For faster navigation, this Iframe is preloading the Wikiwand page for ගොයිදූ (බා අතොළුව).

ගොයිදූ (බා අතොළුව)

ගොයිදූ
දූපත ගැන සාරාංශය
අයිතිව ඇත්තේබා අතොළුව
පිහිටීම04°52′25″N 72°59′59″E / 4.87361°N 72.99972°E / 4.87361; 72.99972ඛණ්ඩාංක: 04°52′25″N 72°59′59″E / 4.87361°N 72.99972°E / 4.87361; 72.99972
ජනගහණය657
දිග2,130 m (6,988 ft)
පළල1,580 m (5,184 ft)
මාලේ සිට දුර94.33 කිමී (58.61 සැත)

ගොයිදූ (දිවෙලි: ގޮއިދޫ) යනු, "බා" ලෙසින් කේතාක්ෂරයෙන් දැක්වෙන, දකුණු මාල්හොස්මදුලු අතොළුවේ ජනාවාසී දූපත් අතුරින් එකකි.

ඓතිහාසික තතු

[සංස්කරණය]

19වන සියවසෙහිදී, රජු විසින් ඔහුගේ හජ්ජි වන්දනාවෙහිදී මිලදී ගන්නා ලද ගැහැණු අප්‍රිකානු වහලියක වහල් බවින් විධිමත්ව මුදවනු ලැබ ගොයිදූ දූපතෙහි පදිංචි කරවනු ලැබුවාය. ඇය වෙනුවෙන් ගෙයක් හා ලිඳක් තනවනු ලැබීය. මෙම අප්‍රිකානු කාන්තාව හැඳින්වුනේ සලාමා ලෙසිනි. සිය මරණින් පසු ජීවිතයේදී කුසල් උපයා ගැනීමේ අදිටනින් අසනීපයෙන් සිටි රජු විසින් නිදහස් කෙරුමට පෙර ඇය වසර ගණනාවක් මාලේ හී මාලිගාවෙහි සේවය කලාය.

අයිතිකරු මිය යෑමට පෙර වහලුන් නිදහස් කිරීම මාලදිවයිනෙහි උසස් කුල වංශිකයන් අතර පොදු වශයෙන් පැවති සාම්ප්‍රදායික චාරිත්‍රයකි. මෙම අප්‍රිකානු මුතුන්මිත්තණිය වෙත ඔවුන්ගේ පරම්පරාව අනුරේඛනය කිරීමට හැකි සමහර පවුල් වර්තමානයේ ගොයිදූ හි වෙසෙති.

හෝර්ස්බර්ග් අතොළුව (ගොයිෆුල්හාෆෙහෙන්දූ)

[සංස්කරණය]

ෆුල්හාදූ සහ ෆෙහෙන්දූ සමගින් වන වෙනමම කුඩා අතොළුවක ගොයිදූ දූපත පිහිටා ඇත. ගොයිදූ අතොළුව (ගොයිදු හෝ ගොයිෆුල්හාෆෙහෙන්දූ ලෙසින්ද හැඳින්වේ), නාවුක සිතියම්හී දැක්වෙන්නේ හෝර්ස්බර්ග් අතොළුව ලෙසිනි, දකුණු මාල්හොස්මදුලු වෙතින් වෙන්වී ඇත්තේ සැතපුම් 6 පළල ඕඩයකිනි. මෙම අතොළුව ඕවලාකාර හැඩයක් ගන්නා කුඩා එකක් වන අතර, එහි වැඩිම දිග සැතපුම් 10 කි. ඇතුළු කලපුව බඹ 17 සිට 20 දක්වා පමණ ගැඹුරුය; එහි පතුල වැලි සහිත වන අතර මඩ හා මැටි මිශ්‍රිත වෙයි. මාලදිවයිනේ කුඩා අතොළු බොහෝමයක කලපු මෙන් නොව මෙම කලපුවේ මධ්‍යය කොරල් පරයන් විරහිත වෙයි.

නාවුක සිතියම්හී, මෙම අතොළුව නම් කර ඇත්තේ, පෙරදිග ඉන්දියා සමාමේ ජලමිනුම් විද්‍යාඥ සහ දීර්ඝ අභිධාන ඩිරෙක්ෂන්ස් ෆො සේලිං ටු ඇන්ඩ් ෆ්‍රොම් ද ඊස්ට් ඉන්ඩීස්, චයිනා, නිව් හොලන්ඩ්, කේප් ඔෆ් ගුඩ් හෝප්, ඇන්ඩ් ඉන්ටර්ජැසන්ට් පෝර්ට්ස්, කම්පයිල්ඩ් චීෆ්ලි ෆ්‍රොම් ඔරිජිනල් ජර්නල්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් මේඩ් ඩියුරින් 21 ඉයර්ස් එක්ස්පීරියන්ස් ඉන් නැවිගේටිං දෝස් සීස් හි කතෘ ජේම්ස් හෝර්ස්බර්ග් සිහිවීමටය. රොබර්ට් මෝර්ස්බිගේ මාලදිවයින් මිනුම්කටයුතු සිදුවී පළමු වතාවට අතොළු වල නිරවද්‍ය සිතියම් ප්‍රකාශනයට පත් වන තෙක් 19වන සියවසෙහි පළමු භාගයෙහිදී පෙරදිග නාවුක ගවේෂණ කටයුතු සඳහා සම්මත කෘතිය ලෙසින් භාවිතා වූයේ හෝර්ස්බර්ග්ගේ නාමාවලියයි.

මෙයද බලන්න

[සංස්කරණය]
  • ජේම්ස් හෝර්ස්බර්ග්

ආශ්‍රිත

[සංස්කරණය]
  • Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
  • Xavier Romero-Frias, The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom. Barcelona 1999.



{{bottomLinkPreText}} {{bottomLinkText}}
ගොයිදූ (බා අතොළුව)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?