ඉරාක යුද්ධය-සදාම් හුසේන් අල්වා ගන්නා ලදී
අල්වා ගැනීමෙන් පසුව සදාම් හුසේන්
“රතු අරුණෝදය” මෙහෙයුමේදී ටික්රිට් නගරය ආසන්න ගොවිපලකදී 2003.12.13 දින සදාම් හුසේන් අල්වා ගන්නා ලදී. කැරැල්ලට සම්බන්ධ ඉතිරි බාත් පාක්ෂිකයන් වැටලීමේ දී පෝෂණය වුණු බුද්ධි තොරතුරුමත පදනම්ව එය සිදු කෙරිණි. මෙම මෙහෙයුම මෙහෙයවූයේ එක්සත් ජනපද හමුදාවේ 04 වන අනුකණ්ඩය හා 121 වන කාර්ය සාධක බලකායේ සාමාජිකයන් විසිනි.
කාමර දෙකක කුඩා කුටියක් යට කුරුබිලියකදී සදාම් හුසේන් අල්‍ලා ගන්නා ලදී. ඔහු අල්ලා ගන්නා විට එක්සත් ජනපද හමුදාව හා සදාම් අතර සුළු අරගලයක් පමණක් ඇති විය. මේජර් ජෙනරාල් රේමන් ඕල්ඩ්‍රිනෝ විසින් විචාරය කළ පරිදි “අපි ඔහු මීයෙක් මෙන් අල්ලා ගතිමු” ඔහුගේ පවුලේ සාමාජිකයන් හා හිටපු ආරක්ෂක නිලධාරීන් මගින් සදාම් අල්ලා ගැනීමට බුද්ධි තොරතුරු ලබා ගැණුනි.
සදාම් අල්ලා ගැනීම හා කැරලි ප්‍රහාරයන් අඩු වීම සමග ඇතැම් අය බහු ජාතික බලකායන් කැරලිවලට එරෙහි මෙහෙයුමේ යෙදී සිටින බව හුවා දැක්වීය. ප්‍රාදේශීය රජය රට ආරක්ෂා කිරීමට අරමුණු කොට ගත් නව ඉරාක ආරක්ෂක බලකායන් පුහුණු කිරීම ආරම්භ කළේය. එක්සත් ජනපදය ඩොලර් බිලියන 20 ට වඩා ප්‍රතිසංස්කරණ ප්‍රතිපාදන ඉරාකයේ අනාගත තෙල් ආදායම් මගින් අය කර ගැනීමේ පදනම මත ලබාදෙන ලදී. තෙල් ආදායම පාසල් යලිත් ගොඩනැංවීමට හා විද්‍යුත් හා කර්මාන්තශාලා යටිතල පහසුකම් සම්පාදනයට යොදා ගන්නා ලදී.
සදාම් අල්ලා ගැනීමෙන් කෙටි කලකට පසුව ප්‍රාදේශීය අධිකාරී සංගමය ඉරාක අන්තර්වාර රජයක් ගොඩනැංවීමට හා මැතිවරණ සූදානමක් ඇති කිරීමට කටයුතු කළේය. මේ අතුරින් ප්‍රධානතම වන්නේ ෂියා පූජක අයතුල්ලා අලි අල් - සිස්ථානි ය. මේ වකවානුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වීමට එරෙහිව ප්‍රාදේශීය අධිකාරී සංගමය ක්‍රියාකළ අතර ඒ වෙනුවට ඔවුන් කැමැත්ත දැක්වූයේ අවසානයේ ඉරාක අන්තර්වාර රජයකට බලය පැවරීමටයි. නව ඉරාක අන්තර් වාර රජයේ බලය සඳහා අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් කුළු ගැන්විණි. මේ අතරින් වඩාත් නොහික්මුණු ප්‍රදේශ වන්නේ ෆලූජා සහ බැග්ඩෑඩ් නගරයේ සිට බස්රා දක්වා දුප්පත් ෂියා නගර ප්‍රදේශවලිනි.
References
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.