For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඇදුම.

ඇදුම

මෙම ලිපිය වනාහි Asthma ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.


ඇදුම රෝගය ශ්වසන පද්ධතියේ ශ්වසන නාලයන් නොයෙක් සාධකවල ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙස සංකෝචනය වීම, ආසාදනය වීම හා අධිකව ස්‍රාවයන් නිකුත් කිරීම නිසා ඇතිවන කල් පවත්නා රොගී තත්වයකි. එය බොහෝ විට උත්තේජනයන් එකක් හෝ කිහිපයක් නිසා ඇතිවිය හැක. අවට පරිසරයේ ඇති අසාත්මික කාරකයන් . දුම් කොළ දුම , සිසිල් හෝ රස්නය ඇති වාතය , සුවද විලවුන් වර්ග . සුරතල් සතුන්ගේ ලෝම , ව්‍යායාම් කිරීම හෝ මානසිකව ආතතිය ඇතිවන අවස්ථාවන්හිදි යටපත් වී ඇති රෝගය නැවත මතුවිය හැකිය. කුඩා ළමුන්ගේ මෙම රෝගය නැවත නැවතත් මතු වීම සිදු කරනුයේ වෛරස් ආසාදනයක් නිසා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව නිසාවෙනි. ශ්වාසනාලයන් සංකෝචනය වීම හේතුවෙන හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවීම , පපුවේ ඇතිවන රූං රූං ශබ්දය , හති ගතිය . පපුව හිරවීම හා කැස්ස ඇතිවිය හැකිය. ශ්වාසනාල සංකෝචනය වීම ඒවා විස්ථාරනය කරන ‍‍‍‍‍‍ෙඖෂධ මගින් යථාතත්වයට පත්කර ගත හැකිවේ.රෝගය ඇතිවන අවස්ථාවන් දෙකක් අතර ‍ෙ‍බාහෝ විට රෝගියා නිරෝගී වන නමුත් සුළු ‍සුළු රෝග ලක්ෂණයන් පැවතීම සහ දිගු ව්‍යායාමයන්ගෙන් පසුව නිරෝගී පුද්ගලයකු‍ට වඩා වැඩි කාල සීමාවක් තුළ පවතින හුස්ම ගැනීමේ අපහසුතාවයන් බොහෝ විට ඇති විය හැක. ඇදුම රෝගයෙහි රෝග ලක්ෂණ ඉතා සුලු රෝග ලක්ෂණයන්හි සිට මාරාන්තික ජීවිතය අවධානමකට ලක්කරන රෝග ලක්ෂණයන් දක්වා වුවද ඇතිවිය හැකිය. නමුත් මේවා ජීවත් වන වටාපිටාවේ සිදුකරගනු ලබන වෙනස් වීම් මගින් සහ ‍ෙඖෂධ මගින් පාලනය කිරීමට පුලුවන.

දියුණු රටවල මහජනතාවගේ අවධානය මෑතක සිට ඇදුම රෝගය කෙරෙහි යොමුවී ඇත. මෙයට ප්‍රධානතම හේතුවක් වන්නේ නාගරිකව ජීවත්වන ළමුන් හතරකින් එක් අයෙකුට ඇදුම රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබීමයි.


රෝග ලක්ෂණ

[සංස්කරණය]

ඇතැම් පුද්ගලයන් තුල ඇදුම රෝගය කල්ගතවු රෝගයක් ලෙස දීර්ඝ කාලීනවමට දක්නට ඇත. ඇතැමුවන්ගේ මෙය වරින්වර උත්සන්න වන රෝගයක් ලෙස ඇති වන්නේ ශ්වසන පද්ධතින් ඉහල කොටසේ ඇතිවන ආසාදන , මානසික ආතතිය , සුළග මගින් ව්‍යාප්ත වන අසාත්මික ද්‍රව්‍යය, දුම් හෝ ව්‍යායාම වැනි අවස්ථාවන් හා ද්‍රව්‍යවලට ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙසටය. හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ ඇතිවන හති ගතිය, හුස්ම ගැනීමේදී ශබ්දයක් පිටවීම, කැස්ස, එදිනෙදා ක්‍රියාවන් කර ගැනීමට ඇති අපහසුතාව යන රෝග ලක්ෂණ වලින් කිහිපයක් හෝ සියල්ලම මෙම රෝගියකුට තිබිය හැකිය. ඇතැම් ඇදුම රෝගීන්ට දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයක් හා පපුව හිරකරන ගතියක් ඇතත් හති ගතිය හෝ හුස්ම ගැනීමේදී ශබ්දයක් පිට නොවන අතර මේ නිසා ඔවුන් COPD වර්ගයට අයත් වෙනත් ශ්වසන රෝගයක් ඇති රෝගීන් ලෙස වරදවා වටහා ගනී.

හදිසියේ ඇතිවන ඇදුම රෝග උත්සන්න වීමක් ක්ෂණික රෝග උත්සන්න වීමක් ලෙස හඳුන්වයි. මෙය දරුණු ලෙස ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය , හතිය සහ හුස්ම ගැනීමේදී ශබ්දයක් පිටවීම යන රෝග ලක්ෂණ වලින් හදුනාගත හැකිය. සමහර රෝගීන්ට මුල් අවස්ථාවලදී ඇති වන්නේ කැස්ස පමණක් වුවද රෝගය උත්සන්න වත්ම ශ්වසන පද්ධතියට වායු ඇතුලු වීම කොතෙක් දුරට අඩ පණ වේද යත් හතිය ඇතිවීම හා ශ්වසනයේදි ඇතිවන ශබ්දය ද නෑසී යයි. හතිය ඇති සමහර අවස්ථාවන්හිදි කැස්ස සමග පැහැදිලි , දුර්වර්ණ නොවු සෙම පිටවේ. ක්ෂණිකව ඇතිවන පපුවේ හිරකිරීමක් වැනි දැනීමක් සමගම හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවී හති ගතිය ඇතිවේ. මෙම හතිගතිය හුස්ම පිටකිරීමේදි ප්‍රධාන වශයෙන් ශ්‍රවණය වුවද හුස්ම ඉහලට ගැනීමේදීද ඇතිවිය හැකිය.

ඇදුම රෝගය උත්සන්න වීම , හතිය , ප්‍රාශ්වාසය දීර්ඝ වීම , හෘද ස්පන්දන වේගවත් වීම , වෙද නලාවට ඇසෙන පෙනහලුවල ශබ්දය , ආශ්වාසයේදී දුර්වල වන සහ ප්‍රශ්වාසයේදී ශක්තිමත් වන නාඩි වැටීමේ ක්‍රියාවලිය සහ උරස් කුහරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා පිම්බී තිබීම වැනි ලක්ෂණ මගින් වෛද්යවරයකුට රෝගියා පරීක්ෂා කිරීමෙන් හඳුනාගත හැකිය. රෝගය උත්සන්න වු අවස්ථාවකදී ශ්වසනය සඳහා භාවිතා වන අතිරේක බෙල්ලේ පේශීන්ද භාවිතයට ගැනීම නිසා පර්ශු සහ බෙල්ලේ හා පපුවේ අස්ථි අතර පටක කොටස් ඇතුලට ඇදීමක් සිදුවේ.

රෝගීන් උච්චතම අවස්ථාවකදි ඇදුම රෝගීන් ‍රුධිර යේ ඔක්සිජන් හිගවීම නිසා රෝගියා‍ නිල් පැහැති වේ. තවද ඔවුන්ට පපුවේ වේදනාව ඇතිවිම හා සිහිනොමැති වීම සිදුවිය හැකිය. සිහිය නොමැතිවීමට සුලු වේලාවකට ප්‍රථම අත්වල හා පාදවල හිරිගතියක් ඇති වීම සහ දහඩිය දැමීම සිදුවීම ඇතිවේ. මෙමගින් රෝගීන්ගේ දෙපා අයිස් මෙන් සීතල වේ.

සම්මත ප්‍රතිකාර ක්‍රමවලට ප්‍රතිරෝධී වන අයුරු උත්සන්න වු ඇදුම රෝගී අවස්ථාවක් ජීවිතයට අවධානමක් ඇති කරන අතර මෙමගින් ශ්වසනය අක්‍රිය වී මරණය පවා ඇතිවිය හැකිය. නමුත් සුවය ලැබු පසුව නැවතත් රෝගය උත්සන්න වීමක් ඇති වන තෙක් මෙම රෝගීන් කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව හෝ සුළු වශයෙන් රෝග ලක්ෂණ පෙන්විය හැකිය.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඇදුම
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?