For faster navigation, this Iframe is preloading the Wikiwand page for ටයිටස් තොටවත්ත.

ටයිටස් තොටවත්ත

ටයිටස් තොටවත්ත
255Px
ටයිටස් තොටවත්ත
උපත
දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා

1929 අප්‍රේල් මස 17 වැනිදා
මියගිය දිනය2011 ඔක්තෝබර් මස 15 වන දින
ජාතිකත්වයශ්‍රී ලංකාව ශී‍්‍ර ලාංකික
අධ්‍යාපනයකොළඹ ආනන්ද විද්‍යාලය
ප්‍රසිද්ධව ඇත්තේචිත්‍රපට අධ්‍යක්ෂක, තිරරචක, චිත්‍රපට සංස්කාරක, රූපවාහිනී හඬකැවීම් ශිල්පී
කලත්‍රයා(යන්)සුජාතා තොටවත්ත
දරුවන්දමිත් තොටවත්ත
දෙමව්පියන්(s)සිසිලියා සෙට්ටිනායක , ටී. ජී. එම්. ජූලියස් ද සිල්වා

ටයි මාමා ලෙස සිරිලක කුඩා දරු දැරියන්ගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ ටයිටස් තොටවත්ත මහතා (අප්‍රේල් 17, 1929 - ඔක්තෝබර් 15, 2011) ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද, සංස්කාරකවරයයකු ද, රූපවාහිනී හඬකැවීම් ශිල්පියකු ද වේ. 60, 70 දශකවල දී සිංහල චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළ ඔහු පසුකාලීන ව රූපවාහිනියේ සිංහල ළමා වැඩසටහන් නිර්මාණයෙහිලා පුරෝගාමීව කටයුතු කළේ ය. 2011 ඔක්තෝබර් 15 වන දින කොළඹ පෞද්ගලික රෝහලකදී මිය යන විට ඔහු 82 වන වියේ පසු වූවේ ය.[1] සිනමා විචාරක, මාධ්‍යවේදී නුවන් නයනජිත් කුමාර විසින් සොඳුරු අදියුරු සකසුවාණෝ නමින් ටයිටස් තොටවත්තයන් පිළිබඳ ග්‍රන්ථයක් රචනා කරන ලදී.[2]

මුල් කාලය

[සංස්කරණය]

ගැහැණු දරුවන් දෙදෙනෙකු ද පිරිමි දරුවන් දෙදෙනෙකු ද සිටි පවුලක පස්වැනි දරුවා ලෙස දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා උපත ලැබී ය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඔහු කලාව උගත්තේ ජේ. ඩී. ඒ. පෙරේරා සහ ස්ටැන්ලි අබේසිංහගෙනි. පසු ව ඔහු මරදාන තාක්ෂණික විද්‍යාලයට ඇතුලත් වූවේ ය. කුඩා කල සිට ම චිත්‍රපට පිළිබඳ ව තිබූ ඇල්ම නිසා හෙතෙම රජයේ චිත්‍රපට අංශයට ඇතුලත් වීමට සිහින මැවුවේ ය. පුවත්පත් දැන්වීමකට අනුව අයදුම්පතක් යොමු කළ ඔහු ඒ සඳහා තිබූ පරීක්ෂණවලින් සමත් වීමෙන් සිනමා කාර්මික ශිල්පියෙක් ලෙස රජයේ චිත්‍රපට අංශයට එක් වූවේ ය. චිත්‍රපට අංශය භාර ව සිටි ඉතාලි ජාතිකයන් ඇසුරෙන් අත්දැකීම් ලබා ගත් ඔහු එහි දී සිනමා කාර්මික ශිල්පය උගත්තේ ය.[3]

වෘත්තීය දිවිය

[සංස්කරණය]

1956 වසරේ දී රේඛාව චිත්‍රපටය නිපැයීමේ දී ටයිටස් තොටවත්ත, සංස්කාරකවරයා ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ විලී බ්ලේක් [4] සමග එක්වූවේ ය.[5] එය, එ කල පැවති දකුණු ඉන්දියානු චිත්‍රපට අනුකරණය කිරීමේ රටාවෙන් බැහැර ව සිංහල චිත්‍රපටයක් තැනීමේ අරමුණෙන් කළ නිපැයුමක් විය.

සිංහල සිනමාවේ ප්‍රථම වරට දුෂ්ට චරිතයක් නිරූපණය කරමින් ගාමිණී ෆොන්සේකා රඟපෑ චණ්ඩියා චිත්‍රපටය තොටවත්තයන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය යි. එය 1965 වසරේ දී තිර ගත විය.[6] කවුද හරි (1969), තෙවත (1970) and හාරලක්ෂය (1971).[7] ඔහුගේ අනෙකුත් සිනමා නිර්මාණයන් ය.

1980 වසරේ දී ටයිටස් තොටවත්තයන් ලියා අධ්‍යක්ෂණය කළ හඳයා චිත්‍රපටය එම වසරේ හොඳම චිත්‍රපටය ලෙස සරසවි සම්මානයට පාත්‍ර විය.[7]

80 සහ 90 දශකයන්හි දී රූපවාහිනියේ සිංහල ළමා වැඩසටහන් නිර්මාණය කිරීමට ඔහු පුරෝගාමී වූවේ ය. ඔහු විසින් සිංහල හඬ කැවූ හාවා හරි හාවා, දොස්තර හොඳ හිත, පිස්සු පූසා, ගලිවර්ගේ සුවිසැරිය වැනි කාටූන් කතා ශ්‍රී ලංකාවේ කුඩා දරු දැරියන්ගේ නොමද ආදරය දිනා ගත්තේ ය. ඔහු රූකඩ චරිත ද රූපවාහිනියට හඳුන්වා දුන්නේ ය. ජාතික රූපවාහිනියට හඬදෙකැවී මැදිරියක් ලබා ගැනීමට ද ඔහු සමත් වූවේ ය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය ඇතිවූ මුල් යුගයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම එකවර යොදාගෙන විකාශය වූ ප්‍රථම රුපවාහිනි වැඩසටහන නිර්මාණය කළේ ද ටයිටස් තොටවත්තයන් ය.(1971).[2]

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පැවැත්වූ ජාතික ජනමාධ්‍ය සම්මාන උළෙලේ දී රූපවාහිනී මාධ්‍යයේ දියුණුව උදෙසා කළ සේවය වෙනුවෙන් ටයිටස් තොටවත්තයන් හට රන් පදක්කමක් පිරිනැමිණ. එහිදී පුවත්පත් කලාව වෙනුවෙන් ඩී. එෆ්. කාරියකරවන මහතාට ද ගුවන් විදුලි මාධ්‍යය වෙනුවෙන් විජය කොරයා මහතා හට ද රන් පදක්කම් පිරිනැමිණ.

චිත්‍රපට සඳහා දායකත්වය

[සංස්කරණය]
වර්ෂය චිත්‍රපටය දායකත්වය
1956 රේඛාව චිත්‍රපට සංස්කරණය
1960 සංදේශය චිත්‍රපට සංස්කරණය
1962 රන්මුතුදූව චිත්‍රපට සංස්කරණය
1964 ගැටවරයෝ චිත්‍රපට සංස්කරණය
1964 ධීවරයෝ චිත්‍රපට සංස්කරණය
1965 චණ්ඩියා අධ්‍යක්ෂණය, තිරරචනය, චිත්‍රපට සංස්කරණය
1965 පරසතු මල් චිත්‍රපට සංස්කරණය
1966 සාරවිට චිත්‍රපට සංස්කරණය
1967 සොරුන්ගෙත් සොරු චිත්‍රපට සංස්කරණය
1967 වසන්ති චිත්‍රපට සංස්කරණය
1968 පුංචි බබා චිත්‍රපට සංස්කරණය
1969 කවුද හරි? අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1969 බඩුත් එක්ක හොරු චිත්‍රපට සංස්කරණය
1969 හන්තානේ කතාව චිත්‍රපට සංස්කරණය
1970 තෙවත අධ්‍යක්ෂණය, තිරරචනය, චිත්‍රපට සංස්කරණය
1971 හාර ලක්ෂෙ අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1974 සිහසුන අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1974 සාගරිකා අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1975 සිකුරුලියා චිත්‍රපට සංස්කරණය
1976 මංගලා අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1977 මාරුවා සමඟ වාසේ අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1979 හඳයා අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය

[8]

පරිශීලන

[සංස්කරණය]

බාහිර සබැඳුම්

[සංස්කරණය]


{{bottomLinkPreText}} {{bottomLinkText}}
ටයිටස් තොටවත්ත
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?