For faster navigation, this Iframe is preloading the Wikiwand page for ජාතික රණවිරු ස්මාරකය.

ජාතික රණවිරු ස්මාරකය

' ජාතික රණවිරු ස්මාරකය '

(National Ranaviru Monument)


කුරිරු යුද්ධයෙන් මවුබිම මුදාගනු පිණිස ජීවිත පරිත්‍යාගයෙන් සටන්වැදි දැයේ උදාර රණවිරුවන් සිහි කරනු වස් ශ්‍රී ලංකාවේ ජාතික රණවිරු ස්මාරකය ඉදිකර ඇත.

ජාතික රණවිරු ස්මාරකය, බත්තරමුල්ල


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට,පාර්ලිමේන්තු පිටියට යාබදව වර්ෂ 2008 ජූනි මස 07 වන දින ජාතික රණවිරු ස්මාරකය පිහිටුවූ අතර එහි උස අඩි 80 කි.


මෙහි පිවිසුමේ ඇති සිංහ දොරටු මගින් දේශයේ මුළුමහත් ජාතියත්,

සිවු දිශාවේ ඇති සිවු කුළුණු මගින් යුද, නාවික, ගුවන් යන ත්‍රිවිද හමුදාවන් සහ ශ්‍රී ලංකා පොලිසියත්, සංකේතවත් කරයි.

ස්මාරක ටැඹ වටකොට පිහිටි දිය පොකුණ මගින් මවුබිම උදෙසා සටන්වැදුණු දැයේ රණවිරුවන්ගේ පරම පිවිතුරු බව සංකේතවත් කරන අතර,

රණවිරු ස්මාරක ස්ථම්භය මගින් රණවිරුවන්ගේ උතුම් කැපවීම, උදාර බව සහ ඔවුන් ලබාදුන් උසස් ජය සංකේතවත් කෙරේ.


මවු බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණවිරුවන් 23321 දෙනෙකුගේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවන් 1140 දෙනෙකුගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් 426 දෙනෙකුගේ, ශ්‍රී ලංකා පොලිසියේ විරුවන් 2575 දෙනෙකුගේ සහ කාන්තා සෙබලියන් 24 දෙනෙකුගේ වශයෙන් අභීත රණවිරුවන් 27486 දෙනෙකුගේ නාමයන් ජාතික රණවිරු ස්මාරකය අභියස පිහිටුවා ඇති අනුස්මරණ ඵලකවල සඳහන් වේ.

මෙලෙස රට ජාතියේ උස් නිදහස වෙනුවෙන් දිවිපිදූ ජාතියේ රණවිරුවන් අගයමින්, ඔවුන් සිහිකෙරෙන සැමරුම් පාඨය ජාතික රණවිරු ස්මාරකයේ රණවිරු අනුස්මරණ ස්ථම්භයේ පහළ කොටසේ සටහන් කර තිබේ.

      " මවු බිමත් දෙව් ලොවත්

        එක ලෙස ම සලකමින්

        ගතෙහි රුහිරෙන් පුදා

        මවු බිමෙහි එක් බව ම

        සුරැක්මට ඇප කැප වැ

        අතීතය විමසමින්

        ඉන් උගත් පාඩමින්

        අනාගතයට දැයෙහි

        රන් දොරටු විවර කොටැ

        මෙ වත්මන සකස් කොටැ

        සතර බළ මුළු සියලු

        සුනු විසුනු කොටලමින්

        නැගූ දැඩි එඩි කොඩිය

        සතර බළ මුළුවෙහි ම

        අබිරු රණවිරුවනට

         ජාතියේ නමඳුව යි...."


වර්ෂ 1975 සිට 2009 මැයි 19 දක්වා පුරා වසර තිහකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදී ‍යුද්ධයෙන් ත්‍රස්තවාදීන් පරදා මවු බිමට සාමය උදාකරමින් ලැබූ විජයග්‍රහණය සැමරුම හා සමගාමීව වාර්ෂිකව මැයි මස 19 වන දින පවත්වන රණවිරු අනුස්මරණ උත්සවය, යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් රාජ්‍ය නායකත්වය ප්‍රධාන කොට ගනිමින් මෙම පරිශ්‍රයේදී වාර්ෂිකව පැවැත්වේ.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ජාතික රණවිරු ස්මාරකය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?