ඇල්පිටිය
ඇල්පිටිය, ශ්‍රී ලංකාව | |
---|---|
අපනාමය(න්): ඇල්පිටිය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලපය (UTC+5:30) |
ඇල්පිටිය , ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි.
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය මගින් ඇල්පිටිය වෙත පහසුවෙන් ලගා විය හැක. කුරුදුගහහැතැක්ම හුවමාරුවට කි.මි 3.8 දුරින් නගරය පිහිටා ඇත. කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ ද ඇල්පිටිය වෙත ලගා විය හැකි අතර අම්බලන්ගොඩ සිට දුර කි.මි 16 කි. එමෙන්ම ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයෙන් තවත් පිවිසුම් මාර්ග 3ක් බෙන්තොට, කොස්ගොඩ සහ අහුන්ගල්ල යන නගර වලින් පවතී. ඇල්පිටිය එහි කදිම කුරුදු නිශ්පාදන සහ පහතරට තේ සදහා සුප්‍රසිද්ධ වී ඇත. තේ, රබර්, කුරුදු සහ සහල් මෙම ප්‍රදේශයේ ප්‍රධාන නිශ්පදන වේ.ප්‍රදෙශයේ තේ කර්මාන්තශාලා දුසිමකට වඩා ඇති අතර එක් රබර් කර්මාන්තශාලාවක් පිහිටා ඇත.
වැවිලි කර්මාන්තය නිසා නගරය බිහිවූ බවට පිළිගැනෙන අතර එතැන් සිට වර්තමාන තත්වය දක්වා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය. මේ වන විට එය දිස්ත්‍රික්කය තුල විශාලතම නගරයක් වන අතර තව දුරටත් ප්‍රධාන වශයෙන් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය නිසාවෙන් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. ඇල්පිටිය, ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනයක් සිටින ඡන්ද බල කොට්ටාශයක් වන අතර ගාල්ල පොලිස් බල ප්‍රදේශයට අමතරව අලුතින් පොලිස් බල ප්‍රදේශයක් ද පිහිටුවන ලදී.
මූලික ආයතන
[සංස්කරණය]පාසල්
[සංස්කරණය]- ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය
- ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය
- නාලන්ද මහා විද්‍යාලය
- නාලන්දා කනිටු විදුහල
- ශාන්ත තෙරේසා කනිටු විදුහල
- ශාන්ත තෙරේසා බාලිකා ම.වි
- ශාන්ත මරියා විද්‍යාලය
- රතනසිරි රාජකීය විද්‍යාලය
- පිටුවල කනිෂ්ඨ විද්‍යාලය
- කහදූව මහා විද්‍යාලය
- සරණංකර ක.වි
- කුඩාගල කනිෂ්ඨ විද්‍යාලය
රජයේ ආයතන
[සංස්කරණය]- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- ග්‍රාම නිලධාරී කාර්යාල
- පොලීසිය
- පොලිස් අභ්‍යාස විද්‍යාලය
- මූලික රෝහල
- දිස්ත්‍රික් උසාවිය
- මහේස්ත්‍රාත් උසාවිය
- රාජ්‍ය වැවිලි සංස්ථාව
- ප්‍රධාන තැපැල් කන්තෝරුව (තැපැල් අoකය: 80400)
- බස් ඩිපෝව සහ බස් නැවතුම්පළ
- වෘත්තීය පුහුණු ආයතනය
- ශ්‍රී ලංකා ටෙලිකොම්
- ලංකා විදුලිබල මණ්ඩලය
- ජතික ජල සැපයුම් සහ මළාපවහන මණ්ඩලය
- මාර්ග සංවර්ධන අධිකාරිය
- වන නියාමන කාර්යාලය
බැංකු
[සංස්කරණය]- ලංකා බැංකුව
- මහජන බැංකුව
- ජාතික ඉතිරි කිරීමේ බැංකුව
- කොමර්ෂල් බැංකුව
- හැටන් නැෂනල් බැංකුව
- රුහුණු සංවර්ධන බැංකුව
- ස-ණ-ස බැංකුව
- සම්පත් බැංකුව
- DFCC බැංකුව
වෙනත් ආයතන
[සංස්කරණය]- ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
- ජනශක්ති රක්ෂණ ආයතනය
- සෙලින්කෝ රක්ෂණ ආයතනය
- සින්ගර් ආයතනය
- අබාන්ස් ආයතනය
- මහජන පුස්තකාලය
වැදගත් ස්ථාන
[සංස්කරණය]ආගමික
[සංස්කරණය]- ගනේගොඩ රජ මහා විහාරය
- රාහුල ලෙන් විහාරය
- ශ්‍රී විජයරාම විහාරය
- විහාරමහ දේවි පිරිවෙණ
- පහල ඕමත්ත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය
- ශාන්ත මේරී දේවස්ථානය
- ශාන්ත තෙරේසා දේවස්ථානය
- අමුගොඩ ජයසුමනාරාමය
- පිටුවල පුරාන විහාරය
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- අඩා හැලෙන ඇල්ල
- කළු දොල
- බෙරලිය මූකලාන රක්ෂිතය
ඛණ්ඩාංක: 6°15′N 79°36′E / 6.25°N 79.60°E
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.