For faster navigation, this Iframe is preloading the Wikiwand page for ගංගා නම් ගඟ.

ගංගා නම් ගඟ

ගංගා
ගංගා නදිය වරනාසියේ දී
ගංගා (කහ), බ්‍රහ්මපුත්‍ර (දම්), හා මේඝනා (කොළ) නදීන් හී සමස්ත ද්‍රෝණි පද්ධතියේ සිතියම
Etymologyගංගා දෙවඟන
පිහිටීම
රටවල්ඉන්දියාව (ගංගා ලෙස), බංග්ලාදේශය (පද්ම ලෙස)
භෞතික ලක්ෂණ
ගං මෝයබෙංගාල බොක්ක
 - ස්ථානය
ගංගා ඩෙල්ටාව
දිග2,525 km (1,569 mi)

ගංගා [/ɡaŋɡaː/: ඉන්දියාවේ: ගංගා (Ganga, /ˈɡʌŋɡɑː/) බංග්ලාදේශයේ: පද්ම (Padma, /ˈpʌdmə/)] යනු ඉන්දියාව හා බංග්ලාදේශය අතර ගලා බසින, තවත් එක් ආසියානු දේශාන්තර නදියකි[1]. කිලෝමීටර 2,525 (සැතපුම් 1,569) දිවෙන මෙම නදිය ඉන්දියාවේ උත්තරාඛණ්ඩ් ප්‍රාන්තයේ පිහිටි බටහිර හිමාලයෙන් ආරම්භ වේ. එය දකුණු ඉවුර ඔස්සේ අතු ගංගාවක් ලෙස බටහිර හිමාලයෙන් ම පැන නගින යමුනා නදිය හා මෙන් ම, නදියේ ජල ප්‍රවාහයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන වම් ඉවුර ඔස්සේ නේපාලයේ සිට ගලා බසින නොයෙක් අතු ගංගා හා සම්බන්ධ වෙමින්, ගංගා තැන්න ඔස්සේ ගිනිකොණ දිශාවට ගලා යයි.[1] බටහිර බෙංගාලයේ දී හූග්ලි නදිය හා සම්බන්ධිත කෘත්‍රිම පෙභෙවුම් ඇළක් විසින් දකුණු ඉවුර හරහා 50% ජල දහරාවක් දකුණු දිශාවට හරවා ගනු ලැබේ. මෙසේ බංග්ලාදේශය හරහා ගලා යන ගංගා නදියේ නාමය "පද්ම" ලෙස වෙනස් වේ. පසුව බ්‍රහ්මපුත්‍ර නදියේ යටි ගංගාව වන ජමුනා නදියටත්, පසුව මේඝනා නදියටත් සම්බන්ධ වෙමින්, ගංගා ඩෙල්ටාවේ පුනීල මෝය නිර්මාණය කරමින්, බෙංගාල බොක්කෙන් මුහුදට වැටේ. ගංගා-මේඝනා-බ්‍රහ්මපුත්‍ර ගංගා පද්ධතිය යනු ජල මුදාහැරීම අනුව පෘථිවියේ දෙවන විශාලතම නදිය යි.

ගංගා හී ප්‍රභවය දේව්ප්‍රයාග් නගරයේ හි පිහිටි ආලක්නන්ද හා භාගිරති නදීන් හී දෙ මෝදරෙන් ආරම්භ වේ. ජල විද්‍යාවට අනුව ආලක්නන්ද නදිය ගංගා හී ජල ප්‍රභවය වන අතර, හින්දු දේව ශාස්ත්‍රයන්ට අනුව භාගිරති නදිය ගංගා හී ජල ප්‍රභවය වේ.

ගංගා නදිය, ගංගා ද්‍රෝණියෙහි වාසය කරන මිලියන ගණනක් වූ ප්‍රජාවගේ ජීවනාලිය වන අතර, තම එදිනෙදා අවශ්‍යතා සපුරාලන්නට මහජනයා එය මත යැපෙ යි. එය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් නදියක් වූ අතර පාටලීපුත්‍රය, කන්නෞජ්, ශොනර්ගාව්, ඩකා, බික්‍රම්පූර්, කරා, මුන්ගේර්, කාෂි, පැට්නා, හාජිපූර්, දිල්ලිය, භාගල්පූර්, මුර්ෂිදාබාද්, බහාරාම්පූර්, කම්පිල්යා, සහ කොල්කතා යන ප්‍රාදේශීය හා අධිරාජ්‍ය අගනගරයන් මෙම නදියේ අසබඩ, එහි අතු ගංගාවල අසබඩ, හෝ එය හා සම්බන්ධිත ජල මාර්ග ආශ්‍රයකොට ගොඩ නැගුණි. නදියේ මත්ස්‍ය විශේෂ 140 ක් ද, උභය ජීවීන් 90 ක් ද, ඝාරියල් කිඹුලන් හා ගංගා නදී ඩෝල්ෆින් යන දැඩි වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ ඇතුළු උරග හා ක්ෂීරපායි විශේෂ ගණනාවක් ගංගා නදිය තම නිවස්නය කර ගෙන ඇත. හින්දු ධර්මයට අනුව ලොව පූජනීයම නදිය ගංගා වන අතර, එය ගංගා දෙවඟන ලෙසින් වන්දනාවට පාත්‍ර වේ.

ගංගා නදිය ප්‍රබල ලෙස පාරිසරික දූෂණයට නතු වී ඇත. මෙය මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව සත්ව විශේෂයන්ට ද අනතුරුදායක වී ඇත. වරනාසිය අසල ගංගා හී දක්නට ලැබෙන, මිනිස් කසළවල ප්‍රතිඵලයක් ලෙස ජලයට එක් වූ මල කොලිෆෝම් බැක්ටීරියා මට්ටම ඉන්දීය රජයේ නිර්දේශිත සීමාව සිය ගුණයකින් ඉක්මවා ගොස් ඇත. නදිය පිරිසිදු කිරීමට මුල පිරීමේ අටියෙන් ක්‍රියාත්මක වූ ගංගා ක්‍රියාකාරී සැලැස්ම අසාර්ථක වැඩසටහනක් ලෙස සලකන අතර, ඊට දූෂණය, රජයේ අභිප්‍රාය අවම වීම, දුර්වල තාක්ෂණික ප්‍රවීණතාව, දුර්වල පාරිසරික සැලසුම්කරණය, හා ආගමික නායකයන්ගෙන් සහයෝගයක් නොලැබීම යන කාරණා හේතු වී ඇත.

භූ විද්‍යාව

[සංස්කරණය]

ඉන්දීය උපමහාද්වීපය, ඉන්දියානු භූ තැටිය මත පිහිට යි. මෙය ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටියට අයත් සුළු තැටියකි. මෙම භූ තැටියට ම ආවේණික ලක්ෂණ නිර්මාණය කිරීමය දායක වූ භූ විද්‍යාත්මක ක්‍රියාවලිය මීට වසර මිලියන හැත්තෑ පහකට පෙර ආරම්භ වූ අතර, එහි දී දක්ෂිණ ගොන්ඩ්වානා නම් සුපිරි මහාද්වීපයේ කොටසක් ව පැවතී ඉන්දීය උපමහාද්වීපය එහි වසර මිලියන පනහක් තිස්සේ පැවතී, ඉන්දියානු සාගරය නිර්මාණය වීමට කාරණා වූ, ඊසාන ප්ලාවිතය ආරම්භ කරන ලදී. උපමහාද්වීපය හා යුරේසියානු තැටිය අතර සිදු වූ ඝට්ටණය කරණකොටගෙන ලොව උස ම කඳු වැටිය ලෙස සලකන හිමාල කඳු වැටිය නැගී ආවේ ය. නැගී එන හිමාලයට ආසන්නව පිහිටී පුරාණ වෙරළබඩ තුළ, භූ තැටි චලනය හේතුවෙන් විශාල දෝරුවක් නිර්මාණය වූ අතර, එය ඉන්දු හා ගංගා මෙන් ම ඒවායේ අතු ගංගාවලින් ගෙන ආ රොන් මඩ මගින් පිරී යමින් ඉන්දු-ගංගා තැන්න නිර්මාණය විය.

ඉන්දු-ගංගා තැන්න භූ විද්‍යාත්මකව පෙරබිම් තැන්නක් ලෙස සලකනු ලැබේ.

සමුදේශ

[සංස්කරණය]
  1. ^ a b Swain, Ashok (2004), Managing Water Conflict: Asia, Africa, and the Middle East, Routledge, p. 54, ISBN 9781135768836, retrieved 28 August 2024 The Ganges is an international river that flows through the territories of India and Bangladesh. In the Indian side, the Ganges is called the Ganga. ... India's Ganga then becomes Padma for a Bangladeshi. This river originates on the southern slope of the Himalayan range, and on its way receives supplies from seven major tributaries. Three of them - the Gandak, Karnali (Ghagara) and Kosi — pass through the Himalayan 'Hindu' Kingdom of Nepal, and they supply the major portion of the Ganges flow.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ගංගා නම් ගඟ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?