For faster navigation, this Iframe is preloading the Wikiwand page for ජිරොෆ්ට් ජනාවාසය(ශිෂ්ඨාචාරය).

ජිරොෆ්ට් ජනාවාසය(ශිෂ්ඨාචාරය)

ජිරොෆ්ට් ජනාවාසකරණය - (තඹ)ලෝකඩ යුගය ආරම්භය

[සංස්කරණය]
ඉරානයේ ජිරොෆ්ට් ජනාවාසය පිහිටීම

මෙම ජනාවාසය පිහිටියේ ඉරානයේ මධ්‍ය හා බටහිර දිශාවට සීමා වන්නටය.(බුද්ධවර්ෂ ශතවර්ෂ 20). (Sistan)සිස්ටාන් සහ (Kerman Province)කර්මැන් ප්‍රදේශයේ කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණයන් මේ සදහා මුලාකෘත විය. ජිරොෆ්ට් ජනාවාසය පිහිටියේ (Halil River)හලිල් නදිය අසබඩය. දැනට මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක කැණීම් බිම් 12 කට ආසන්න ප්‍රමාණයක් පවති. විද්‍යාඥ්ඥයන්ගේ මතයට අනුව ජිරොෆ්ට් ශිෂ්ටාචාරය අවුරුදු 7000 ක් පමණ පැරණිය. Shahr- I Sokhta(Burnt City) Tepe Bampur, Espiedej, Shahdad, Iblis සහ Tepe Yahya මුලින් සඳහන් කරන ලද කැණීම් බිම් වලින් කිහිපයකි.

"ලෝකඩ යුගයේ ශිෂ්ටාචාරයන්හි ඔවුන්ටම ආවේණික වු නිර්මාණ ශිල්පයන් හා භාෂාවන් තිබු බවට මෑතදී කරන ලද ගවේෂණවලින් තහවුරු වී ඇත. ජිරොෆ්ට් ශිෂ්ටාචාරය නෂ්ට වු (Aratta)ආරට්ට රාජධානිය බවට පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමේ ප්‍රධානි මහචාර්ය යුසුෆ් මජිඩ්ඩේෂ් අනුමාන කරයි. නමුත් සෙසු පිරිස මෙම මතයට එකගතාවක් දක්වන්නේ නැත. අනිකුත් මත පළකරන්නන්(උදා: Daniyel T.Potts, Piotr Steinkeller) මෙය Elam ශිෂ්ටාචාරයේ නැගෙනහිරට වන්නට තිබු Marhashi හි අඳුරු නගරය බවට මත පළකරයි. කෙසේ වෙතත් මෙම රාජධානියේ බහුල වශයෙන් කුඹල් කර්මාන්තය පැවති බවට සාධක හමුවේ. එමෙන්ම බටහිර Elamite(Elam) ශිෂ්ටාචාරය හා නැගෙනහිර ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අතර සිදුකෙරුණු වෙළෙදාම් හා අන්තර් සහයෝගිතා කටයුතුවලදි භාවිතා කළ වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙසටද මෙය හඳුනාගෙන ඇත.

කැනිම් සහ සොයාගැනීම්

[සංස්කරණය]

යුසුෆ් මජිඩ්සාඩ්ප් ප්‍රමුඛ පුරාවිද්‍යාත්මක කණ්ඩායම විසින් සොයාගන්නා ලද නටබුන් හා මංකොල්ලකරුවන්ගෙන් නැවත ලබාගන්නා ලද මෙවලම්වලටද අනුව මෙම නගරයේ අතීතය බුද්ධවර්ෂ 03 වන ශතවර්ෂයේ අගභාගය දක්වා දිවෙන බවට සාධක සපථ කරයි.


පුර්ව මෙසපොතේමියානු මෙවලම්

[සංස්කරණය]

ජීරොෆ්ට් පුරවිද්‍යාත්මක කැණීම් කටයුතුවලදී ක්‍රි.පු 4 වැනි සියවසට අයත් බොහොමයක් මෙවලම් මතුකරගන්නා ලදී. මෙහිදී සොයා ගත් තඹවලින් සාදන ලද එළු හිස ප්‍රතිමාව ක්‍රි.පු 3 වැනි සියවසට අයත් බව පුරාවිද්‍යාඥයන් සපත කරයි.ජීරොෆ්ට් කණ්ඩායම පවසන්නේ පුරවිද්‍යාත්මක කටයුතුවලට මෙය සැඟවුණු පාරදීසයක් බවයි. කැණීම් කටයුතුවලදී කලින් කී ප්‍රතිමාව පොළොව මතුපිටට ආසන්නයේ පස් තට්ටු අතරින් සොයා ගත් බැවින් මෙය ක්‍රි.පු 4 වැනි සියවසේ හලීල් නදියේ ශිෂ්ටාචාරයට අයත් එකක් බවටද මතයක් පවතී. එනම් එම ආයුධ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයටද එපිට ඉතිහාසයකි.


සමහර සාක්ෂි හා නෂ්ට මෙවලම්වලට අනූව මෙසපොතේමියානු ප්‍රදේශය ක්‍රි.පු 3 වැනි සියවස තරම් ඈත අතීතයකට නෑකම් කියයි. මැටට් ඇබඩ් සුසාන භූමියෙන් හමුවූ මෙවලම් හා අනිකුත් සාක්ෂි අනූව මෙසපොතේමියානු භූමිය ක්‍රි.පු 6 වැනි සියවස තරම් ඈත අතීතයකට අයත් බවද පැහැදිලි විය.

ජීරොෆ්ට් කැණීම් භූමියෙන් මැටි වර්ග ප්‍රභේද 2 ක් සොයා ගැනුණි. මෙම මැටි ප්‍රභේද එක් වර්ගයක් ක්‍රි.පු 3 වැනි සියවසටත් අනෙක ක්‍රි.පු 4 වැනි සියවසටත් අයත් වේ. එම නිසා ජීරොෆ්ට් මෙම කාලවකවානු 2 ටම අයත් සුසාන භූමියක් බව සලකනු ලැබේ. කෙසේ වෙතත් මෙම සුසාන භූමිය පිහිටුවා ඇත්තේ ඊට පෙරද ජනාවාස පිහිටි භූමියක බැවින් (ක්‍රි.පු 6 වැනි සියවස ) කැනීම් කටයුතු වලදී මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට පෙර මෙවලම්ද හමු වී ඇත. මෙහිදී පුරවිද්‍යාඥ කණ්ඩයාම තවදුරටත් අභ්‍යන්තරයට කැණීම් කටයුතුවල නියැළෙමින් නවතම කරුණු සොයාගනිමින් සිටිති.


සටහන්

[සංස්කරණය]
Jiroft_Kingdom
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ජිරොෆ්ට් ජනාවාසය(ශිෂ්ඨාචාරය)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?