For faster navigation, this Iframe is preloading the Wikiwand page for කර්ම (බුදු දහම අනුව).

කර්ම (බුදු දහම අනුව)

ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
(සෑම දෙයකටම සිත මුල් වේ)
මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
(සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි කෙරුවොත් හරි...)
තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
(කරත්තෙ බැඳි ගොනා පස්සෙන් එන රෝදය වගේ දුක් විපාක ඔහු පස්සෙන් ලුහුබඳිනවා.)
..................ධම්ම පදය, යමක වග්ගය 1:1[1]

බුදු දහමට අනුව කර්ම යනු සචේතනිකව කරනු ලබන ක්‍රියාවේ. චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි [2] තවද බුදු දහමට අනුව කර්මය යනු පංච නියාම ධර්ම[3] වලින් එකකි. [4] බුදුරජානන් වහන්සේ සීවක පරිබ්‍රාජකයාට දේශනා කල පරිදි සියල්ල සිදුවන්නේ කර්මය නිසාම නොවේ.[3]

tiny globe
ධර්ම චක්‍රය


කර්මය යන්න පාලි කම්ම යන්නෙන් සිංහලට ලැබුන වචනයකි. මෙහි සරල අර්ථය නම් කිරීම යන්නයි.

කර්මය (සංස්කෘත:- කර්මනි, පාලි, කම්ම) යනු ක්‍රියාවකි. යමෙක් සිතන, කරන, කියන දේ කර්මය වේ.



බුද්ධ ධර්මයේදී කර්මය ලෙස විශේෂයෙන් හඳුන්වන්නේ එම ක්‍රියාවන් ඇතිවන ස්ථාන 2 කට අනුවය.

  • මානසික අභිප්‍රාය (චේතනා)
  • සිත තුළ පවතින බලපෑම

මෙමඟින් ලැබෙන විපාකය මෙම භවයේදීම හෝ ඉදිරි භවයකදී හෝ ඵලදිය හැක. කර්මය යනු සියළු සත්වයන්ගේ නැවත උපත නම් චක්‍රය (සංසාරය) පදවන යන්ත්‍රයයි.

බුදු දහමේ කර්මය

[සංස්කරණය]

අංගුත්තර නිකායේ නිබ්බෙධික සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. “ මහණෙනි, මම වේතනාව කර්මය යැයි කියමි. යමෙකුගේ කැමැත්ත අනුව යමෙක් සිරුරෙන්, වචනයෙන් හෝ සිතෙන් ක්‍රියා(කර්ම) සිදු කරයි”.

පුද්ගලයෙකු යම් ක්‍රියාවක් සිදුකරන සෑම අවස්ථාවකම මනස යට අභිප්‍රායක් හටගන්නා අතර එම ක්‍රියාවේ ඵල විපාකය නිර්ණය කරන්නේ එම සිතුවිල්ල මිස සිදු කරන ලද ක්‍රියාවේ බාහිර ස්වරූපය නොවේ. යමෙක් ශ්‍රද්ධාවන්ත හා සිල්වත් ස්වරූපයක් මවාපාමින් තණ්හා, වෛරය හා ක්‍රෝධයෙන් යුතුව යම් ක්‍රියාවක් සිදුකරයි නම් එම ක්‍රියාවේ ඵල විපාක රඳා පවතින්නේ ක්‍රියාවට හේතුවු මුලික අරමුණ මත බැවින් ඔහුට අනාගතයේ දුක් විපාක ලැබිය හැක. බුදුරජාණන් වහන්සේ සැප විපාක ලබාදෙන කුසල කර්ම (යහපත් ක්‍රියා) හා දුක් විපාක ලබාදෙන අකුසල කර්ම (අයහපත් ක්‍රියා) යන දෙවර්ගය පිළිබඳ දේශනා කළ සේක.

එම නිසා කර්ම ලෝකය පිළිබඳ විශ්ව න්‍යායක් පැහැදිලි කිරීමට මෙන්ම ආචාර ධර්මයක් ලෙසද යොදා ගනී. අනාගතය රඳා පවතින්නේ තමන් කරන ක්‍රියා මත බවත්, මේ හේතුවෙන් රහසිගත ක්‍රියා කිසිවක් නොමැති අතර සෑම ක්‍රියාවකින්ම යම් ප්‍රතිඵලයක් ලැබෙන බවත්, බෞද්‍ධයෝ විශ්වාස කරති. බුදුදහමේ එන කර්මයෙන් අවධාරණය කරන්නේ තමන්ට සිදුවන දේ ගැන වෙනත් කෙනෙකුට චෝදනා කළ නොහැකි බවත් එය තමාගේ ක්‍රියාවක ප්‍රතිඵලයක් බවත්ය.

කර්මය තවත් කොටස් වලට බෙදිය හැක. සංසාරික සැපත (උසස් ස්ථානයක උප්පත්තිය ලැබීම වැනි) ලබාදෙන කුසල කර්ම හා නිර්වාණය වෙත යොමු කෙරෙන කුසල කර්ම. එනිසා ලෞකික සැපත ලබාදෙන සංසාරික කුසල කර්ම මෙන්ම විමුක්තිදායක කර්ම, දුක් පීඩා සඳහටම නවත්වන නිසා ඇති උත්තම කර්ම ලෙස පවතී. ‍යමෙක් විමුක්තිය (නිර්වාණය) ලඟා කරගත් විට තවදුරටත් කර්මය හටගැනීම නවතී. මෙම තත්වයේ පවතින සිත පාලියෙන් "කිරිය සිත" නම් වේ. බුදුරජාණන් වහනසේ අවවාද කළේ කුසල කර්ම සිදු කිරීමයි. "අකුසල ක්‍රියාවන්ගෙන් වැළකීම, කුසල ක්‍රියා සිදු කිරීම, සිත දමනය කර ගැනීම සියළු බුදුවරුන්ගේ අනුශාසනාවයි " ධම්මපදය - 183 පාඨය සබ්බ පාපස්ස අකරනං , කුසලස්ස උපසම්පදා , සචිත්ත පරියෝ දපනං , එතන් බුද්ධාන ශාසනං .

කර්මයේ විපාක නොවැළැක්විය හැකි නිසා නැවත ඉපදීම සමඟ කර්මය අනිවාර්යෙන්ම බැදී පවති. නමුත් ‍නැවත උපතකට එකම හේතුව කර්මය නොවේ. මාහායාන සම්ප්‍රදායට අනුව 8 වන අදියරට ඉහළින් මාර්ග ඵල ලබාගත් බෝධිසත්වවරුන් නැවත උත්පත්තිය ලැබීමට තෝරාගන්නේ සංසාරේ තවමත් සිරවී දුක් විදිනා සත්වයන් මුදවා ගැනීමටයි.

බුදුරජාණන් වහන්සේ කර්මය හටගැනීමට අවශ්‍ය දේ දේශනා කළ සේක.

  • කර්මය සත්‍ය වශයෙන්ම සිදුවිය යුතුයි. එය මුළාවක් නොවේ.
  • දෙවනුව තමාගේ ක්‍රියාව පිළිබඳ වගකීම දැරිය යුත්තේ තමා විසින්මය. තමන් හරහා ක්‍රියාකරන යහපත් හෝ අයහපත් සත්වයකුගේ හෝ නක්ෂත්‍ර බලපෑමක් නොමැත. තමන් සිහියෙන් සිටින විට තම ක්‍රියාව නිර්ණය කරන්නේ තමන්මය.
  • ක්‍රියාවට ප්‍රතිඵලයක් තිබේ. ජලය මත ඇඳි ඉරක් මෙන් නොව සිදුකරන සෑම ක්‍රියාවකටම සිතේ ඇතිවු අරමුණ අනුව ලැබෙන සැප හෝ දුක විපාක තිබේ.

කර්මය පිළිබඳ වෙනත් මත

[සංස්කරණය]

බුදුදහමට අනුව කර්මය කලින් නියම කරගෙන සිටි හෝ දෛවවාදික හෝ හදිසියෙන්ම ඇතිවන්නක් නොවේ. මෙම අදහස් මනුෂ්‍යයා අක්‍රිය භාවයට පත්කර සියළු උත්සාහයන් නැති කර දමයි. මේ අදහස් මඟින් මනුෂ්‍යයෙකු තම අතීතයේ සිදුවු දේ කුමක් වුවත් තම අනාගතය යහපත් ආකාරයට වෙනස් කර ගත හැකිය යන කරුණට බාධා පමුණුවන නිසා බුද්ධ ධර්මයේදී මෙවැනි මතයන් මිත්‍යා මත ලෙස නම් කෙරේ.

1. පුබ්බේකත‍හේතු වාදය :- සියළු දුක් සැප ඇතිවන්නේ පෙර කරන ලද කර්මයෙනි.

2. ඉස්සර නිම්මාණ හේතුවාදය :- සියළු දුක හා සැප ලබාදෙන්නේ යම් ශ්‍රේෂ්ඨ දෙවියකුගේ කැමැත්ත පරිදිය . (දේවවාදය)

3. අහේතු - අපච්චයවාදය - සියළු දුක හා සැප ඇතිවීමට කිසිඳු හේතුවක් නැත. ඒවා අහඹු ලෙස හටගනී. (අනියති වාදය)

බුදුදහමේ කර්මය යමෙකුගේ වර්තමාන තත්වයට හේතුවු කරුණු මොනවාද හා ස්වඋත්සාහය හේතුවෙන් කෙනකුට තමාගේ අනාගතය යහපත් කර ගත හැකි අන්දම පිළිබඳ විග්‍රහයක් සිදු කරයි. දේවවාදය හා දෛවය පිළිබඳ විශ්වාස කරන්නන් මෙයට විරුද්ධ මතයක් දරයි.

කර්මයේ මුලික ඉගැන්වීම්

[සංස්කරණය]

මූලික වර්ග

[සංස්කරණය]
  1. කුසල කර්ම
  2. අකුසල කර්ම
  3. අහෝසි කර්ම

විපාක දීමේ කාල අනුව

[සංස්කරණය]
  1. දිට්ඨධම්මවේදනීය (මේ භවයේදීම පලදෙන කාර්ම )
  2. උපපජ්ජවේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කාර්ම)
  3. අපරාපරියවේදනීය (සසර දිගින් දිගටම පලදෙන කාර්ම)
  4. අහෝසි (පළදීමට අවකාස නොලබා අහෝසිවන කාර්ම)

විපාක කෘත්‍ය අනුව

[සංස්කරණය]
  1. ජනක කර්ම
    ප්‍රතිසන්දි සිත ලබාදියහැකි කර්ම ( උපත සිදු කරයි )
  2. උපස්ථම්භක කර්ම
    උපත අනුව ලැබිය යුතු දුක/සැප ලැබීමට අනුබලදේ. ( දුක් සහිත ස්ථානයක උපත සිදුවී නම් වඩ වඩාත් දුක් විඳීමටද, සැප ඇති ස්ථානයක උපත සිදුවීනම් වඩවඩා සැප ලබාදීමටද සමත් වේ. )
  3. උපපීඩක කර්ම(උපපීලක කර්ම)br>උපත අනුව ලැබිය යුතු දුක/සැප ලැබීම බාධාකරයි. ( දුක් සහිත ස්ථානයක උපත සිදුවී නමුත් දුක නොලබා සැප ලබාදීම ) (සැප ඇති ස්ථානයක උපත සිදුවීනමුත් සැප නොලබා දුක් විඳීමට සැලැස්වීම.)
  4. උපඝාතක කර්ම
    උපත අනුව ලැබිය යුතු දුක/සැප ලැබීම නැතිකරදමයි

ප්‍රතිසන්දි සිත ඇතිකිරීමට බලපාන ජනක කර්ම

[සංස්කරණය]
  1. ගරුක කර්ම
    අනිවාර්ය යෙන් ම ඊළඟ භවය සිදුකරන කුසල පක්ෂයේ මහග්ගත කුසලකර්ම හා අකුසල පක්ෂයේ ආනන්තරිය පාප කර්ම මෙනයින් සැලකේ.
  2. ආසන්න කර්ම
    මරණාසන්න මොහොතේ ඉද්රිපත්වෙන කුසල හෝ අකුසල කර්ම
  3. ආචිණ්ණ කර්ම
    නිතර නිතර සිදුකර පුරුදු කුසල හෝ අකුසල කර්ම
  4. කටත්තා කර්ම
    දැඩි චේතනාවකින් තොරව කරන අසම්පූර්ණ කුසලාකුසල කර්ම
කර්ම විපාක පිළිබද දැනගන්න.                           


කර්මයේ බලපෑම කෙතරම් තීරණාත්මක වුවද වර්තමානයේ කර්මවලින් සහ පරිසර සාධක ඇසුරින් අතීත කර්ම ශක්තිය පාදා ගැනීමටද වෙනස් කර ගැනීමටද හැකියාව ඇත.එවැනි අවස්ථා හතරක් ඇත.


1. ගති සම්පත්ති(උපදින ස්ථානයේ උසස් බව)

2.උපධි සම්පත්ති(රූප ස්වභාවය)

3.කාල සම්පත්ති(උපදින කාලය)

4.ප්‍රයෝග සම්පත්ති(ස්ථානෝචිත දැනුම)


ඉහත කුසල සම්පත්තිවල අකුසල පාර්ශ්වද පවතී.ඒවා විපත්ති වේ.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
කර්ම (බුදු දහම අනුව)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?