ගෝලීය බොඳ වීම
![](https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Lightmatter_Golden_gate_bridge.jpg/300px-Lightmatter_Golden_gate_bridge.jpg)
පොළව මතුපිටට වැටෙන සෘජු විකිරණ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීම ගෝලීය බොඳවීමයි. 1950 ගණන්වල පද්ධති ගණනය කිරීම්වලින් දශක ගණනාවකට පසු එය නිරීක්ෂණය විය. ආචරණය ස්ථාන අනුව විචල්‍ය වේ. 1960- 1990 දක්වා කාලය තුළදී ලොව පුරා 4% ක පහත වැටීමක් දක්නට ලැබුණ ද 1990 සිට එම තත්ත්වය ආපසු වෙනස් විය.මානව ක්‍රියාකාරකම් නිසා සල්ෆේට් විසරණ ප්‍රවාහක ආදී අංශු වායුගෝලයේ වැඩි වීමෙන් මෙය ඇති වුණු බවට අනුමාන කෙරේ. 1990 ගණන්වල ගෝලීය විසරණ ප්‍රවාහක මට්ටම් පහත හෙළීමත් සමඟ ගෝලීය බොඳ වීම ගෝලීය බැබළීමක් බවට පත්විණි. මෙය ජල චක්‍රය සමඟ එකට ඈඳුණු ගැටලුවක් වන අතර වාෂ්පීකරණය අඩු වීම නිසා ඇතැම් ප්‍රදේශවලට වැඩි අඩුවන තත්වයක්ද ඇති වීමට ඉඩ ඇත. මෙය සිසිල් කිරීමේ ආචරණයක් ඇති කරවන අතර ගෝලීය උණුසුම් වීමේ හරිතාගාර වායු බලපෑම තාවකාලිකව හෝ අර්ධ වශයෙන් වසා තැබිය හැකිය.ගොල්ඩන් ගේට් පාලම
ආචරණයට හේතු
මෙය මානව ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ විකිරණ ප්‍රවාහක අංශු ප්‍රමාණය වැඩිවීමෙන් මේ තත්ත්වය ඇතිවුවා විය හැකිය. එම අංශු හා තවත් අංශු සූර්ය ශක්තිය අවශෝෂණය කොට යළි වායුගෝලයට පරාවර්තනය කරයි. මෙම දූෂක වළාකුළු බිඳිතිවලට න්‍යෂ්ටිකා තිබිය හැකිය. වළාකුළුවල ජල බිඳිති එම අංශු වටා ඒකරාශී වේ. දූෂණය වැඩිවීමත් සමඟ අංශු වැඩි වන අතර බිඳිතිවලින් සැදි වළාකුළු ප්‍රමාණයද වැඩි වෙයි. එමඟින් වළාකුළු වඩා පරාවර්තික වේ. එමනිසා සූර්ය ශක්තිය වැඩි ප්‍රමාණයක් පොළව මතුපිටට ළඟා නොවී ආපසු පරාවර්තනය වේ.
වළාකුළු හිරුගේ හා පෘථිවියේ විකිරණ උකහා ගනී. ඒවායේ ආචරණ සංකීර්ණ වන අතර කාලය, පිහිටීම හා උන්නතාංශය අනුව විචලනය වේ. දිවා කාලයේ දී සූර්ය විකිරණ උකහා ගැනීම ප්‍රමුඛස්ථානය ගන්නා අතර සිසිල් කිරීමේ ආචරණයක්ද ඇති කරයි. නමුත් රාත්‍රී කාලයේ දී තාප විකිරණය මඟින් පෘථිවියෙන් විකිරණ නිදහස් වීම මන්දගාමී කරයි.
සටහන්
Global_dimming |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.