For faster navigation, this Iframe is preloading the Wikiwand page for චන්ද්‍රයාගේ ජලය.

චන්ද්‍රයාගේ ජලය

චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ සංයුක්ත ඡායාරූපයක් චන්ද්‍ර දින 2 ක් පුරා නාසා ආයතනයේ Clementine probe මගින් ලබාගන්නා ලදී. ස්ථිර සෙවනැලි කලාප වල චන්ද්‍ර හිම අඩංගුවිය හැකිය.

චන්ද්‍ර ජලය යනු චන්ද්‍රයාගේ මතුපිට ඇතැයි උපකල්පනය කෙරෙන ජලීය අයිස් වේ. වල්ගාතරු, උල්කාෂ්ම හා උල්කාපාතවල ක්‍රමවත් විවර්ෂණය මගින් භූ ගෝලීය කාල පරිමාණයන් පරිවහණය වී ඇත. හිරු එළියේ ශක්තිය සාමාන්‍යයෙන් මෙම ජලය එහි සංඝටක මූල ද්‍රව්‍ය වන H (හයිඩ්‍රජන්) හා O (ඔක්සිජන්) බවට විඝටනය කරයි. ඒවා සාමාන්‍යයෙන් අභ්‍යවකාශයට ඇදී යයි. ඇපලෝ ගගනගාමීන් මගින් සමකය අසල එකතුකරගත් සාම්පලවල ජල අංශු මාත්‍රයක්වත් නොමැති වීම චන්ද්‍ර පාෂාණවල වියළි බව තවදුරටත් සනාථ කරයි.

ක්‍රාන්ත වලයට චන්ද්‍රයාගේ භ්‍රමණ අක්ෂය ඉතා කුඩා ආනතියක් පමණක් දක්වන නිසා (අංශක 1.5 ක් පමණ) ධ්‍රැවාසන්න ඇතැම් අගාධ කිසිදා හිරු එළිය නොලබන අතර එම ප්‍රදේශ ස්ථිර හෙවනැලි කලාප වේ. එම ප්‍රදේශවල උෂ්ණත්වය 100K ට වඩා කිසිදා ඉහළ නොනගී. (-1700C) එමෙන්ම වසර බිලියන ගණනාවක් වැනි ඉතා දිගු කාල පරාස තුළ මෙම ප්‍රදේශවල පැවති ජලය අවසානයේ ක්ෂය වී මිදී ස්ථායීව පවතිනු ඇත. මෙම ජලයේ ප්‍රමාණ හා සාන්ද්‍රණවල වර්තමාන තත්ත්වය කෙසේද නොදනී. කෙසේ නමුත් අඩු වශයෙන් දක්ෂිණ ධ්‍රැවයේවත් ඝණ තැන්පතුවලට වඩා ප්‍රාවරණ පාෂාණවල ඇතිරුණු කුඩා බිදිති ලෙස චන්ද්‍ර හිම පැවතීමට ඉඩ ඇත.


ප්‍රයෝජනවත් තරම් ජලය චන්ද්‍රයා මත පැවතීම චන්ද්‍ර ජනපදකරණය ආර්ථික වශයෙන් ලාභදායි කිරීමෙහිලා වැදගත් සාධකයකි. ඒ පෘතුවියේ සිට ජලය (හෝ H හා O) චන්ද්‍රයා කරා පරිවහණය අතිශය මිල අධික කාර්යයක් වන බැවිනි. බීමට සහ ශාක ප්‍රචාරණයට ද්‍රව ජලය ලබා ගැනීමට අයිස් කැණීම සිදු කළ හැකිය. තවද ජලය හයිඩ්‍රජන් හා ඔක්සිජන් බවට විඝටනය කිරීමට අවශ්‍ය ශක්තිය සූර්යය පැනල විදුලි බලාගාර මගින් හෝ න්‍යෂ්ටික විදුලි බලාගාර මගින් සිදු කොට ආශ්වාස කිරීමට අවශ්‍ය ඔක්සිජන් ලබාගැනීම මෙන්ම රොකට් ඉන්ධන ලබාගැනීමද සිදු කළ හැකිය.

චන්ද්‍ර ජලය විශ්ලේෂණය අනිවාර්යයෙන් සොයා ගත යුතුය. එය චන්ද්‍රයාගේ ගැටුම් අතීතය හා අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලයේ වල්ගා තරු හා උල්කාෂ්ම සුලභතාව පිළිබඳව තොරතරු සපයනු ඇත.

චන්ද්‍ර ජලය සඳහා සාක්ෂි

[සංස්කරණය]
tiny globe
චන්ද්‍ර යළි සලකා බැලීමේ කාක්ෂිකයේ ලෝන්චරය චන්ද්‍ර ආවාටයක් මතට කඩා වැටීම. LCROSS probe විහිදුම් පොම්පයෙන් ජලය සොයා ගැනීමට උත්සාහ දරණු ඇති

ධ්‍රැවීය චන්ද්‍ර ආවාටවල මතුපිට අයිස් පැවතීමේ හැකියාව පළමු වරට යෝජනා කළේ Caltech ගවේෂකයන් වන Watson, Bruce Murray හා Harrison Brown විසිනි. 1994 දී Clementine probe චන්ද්‍ර දක්ෂිණත් ධ්‍රැවයේ ආවාට සිතියම් ගත කළේය. පරිගණක සමාකරණයන්ට අනුව 14000 km2 ප්‍රදේශයක සදාකාලික සෙවනැලි ප්‍රදේශය පවතින බැවින් එහි චන්ද්‍ර හිම පැවතීමට හැකියාවක් ඇත. ද්විත්ව ස්ථායි රේඩාරයක් ඇති කිරීමට probe රේඩියෝ සම්ප්‍රේෂණ හැකියාව යොදා ගන්නා ලදී. Clementine මෙහෙයුමේ ද්විත්ව ස්ථායි රේඩාර් පරීක්ෂණවල ප්‍රතිඵල මතුපිටට ආසන්නව කුඩා මිදුණු ජල පැකට්ටු පැවතීමට ඉඩ ඇති බව පෙන්වා දෙයි. චන්ද්‍ර ‍ගවේෂක නියුට්‍රෝන ප්‍රකාශ මානයෙන් ලබාගත් දත්ත අඟවන පරිදි ද්‍රව‍ ප්‍රදේශවල ප්‍රාවරණ වල ඉහළ ස්ථරයේ අනියම් ලෙස ඉහළ හයිඩ්‍රජන් සාන්ද්‍රණ පවතී. Clementine හා චන්ද්‍ර ගවේෂකයෙක් දත්ත මත පදනම්ව නාසා ආයතනය ඇස්තමේන්තු කර ඇති අන්දමට ඝන කිලෝමීටර් 1 ක පමණ ජල අයිස් ප්‍රමාණයක් පවතී.

1999 ජුලි මාසයේ මෙහෙයුම අවසානයේදී චන්ද්‍ර ගවේෂකය Shovmaker ආගාධයට හිතාමතාම ගට්ඨනය කරන ලදී. චන්ද්‍රයාගේ දක්ෂිණ ද්‍රවයේදී සිදු කෙරුනු මෙයින් බලාපොරොත්තු වුයේ හදුනාගත හැකි ප්‍රමාණයේ ‍ජලය විහිදෙනු ඇති බවය. භූමි පාදක දුරේක්ෂ වලින් ලබාගත් ප්‍රකාශ මාන නිරීක්ෂණ ජල සලකුණක් හෝ ලබානොදේ.

ඉතා මෑත කාලයේ එනම් 2006 දී Arecobo ග්‍රහ‍ලෝක රේඩාරයේ නිරීක්ෂණ වලින් පෙන්නුම් කළ පරිදි ඇතැම් ද්‍රවා සන්න Clementine රේඩාර් පරාවර්තනයන් ඇතැම් විට ලාබාල අගාධ වලින් උත්ෂිප්ත පාෂාණ සමග සංයෝජනය වී ඇත. ඒ සත්‍යක් නම් මෙයින් ඇඟවෙන්නේ නියුට්‍රෝන ප්‍රතිඵල ප්‍රාථමිකව අයිස් වලට වඩා හයිඩ්‍රජන් වලින් සමන්විත වන බවයි. උදාහරණ ලෙස හයිඩ්‍රජන් අණු හෝ කාබනික අණු ගත හැක. කෙසේ වුවත් මෙම දත්ත වල අර්ථ නිරූපණය අනන්‍ය නොවන අතර (අයිස් හෝ මතුපිට රළු බව නිරීක්ෂිත සලකුණුවලට හේතු විය හැක. එමෙන්ම එයින් හෙළිවන පරිදි සදාකාලික අදුරු අගාධයන් හි ජලීය අයිස් පැවතීමේ හැකියාවට මෙම ප්‍රතිඵල පාදක නොවේ.

චන්ද්‍ර හිම ගවේෂණය නාසා ආයතනයේ චන්ද්‍රයා යලි සලකා බැලීමේ කාක්ෂිකය (LRO) මෙහෙයුම සමග ඉදිරියට යනු ඇත. 2008 ඔක්තෝබර්වලදී එය දියත් කිරීමට නියමිතව ඇත. LRO හි පුවරුව මත උපකරණ විවිධාකාර නිරීක්ෂණ ලබාගනු ඇති අතර ඒවා ජලය පිළිබද තවත් සාක්ෂි සපයනු ඇත. මෙහෙයුමේ LCROSS සංඝටකය දියත් කිරීමේ රථයේ ඉහළ භාගයේ ගැටී ධ්‍රැවීය චන්ද්‍ර ආවාටයකට පතිත වනු ඇත. ඊට සමීපව කුඩා ඒෂණියක් විහිදුම් පොම්පය කරා පියාසර කොට ජලය පැවතීම හදුනා ගැනීමට උත්සාහ කරනු ඇත.



http://en.wikipedia.org/wiki/Lunar_ice

{{bottomLinkPreText}} {{bottomLinkText}}
චන්ද්‍රයාගේ ජලය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?