For faster navigation, this Iframe is preloading the Wikiwand page for කොටුව දුම්රිය ස්ථානය.

කොටුව දුම්රිය ස්ථානය

කොළඹ කොටුව දුම්රිය ස්ථානය
දුම්රියපළ ප්‍රවේශය
සාමාන්‍ය තොරතුරු
භූගෝලීය ඛණ්ඩාංක6°56′01″N 79°51′03″E / 6.93361°N 79.85083°E / 6.93361; 79.85083ඛණ්ඩාංක: 6°56′01″N 79°51′03″E / 6.93361°N 79.85083°E / 6.93361; 79.85083
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය
දුම්රිය මාර්ග(ය)ප්‍රධාන දුම්රිය මාර්ගය
මුහුදුබඩ දුම්රිය මාර්ගය
දුම්රිය මාර්ග ගණන11
ප්‍රවාහන සබදතාබස් රථ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම හරහා
වෙනත් තොරතුරු
දුම්රිය ස්ථාන කේතයFOT
ඉතිහාසය
විවෘතය1907[1]
විද්‍යුතනයනැත[2]
Passengers
Passengersදෙෙනිකව මිලියන 0.2ක් පමණ[1]
පිහිටි ස්ථානය
කොළඹ කොටුව දුම්රිය ස්ථානය is located in මැද කොළඹ
කොළඹ කොටුව දුම්රිය ස්ථානය
කොළඹ කොටුව දුම්රිය ස්ථානය
මැද කොළඹ තුළ පිහිටීම

කොළඹ පිහිටි කොළඹ කොටුව දුම්රිය ස්ථානය, ව්‍යවහාරයේ කොටුව දුම්රියපළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුම්රිය ස්ථානය වේ. මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ. කොටුව දුම්රිය ස්ථානය, මධ්‍යම කොළඹ පිහිටි ප්‍රධානතම දුම්රිය පිවිසුම වේ.[3]

ඉතිහාසය

[සංස්කරණය]
වික්ටෝරියානු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා කොටුව දුම්රිය ස්ථානය වැදගත් වේ.

ක්‍රි.ව.1864 දී ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහනය ආරම්භ වීමත් සමග මරදාන ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගය අවසන් කරන ලදි. එය එවකට කොළඹ දුම්රිය ගමනාන්තය විය. කොටුව දුම්රිය ස්ථානය එවකට මුහුදුබඩ දුම්රිය මාර්ගය 1877 වසරේ දී ඉදිකරන විට ඉදිකළ කුඩා දුම්රිය ස්ථානයකි. වර්තමානයේ එය කොටුව දුම්රිය ස්ථානයට බටහිරින් මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ලෙස නම් කෙරිණි.

වර්තමානයේ පවතින කොටුව දුම්රියපල 1917 වසරේ දී කොළඹ කේන්ද්‍ර කොටගත් දුම්රියපළ ලෙස ඉදිකරනු ලැබිය. මෙය මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානයට සමානව ඉදිකර ඇත. මෙම ස්ථානය ඉදිකර ඇත්තේ බේරේ ඇළ ගොඩකර තැනු භූමියක ය. මෙම ව්‍යාපෘතිය 1906 දී කොළඹ දුම්රිය මාර්ගය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආරම්භ කරන ලද අතර, කොළඹ ටර්මිනස් දුම්රිය ස්ථානය වසා දමා නව මරදාන දුම්රිය ස්ථානයට ආදේශ කරන ලදී. මෙය චාරිත්‍රානුකූලව විවෘත කරන ලද්දේ ජී.පී. සී.ජී.ආර් හි සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ සී.පී. ග්‍රීන් මහතා විසින් 1917 දී ජනතාව සඳහා විවෘත කරනු ලැබිය.

2008 වසරේ දී මෙම දුම්රිය ස්ථානය එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයකට ද ලක්විය.

පවතින ස්ථානය

[සංස්කරණය]

කොළඹ කොටුව දුම්රිය ස්ථානය කොළඹ නගරයේ මධ්‍යයේ කොටුව හා පිටකොටුව යන ප්‍රදේශ අතර පිහිටා ඇත. මෙම ස්ථානයේ ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ගයන් ගෙන් දෙකක් වන A1 හා A4 යන මහ මාර්ගවල ආරම්භය ද සනිටුහන් කරයි.

මෙම දුම්රිය ස්ථානයට 2km වන්නට ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන දුම්රිය ස්ථානය වන මරදාන ද පිහිටා ඇත.

ප්‍රවාහන සබඳතා

[සංස්කරණය]

ශ්‍රී ලංකාව පුරා දිවෙන සියලුම දුම්රිය වල මගීන්ට හුවමාරු වීමේ හා අගනගරයට පිවිසීමේ කාර්යය මූලිකව පවතින අතර කොළඹ පිටකොටුවේ ප්‍රධාන බස්නැවතුම්පළේ බස් රථ ප්‍රවාහනයට ද සම්බන්ධ වේ. එමෙන්ම ගුවන්තොටුපළ සිට පැමිණෙන මගීන්ගේ කොළඹ පර්යන්තය වන මහලේකම් කාර්යාලය පිහිටා ඇත්තේ බටහිරින් නිසා ඍජු පදික සම්බන්ධතාවක් නොමැත.

දුම්රිය ප්‍රවාහනය හා සේවා

[සංස්කරණය]

මෙම දුම්රිය ස්ථානය නැගෙනහිර දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය ඔස්සේ සේවය කරන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ දුම්රිය ජාලයේ තවත් ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපයකට මග පාදයි. මෙම දුම්රිය බොහෝමයක් කොටුව දුම්රිය ස්ථානයෙන් අවසන් වේ. එමෙන්ම මෙම දුම්රිය ස්ථානය නිරිත දෙසින් මුහුදුබඩ දුම්රිය මාර්ගයටද සේවය කරන අතර එය ගාල්ල, මාතර හරහා වර්තමානයේ කතරගම දක්වා දිව යයි.

කොටුව දුම්රිය ස්ථානය කොළඹ අගනගරය තුළ මගී දුම්රිය සඳහා ද කේන්ද්‍රස්ථානයකි.

දුම්රියපලේ පළමු හා දෙවන වේදිකා

නගරාන්තර දුම්රියවල්

[සංස්කරණය]

මෙම කොටස අසම්පූර්ණ ය. උදව්වක් ලෙස ඔබට එය විහිදුවා ලිය හැක.

කොටුවේ නගරාන්තර දුම්රියක්
කොටුවේ සිට සිය ගම්බිම් බලා යෑමට සැරසෙන මගීන්

Inter-city trains

[සංස්කරණය]
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. (2012 ඔක්තෝබර්)
මාර්ගය දිවෙන ගණන
කොටුව - මරදාන - වවුනියාව - යාපනය - කන්කසන්තුරේ දිනපතා 4ක්
කොටුව - මරදාන - රාගම - පොල්ගහවෙල - කුරුණෑගල - මහව දිනපතා 4ක් (සති අන්තයේ 3ක්)
අනුරාධපුර - මහව - කුරුණෑගල - පොල්ගහවෙල - මහව - රාගම - මරදාන - කොටුව - පානදුර - ගාල්ල - මාතර දිනපතා 1ක්
කොටුව - මරදාන - මඩකලපුව
කොටුව - මරදාන - ත්‍රිකුණාමලය
කොටුව - මරදාන - රාගම - පොල්ගහවෙල - පේරාදෙණිය - නාවලපිටිය - හැටන් - නානුඔය - පට්ටිපොළ - ඇල්ල - බදුල්ල දිනපතා 3ක්
කොටුව - මරදාන - රාගම - පොල්ගහවෙල - පේරාදෙණිය - මහනුවර දිනපතා 9ක් (සති අන්තයේ 11ක්)
කොටුව - මරදාන - රාගම - පොල්ගහවෙල - පේරාදෙණිය - මහනුවර - නාවලපිටිය - හැටන් - නානුඔය - පට්ටිපොළ - ඇල්ල - බදුල්ල දිනපතා 2ක්
කොටුව - මරදාන - රාගම - පොල්ගහවෙල දිනපතා 1ක්
මරදාන - කොටුව - පානදුර - ගාල්ල - මාතර දිනපතා 8ක්
මරදාන - කොටුව - පානදුර - ගාල්ල දිනපතා 5ක් (සති අන්තයේ 4ක්)
කොටුව - පානදුර - ගාල්ල - මාතර දිනපතා 1ක්
කොටුව - මරදාන - රාගම - මීගමුව - හලාවත - බංගදෙනිය - පුත්තලම

මගී හා කෙටි දුර දුම්රිය

[සංස්කරණය]
මාර්ගය දිවෙන ගණන
පානදුර දෙසට 25
වේයන්ගොඩ දෙසට 39
ජා-ඇළ දෙසට 14
කැලණිවැලි මාර්ගයට 8

අඛණ්ඩව දිවෙන්නා වූ

[සංස්කරණය]
ආරම්භක ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දිවෙන දුම්රිය පොළවල්
Terminus යාල් දේවී වව්නියාව
උදය දේවී මඩකලපුව
නිර්නාමික නගරාන්තර දුම්රියවල් මහනුවර, මඩකලපුව, ගාල්ල, වවුනියාව
Terminus උඩරට මැණිකේ මරදාන
පොඩි මැණිකේ
ටිකිරි මැණිකේ
සෙංකඩගල මැණිකේ
Terminus මුතු කුමාරි
බම්බලපිටිය රජරට රැජිණ
රුහුණු කුමාරි
සමුද්‍ර දේවි
ගාලු කුමාරි
සාගරිකා
කොම්පඤ්ඤවීදිය මගී දුම්රියක්

දුම්රිය ස්ථාන පිරිසැලසුම

[සංස්කරණය]

බොහෝ සේවාවන් සඳහා පර්යන්තය වීම නිසා මෙම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථාන සැලැස්මක් ඇත. මෙය බොහෝ වේදිකාවලට සේවය අවසන් කිරීමට සහ දුම්රිය හරහා ගමන් කිරීමට ඉඩ සලසයි. වේදිකා නැගෙනහිර-බටහිර දෙසට නැඹුරු වේ. ටිකට් කවුන්ටරය වේදිකාවලට උතුරින් පිහිටා ඇත.

නවතම තොරතුරු

[සංස්කරණය]

2013 වසරේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද බෙන් ක්‍රොස් සහ බෙන් කිංස්ලි රඟපෑ A Common Man චිත්‍රපටයේ රූගත් කිරීම් සඳහා මෙම ස්ථානය ද භාවිතා කරන ලදී.

මේවා ද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "කෙලම්බු ෆෝර්ට් රේල් වේ ස්ටේෂන්". ශ්‍රී ලංකා රේල්වේස්. සම්ප්‍රවේශය 2012-02-06.
  2. ^ "ඩේලි නිව්ස්". IESL ප්‍රෝසස් රේල්වේ ඉලෙක්ට්‍රිෆිකේෂන් ප්‍රොජෙක්ට්. 2010-12-25.
  3. ^ "ශ්‍රී ලංකා රේල්වේස් ටයිම්ටෙබල්", http://www.slrfc.org/sri-lanka-railways-timetable, ප්‍රතිෂ්ඨාපනය 2015-07-24 
{{bottomLinkPreText}} {{bottomLinkText}}
කොටුව දුම්රිය ස්ථානය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?