For faster navigation, this Iframe is preloading the Wikiwand page for කා’ආ.

කා’ආ

කා’ආ (හෙවත් ක්වා හෝ ක්වා’ආ) යනු ඊජිප්තුවේ පළමු රාජවංශයේ අවසන් පාලකයායි. ඔහු ක්‍රි.පූ. 30වන සියවස අග කාලයේ වසර 33ක් රාජ්‍ය පාලනය ගෙනගියේ ය.

අනන්‍යතාව

[සංස්කරණය]
කෙබෙහ්, ඇබියඩොස් රාජාවලියේ කා’ආගේ කාර්ටුෂ නාමයයි.

මැනතෝ කා’ආ හඳුන්වන්නේ බියෙනෙචස් පෙස ය. එසේම ඔහු වසර 26ක රාජ්‍ය සමයයක් ද දක්වා ඇත. මැනතෝගේ විස්තරයේ සෙසු ප්‍රභේදවල හෙලනීකෘත නාමය ලෙස ඖබියෙන්තිස් සහ විබෙන්තිස් යන නාමයන් ලබා දී ඇත.[1][2]

කා’ආගේ දෙමාපියන් නොදනී. නමුත් ඔහුගේ පූර්වප්‍රාප්තිකයා වූ අනෙඩ්ජිබ් හෝ සෙමෙර්ඛෙට් ඔහුගේ පියා විය හැකි යැයි සැලකෙන්නේ සිහසුන වැඩිමහල්ම පුත්‍රයාට හිමිවීමේ සම්ප්‍රදායයක් පැවති බැවිනි. මැනතෝ එය නිවැරදිව යෝජනා කළේ නම් (සම්ප්‍රදාය සිහි වී) සෙමෙර්ඛෙට් ඔහුගේ පියා විය හැක.[2]

රාජ්‍ය සමය

[සංස්කරණය]

කා’ආගේ රාජ්‍ය සමය පිළිබඳ ශේෂ වී ඇත්තේ තොරතුරු ස්වල්පයකි. නමුත් ඔහු දීර්ඝ කාලයක් (වර්ෂ 33ක් පමණ) රාජ්‍ය පාලනය කොට ඇති බැව් පෙනේ. පාෂාණ බඳුන් කිහිපයක කා’ආගේ දෙවන සෙඩ් උත්සවයක් පිළිබඳ සටහන්ව ඇත. මේ නිසා ඔහුට අවම වශයේන වර්ෂ 33ක රාජ්‍ය සමයයක් පැවතිය යුතු ය. සැබැවින්ම ප්‍රථම උත්සවය රාජ්‍ය සමයේ 30වන වර්ෂයට පෙර සාමාන්‍යයෙන් පවත්වනු නොලැබේ. අනුයාත උත්සව පැවැත්විය යුත්තේ වසර තුනකට වරක් ය. පැලර්මෝ පාෂාණය සඳහන් කරන්නේ අභිෂේක වර්ෂය සහ ඇතැම් සාමාන්‍ය ආගමික උත්සව සෑම රජකුම විසින් සමරා ඇති බව පමණකි. මොහුගේ රාජ්‍ය සමයයට අයත් ඇත්දත් ඵලක ගණනාවක් තුළ ද සාමාන්‍ය උත්සව පිළිබඳ පමණක් සඳහන් වේ. උදාහරණයක් වශයෙන් භූමදාන පූජා සහ රජු සඳහා පෞද්ගලික දේපළ අත්කර ගැනීම ආදිය දැක්විය හැක. කා’ආගේ රාජ්‍ය සමයයට අයත් උසස් නිලධාරීන්ගේ මස්ටාබා සොහොන්ගැබ් කිහිපයක් ද හමුව ඇත: මෙම නිලධාරීන් අතරට මර්කා (S3505), හෙනුකා (භූමදානය නොදනී), නෙෆරෙෆ් (භූමදානය නොදනී) සහ සබෙෆ් (කා’ආගේ රාජකීය සුසාන භූමියේ භූමදානය කරන ලදී) අයත් වේ.[3][4]

කා’ආ‍ගේ සෙරෙඛ් සහ නෙබ්ටි නාමය වන ස්න් යන්න ඇතුළත් ඇත්දත් නම් ඵලකයක්.

රාජ්‍ය සමයේ අවසානය

[සංස්කරණය]

කා’ආගේ දීර්ඝ සශ්‍රීක රාජ්‍ය සමයයක් පැවතිය ද, ඔහුගේ මරණින් පසු හිස්වූ සිහසුනට වෙනස් රාජකීය වංශ අතර රාජවංශික යුද්ධයක් පැවති බවට සාක්ෂ්‍ය ඇත. ‍උසස් නිලධාරී මර්කාගේ ‍සොහොන්ගැබෙහි, ස්නෙෆෙර්කා රජුගේ නම සඳහන් ශිලා භාජනයක් හමු විය. "ස්නෙෆෙර්කා" යුන කා’ආගේ අන්වර්ථ නාමයක් ද, නැතහොත් වෙනම කෙටි කාලීන පාලකයකු ද යන්න පැහැදිළි නැත. වුල්ෆ්ගැං හෙල්ක් සහ ටෝබි විල්කින්සන් වැනි ඊජිප්තුවේදීන් "හොරස් බර්ඩ්" නම් අභිරහස් පාලකයකු පිළිබඳ දක්වයි. මෙම පාලකයාගේ නාමය පළමු රාජවංශයේ අවසන් කාලයට අයත් බඳුන් ‍කොටසක තිබී හමු විය. එමගින් උපකල්පනය කෙරෙන්නේ ස්නෙෆෙර්කා සහ හොරස් බර්ඩ් බලය වෙනුවෙන් සටන් වැදුණු බවත්, එම සටන අවසන් කළ හොටෙප්සෙඛෙම්වි අවසානයේ ඊජිප්තුවේ සිහසුනට පත්ව දෙවන රාජවංශය අරඹන්නට ඇති බවත් ය. මෙම මතයට ඇති ප්‍රබල ඉඟි නම්, ඇබයිඩොස්හි රාජකීය සොහොන් කොල්ලකෑම් සහ ගිනිතැබීම්වලට ලක්ව තිබීමයි. කා’ආගේ සොහොන්ගැබෙන් හමුවූ මැටි මුද්‍රා අනුව යෝජනා වී ඇත්තේ ඔහු විසින් සොහොන්ගැබ ප්‍රතිසංස්කරණය කළ බව හෝ කා’ආව භූමදාන කළ බව ය. මෙය ඇතැම්විට ඔහුගේ පාලනය නීත්‍යානුකූල කර ගැනීමට සිදු කළ ක්‍රියාමාර්ගයක් වන්නට ඇත.[2][4]

සොහොන්ගැබ

[සංස්කරණය]
කා’ආගේ සොහොන්ගැබේ සිතියම; මෙහි ප්‍රධාන කුටිය වටා ඇති අතිරේක භූමදාන කුටි ඇත.

කා’ආ හ‍ට ඇබයිඩොස්හි අඩි 98.5 X 75.5 ප්‍රමාණයේ හෙවත් මීටර 30 X 23 ප්‍රමාණයේ තරමක් විශාල සොහොන්ගැබක් ඇත.[5] ඇබයිඩොස්හි මෙම පාලකයාගේ සොහොන්ගැබේ ඇති විශාලත්වය මගින් ද ඔහුට දීර්ඝ රාජ්‍ය සමයයක් පැවති බවට ඉඟි කරයි. 1993දී ජර්මානු පුරාවිද්‍යාඥයින් විසින් මෙම සොහොන්ගැබේ කැනීම් කටයුතු සිදුකළ අතර, මෙහි පරිවාර (බිලිපූජා) භූමදාන කුටි 26ක් ඇත. 1990 දශකයේ මැද කාලයේ ජර්මානු පුරාවිද්‍යා ආයතනය විසින් හොටෙප්සෙඛෙම්විගේ නාමය ඇතුළත් මුද්‍රාවක් කා’ආගේ සොහොන්ගැබේ (Q සොහොන්ගැබ) පිවිසුම අසලින් සොයාගන්නා ලදී.[6] මෙම මුද්‍රාව සො‍යාගැනීම හේතුවෙන් කා’ආ භූමදාන කෙරුණු බවට සාක්ෂි ලැබේ. ඒ අනුව මැනතෝ පවසන පරිදි දෙවන රාජවංශයේ ආදිකර්තෘවරයා වූ හොටෙප්සෙඛෙම්වි අනුප්‍රාප්තියට පත් වන්නට ඇත. කා’ආගේ අලංකෘත සොහොන් ශිලාව වර්තමානයේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා සහ මානවවිද්‍යා කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තබා ඇත.

සකාරාහි ඇති කා’ආගේ රාජ්‍ය නිලධාරියකුගේ—මර්කා නැමැති වංශවතකුගේ—සොහොන්ගැබක පදවි නාම ගණනාවක් ඇතුළත් ශිලා ස්තම්භයක් ඇත. මෙහි දෙවන සෙඩ් මංගල්‍යයක් පිළිබඳව ද සාක්ෂ්‍ය දක්වා ඇත. මෙම කරුණ සහ රජු නිරූපිත රාජකීය ශිලාවන්හි ඇති උසස් ගුණාත්මය හේතුවෙන් හැඟවෙන්නේ කා’ආගේ රාජ්‍ය සමය සාමාන්‍යයෙන් ස්ථාවර සහ සමෘද්ධිමත් යුගයක් වූ බවයි.

ඇබයිඩොස්හි උම් එල්-කා’අබ්හි පළමු රාජවංශ සුසාන භූමියෙන් මොහුගේ රාජ්‍ය සමයයට අයත් වර්ෂ ඵලක ගණනාවක් ද හමුවී ඇත. කා’ආ විසින් ක්‍රි.පූ. 2916 අවට ඊජිප්තුව පාලනය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. කා’ආගේ නාමය සහ පදවි නාම ඇතුළත් තැටියක් සෙත්-පෙරිබ්සෙන්ගේ සොහොන්ගැබෙන් (පෙට්‍රීගේ P සොහොන්ගැබ) හමු විය.[7]

මෙයත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Peter Clayton: Chronicle of the Pharaohs. Thames & Hudson Ltd, 1994. p.25
  2. ^ a b c Wolfgang Helck: Untersuchungen zur Thinitenzeit. In: Ägyptologische Abhandlungen Band 35, Harrassowitz, Wiesbaden 1987, ISBN 3-447-02677-4, page 124.
  3. ^ P. Lacau, J. P. Lauer: La Pyramide a Degeres IV, Inscriptions Gravees sur les Vases. Cairo 1959, page 12.
  4. ^ a b Toby A. H. Wilkinson: Early Dynastic Egypt. Routledge, London/ New York 1999, ISBN 0-415-18633-1, page 81–83.
  5. ^ Peter Clayton, Chronicle of the Pharaohs, Thames & Hudson Ltd, 2006 paperback p.25
  6. ^ G. Dreyer et al., MDAIK 52,1996, pp.71-72, fig. 25, pl. 14a
  7. ^ B. Porter and R.L.B. Moss. Topographical Bibliography of Ancient Egyptian Hieroglyphic Texts, Reliefs, and Paintings, V. Upper Egypt: Sites. Oxford, 1937, pg 81
පූර්වප්‍රාප්තිකයා
සෙමෙර්ඛෙට්
ඊජිප්තුවේ පාරාවෝ අනුප්‍රාප්තික
ස්නෙෆෙර්කා
{{bottomLinkPreText}} {{bottomLinkText}}
කා’ආ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?