For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඇමෙරිකානු නිදහස් සටන.

ඇමෙරිකානු නිදහස් සටන

ඇමරිකානු වැසියන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය සටන ඇමරිකානු නිදහස් සටන ලෙස හඳුන්වයි. දූෂිත පාලනයකට එරෙහිව ගෙන ගිය අරගලයක අවසානය මෙය විය. 1492 වර්ෂයේදී ක්‍රිස්ටෝපර් කොලම්බස්, කැරබියන් මුහුදේ බහාමාස් දිවයින් වලට ගොඩබැසීමෙන් වසර පහකට පසු ඇමෙරිගෝ වෙස්පුචි දේශගවේෂකයා, නූතන ඇමෙරිකානු මහද්වීපයට අයත් විශාල ගොඩබිම සොයා ගත්තේය. පසුව ජර්මන් භු ගෝල විද්‍යාඥයෙකු විසින් එම ප්‍රදේශය හැදින්වීමට ඇමෙරිකාව යනුවෙන් නම් තැබීය. කොලොම්බස් ඇමෙරිකා මහද්වීපයට ගොඩ බැසීමෙන් පසුව තමා ගොඩ බැස්සේ ඉන්දියාවට යැයි සිතුවේය. ඒ අනුව එහි සිටි ස්වදේශිකයන් ඉන්දියානුවන් ලෙසත් සමේ පැහැය අනුව රතු ඉන්දියානුවන් ලෙසත් හදුන්වා දී ඇත. ඇමරිකානු මහද්වීපය සොයාගැනීමෙන් පසු ස්පාඤ්ඤය , එංගලන්තය, ප‍්‍රංශය , නෙදර්ලන්තය , ස්වීඩනය ආදී වූ විවධ යුරෝපීය බලවතුන් යටතේ යටත් විජිත ඇමරිකානු මහද්වීපය තුල පිහිටුවන ලදී. එහිදි ස්පාඤ්ඤවරුන් හා පෘතුගීසීන් දකුණු ඇමෙරිකන් ප්‍රදේශවල නව ජනාවාස පිහිටවු වු අතර, බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශවරුන් උතුරු ඇමෙරිකාවේ ජනපද පිහිටවුහ. බ්‍රිතාන්‍යට පමණක් ඇමරිකාවේ ජනපද 13ක් තිබුණි. වර්තමාන ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ දිගේ එම ජනපද පිහිටුවන ලදී. ඇමරිකා මහාද්වීපයේ පිහිටවූ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ජනපදය ලෙස ජේම්ස් ටවුන් ජනපදය හැඳින්විය හැක. බ්‍රිතාන්‍යයන් ඇතුළු යුරෝපීයන් ඇමරිකාවේ ජනපද පිහිටුවීමට ප්‍රධාන හේතු කීපයක් ඇත. ඒවා නම් යුරෝපා රටවල පැවැති රෝමානු කතෝලික සහ රෙපරමාදු ආගමික ගැටුම් නිසා ආගමික නිදහස පතා නව ප්‍රදේශ වෙත යුරෝපිය ජනයා ඇදී යාම සහ වෙළඳාම සඳහා සහ නව ප්‍රදේශවල ඉඩම් අත්පත් කරගැනී‍මෙන් ජන ජීවිතය සෞභාග්‍යමත් කර ගැනීමට යොමු විම නම් වේ

ඉංග්‍රීසි ජනපද දහතුනේ වර්ධනය

[සංස්කරණය]

වන්දනාකාර පියවරුන් නමින් හැඳින් වූ සංක්‍රමණික කණ්ඩායම ඇමෙරිකාවට ගොස් එහි නව එංගලන්ත ජනපද පිහිටුවා ගත්හ. සිවිල් සහ ආගමික වශයෙන් ස්වකීය මවු රාජ්‍යයෙන් ස්වාධීනව සිටීමට බලාපොරොත්තු වූ ඔව්හු තමන් විසින් ගොඩනගන ලද ජනපද පාලනය කිරීම සඳහා මේෆ්ලවර් ගිවිසුම පදනම් කොට ගත් ආණ්ඩු ක්‍රමයක් සකසා ගත්හ. ජේම්ස් ටවුන්, වර්ජිනියාව, ජෝර්ජියාව, පෙන්සිල්වේනියාව, මේරිලන්ඩ්, නිව් ඇම්ස්ටර්දෑම්, ඩෙලවෙයාර්, මැසචුසෙට්ස්, කනෙක්ටිකට්, බොස්ටන්, නිව් හැම්ප්ෂයර්, රෝඩ් අයිලන්ඩ් එසේ පිහිට වූ ජනපද අතර විය.

මෙම ජනපද දහතුනෙන් දොළහක් ආරම්භ වුයේ 1607-1682 කාලයේදිය. දහතුන්වැනි ජනපදය වන ජොර්ජියා ජනපදය ආරම්භ වුයේ 1733දීය

බ්‍රිතාන්‍ය වාණිජවාදී ප්‍රතිපත්තිය

[සංස්කරණය]

උතුරු ඇමෙරිකාවේ ඉංග්‍රීසි ජනපද විශාලත්වයෙන් සහ වැදගත්කමින් වැඩෙත්ම ඒවා කෙරෙහි තම ආධිපත්‍යය පැතිරවීම සඳහා බ්‍රිතාන්‍ය රජු ඒවා පාලනය කිරීමට ආණ්ඩුකාරවරු පත් කළේය. එම ආණ්ඩුකාරවරුන්ට වේතනය ගෙවිය යුතු වූයේ ජනපද වල භාණ්ඩාගාරයෙනි. බ්‍රිතාන්‍ය වෙළඳුන්ට මෙන්ම බ්‍රිතාන්‍ය රජයට ද ලාභ ප්‍රයෝජන ලැබෙන අන්දමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සිය අභිමතයට අනුව සකස් කල ප්‍රතිපත්තියක් ඇමෙරිකාවේ ජනපද වල ක්‍රියාත්මක විය. එය වාණිජවාදී ප්‍රතිපත්තිය නම් විය.

වාණිජවාදී නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීම

[සංස්කරණය]

බ්‍රිතාන්‍ය කිරීටයට අයිති බලතල දැඩිව ක්‍රියාත්මක කිරීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව තුන්වන ජෝර්ජ් රජු ඇමෙරිකාවේ ජනපද වලින් බදු අය කිරීම සඳහා වූ පනත් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා ලෙස කැබිනට් මණ්ඩලයට බල කළේය. එසේම ඒ තාක් කල් නොසලකා හැර තිබූ වාණිජවාදී නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස රාජකීය නිලධාරීනට උපදෙස් දුන්නේය. ඒ සඳහා අවශ්‍ය බලය යෙදීම පිණිස බ්‍රිතාන්‍ය ආණ්ඩුව අමෙරිකාවට යුධ හමුදාව ද යැවීය.

විප්ලවයට බලපෑ හේතූ

[සංස්කරණය]

නිදහස් සටන මෙහෙයවීමට ප්‍රධාන හේතුවක් වුයේ ඇමරිකන් ජනපද වල ආර්ථික කටයුතු බ්‍රිතාන්‍යන්ට වාසි ලැබෙන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව· 

  • බ්‍රිතාන්‍ය නිපදවන භාණ්ඩ ඇමරිකන් ජනපද වල නිපදවීම තහනම් විය
  • ඇමරිකානුවන් නිපදවන දුම්කොළ, සීනි, කපු, මී ඉටි, තිරිඟු, තඹ වැනි දෑ බ්‍රිතාන්‍යයට පමණක් ලබාදිය යුතු වීම.
  • එසේ නම් කොට තිබු භාණ්ඩ හැර වෙනත් ද්‍රව්‍ය වෙනත් රටවලට අපනයනය කළ හැකි වූයේ බ්‍රිතාන්‍යය හරහාය.
  • නිෂ්පාදනය අතින් ඇමරිකානු ජනපද මව් රට බ්‍රිතාන්‍යය සමග තරග නොකළ යුතුය.

මෙම ප්‍රතිපත්ති වලින් ජනපදවාසීන්ට ආර්ථික වශයෙන් පාඩු සිදුවුවත් බ්‍රිතාන්‍ය නිසා ඔවුන්ට ස්ථාවර වෙළෙඳපෙළක් ලැබුණී. එසේම ඇමෙරිකානු ජනපද බ්‍රිතාන්‍ය නීතිරීති දැඩිලෙස ක්‍රියාත්මක නොවු නිසා පාඩු අවම කරගැනීමට වෙනත් ජාතින් සමග හොර වෙළදාම්වල නිරත විය. මෙලෙස විවිධ නීති රීති පනවා ඇමරිකානු ජනපද වල වෙළඳාම සිමා කර තිබුණත් 1763 වනතෙක්ම ඇමෙරිකානු ජනපදවාසන්ගෙන් ප්‍රබල විරෝධයක් මතු නොවීය. නමුත් 1763 පසුව බ්‍රිතාන්‍යය රජය විසින් ඇමරිකානු ජනපද සඳහා නව නීති රීතින් හඳුන්වා දෙන ලදී. මේ සමඟ බ්‍රිතාන්‍යය පාලනයෙන් මිදීමේ මානසිකත්වය ඇමරිකානුවන් තුල ගොඩ නැගෙන්නට මෙන්ම බ්‍රිතාන්‍ය කෙරෙහි ප්‍රබල විරෝධයක්ද මතු විය.. එයට හේතුවුයේ හත් අවුරුදු යුද්ධය නිසා බ්‍රිතාන්‍යයට විශාල වියදමක් දැරීමට සිදුවීමෙන් එරට ණය බර ඉහළගිය අතර එහි ණය සහ පොළී මුදල් පියවා ගැනීමට ඇමෙරිකානු ජනපදවාසීන් එයින් කොටසක් දැරිය යුතු බව බ්‍රිතාන්‍යයන්ගේ ආකල්පය විය. මේ නිසා බ්‍රිතාන්‍ය අගමැති ජොර්ජ් ග්‍රැන්විල් ඇමෙරිකානු ජනපදවලින් අයකළ තීරු බදු ක්‍රමාණුකූලව අයකරගැනීමට පියවර ගත්තේය. ජනපදවල හොර වෙළඳාම නතරකිරීමට නාවික මුරසේවා තරකළ අතර බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකානු ජනපද වල වැසියන් පිඩාවට පත් කරමින් ආදායම් වැඩිවන ලෙස නව බදු වර්ග අය කිරීම නව නීති රීති යටතේ සිදුවිය. එලෙස 1764-1765 කාලසීමාවෙදි පැනවූ බදු පනත් තුනකි.

  • සීනි පනත
  • මුදල් නෝට්ටු පනත
  • මුද්දර පනත

මේ තත්වයන් යටතේ ඇමරිකානු නිදහස් සටන වර්ධනය විය. මේ අනුව ඇමෙරිකානු විප්ලවයට බලපෑ හේතු කිහිපයකි.

  • ඇමෙරිකානු ජනපදවාසින් කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය මැදිහත්වීම අඩු ස්වයං පාලනයකට හුරුවක් ලබා තිබීම.
  • බ්‍රිතාන්‍ය අනුගමනය කළ තම රටට වාසි දායක ආර්ථික ප්‍රතිපත්තිය.
  • ජනපදවාසීන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප බ්‍රිතාන්‍ය රජය විසින් නිසි ලෙස අවබෝධ කරගෙන නොසීටීම
  • 1763 පසුව පැනවු නව බදු වර්ග හා නව නීතී රිති
  • ජනපදවාසීන්ගේ සාධරණ සටන් මර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය කටයුත් කිරීම
  • නිදහස පිළිබඳ ජනපද වැසීයන් තුළ ඇතිවු උනන්දුව

සීනි පනත (1764)

[සංස්කරණය]

ජනපද වාසින් විසින් ආනයනය කරන ලද උක් පැණි වෙනුවෙන් බද්දක් ගෙවීමට නියම කල සීනි පනත 1764 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත විය. එයට ප්‍රතිචාර ලෙස බදු ගෙවීමෙන් වලකී සිටීමට සුපුරුදු පරිදි උක් පැණි හොර රහසේ ආනයනය කිරීමට යටත් ව්ජිත වාසීහු උත්සාහ දැරුහ. එහෙත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව කල් ඇතිව විධි විධාන යොදා තිබූ පරිදි ඔවුන්ගේ ප්‍රත්නයට බාධා එල්ල වූ අතර හොර වෙළඳ කටයුතු වළක්වනු ලැබිණි.

මුදල් නොට්ටු පනත

[සංස්කරණය]

නෝට්ටු පනත අනුව ජනපද වලට මුදල් නෝට්ටු නිකුත් කිරීම තහනම් කෙරුණි. මේ නිසා රිදී හෝ රත්රන් වලින් ණය ගෙවීමට ජනපද වාසීන්ට සිදුවිය. මුද්දර පනත අනුව සියලු නීතිමය ලියවිලි, බලපත්‍ර, ඔප්පු හා අනෙකුත් ලේඛන වලින් මුද්දර බද්දක් අය කෙරුණි. මුද්දර බද්ද ඇමෙරිකානු සමාජයේ වෙළෙඳුන්, නිතීඥයන්, මුද්‍රණකරුවන් වැනි ඉහළ තත්වයේලා සැළකු පුද්ගලයන් බලපෑ හෙයින් ඔවුන් විරෝධතා සංවිධානය කිරීමට එකතු වුහ. මෙම පනතට ප්‍රබල විරෝධයක් මතුවුණ අතර ඇමෙරිකානුවන් මුද්දර වර්ජනය කිරීමටද කටයුතු කළහ. බ්‍රිතාන්‍යන් විසින් ඉහත බදු වලට අමතරව තේ, වීදුරු, කඩදාසි ආදිය සදහා තීරු ගාස්තු අය කරන ලද අතර එයට විරෝධයක් මතුවිය. බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද තවත් පනතක් වුයේ ඇමෙරිකාවේ රැදී සිටි බ්‍රිතාන්‍ය සේනාංකවලට වාසස්ථාන සැපයීම, මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ඇතුළු පහසුකම් සැපයීම ජනපදවලට පැවරීමයි.

මුද්දර පනත (1765) සහ එය අවලංගු කිරීම

[සංස්කරණය]

1763න් පසුව බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දෙන ලද නව අණ පනත් හා බදු වර්ගවලට එරෙහිව ඇතිවු විරෝධතා වලින් ජනපදවාසින් තුළ නිදහස් සටන සඳහා පෙළඹිමක් ඇතිවු බව පෙනේ. නව පනත් අතුරින් ප්‍රබල විරෝධයක් මතු වුයේ මුද්දර පනත සම්බන්ධයෙනි. එහි දි මුද්දර පමණක් නොව බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීම දක්වා විරෝතා මතු විය. එවකට බ්‍රිතාන්‍යෙයේ පැවැති සම්ප්‍රදාය අනුව බදු පැනවීමේ බලය හිමිවුයේ මහජක නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව වෙතටය. එහෙත් ඇමෙරිකානු ජනපද වෙනුවෙන් කිසිදු නියෝජිතයෙක් සහභාගි නොවු බැවින් තම ජනපද වෙනුවෙන් බදු පැනවීමේ කිසිදු බලයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතුව නොමැති ජනපදවාසින් අතර මතයක් ඇතිවිය. එම මතය ඇමෙරිකාව පුරා ප්‍රචලිත වු අතර නියෝජනයක් නැතිනම් බදුත් නැත යන සටන් පාඨයක් බිහිවිය. එය ඇමෙරිකානු නිදහස් සටනේ තේමා පාඨය බවට පත්විය. මුද්දර පනතට ඇතිවු ප්‍රබල විරෝධය නිසා බ්‍රිතාන්‍ය රජය විසින් එය අවලංගු කරන ලදී

ටවුන්සෙන්ඩ් පනත් (1767)

[සංස්කරණය]

1767 දී භාණ්ඩාගාරික චාන්සලර් චාල්ස් ටවුන්සෙන්ඩ් විසින් යටත් විජිත වල වියදම් පියවා ගැනීමට ටවුන්සෙන්ඩ් පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ අනුව ඇමෙරිකාවට ආනයනය කළ වීදුරු, ඊයම්, කඩදාසි හා තේ වැනි භාණ්ඩවලට තීරු බදු පැනවිණ. මෙම තීරු බදු එකතු කිරීමට බ්‍රිතාන්‍ය රජය උත්සහා දැරුවත් ජනපදවාසීන් එයටද විරෝධය දැක්වු නිසා දෙපක්ෂය අතර ගැටුම් වර්ධනය විය.

බොස්ටන්වලදී ජනපදවාසීන් දැක්වු විරෝධතාවකට බ්‍රිතාන්‍ය හමුදාව විසින් වෙඩිතැබීමෙන් පස්දෙනෙක් මිය ගියේය. මෙබදු ක්‍රියා නිසා ජනපදවාසීන් අතර බ්‍රිතාන්‍ය හැගීම් වර්ධනය විය. මෙලෙස බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීම නිසා තීරු බදු ලැබුණු ආදායමට වඩා කිහිප ගුණයක පාඩුවක් බ්‍රිතාන්‍යයට සිදුවිය. 1770 දී තේ බද්ද හෙරෙන්නට අනෙක් සියලු බදු බ්‍රිතාන්‍ය රජය විසින් අහෝසි කළේය. තේ බද්ද තව දුරටත් ක්‍රියාත්මක කළේ ලාභයක් ලැබීමට වඩා ඇමෙරිකාව වෙනුවෙන් බදු පැනවීමට බ්‍රිතාන්‍යයට ඇති අයිතිය පෙන්වීමටය

බොස්ටන් තේ සාදය (1773 දෙසැ. 16 දින)

[සංස්කරණය]

1773දී බ්‍රිතාන්‍ය පැනවු පනතකින් ඇමෙරිකානු ජනපද වලට තේ සැපයීම පිළිබඳ අයිතිය එක් සමාගමකට පැවරිණ. මේ නිසා ඇමෙරිකානු වෙළෙදුන්ගේ සම්ප්‍රදායික තේ වෙළඳාමට පහර වැදුණි. මෙමගින් කුපිත වු ජනපදවාසීන් බ්‍රිතාන්‍ය වෙළෙඳ සමාගමේ තේ ගොඩබෑම සඳහා අවහිර කළහ. 1773 දෙසැම්බර් 16 වන දින බොස්ටන් වරායේ නවතා තිබු තේ නැවකට වෙස්වළාගෙන ඇතුළු වු බොස්ටන් වැසියෝ එහි තිබු තේ පෙට්ටි 342ක් මුහුදට විසි කළහ. බොස්ටන් තේ සාදය නමින් ප්‍රසිද්ධ මෙම සිදුවීම ඇමෙරිකානු විප්ලවයේ ආරම්භය ලෙස සැළකේ. මෙයට ප්‍රතිචාර වශයෙන් තේවල වන්දිය ගෙවන තෙක් බොස්ටන් වරාය වසාදැමීමට බ්‍රිතාන්‍යයෝ කටයුතු කළහ.

ප්‍රථම මහද්වීපික සම්මේලනය (1774)

[සංස්කරණය]

විවිධ නිතීරිතී පනවමින් ජනපදවාසීන්ගේ අදහස් නොතකමින් ජොර්ජියා මැසචුසෙට්ස් වැනි ජනපද වල පාලන ප්‍රතිසංවිධානය කිරීමටද පියවර ගැනුණි. බ්‍රිතාන්‍ය අනුගමනය කළ මර්දනකාරි පිළිවෙත නිසා කෝපයට පත් ජනපදවාසින් 1774 දී පිලඩෙල්පියා නගරයට රැස්ව සම්මේලනයක් පැවැත්වුහ. ඇමෙරිකානු විප්ලවීය ඉතිහාසයේ ප්‍රථම මහද්වීපික සම්මේලනය ලෙස සැළකේ.

නිදහස ප්‍රකාශ කිරීම (1776 ජුලි 4 දින)

[සංස්කරණය]

බ්‍රිතාන්‍ය හමුදා වලට මුහුණ දීමට පසුබිම සකස් කරගත් පසුව ජනපදවල ඒකාබද්ධ නියෝජිත සභාව 1776 ජුලි 04 වැනි දින ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනය ප්‍රකාශයට පත්කළේය. එම ලියවිල්ලෙන් උපතින්ම මිනිසා සතු  අහිමිකළ නොහැකි අයිතිවාසිකම් රැසක් ඇති බවත්, ඒවා ආරක්ෂා කර ගැනීමට මිනිසා ආණ්ඩු පිහිටුවන බවත්, ඇමෙරිකාව යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන්වු නිදහස් රටක් බව ප්‍රකාශයට පත්විය. මීට එකඟ නොවු බ්‍රිතාන්‍යයෝ ඊට එරෙහිව සටන් ආරම්භ කළ අතර ගැටුම් වසර කිහිපයක් යනතුරු පැවතිණ

යුද්ධය

[සංස්කරණය]

මුල් වසර දෙක තුළ බ්‍රිතාන්‍ය හමුදා ජයග්‍රහණය ලැබුවත් පසුව සිදුකළ සටන් වලදී අසාර්ථක විය. දෙපක්ෂය අතර සටන් වලදී ඇමෙරිකාවේ සහයට ප්‍රංශය එකතු වු අතර පසුව ස්පාඤ්ඤය සහ ඕලන්දය එකතු වු අතර සටන බ්‍රිතාන්‍යයට අවාසිදායක තත්වයට පත්විය. ඇමෙරිකාවේ සිදුවු සටන් වලින් පරාජයට පත්වීම නිසා බ්‍රිතාන්‍ය විසින් 1783දී  සාම සාකච්ඡා වලට යොමු විය.  ඒ අනුව 1783 දී අත්සන් කළ පැරිස් සාම ගිවිසුමෙන් ඇමෙරිකාව නිදහස් ස්වාධින රටක් ලෙස පිළිගන්නා ලදී. පසුව 1789දී නව ව්‍යවස්ථාවක් ඇමෙරිකානු ජනපදවාසීන් විසින් සම්මත කරගත් අතර එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් වොෂීන්ටන් පත්විය. මෙම ව්‍යවස්ථාව ලොව ප්‍රථම ලිඛිත සංධිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැළකේ.

යුද්ධයේ ප්‍රතිඵල

[සංස්කරණය]

ඇමෙරිකා එක්සත් ජනපදය නමින් ස්වාධින රාජ්‍යයක් බිහිවිය. එමෙන්ම සමස්ත මානව සංහතියට නිදහස පෙන්වා දුන් අවස්ථාවක් වීම, ලොව පුරා මුලික මිනිස් අයිතිවාසිකම් පිළිබද උනන්දුවක් ඇතිවීම, ලෝකයේ ප්‍රථම ලිඛිත සංධිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවීම වැනි ප්‍රථිපල මෙම යුද්දය මගින් ඇතිවිය.

මුලාශ්‍ර

[සංස්කරණය]

ලෝක ඉතිහාසය - බී.වී. රාවෝ (සිංහල පරිවර්තනය - මහාචාර්ය මාලනී ඇඳගම)

11 ශ්‍රේණියේ ඉතිහාස පොත (ගයාන් කුමාර මධුෂංක)

http://www.history.com/topics/american-revolution/townshend-acts

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඇමෙරිකානු නිදහස් සටන
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?