෙප් I
ඉන්ටෙෆ් I
ඉන්ටෙෆ් II
ඉන්ටෙෆ් III
මෙන්ටුහොටෙප් II
මෙන්ටුහොටෙප් III
මෙන්ටුහොටෙප් IV
නුබියාව
සෙජර්සෙනි
ක්වාකරේ ඉනි
ඉයිබ්ඛෙන්ට්රේ
XII
අමනෙම්හාට් I
සෙනුස්රෙට් I
අමනෙම්හාට් II
සෙනුස්රෙට් II
සෙනුස්රෙට් III
අමනෙම්හාට් III
අමනෙම්හාට් IV
සොබෙක්නෙෆරු
2වන අන්තර්මධ්‍ය(ක්‍රි.පූ. 1802–1550)
නව රාජධානිය සහ තෙවන අන්තර්මධ්‍ය යුගය
(ක්‍රි.පූ. 1550–664)
යුගය
රාජවංශය
පාරාවෝවරු (පිරිමි කාන්තා ) නිශ්චිත නැත
නව රාජධානිය (ක්‍රි.පූ. 1550–1070)
XVIII XIX XX
සෙට්නැඛ්ටේ
රැම්සෙස් III
රැම්සෙස් IV
රැම්සෙස් V
රැම්සෙස් VI
රැම්සෙස් VII
රැම්සෙස් VIII
රැම්සෙස් IX
රැම්සෙස් X
රැම්සෙස් XI
3වන අන්තර්මධ්‍ය(ක්‍රි.පූ 1069–664)
XXI
ස්මෙන්ඩේස්
අමෙනෙම්නිසු
ප්සුසෙන්නස් I
අමෙනෙමෝප්
වැඩිමහල් ඔසොර්කොන්
සියාමුන්
ප්සුසෙන්නස් II
XXII
ෂොෂෙන්ක් I
ඔසොර්කොන් I
ෂොෂෙන්ක් II
ටැකෙලොට් I
ඔසොර්කොන් II
ෂොෂෙන්ක් III
ෂොෂෙන්ක් IV
පාමි
ෂොෂෙන්ක් V
ඔසොර්කොන් IV
XXIII
හර්සියෙසේ ඒ
ටැකෙලොට් II
පෙඩුබාස්ට් I
ෂොෂෙන්ක් VI
ඔසොර්කොන් III
ටැකෙලොට් III
රුඩාමුන්
මෙන්ඛෙපෙරේ ඉනි
XXIV XXV
පියේ
ෂබාකා
ෂෙබිට්කු
ටහාර්කා
ටැන්ටමුන්
යුගය
රාජවංශය
පාරාවෝවරු (පිරිමි කාන්තා ) නිශ්චිත නැත
පසුකාලීන (ක්‍රි.පූ. 664–332)
XXVI
නෙචෝ I
ප්සාම්ටික් I
නෙචෝ II
ප්සාම්ටික් II
වැහිබ්රේ
අහ්මෝස් II
ප්සාම්ටික් III
XXVII
කැම්බයිසස් II
පෙටුබැස්ටිස් III
ඩේරියස් I
ෂර්ෂස්
ආර්ටෂර්ෂස් I
ඩේරියස් II
XXVIII XXIX XXX XXXI
හෙලනිස්තික(ක්‍රි.පූ. 332–30)