For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඊජිප්තුවේ VIවන ක්ලියෝපැට්රා.

ඊජිප්තුවේ VIවන ක්ලියෝපැට්රා

මෙම ලිපිය පාඨකයන්ට ව්‍යාකූල හෝ අපැහැදිලි හෝ විය හැක. ලිපිය පැහැදිලි කිරීමට උපකාර කරන්න. මේ පිළිබඳව සාකච්ඡාවක්, සාකච්ඡා පිටුව තුළ පැවතීමට ඉඩ ඇත. (2015 ජූලි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)

ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනා (ග්‍රීක: Κλεοπάτρα Τρύφαινα) යනුවෙන් හැඳන්වෙන්නේ ඊජිප්තු ටොලමයික රැජිනකි. ඇතැම්විට Vවන ක්ලියෝපැට්රා ලෙස හඳුන්වන්නේ ද මැයම විය හැක.

අවම වශයෙන් ක්ලියෝපැට්රා ට්‍රිෆේනා යන නාමය ඇති ටොලමයික කාන්තාවන් දෙදෙනකු හෝ ඇතැම්විට තිදෙනකු සිට ඇති බව පෙනේ. ඔවුන් පහත දැක්වේ:

ට්‍රිෆේනා; ටොලමි VIII ෆිස්කන් සහ IIIවන ක්ලියෝපැට්රාගේ දියණිය

[සංස්කරණය]

ට්‍රිෆේනා යනු ටොලමි IX ලැතිරොස්, ටොලමි X ඇලෙක්සැන්ඩර් I, IVවන ක්ලියෝපැට්රා සහ ක්ලියෝපැට්රා සෙලීන් I යන අයගේ සොයුරියයි.[1][2] මෙම ට්‍රිෆේනා විසින් ක්ලියෝපැට්රා යන නාමය දැරූයේ ද යන්න සනාථ වී නොමැත. මෙම ට්‍රිෆේනා ක්‍රි.පූ. 140 හෝ 141 වැනි මුල් කාලයක ජීවත්ව ඇත. ඇය ක්‍රි.පූ.124දී සිරියාවේ රජු වූ ඇන්ටියෝකස් VIII ග්‍රයිපස් සමග විවාහ වූවා ය. ඔවුනට පුත්‍රයින් පස්දෙනකු විය: සෙලියුකස් VI එපිෆේනස්, නිවුන් දරු ඇන්ටියොකස් XI එපිෆේනස් සහ ෆිලිප් I ෆිලඩෙල්ෆස්, ඩිමෙට්‍රියස් III යුකේරස්, සහ ඇන්ටියෝකස් XII ඩියෝනිසස් ඔවුන් පස්දෙනා වේ. මෙම යුවළට ලැඔඩිස් නැමැති දියණියක ද විය. ඇන්ටියෝකස් IX සිසිසෙනස් විසින් සිය භාර්යාව (IVවන ක්ලියෝපැට්රා) මරාදැමීමට අණකළ ට්‍රිෆේනාගෙන් පලිගැනීමක් ලෙස සිරියාවේ අගනුවර වූ ඇන්ටියොක් (ග්‍රීක: Αντιόχεια) හි දී ඇයව මරාදමන ලදී. (ක්‍රි.පූ. 111).[3]

ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා; ටොලමි XII ඕලීට්ස්ගේ බිරිඳ

[සංස්කරණය]

ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා යනු ක්‍රි.පූ. 69දී ඓතිහාසික වාර්තාවලින් අද්භූත ලෙස අතුරුදන් වූ ඊජිප්තු රැජිනකි. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ ඇගේ අතුරුදන් වීම යනුවෙන් අදහස් වන්නේ ඇය මියයන්නට ඇති බවයි. එය ‍එසේ වී නම්, ඇයට ක්ලියෝපැට්රා ට්‍රිෆේනා යනුවෙන් දියණියක ද වූ බව පිළිගැනීමට සිදුවේ.[1]

ක්ලියෝපැට්රා ට්‍රිෆේනා; Vවන ක්ලියෝපැට්රාගේ සහ ටොලමි XII ඕලීටිස්ගේ දියණිය

[සංස්කරණය]

ඇතැම් නූතන ඉතිහාසඥයෝ ඇයව ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනා ලෙස හඳන්වයි.[4] ඇය සුප්‍රකට VIIවන ක්ලියෝපැට්රාගේ වැඩිමහල් ‍සොයුරියක වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1] එය එසේ වී නම්, ඇගේ උපන් වර්ෂය නිසැකවම ක්‍රි.පූ. 75 පමණ විය හැක. ඇතැම් මූලාශ්‍රවල දැක්වෙන්නේ ඇය ළමා කල මියගිය බවයි.[5] සෙස්සන් පවසන්නේ තමන්ට විරුද්ධව ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිබිදීමක් ඇතිවීම වැළැක්වීමට XIIවන ටොලමි රෝමය වෙත පලාගිය අවස්ථාවේ (ක්‍රි.පූ. 58), ඇය සහ ඇගේ සොයුරිය වූ IV‍වන බෙරෙනිස් විසින් ටොලමියානු ඊජිප්තුව සියතට ගත් බවයි.[6][7] කෙසේනමුත්, ස්ට්‍රාබෝ පවසන්නේ ටොලමිට දියණියන් තිදෙනකු වූ බවයි. ඒ අතුරින් නීත්‍යානුකූල වූයේ වැඩිමහල්ම දියණිය (බෙරෙනිස්) පමණක් බවයි.[8] මේ අනුව පෙනෙන්නේ පෝර්ෆයිරි විසින් යෝජනා කළ ක්ලියෝපැට්රා ට්‍රිෆේනා යනු ටොලමිගේ දියණිය නොව භාර්යාව විය හැකි බවයි. වර්තමානයේ බොහෝ විශේෂඥයින් විසින් VIවන ක්ලියෝපැට්රා යනු ටොලමිගේ භාර්යාව වූ ඊජිප්තුවේ Vවන ක්ලියෝපැට්රා යැයි විශ්වාස කරනු ලබයි.[4]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්; The Complete Royal Families of Ancient Egypt. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004. ISBN 0-500-05128-3
  2. ^ බ්‍රයන් ක්‍රීට් (අප්‍රේල් 2002), "Numismatic Evidence for a New Seleucid King: Seleucus (VII) Philometor", The Celator 16 (4), http://www.sfagn.info/information/kritt.html, ප්‍රතිෂ්ඨාපනය 2017-01-31. 
  3. ^ ජස්ටින්, Epitoma historiarum Philippicarum Pompei Trogi, pp. 39.2.3, 39.3.4–12 , මේ පිළිබඳ ඇති එකම මූලාශ්‍රය වේ.
  4. ^ a b ටිල්ඩෙස්ලි, ජොයිස් (2006), තේම්ස් ඇන්ඩ් හඩ්සන්, p. 200,  .
  5. ^ "Cleopatra Study Guide". About.com. සම්ප්‍රවේශය 2007-04-04.
  6. ^ පෝර්ෆයිරි, උපුටා දැක්වීම ෆීලික්ස් ජැකොබි, Fragmente der griechischen Historiker, අං. 260 F 2, 14
  7. ^ සිසේරියාවේ යුසෙබියස්, Chronicle, ෂෝයින්, p. 167, http://www.attalus.org/translate/eusebius1.html#167 .
  8. ^ ස්ට්‍රාබෝ, ජියෝග්‍රැෆිකා, චිකාගෝ විශ්වවිද්‍යාලය, p. 17.1.11, http://penelope.uchicago.edu/Thayer/E/Roman/Texts/Strabo/17A2*.html#1.11 .

බාහිර සබැඳි

[සංස්කරණය]
  • Cleopatra VI හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
ඊජිප්තුවේ VIවන ක්ලියෝපැට්රා
උපත: ක්‍රි.පූ. 75 පමණ මරණය: ක්‍රි.පූ. 57
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි XII
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 58-57
බෙරෙනිස් IV සමග
අනුප්‍රාප්තික
බෙරෙනිස් IV
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඊජිප්තුවේ VIවන ක්ලියෝපැට්රා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?