For faster navigation, this Iframe is preloading the Wikiwand page for චියෑන් අධිරාජිනිය.

චියෑන් අධිරාජිනිය

මෙය චීන නාමයකි; පවුල් නාමය වන්නේ ක්වියෑන් ය.
චියෑන් අධිරාජිනිය
චියෑන් අධිරාජිනිය
මිං චීනයේ වල්ලභ අධිරාජිනිය
රාජ්‍ය සමය8 ජූනි 1442– 1 සැප්තැම්බර් 1449
පූර්වප්‍රාප්තිකයාෂියාඕයි වැන්දඹු අධිරාජිනිය
අනුප්‍රාප්තිකයාවං අධිරාජිනිය
මිං රාජවංශයේ විශ්‍රාම ලත් වල්ලභ අධිරාජිනිය
රාජ්‍ය සමය1 සැප්තැම්බර් 1449 – 11 පෙබරවාරි 1457
මිං චීනයේ වල්ලභ අධිරාජිනිය
රාජ්‍ය සමය11 පෙබරවාරි 1457 - 23 පෙබරවාරි 1464
පූර්වප්‍රාප්තිකයාසුෂියාඕ අධිරාජිනිය
අනුප්‍රාප්තිකයාවූ අධිරාජිනිය
උපත1426
හයිචෞ 海州
මරණය1468 (වයස 41–42)
භූමදානයයූ ලිං
වල්ලභයාමිංහි යිංෂොං අධිරාජයා (වි. 1842)
මරණාපර නාමය
ෂියාඕසු චෙන්ෂූන් කාංයි ගුවාංලියේ ෆූටියෑන් චෙංෂෙං අධිරාජිනිය
孝肃贞顺康懿光烈辅天承圣皇后

චියෑන් අධිරාජිනිය (1426–1468) යනු මිං රාජවංශයේ චීන වල්ලභ අධිරාජිනියකි. ඇය චෙංතොං අධිරාජයාගේ භාර්යාව වූවා ය. ඇයව නිල වශයෙන් අමතනු ලැබූයේ ෂියාඕචුවෑංරුයි අධිරාජිනිය (චීන: 孝庄睿皇后) ලෙසිනි.

විවාහය

[සංස්කරණය]

චියෑන් අධිරාජිනියගේ උපන් නාමය පිළිබඳ කිසිදු වාර්තාවක් හමු නොවේ. හමුවන්නේ ඇය චියෑන් (චීන: ) වංශයේ සාමාජිකාවක බව පමණි. 1442 ජූනි 8 දින ඇය චෙංතොං අධිරාජයා සමග විවාහ වූවා ය. ඇය ඔහුගේ ප්‍රධාන බිසව සහ අධිරාජිනිය බවට පත්වූවා ය.[1]

ධුරයෙන් පහකිරීම

[සංස්කරණය]

1449දී, චෙංතොං අධිරාජයා ටුමු සටනේ දී ග්‍රහණයට නතු විය. ඔහුව ග්‍රහණයට නතු කරගත් අය කප්පම් ඉල්ලා සිටියහ. චියෑන් අධිරාජිනිය සහ ඇගේ නැන්දණිය හමුවේ එය තවත් ඉහළ දැමිණි.[2] චෙංතොං අධිරාජයා ප්‍රාණඇපකරුවකු ලෙස රඳවා ගැනීමට පසුව කප්පම් ලබාගැනීම ද ප්‍රතික්ෂේප විය. මේ හේතුවෙන් රාජසභාව විසින් ඔහුව විශ්‍රාම ලත් අධිරාජයා ලෙස නම් කොට ඔහුගේ අර්ධ-සොයුරා වූ චූ ක්වියු අධිරාජ පදවියට පත්කරන ලදී.[3] වල්ලභ අධිරාජිනී පදවිය හෙබවීමට වං අධිරාජිනියට අවකාශ සලසනු පිණිස ක්වියෑන් අධිරාජිනිය රාජ මාලිගය අත්හැර වෙනත් මාලිගයක් වෙත පිටත් වූවා ය.[4]

1450 සැප්තැම්බර් 19 දින ඇගේ සැමියා‍ මොංගෝලවරුන් වෙතින් මිදී බෙයිජිං වෙත පැමිණි විට, චියෑන් අධිරාජිනිය අධිරාජකීය නගරයේ ආරක්ෂිත පෙදෙසේ ඇගේ සැමියා සමග නිවාස අඩස්සියෙහි පසුවූවා ය.[5][6] 1452දී ඇගේ සැමියාගේ එකම පුත්‍රයා වූ අනාගත චෙංහුවා අධිරාජයා කිරුළේ උරුමකරු ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේ ඔහුව ක්වියෑන් අධිරාජිනිය‍ගේ භාරයේ දිවි ගෙවීමට පිටත් කෙරිණි.[7] 1457දී, කුමන්ත්‍රණයක් මගින් ඇගේ සැමියා යළි අධිරජ පදවියට පත්වූයේ ටියෑන්ෂුන් අධිරාජයා ලෙසයි. චියෑන් අධිරාජිනිය නැවත වල්ලභ අධිරාජිනී පදවියෙහි පිහිටුවනු ලැබිණි.[8]

වැන්දඹු අධිරාජිනිය

[සංස්කරණය]

චියෑන් අධිරාජිනියට දරුවන් නොවී ය. 1464දී චෙංතොං අධිරාජයා මියයාමත් සමග, චෙංහුවා අධිරාජයා සිහසුනට පත් විය. නව අධිරාජයාගේ ජීව විද්‍යාත්මක මෑණියන් වූ ෂියාඕසු අධිරාජිනිය සමග ඇය අරගලයකට මැදි වූවා ය. එයට හේතුව අධිරාජයාගේ මව වූ ෂියාඕසු අධිරාජිනිය, චියෑන් සේම වැන්දඹු අධිරාජිනිය පදවිය ඉල්ලා සිටීමයි.[9] අධිරාජයාගේ මව කරුණු දැක්වූයේ තමන් අධිරාජයාගේ මෑණියන් බවත්, චියෑන් දරුවන් නොමැති බවත් ය. නමුත් චියෑන් කරුණු දැක්වූයේ තමන් හිටපු අධිරාජයාට පක්ෂපාතීව කටයුතු කළ බවත්, ඔහු නිවාස අඩස්සියේ පසුවූ කාලයේ තමන් ද එම දණ්ඩනය ඔහු සමග බෙදාගත් බවයි.[10]

අධිරාජයාහට දෙපාර්ශ්වයම සතුටු වන පරිදි මෙම අරගලය විසඳීමට නොහැකි විය. නමුත් ඔහු මේ දෙදෙනාටම වැන්දඹු අධිරාජිනිය පදවිය පිරිනැමී ය. කෙසේවුවත්, චියෑන් නිල පදවි නාමය හේතුවෙන් ඇයට මාලිගයේ කටයුතුවල දී ඉහළ ප්‍රමුඛත්වයක් ගෙනදීමට සමත් විය.[9]

භූමදානය

[සංස්කරණය]

1468දී චියෑන් වැන්දඹු අධිරාජිනිය මියගි අතර, ඇගේ දේහය බෙයිජිං අසල මිං සොහොන් සංකීර්ණයේ යූ ලිංහි තැන්පත් කෙරිණි. ටියෑන්ෂුන් අධිරාජයා විශේෂයෙන් සඳහන් කොට තිබුණේ ඇය තමන් අසලින් භූමදාන කළ යුත්තේ, 'වසර දහසක දීර්ඝ දිවියකින් පසුව' බවයි.[11]

ආශ්‍රේයයන්

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ Twitchett (1988), p. 307.
  2. ^ Twitchett (1988), p. 325.
  3. ^ Twitchett (1988), p. 326.
  4. ^ Twitchett (1988), p. 329.
  5. ^ Twitchett (1988), p. 330.
  6. ^ Mote (1988), p. 344.
  7. ^ Mote (1988), p. 345.
  8. ^ Twitchett (1988), p. 339.
  9. ^ a b Mote (1988), p. 346.
  10. ^ Carington (1976).
  11. ^ History of Ming (1739). 英宗大漸,遺命曰:“錢皇后千秋萬歲後,與朕同葬。”

සඳහන් කළ කෘති

[සංස්කරණය]
  • Carington, Goodrich L.; Fang, Chaoying, eds. (1976). Dictionary of Ming Biography, 1368-1644. Vol. 2. New York: Columbia University Press. ISBN 023103833X.
  • Zhang Tingyu, ed. (1739). "《明史》卷一百十\u19977 三 列传第一" [History of Ming, Volume 113, Historical Biography 1]. Lishichunqiu Net (Chinese බසින්). Lishi Chunqiu. සම්ප්‍රවේශය 5 February 2017.((cite web)): CS1 maint: unrecognized language (link)
  • Mote, Frederick W. (1988). "The Ch'eng-hua and Hung-chih Reigns, 1465-1505". In Frederick W. Mote; Denis C. Twitchett (eds.). The Ming Dynasty, 1368–1644, Part 1. The Cambridge History of China. Vol. 7. Cambridge: Cambridge University Press. pp. 343–402. doi:10.1017/CHOL9780521243322.008. ISBN 9781139054751.
  • Twitchett, Denis C. (1988). "The Cheng-tung, Ching-t'ai, and T'ien-shun Reigns, 1436-1464". In Frederick W. Mote; Denis C. Twitchett (eds.). The Ming Dynasty, 1368–1644, Part 1. The Cambridge History of China. Vol. 7. Cambridge: Cambridge University Press. pp. 305–342. doi:10.1017/CHOL9780521243322. ISBN 9781139054751.
චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
ෂියාඕගොංචෑං අධිරාජිනිය
චීනයේ අධිරාජිනිය
1442–1449
අනුප්‍රාප්තික
ෂියාඕයුවාන්ජිං අධිරාජිනිය
චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
සුෂියාඕ අධිරාජිනිය
චීනයේ අධිරාජිනිය
1457–1464
අනුප්‍රාප්තික
වූ අධිරාජිනිය
{{bottomLinkPreText}} {{bottomLinkText}}
චියෑන් අධිරාජිනිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?