For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඔසරිය.

ඔසරිය

ඔසරිය වර්තමානයේ ශ්‍රී ලංකාවේ කාන්තා ජාතික ඇඳුමයි. එය ඔසරි පොට සහ නෙරිය සහිත රෙද්ද වැනි කොටස් දෙකකින් යුත් සාරිය වැනි ඇඳුමකි[1].


අතීතයේ මුල් අවදියේ පැරණි ඔසරිය


ඔසරිය වර්ග දෙකකට බෙදේ. එනම්; සාමන්‍ය ඔසරිය සහ උඩරට මංගල ඔසරිය ලෙසයි. සාමන්‍ය ඔසරිය කාන්තාවන් සාමාන්‍ය එදිනෙදා වැඩවලට සහ උත්සව වලට අඳිනු ලබයි. මෙය වර්තමානයේ ගුරුවරුන් සහ කාර්‍යාල සේවිකාවන් අතර වැඩි ප්‍රසිද්ධියක් ලබා ඇත. උඩරට මංගල ඔසරිය අඳිනු ලබන්නේ සාම්ප්‍රදායික උඩරට විවාහා උත්සව වල මනමාලිය විසින් පමනයි. මේවන විට ඔසරිය පැරැන්නන් විසින් අඳිනු ලැබු ඔසරියට වඩා හාත්පසින් වෙනස් වේ[2].

සාමාන්‍ය ඔසරිය

[සංස්කරණය]
සාමන්‍යෙන් එදිනෙදා භාවිතා වන ඔසරිය


මෙම ඔසරි වැඩි වශයෙන් කපු(cotton), පොප්ලින්(poplin), පොලියෙස්ටර්(polyester) වැනි ද්‍රව්‍ය වලින් නිශ්පාදනය කෙරේ. ගෘහනියන්ට වඩා මෙය පාසල් ගුරුවරියන්, රජයේ කාර්‍යාල සේවිකාවන් විසින් අඳිනු ලබයි. වවර්තමානයේ එය ලංකාවේ කාන්තා ජාතික ඇඳුමයි.

උඩරට මංගල ඔසරිය

[සංස්කරණය]
උඩරට මංගල ඇඳුමින් සැරසුනු යුවලක්. කාන්තාව පැළඳ සිටින්නේ උඩරට මංගල ඔසරියයි


මෙම ඔසරිය සාමාන්‍ය ඔසරියට වඩා අලංකාර රටා සහ හැඩ සහිත ඔසරියකි. අතීතයේ රාජාභිෂේක උත්සවවලට(coronation ceremony) සහ සාමාන්‍ය අවස්ථාවල රජ බිසව(queen consort) විසින් අඳිනු ලැබීය. මංගල උත්සව වලට මෙය ඇඳීමේදී මනමාලිය විශේෂ මාල සතක් පලඳී. මෙම කරට දමන මාල හත සත්පත්තිනි පතිවෘතාව සංකේතවත් කරයි. පොල් මල් මාලය, බැබිල මාලය, අරළු මාලය, ගෙඩි මාලය, පෙති මාලය, අගස්ති(agate) මාලය හා පදක්කම් මාලය දැනට භාවිත වන මාල හත වේ.

පදක්කම් මාලය පැළඳීමෙන් සංකේතවත් කරන ලද්දේ පියාගේ ගෞරවය ආරක්ෂා කළා සේම තම ස්වාමියාගේ ගෞරවය ද ආරක්ෂා කරන බවයි. උඩරට මනාලියකගේ ආභරණ කට්ටලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දායාදයක් හැටියට පැරැන්නන් සලකනු ලැබීය. ඇගේ හිස මත පළඳවන තැල්ල පත්තිනි තැල්ල හැටියටත් හඳුන්වයි. හිසේ දකුණ සහ වම්පස තිබෙන ඉර හඳ දෙක මඟින් හිරු සහ සඳු තිබෙනා තුරු සිය ආදරය හිස් මුදුනින් පිළිගන්නා බව සංකේතවත් කරයි. බෝලයක් මෙන් සකස් කරනු ලබන කොණ්ඩය මහාමේරු(Mount Meru) පර්වතය සංකේතවත් කරයි. එයින් කියැවෙන්නේ ඕනෑම බරක් හිස තබාගෙන ජීවත්වීමේ ආත්ම ශක්තියක් තමාට ඇති බවයි. හැට්ටයේ අත් දෙක බෝරිච්චි කිරීමෙන් කියැවෙන්නේ පිරුණු උරමඬලක හෙවත් පවුල් ජීවිතයේ හැම බරක්ම දරාගත හැකි පූර්ණත්වයක් ඇය තුළ සංකේතවත් වන බවයි[3].

ඔසරිය එදා රජ මාළිගාවේ රාජාභිෂේකය සදහා භාවිත කළ රජ බිසවගේ ලාලිත්‍යය මතු කළ අයුරින් හැඩ ගැන්වීම කරනු ලබයි.

වෙනත් ලිපි

[සංස්කරණය]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "ශ්‍රී ලාංකික ඔසරියේ තතු".
  2. ^ "ශ්‍රී ලාංකික අද්විතීය මංගල ඔසරිය".
  3. ^ "සංකේතාත්මක මංගල ඔසරියේ ඉතිහාසය".
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඔසරිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?