For faster navigation, this Iframe is preloading the Wikiwand page for චිකානෝ අධ්‍යයන.

චිකානෝ අධ්‍යයන

මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "චිකානෝ අධ්‍යයන" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2020 ජූනි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2020 ජූනි)

චිකානෝ අධ්‍යයන අධ්‍යාපනික ක්‍ෂේත‍්‍රයකි. මානව අධ්‍යයනයන් හි අනෙක් බොහෝ අංශ මෙන් මෙය ද ඉතිහාසය සමාජ විද්‍යාව මනෝ විද්‍යාව සහ සාහිත්‍යය ඉංග‍්‍රීසි ස්පාඥ්ඥ භාෂාවලින් කරන ලද අධ්‍යයන සඳහා සාහිත්‍යමය හා අධ්‍යාපනික අධ්‍යයන අඩංගු වේ.

බොහෝ චිකානෝ අධ්‍යයන පීඨ පිහිටා ඇත්තේ වයඹදිග එක්සත් ජනපදයේ හා විශේෂයෙන් ම කැලිෆෝනියාවේ පොදු විශ්ව විද්‍යාල වල ය. වයඹින් පිටත ඇතැම් විශ්ව විද්‍යාල මේ හා සමාන පාඨමාලා ම ලැටීනෝ අධ්‍යයන හෝ ලතින් අමෙරිකානු අධ්‍යයන නම් වලින් පවත්වාගෙන යයි.

චිකානෝ අධ්‍යයන සමාජ විපර්යාස අනන්‍යතාව සහ මායිම් පිළිබඳ අවධානය යොමු කරයි. ප්ලෑන් ඩි සන්ටා බාබරා ලේඛණය චිකානෝ ව්‍යාපෘතියේ අධ්‍යාපනික අරමුණු සනිටුහන් කළ කෙටුම්පත වූ අතර ශිෂ්‍ය ක‍්‍රියාකාරී කණ්ඩායමක් වූ එම් ඊ සී එච් ඒ (මී චා) චිකානෝ ජනතාවට අධ්‍යාපනය තම ජන කොට්ඨාසය දියුණු කිරීමට යෙදවීමත් පිළිබඳව අවධාරණය කරයි. මිනිසෙකු තමාගේ යථා ස්වරූපය ට සමීප වන්නේ තම ජන කොට්ඨාසය ට සමීප වූ තරමට යන්න ඔවුන් ප‍්‍රකාශ කරයි. අද දක්වාම බොහෝ චිකානෝ අධ්‍යයන පීඨ විශ්ව විද්‍යාලයේ හා සමාජයේ ක‍්‍රියාකාරීත්වයන් වෙනුවෙන් විශාල කැපවීමකින් සිටිති.

ආරම්භය

[සංස්කරණය]

මැක්සිකානු අමෙරිකානුවෝ සහ අනෙකුත් හිස්පැනික් ජනතාව සෑම විටම තමෝ පිළිබඳ අධ්‍යයන වල නිරත වූහ. ෆ්‍රෙ ඇන්ජෙලිකෝ චාවේස් නව මෙක්සිකෝ ඉතිහාසය පිළිබඳ හිස්පැනික දෘෂ්ටි කෝනය සටහන් කළ අතර අමෙරිකෝ පෙරේඩස් මැක්සිකානු අමෙරිකානු ජනශ‍්‍රැති සටහන් කළේ ය. කෙරී මැක්විලියම්ස් මැක්සිකානු අමෙරිකානු ජනතාවගේ ජීවිත සහ ගැටුම් සටහන් කිරීම අර්නෙස්ටෝ ගැලර්සා කෘෂිකාර්මික සේවකයින් ඒකරාශී කිරීම හා බර්ට් කොරෝනා දේශාටන අර්බුද අධ්‍යයනය කිරීම මින් ප‍්‍රධාන විය. නමුත් මෙම අධ්‍යයනයෝ අවස්ථා කිහිපයක දී හැරුණුකොට සංස්ථාපිත නොවීය. නොත‍්‍ර දාම් විශ්ව විද්‍යාලයේ ජුලියන් සමෝරා 1960 දී මැක්සිකානු අමෙරිකානු අධ්‍යයන කේන්ද්‍රයක් පිහිටුවීම එහි එක් උදාහරණයකි.

1967 දී බෙකර්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් එල් ග‍්‍රිටෝ කාලීන මෙක්සිකානු අමෙරිකානු චින්තනය පිළිබඳ ජර්නලය ප‍්‍රකාශයට පත් කිරීම ආරම්භ කළෝය. එයට සමගාමීව ම ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා විශ්ව විද්‍යාලය අස්ට්ලාන් සමාජ විද්‍යාව හා කලාව පිළිබඳ චිකානෝ ජර්නලය ආරම්භ කළෝ ය. මෙම ප‍්‍රකාශන නැගීඑන ක්‍ෂේත‍්‍රය ට ප‍්‍රබුද්ධ තලයක් ලබා දීමට සමත් විය. චිකානෝ අධ්‍යයන පාඨමාලා සහ පීඨ අරගල තුලින් බිහිවූ ඒවා ය. මින් පළමුවැන්න ලොස් ඇන්ජලිස් හි කැලිෆෝනියා ප‍්‍රාන්ත විශ්ව විද්‍යාලයේ වර්ධනය විය. 1968 චිකානෝ ශිෂ්‍ය ව්‍යාපාර වල හිනිපෙත්ත ලෙස චිකානෝ පිපිරීම් (ලොස් ඇන්ජලිස් ඒකාබද්ධ පාසල් වල අසාධාරණ තත්ව වලට එරෙහිව පැවති දැවැන්ත ශිෂ්‍ය උද්ඝෝෂණය) ඇතිවීම ලොස් ඇන්ජලිස් ප‍්‍රදේශයේ මෙක්සිකානු අමෙරිකානුවන් වෙනුවෙන් ක‍්‍රියාකාරී කණ්ඩායමක අවශ්‍යතාව පැහැදිලි කර දුනි. අනෙකුත් ව්‍යාපාර මෙය ගුරුකර ගනිමින් ව්‍යාප්ත විය. නෝර්ත්රිජ් හි කැලිෆෝනියා ප‍්‍රාන්ත විශ්ව විද්‍යාලයේ 1969 දීත් සැන්ටා බාබරා හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ 1971 දීත් එල් පැසෝ හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ 1972 දීත් සිසුන් හා කළමනාකාරීත්වය අතර පැවති ඉතා දැඩි ගැටුම් ගණනාවක් මෙහි ප‍්‍රතිඵල විය.

1970 දශකයේ මැද භාගයේ දී චිකානා ස්ත‍්‍රීවාදී ව්‍යාපාර එහි පුරුෂාධිපත්‍යය ට අභියෝග කළ අතර ලිංග කේන්ද්‍රීය අර්බුද අධ්‍යයනික සමාජයේ කේන්ද්‍රය බවට පත්කරලීය. මේ අනුව චිකානා අධ්‍යයන යනු ගැහැණිය ගේ ඉතිහාසය භූමිකාව හා අවශ්‍යතා පිළිබඳ වූ චිකානා අධ්‍යයන වල කොටසක් ලෙස දැක්වුණි. චිකානා අධ්‍යයන වල විද්‍යාර්ථීන් අතරට ග්ලොරියා ඇන්සල්ඩුආ චෙරී මොරාගා චේලා සැන්ඩොවාල් විකී එල් රුයිස් හා බෙටිතා මාර්ටිනේස් ඇතුලත් වේ.

චිකානෝ අධ්‍යයන ක‍්‍රියාකාරීන් යළි හිස එසවූයේ 1990 දශකයේ මුල් භාගයේදී ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලයීය කළමනාකාරීත්වය චිකානෝ අධ්‍යයන පාඨමාලා වසා දැමීමට තීරණය කිරීමත් සමග එම් ඊ සී එච් එ (මීචා) එයට එරෙහි වීමෙනි. කෙසේ වුවද වසර තුනක පරිශ‍්‍රමයකින් පසු යුනයිටඞ් කොමියුනිටි හා කම්කරු සන්ධානයේ ද සහයෝගීත්වය ලැබීමත් සිසුන්ගේ උපවාසයත් හේතුවෙන් 1993 දී ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලය චිකානා අධ්‍යාපනය සම්බන්ධ අන්තර් ක්‍ෂේත‍්‍ර අධ්‍යයන කේන්ද්‍රයක් ආරම්භ කළෝ ය. මෙය පසුව 1994 දී අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයීය පීඨයක් බවට පත් විය.

අනෙකුත් වැදගත් විද්‍යාර්ථීන් අතර ජුවන් ගෝමස් ක්විනොන්ස් ජොස් ලිමොන් යොලන්ඩා බ්‍රොයිල්ස් ගොන්සාලෙස් ගුලෙර්මෝ ගෝමෙස් පේනා රුඩොල්ෆ් අකූනා චාර්ල්ස් තෲක්සිලෝ අමේලියා මෙසා බෙයින්ස් නොර්මා එලියා කැන්ටු සහ අර්මැන්ඩෝ නවාරෝ වෙති.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
චිකානෝ අධ්‍යයන
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?