For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඊජිප්තුවේ IVවන බෙරෙනිස්.

ඊජිප්තුවේ IVවන බෙරෙනිස්

බෙරෙනිස් IV
ඊජිප්තුවේ රැජින
රාජ්‍ය සමයක්‍රි.පූ. 58–55
අනුප්‍රාප්තිකයාටොලමි XII ඕලීට්ස්
උපතක්‍රි.පූ. 77
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
මරණයක්‍රි.පූ. 55
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
භූමදානයඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
වල්ලභයාසෙලියුකස් VII කයිබියෝසැක්ටෙස්
ආර්චෙලෝස්
සම්පූර්ණ නාමය
බෙරෙනිස් IV එපිෆේනියා
වංශයටොලමියානු රාජවංශය
පියාටොලමි XII ඕලීට්ස්
මවඊජිප්තුවේ Vවන ක්ලියෝපැට්රා

බෙරෙනිස් IV එපිෆේනියා (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ. 77–55) යනු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපත ලැබූ සහ මරණයට පත්වූ ටොලමියානු රාජවංශයේ ග්‍රීක කුමරියකි.

චරිතාපදානය

[සංස්කරණය]

බෙරෙනිස් යනු ටොලමි XII ඕලීට්ස් සහ බොහෝවිට ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා‍ගේ දියණියයි. ඇය සුප්‍රකට VIIවන ක්ලියෝපැට්රා (රෝම සෙන්පතීන් වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනිගේ පෙම්වතිය) රැජින, IVවන ආර්සිනෝයි, XIIIවන ටොලමි සහ XIVවන ටොලමි යන අයගේ සොහොයුරිය ද වේ. ක්‍රි.පූ. 58දී, XIIවන ටොලමි සහ VIIවන ක්ලියෝපැට්රා රෝමය වෙත පලාගියේ අතිශයින් බලවත්ව සිටි බෙරෙනිස්ගේ වැඩිමහල් සොයුරිය වූ ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනාට එරෙහිව දේශපාලනික සහ යුධ ආධාර ලබාගනු පිණිසයි. ක්‍රි.පූ. 57දී ට්‍රිෆේනා මියගිය පසු (බෙරෙනිස් විසින් වස ලබාදුන්නා විය හැක), 20වන වියේ පසුවූ බෙරෙනිස් ඊජිප්තුවේ තනි පාලකයා බවට පත්වූවා ය. ඇගේ පියා සහ ක්ලියෝපැට්රා නොසිටීම නිසා තමන් සිහසුනෙන් නෙරපනු හෝ දඬවම් පමුණුවනු ඇතැයි බියවීමට ඇයට කිසිදු හේතුවක් නොවිණි.[1]

ඊජිප්තුව පාලනය කළේ හුදකලා කාන්තාවක බැවින්, ඇය පුරුෂයකු හා විවාහ වී ඔහුව සිය සම-අනුරාජයා ලෙස පත්කරගනු ඇතැයි අන්‍යයන් අපේක්ෂා කළහ. ඇය එසේ සිදු නොකළ විට ඇගේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඇයට සෙලියුකස් VII කයිබියෝසැක්ටෙස් කුමරු සමග විවාහ වන ලෙස බලකළහ. නමුත් ඔහුගේ ගෙල සිරකොට මරා දැමූ ඇය ඊජිප්තුවේ අසහාය පාලිකාව ලෙස රාජ්‍ය පාලනය කළා ය.[2] බෙරෙනිස් විවාහය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්‍ ටොලමියානු රාජ්‍ය සමය බිඳවැටේ යැයි ජනතාව බියවූහ. ඇය විලාසිතා සහ සැපසම්පත් කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ හෙයින් ඇගේ වියදම් ඉහළ ගිය බව ද විශ්වාස කෙරේ. පසුව ඇය ආර්චෙලෝස් සමග විවාහ වූව ද, ඔහු ‍ඇගේ සම-අනුරාජයා නොවී ය. ආර්චොලෝසිව කැපඩොෂියාවේ කොමානාහි ප්‍රධාන පූජකවරයා ලෙස පත්කළේ පොම්පේ විසිනි. ඔහු පොන්ටස්හි VIවන මිත්රිඩේටස් රජුගේ පුත්‍රයකු යැයි සැලකේ. නමුත් ස්ට්‍රාබෝ සඳහන් කරන්නේ ආර්චෙලෝස්ගේ පියා පළමු මිත්රිඩේටික යුද්ධයේ දී VIවන මිත්රිඩේටස්ගේ සෙන්පතියකු වූ ආර්චෙලෝස් නැමැත්තකු බවයි.[3] ඔහු රෝමවරුන්ට එරෙහිව කැරැලි ගැසූ අයෙකි.

ක්‍රි.පූ. 55දී ඕලස් ගැබිනියස්ගේ නායකත්වයෙන් යුත් රෝමවරුන්ගේ ආධාර ඇතිව ඇගේ පියා විසින් සිහසුන යළි හිමිකරගැනීමත් සමග බෙරෙනිස්ගේ රාජ්‍ය සමය අවසන් විය. එහිදී බෙරෙනිස්ගේ හිස ගසා දමන ලදී. ස්ට්‍රාබෝ පවසන පරිදි, ගැබිනියස් සමග පෙර මිත්‍ර සබඳතා පැවැත්වූ ආර්චෙලෝස් ගැබිනියස්ගේ හමුදාවට එරෙහි සටනක දී මියගොස් ඇත.[4]

පෙළපත

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]
  • සිරියානු පාලකයින් ලැයිස්තුව
  • සිරියානු ඉතිහාසයේ කාලරේඛාව

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ස්ට්‍රාබෝ 12.3.34 සහ 17.1.11
  2. ^ ස්ට්‍රාබෝ 12.3.34 සහ 17.1.11
  3. ^ ඒපියන් මිත්රිඩ්. 114
  4. ^ ප්ලූටාර්ක් ඇන්ටනි 3.2 - 3.6

ප්‍රභව

[සංස්කරණය]
  • ඩියෝ කැෂියස් 39.12 - 39.14, 39.55 - 39.58
ඊජිප්තුවේ IVවන බෙරෙනිස්
උපත: ක්‍රි.පූ. 77 පමණ මරණය: ක්‍රි.පූ. 55
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි XII
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 58-55
ක්ලියෝපැට්රා VI සමග
අනුප්‍රාප්තික
ටොලමි XII
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඊජිප්තුවේ IVවන බෙරෙනිස්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?