For faster navigation, this Iframe is preloading the Wikiwand page for ගලුගුඩුවා.

ගලුගුඩුවා

ගලුගුඩුවා
කහ කොණ්ඩයා
කහ කන් කොණ්ඩයා

තර්ජනයට ලක් වීමට ආසන්න  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Pycnonotidae
ගණය: 'Pycnonotus'
විශේෂය: P. penicillatus
ද්වීපද නාමය
Pycnonotus penicillatus
Blyth, 1851

ගලුගුඩුවා හෙවත් කහ කොණ්ඩයා ශ්‍රී ලංකාවට ආවේණික, කදුකර ප්‍රදේශ නිවාස කොට ගෙන බෝ කිරීම සිදු කරන කුරුල්ලෙකි.[1]

විවිධ නාම

[සංස්කරණය]

"Pycnonotus penicillatus'' යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේග මෑතක සිට Yellow-eared bulbul යන ඉංග්‍රීසි නාමය ඍජුව පරිවර්තනය කර කහ කන් කොණ්ඩයා ලෙසද යෙදේ.


වර්ගීකරණය

[සංස්කරණය]

කාක ගණයට (passerine) අයත් පවුලේ කොන්ඩ කුරුලු (bulbul)) සාමාජිකයෙකි.

කහ කන් කොණ්ඩයා කුඩා වන ලැහැබවල් හෝ ගොවිපොලවල් ආශ්‍රිත කුඩා කැලෑ සිය වාසස්ථාන ලෙස තෝරා ගන්නා අතර, හෝර්ටන් තැන්න, නුවර එළියේ වික්ටෝරියා උද්‍යානය යන ස්ථාන වල බහුලව දකින්නට ලැබේ. මොවුන් කුඩා පඳුරු මත කූඩු තනන අතර සාමාන්‍යයෙන් එක් වරකදී බිත්තර දෙකක් දමයි.

මෙම පක්ෂියා දිගින් සෙන්ටිමීටර 20 (අඟල් 7) පමණ වන අතර දිගු පෙඳයකට ද හිමිකම් කියයි. මොවුන්ගේ ශරීරයේ උඩු කොටස අඳුරු කොළ පැහැයකින් ද යටි කොටස කහ පැහැයකින් ද යුතු වේ. හිසේ පිහිටන කොණ්ඩය වැනි කොටස අළු පැහැති මෙම පක්ෂියාගේ ඇසට යටින් පිහිටන කහ පැහැති පැල්ලම සහ හිස දෙපස ඇති කහ පැහති පිහාටු රොද දෙක සුවිශේෂී ලක්ෂණ වේ. තවද දෑස් වලට ඉදිරියෙන් සුදු පැහති පිහාටු රොදක් ඇති මොවුන්ගේ ගෙල ප්‍රදේශයද සුදු පැහයෙන් යුක්ත වේ.

මොවුන්ට කහ කන් කොණ්ඩයා යන නම ලැබී ඇත්තේ හිස දෙපස කන් දෙකක් ආකාරයෙන් පිහිටි ඉහත සඳහන් කල කහ පැහැති සියුම් පිහාටු රොදයන් නිසාවෙනි.

ගැහැනු සහ පිරිමි සතුන් දෙවර්ගයම පෙනුමෙන් සමාන වූවත් පැටවුන් තරමක් අඩු පැහැයක් ගනී. ගැහැනු සතුන් ආකර්ශණය කර ගැනීම සඳහා පිරිමි සතුන් අතර ඇති වන සටන් බොහෝවිට කොට්ටොරුවෙකු පරිද්දෙන් ඉහල පහල පැද්දීමක් නැතහොත් උඩපැනීමක් ආකර ගනී.

කහ කන් කොණ්ඩයා ආහර වශයෙන් ගනු ලබන්නේ පළතුරු සහ කෘමි සතුන්ය.

සමාජයීය වැදගත්කම

[සංස්කරණය]

මෙකල ශ්‍රී ලංකාවේ භාවිතා වන රුපියල් දහයේ මුද්දරය සඳහා මෙම අලංකාර පක්ෂියාගේ රුව යොදා ගෙන තිබේ. ,[2]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා/ගුරු කොණ්ඩයා (Pycnonotus penicillatus)". සම්ප්‍රවේශය 2020-12-25.
  2. ^ "Bird stamps from Sri Lanka". සම්ප්‍රවේශය 2020-12-25.

වැඩිදුර කියවීම

[සංස්කරණය]
  • BirdLife International (2004). Pycnonotus penicillatus. 2006. IUCN Red List of Threatened Species. IUCN 2006. www.iucnredlist.org. Retrieved on 11 May 2006. Database entry includes a brief justification of why this species is near threatened
  • Birds of India by Grimmett, Inskipp and Inskipp, ISBN 0-691-04910-6

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ගලුගුඩුවා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?