For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඉංජිනේරු විද්‍යාවේ ක්‍රමවේදය.

ඉංජිනේරු විද්‍යාවේ ක්‍රමවේදය

මෙම ලිපිය වනාහි Engineering ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.


ටර්බයිනයක් නිර්මාණය කිරීමේ දී විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන ඉංජිනේරුවන්ගේ සහභාගීත්වය අවශ්‍ය වේ.

ඉංජිනේරුවන් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට හෝ පවතින දෙයක් වැඩි දියුණු කිරීමට භෞතික විද්‍යාව හා ගණිතය උපයෝගී කර ගනී. තෝරා ගැනීම් කිහිපයක් තිබුණහොත් ඉංජිනේරුවන් ඒවායේ යෝග්‍යතාව මැන අවශ්‍යතාවයට වඩාත්ම උචිත විසඳුම තෝරාගනී. ඉංජිනේරුවෙකුගේ ඉතාම වැදගත්ම හා විශේෂිතම කාර්යභාරය වන්නේ නිර්මාණයක ඇති සීමාවන් හඳුනා ගැනීම, තේරුම් ගැනීම හා අර්ථ දැක්වීම මඟින් සාර්ථක ප්‍රථිඵල අත්කර ගැනීමයි. සාමාන්‍යයෙන් තාක්ෂණික අතින් සාර්ථක නිර්මාණයක් කිරීම පමණක් නොසෑහේ, එය ඉදිරි අවශ්‍යතාවයන් සඳහා ද ගැලපිය යුතුය. සීමාවන් අතරට භාවිතයට ඇති සම්පත්, භෞතික, සංකල්පමය, තාක්ෂණික සීමාවන් , අනාගත සංශෝධනයට ඇති නැඹුරුව,වියදම් ,ආරක්ෂාව ,ඉල්ලුම, ඵලදායීතාව සහ වැඩදායීතාව වැනි සාධක ඇතුලත් වේ. මෙම සීමාවන් හඳුනා ගැනීම මඟින් ඉංජිනේරුවන් සෑදිය හැකි වස්තුවක් හෝ පද්ධතියක් නිපදවීමට හෝ ක්‍රියා කිරීමට අවශ්‍ය සීමාවන් පනවනු ලබයි.

ගැටළු වලට විසඳුම් සෙවීම

ඉංජිනේරුවන් ඔවුන්ගේ විද්‍යාව, ගණිතය සහ මනා පලපුරුද්ද භාවිතා කරමින් ගැටළු වලට විසඳුම් සොයයි. ඉංජිනේරු විද්‍යාව යනු ව්‍යවහාරික ගණිතය හා විද්‍යාවෙහි එක්තරා ශාඛාවකි. ගැලපෙන ගණිතමය ආකෘතියක් නිර්මාණය කිරීම ඉංජිනේරුවන්ට එය අධ්‍යයනය කිරීම පහසු කරන අතර ගැලපෙන විසඳුම් පරීක්ෂා කිරීමද කල හැක.බොහෝ විට තෝරා ගැනීම් කිහිපයක් තිබෙන අතර ඉංජිනේරුවන් එම නිර්මාණ වල යෝග්‍යතාව පරීක්ෂා කර අවශ්‍යතාවයට වඩාත්ම උචිත විසඳුම තෝරාගත යුතුය. ගනරික් අල්තුරෙල් (Genrich Altshuller), පේටන්ට් බලපත්‍ර විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කිරීමෙන් පසුව, පහල මට්ටමේ ඉංජිනේරු නිර්මාණ සඳහා සම්මුතියකට එලඹීමේ හැකියාව මූලික වන බවත් ඉහල මට්ටමේදී වඩාත්ම උචිත නිර්මාණය වන්නේ ප්‍රධානතම ගැටළුව ඇති කරන සාධකය ඉවත් කිරීම බවත් ප්‍රකාශ කරන ලදී. මහා පරිමාණයෙන් නිපදවීමට පෙර ඉංජිනේරුවන් තම නිර්මාණයන් කෙතරම් දුරට නියමිත පරිදි ක්‍රියා කරන්නේදැයි නිගමනය කිරීමට උත්සාහ දරයි. ඔවුන් මේ සඳහා මූලාකෘති, සුළු පරිමාණයේ ආකෘති, අත්හදා බැලීම්, ආතතිය පිලිබඳ පරීක්ෂණ, විනාශවීම හා නොවීම පිලිබඳ පරීක්ෂණ භාවිතා කරයි. මෙවැනි පරීක්ෂණ මඟින් නිෂ්පාදනය කොතරම් දුරට අපේක්ෂිත පරිදි ක්‍රියාකරන්නේද යන්න නිගමනය කල හැකිය.ඉංජිනේරුවන් හොඳ වෘත්තිකයන් වශයෙන් තම නිෂ්පාදනයන් නියමිත පරිදි ක්‍රියා කරනවාද යන්න පිලිබඳ ඇති වගකීම ඉතා බරපතල ලෙස සලකන අතර මහ ජනතාවට හිතාමතාම හානියක් වන අයුරින් ක්‍රියා නොකරයි. අනපේක්ෂිත හානි අවම කර ගැනීමට ඔවුන්ගේ නිර්මාණ වල ආරක්ෂාකාරීබව පිලිබඳ විශේෂ කොටස් ඇතුලත් වේ. කෙසේ වුවද බොහෝවිට ආරක්ෂාකාරීබව ඉහල යන විට නිර්මාණයේ කාර්යක්ෂමතාව පහල බසී.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඉංජිනේරු විද්‍යාවේ ක්‍රමවේදය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?