For faster navigation, this Iframe is preloading the Wikiwand page for ජලාශ්‍රිත පුරා විද්‍යාව.

ජලාශ්‍රිත පුරා විද්‍යාව

මෙහි දැක්වෙනුයේ Hummingbird 981 C පැති මුර්තන පද්ධතියක් භාවිතයෙන් පැති පරිලෝකන සෝනාර් තාක්ෂණය ඇසුරෙන් දකුණු කැරොලිනාවේ මුරේ ජලාශයේ අඩි 160 (49m) ක් ගැඹුරු මිරිදියෙහි ගිලි පවතින පාලමක ලබාගත් ඡායාරූපයක් වෙයි.

ජලාශ්රිත පුරා විද්යාව යනු බෝට්ටු වර්ග, වෙරළාශ්රිත ඉදි කිරීම්, බඩු බාහිරාදිය, මානව නෂ්ටාවශේෂ සහ දියෙන් වැසුණු භූමි ප්රදේශ අධ්යයනය මඟින් මුහුදු, ජලාශ සහ ගංඟාවන් සහ මිනිසා අතර පැවති අන්තර් ක්රියාවන් අධ්යයනය කරනු ලබන පුරා විද්යාත්මක ක්ෂේත්රයකි.මෙම ක්ෂේත්රයෙහි විශේෂිත කොටසක් වන්නේ දිය යට ඇති වස්තූන් සම්බන්ධ පුරා විද්යාවයි. මේ ඔස්සේ අතීතය සම්බන්ධ තොරතුරු ගිලී ගිය වස්තූන් ඇසුරෙන් අධ්යයනය කරනු ලැබේ. මෙම ක්ෂේත්රයට අයත් තවත් විශේෂිත කොටසක් ලෙස නාවුක පුරා විද්යාව හැඳින්විය හැකි අතර ඒ ඔසසේ විවිධ නාවුක යාත්රා නිර්මාණය සහ ඒවා භාවිතය පිළිබඳව අධ්යයනය කරනු ලැබේ.

සාමාන්යයෙන් ජලාශ්රිත පුරා විද්යාවට අයත් වන පුරා විද්යාත්මක ස්ථානයන් මුහුදු බත් වූ නාවුක යාත්රා හේතුවෙන් හෝ භූ විද්යාත්මක ව්යසනයන් හේතුවෙන් හට ගන්නා අතර ඒ හේතුවෙන් එවැනි ස්ථානයන් ආශ්රිතව කාලයත් සමඟ ක්රමයෙන් තැන්පත් වූ වස්තූන් සමූහයක් වෙනුවට අතීතයේ කිසියම් මොහොතකට අනුරූප වස්තුන් සමූහයක් හමු වීම සිදු වේ. මේ හේතුවෙන් ඇතැම් විට ගිලී ගිය නාවුක යාත්රා කාල කැප්සුල ලෙස ද හැඳින්වේ.

මුහුදෙහි හෝ වෙනත් ජලජ පරිසරයක ගිලී පවතින පුරා විද්යාත්මක ද්රව්යයන් භූමිය මත පවතින මානවකෘතීන්ට සාපේක්ෂව යටත් වන්නා වූ බලපෑම් එකිනෙකින් වෙනස් වේ. කෙසේ නමුත් භූමිය හා සම්බන්ධ පුරා විද්යාත්මක කටයුතුවල දී මෙන්ම මෙවන් පරිසරයන්හි දී ද නූතන පුරා විද්යාඥයන් මඟින් අන්වේෂණය කළ හැකි පරිද්දෙන් ඉතිරි වනුයේ ආරම්භයේ තැන්පත් වූ ද්රව්ය ප්රමාණයෙන් කුඩා කොටසකි. කෙසේ නමුත් ජලාශ්රිත පුරා විද්යාවේ වැදගත් ලක්ෂණයක් වනුයේ එසේ කාලයත් සමඟ බොහෝ විට ද්රව්ය රැසක් විනාශයට භාජනය වන නමුත් ඇතැම් දුලබ අවස්ථාවන් හි දී ඉතා විශාල ද්රව්ය ප්රමාණයක් පරිහානියකින් තොරව ඉතිරි වීමයි. එවැනි අවස්ථාවන් හමු වූ විට ඒ ඔස්සේ විශාල තොරතුරු ප්රමාණයක් රැස් කරගත හැකි වේ.

පුරා විද්යාඥයින් අතරින් ඇතැමෙක් ජලාශ්රිත පුරා විද්යාව සම්පූර්ණයෙන්ම වෙන් වූ පුරා විද්යා ක්ෂේත්රයක් ලෙස සලකන අතර ඔවුන්ගේ මතය වන්නේ මෙම ක්ෂේත්රයට මුහුදුබත් වූ නාවුක යාත්රා වැනි විශේෂිත පුරා විද්යාත්මක ස්ථානයන් සහ ඒවා අන්වේෂණය කිරීමට අවශ්ය වන දිය යට පුරා විද්යාත්මක කටයුතු සිදු කිරීමේ දක්ෂතාවයන් අයත් වන බවයි. කෙසේ නමුත් ඇතැම් පුරා විද්යාඥයන්ගේ මතය වන්නේ නාවුක කටයුතු ගොඩ බිම හා සම්බන්ධ සමාජීය හා ආර්ථික කටයුතු හා බැඳී පවතින බැවින් ජලාශ්රිත පුරා විද්යාව එසේ වෙන් වූ ක්ෂේත්රයක් ලෙස නොසැලකිය යුතු බවයි.


භූමිය සහ සාගර ඒකාබද්ධ කිරීම

[සංස්කරණය]

කාර්මික යුගයට පෙරාතුව ජලය ඔස්සේ ගමන් කිරීම බොහෝ විට භූමිය ඔස්සේ ගමන් කිරීමට වඩා පහසු වේ. මේ හේතුවෙන් සමුද්‍ර ගමන් මාර්ග, නාවුක ගමනාගමනයට සුදුසු වූ ගංඟා සහ මුහුදුවලින් එතෙර වීමට භාවිතා කළ මාර්ග ආදී සංස්කෘතීන්වල වෙළඳ මාර්ග ලෙස භාවිතා විය. උදාහරණයක් ලෙස රෝමානුවන් මධ්‍යධරණී මුහුද අභ්‍යන්තර මුහුද ලෙස සැලකීම හැඳින්විය හැක. ඊට හේතු වූයේ මධ්‍යධරණී මුහුදෙහි සීමාවන් වටා රෝමානු අධිරාජ්‍යය පැතිර පැවතීමයි. මධ්‍යධරණී මුහුද හරහා සිදු වූ වෙළඳ කටයුතු සඳහා සාධක බොහෝ පැරණි වාර්තාවන් තුළ හමුවන අතර පැරණි වරායන්, මුහුදු යාත්‍රා සහ ඒවායේ අඩංගු බඩු බාහිරාදියේ නටඹුන් ද මෙම වෙළඳ කටයුතු සඳහා සාක්ෂි වේ. පසු කාලීනව එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ස්පාඤ්ඤය වැනි ප්‍රබල නාවුක සංස්කෘතියක් පැවති රටවල් අනෙකුත් මහාද්වීපවල ජනාවාස පිහිටුවීමට පවා සමත් විය. එමෙන්ම වැදගත් සම්පත්වල පාලනය ලබා ගැනීම සඳහා මුහුදු මත යුද ගැටුම් පවා හට ගැනුණි. සමුද්‍ර පුරා විද්‍යාඥයන් විසින් පැරණි වෙළඳ මාර්ගයන් ආශ්‍රිතව සොයා ගනු ලබන පුරා වස්තූන් භූමියෙහි හමුවන පුරා වස්තූන් සහ පැරණි වාර්තාවන් සමඟ එක් කිරීමෙන් අතීතයේ පැවති වාණිජ, සමාජයීය සහ දේශපාලනික පසුබිම් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වේ.

පුරා විද්‍යාව ගිල්වුණ ලද වැඩ බිම්

[සංස්කරණය]

ප්‍රාග් ඓතිහාසික භූ දර්ශනය

ජලජ පුරා විද්‍යාව මඟින් අධ්‍යයනය කරනු ලබන්නේ දේශගුණයේ හා භූ විද්‍යාවේ වෙනස් වීම් නිසා වර්තමානයේ දී ජලය යට පිහිටන ප්‍රාග් ඓතිහාසික වස්තු හා වැඩ බිම්ය.

නැවුම් හා ක්ෂාර ජලජ වස්තු අප පැවතුණු කාලය පුරාවටම මිනිසුන්ට වැදගත් ආහාර ප්‍රබවයක් බවට පත්ව තිබේ. පැරණි ගම්මාන ජල ප්‍ර‍භව ආසන්නයේ පිහිටා තිබීම එතරම් පුදුමයක් වීමට හේතුවක් නොවේ. අවසාන ‍අයිස් යුගයේ සිට මේ දක්වා මුහුදු මට්ටම අඩි 250ක් (දළ වශයෙන් මීටර් 75ක්) තරම් උස් වී ඇත.

එමනිසා අයිස් යුගය පුරාවට වූ මනුෂ්‍ය ක්‍රියාකාරකම්වල වාර්තාවල විශාල ප්‍රමාණයක් දැන් සොයා ගත හැක්කේ ජලය යටිනි.

දැන් කළු මුහුද ලෙස හඳුන්වන ප්‍රදේශය වතුරෙන් යට වීම (වර්තමානයේ පොස්පරස් පිහිටි ස්ථානයේ පිහිටි භූමි පාලමක් මධ්‍යධරණී මුහුදෙහි වැඩි වන ජල පීඩනය යටතේ බිඳී වැටීමත් සමඟ) එකල සුවිසල් මිරිදිය ජලාශයක් වූ ඒ වටා පිහිටි මනුෂ්‍ය ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් ගිල්වන ලදී.

බටහිර යුරෝපයේ වෙරළෙහි පිහිටි සුවිශේෂී ලෙන් කලා වැඩ බිම්වලට දැන් ප්‍රවේශ විය හැක්කේ කිමිදීම මඟින් පමණි. එයට හේතුව එම ගුහාවල ඇතුළත ජලයෙන් පිරී නොපැවතුණත් ඒවාට ඇතුළු වන ස්ථාන ජලය යට පිහිටීමයි.

‍ෛඑතිහාසික වැඩ බිම්

ඉතිහාසය පුරාවට එක් එක් කාලවල දී සිදු වූ භූමිකම්පා මඟින් මනුෂ්‍ය ජනපද ගිල්වීම සිදු වී ඇත. එවැනි ව්‍යසනවල අවශේෂ ලෝකය පුරා පිහිටන අතර ඇලෙක්සැන්ඩ්‍රියා පෝර්ට් රෝයල් වැනි වැඩ බිම් වර්තමානයේ දී වැදගත් පුරා විද්‍යාත්මක වැඩ බිම් බවට පත්ව තිබේ. නටඹුන් වූ නෞකා සමඟ මෙන්ම පුරා විද්‍යාත්මක පර්යේෂණවලට බහු තේමා අනුගමනය කළ හැකිය. ඒවාට අවසාන ව්‍යසනය පිළිබඳ සාක්ෂි, ව්‍යසනයට පෙර තිබූ ව්‍යුහ හා භූ දර්ශනය හා එහි ඇති වුණු සංස්කෘතිය හා ආර්ථිකය ඇතුළත් වේ. නැවක් මුහුදුබත් වීමක් මෙන් නොව භූ කම්පා අවස්ථාවක් හරහා නඟරයක් විනාශ වීම වසර ගණනක් පුරාවට සිදු විය හැකි අතර විනාශයේ යම් කොටස් සඳහා සාක්ෂි ද තිබිය හැක. (සමහරක් විට අතරතුර වූ නැවත ගොඩනැඟීම් ද සමඟ)

ආශ්‍රිත

[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Underwater_archaeology

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ජලාශ්‍රිත පුරා විද්‍යාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?