For faster navigation, this Iframe is preloading the Wikiwand page for ආයතනික නීතිය.

ආයතනික නීතිය

ආයතනික නීතිය (සමාගම් නීතිය) යනු විභේධිත නීතිමය සමාගමක් සංස්ථාපනය කිරීමේ සහ අතිශයින් ගැලපෙන නීතිමය පද්ධතියක් අනුව පාලනය කිරීමයි. උදාහරණ ලෙස සීමාසහිත පුද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම් හෝ සංස්ථාපිත සමාගම් දැක්විය හැක.

එක්සත් රාජධානියෙහි ආයතනික නීතිය යනු සමාගම් නීතියෙහි උප කුලකයකි, එක්සත් ජනපදයෙහි මෙය ව්‍යාපාරික ආයතන නීතියෙහි කොටසකි.මෙම සෑම අවස්ථාවකදීම ආයතන එවායේ පුළුල් ප්‍රේක්ශිතයෙන් හවුල් ව්‍යාපාර, ලියාපදිංචි නොකළ ශ්‍රේණි හෝ තනිපුද්ගල ව්‍යාපාර ආදී වශයෙන් වෙන් කර දක්වා ඇත

එක්සත් ජනපදයෙහි සාමාන්‍යයෙන් සමාගමක් යනු අධිකරණයට වගකියන පුද්ගලයෙකු හෝ නීතිමය ආයතනයකි. මෙම ආයතන හට එවායේ කොටස් හිමිකරුවන්ගෙන් ලැබුනු විභේදිත නීතිමය හැඳුනුම්පතක් ඇත. එසේම එවා ප්‍රාථමික වශයෙන් වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහාම සංස්ථාපනය කර ඇත. සමහරක් අධිකරණ පද්ධතීන් සංස්ථාපනය නොකළ ආයතන සමාගම් ලෙස හැඳින් වුවද, බොහෝ අධිකරණයන් සමාගම් ලෙස හඳුන් වන්නේ සංස්ථාපනය කල ආයතන පමණකි. සමාගමක් යන්නට නීතිමය වශයෙන් ස්ථාපිත අදහසක් නොමැති වුවද එය අදාල නීති විධිවිධාන යටතේ ඇති කළ විශේශිත ආයතන සඳහාම ව්‍යවහාර කරනු ලබයි. මක්නිසාදයත් ඒවායේ හිමිකරුවන් සඳහා එහි ණයභාරයන්, බදු ගෙවීම් ආදිය සඳහා බලපැවැත්වෙන සීමා සහිත වූ වගකීම් හේතුවෙනි.

නමුත් ආයතහන් හට වෙනත් බොහෝ භාවිතකරුවන් සිටී. මේවා සාමාන්‍යයෙන් උගස් සහ දීර්ගකාලීන ණය වලට එරෙහිව ගමන් කරයි. එසේම සමාගම් බොහෝ විට බදු ගෙවීම් වල ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමට භාවිත වේ. සමාගම් සාමාන්‍යයෙන් වෙළඳ ආයතන නිසා මූල්‍යමය කළමනාකරණය පුද්ගල සබඳතා වඩා පහසු කර්තව්‍යයකි. ආයතන් සඳහා නෛසර්ගික සුනම්‍යතාව මගින් වර්ධනය වීමේ අවස්ථාවක් ඇති බැවිනි. ආයතනයක් මුලික අවස්ථාවේදී තනි පුද්ගලයෙකු විසින් ආරම්භ කර සීමා සහිත පොදු සමාගමක් වන්නේ ඇයිද යන්න පිළිබඳව නීතිමය හේතුවක් නැත.

නීතිගත සංස්ථා වල එක් ප්‍රධාන නෛතික ලක්ෂණයක් වන්නේ ඒවාට වෙන ම නෛතික පුද්ගලත්වයක් හිමි වීම හෙවත් කෘතිම පුද්ගලයෙක් වීමයි. කෙසේ වෙතත් වෙන ම නෛතික පුද්ගලත්වය ඉංග්‍රිසි නීතිය තුල 1895 දී සාමි මන්ත්‍රී මණ්ඩලය Salomon v. Salomon & Co. නඩුවේ දී තහවුරු කරන තුරු පිළිගැනීමට ලක් නොවීය. නමුත් වර්තමානයේ දී සමාගම් වෙනම නෛතිකත්වයක් ඇති ආයතනයක් ලෙස ලොව පුරා පිළිගැනීමට ලක් වී ඇත. වෙන ම නෛතික පුද්ගලත්වයක් පැවතීම නිසා විශෙෂයෙන් ම කුඩා පවුල් සමාගම් සම්බන්ධයෙන් නිතර ම අපේක්ෂා නොකල ප්‍රතිවිපාකයන් ඇතිවේ. B v. B නඩුවේ දී බිරිඳ විසින් සැමියාට එරෙහිව ලබා ගත් එළිදරව් නියෝගය සැමියාගේ ආයතනය සම්බන්ධයෙන් බල නොපාන අතර එය නියෝගයේ දක්වා නොමැති අතර් ඔහුගෙන් වෙනස් වන එකක් බවටත් අධිකරණය විසි තීන්දු කරන ලදී. Macaura v. Northern Assurance Co Ltd නඩුවේ දී රක්ෂණ ආවරණයක් යටතේ හිමිකම ක් දැව සඳහා වූ එම රක්ෂණාවරණය අයිතිකරුගේ නමින් තිබී පසුව තමාට පූර්ණ වශයෙන් අයිති වූ සමාගමේ නමට පැවරීම නිසා පැවරුමට පසුව විනාශ වූ එම දැව තොගය සමාගමට අයිති එකක් මිස ඔහුට අයිති නොවන අතර තව දුරටත් ඒ සඳහා ඔහුට රක්ෂනීය බැඳීමක් නොමැති බවත් නිසා ඔහුට හිමිකම ක් නොමැතී බව තීන්දු විය. වෙන ම නෛතික පුද්ගලත්වය බදු සැලසුමවල දී ඒකාබද්ධ කණ්ඩායම් සඳහා වඩා නම්‍යශීලී ලෙස කටයුතු කිරීමට ඉඩ සලසන අතර බහු ජාතික සමාගම් වලට සිය එතෙර කාර්යයන් හි වගකීම් කළමනාකාරීත්වයට අවස්ථාවක් ලබාදේ. ඇතැම් විටක දී අධිකරණය විසින් සංස්ථාව නමැති කඩතුරාව බිඳ දමමින් ඒ පසුපස සිටිනන් පිළිබඳ සොයා බලා සෘජුවම වගකීම පවරයි. මේ සඳහා බොහෝ විට දිය හැකි උදාහරණ නම්

  • සමාගම නමට පමණක් පවතින්ක් වන අවස්ථාවේ දී
  • සමාගම එහි සාමාජිකයනගේ සහ පාලකයන්ගේ නියෝජිතයෙකු පමණක් වන අවස්ථාවේ දී
  • සමාගමේ නියෝජිතයෙකු යම් ප්‍රකාශනයක් හෝ ක්‍රියාවක් සම්බන්ධයෙන් පීද්ගලිකව ම වගකීම බාර ගන්නා අවස්ථාවේ දී
  • සමාගම වංචා සහගත ක්‍රියාවක හෝ වෙනත් වැරදි සගහත ක්‍රියාවක යෙදී සිටින අවස්ථාවේ දී
  • ගිවිසුම හෝ නීතිය අර්ථකථනයේ දී තනි සමාගමට සීමා නොවී ඒකාබද්ධ කණ්ඩායම ට යොමු කිරීම *නීතිය මඟින් අවසර ලබා දී අවස්ථාවේ දී (උදා සමාගම් කොටස් කරුවන් පරිසර සංරක්ෂණ නීති කඩ කළ අවස්ථාවක දී)
  • බොහෝ විනිශ්චයන් හී දී සමාගම අනිවර්ය බංකොලොත් භාවයකට පත්වෙමින් තිබිය දී දිගටම කටයුතු කර ගෙන යන විටදී පුද්ගලික වෙළඳ පාඩු පිළිබඳ සැලකිලිමත් වන ලෙස අධ්‍යක්ෂකවරුනට බල කිරීම.

ආයතනික නීති වර්ග

[සංස්කරණය]

විවිධ අධිකරණ විසින් සිය විනිශ්වයන්වලදී විවිධ ආකාරයේ සමාගම් නිර්මාණය කරන නමුත් ඉතා සුලභ මාදිලි යේ සමාගම් වන්නේ

  • කොටස් මඟින් සීමා වන සමාගම් - ව්‍යාපාර කටයුතු වලදී සුලභම සමාගම් මේවා වේ.
  • ඇපවීම මඟින් සීමා වන සමාගම් - වාණිජ්‍යයමය නොවන අරමුණු සඳහා පිහිට වන සමාජයන් සහ පුණ්‍යායතන . වසාතු භංගත්වයට පත්වූ වී ඈවර කිරීමේ දී ඇපකාර සාමාජිකයන් හට යම් ගෙවීමක් සිදුකරන අතර ඒ හැරෙන්නට සමාගම සම්බන්ධ වෙනත් අයිතිවාසිකම් නොමැත.
  • ඇපවීම මඟින් සීමා වන කොටස් ප්‍රාග්ධන සමාගම් - මෙම යෙදුම භාවිත වන්නේ වාණිජමය නොවන අරමුණු සඳහා පිහිටුවන ලද සමාගම් වන අතර සමාගමේ කටයුතු සඳහා මුදල්වලින් කොටසක් ගෙවනු ලබනනේ ආපසු ගෙවීමක් බලාපොරොත්තු වන ආයෝජකයන් ය.
  • වගකීම සීමා රහිත සමාගම්. සමාගමේ සමාජිකයන්ගේ ණය සඳහා වූ වගකීම සීමා රහිත වන සමාගම් මීට අයත්ය. වර්තමානයේ නම් මෙවැනි සමාගම් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් නීතිමය ව්‍යවහාරයේ දී සමාගමේ අයිතිකරුවන් හඳුන්වනු ලබන්නේ සාමාජිකයින් ලෙසය. කොටස් මඟින් සීමා වන සමාගම්වල අයිතිකරුවන් හඳුන්වනු ලබන්නේ කොටස්කරුවන් ලෙසය. ඇපවීම මඟින් සීමා වන කොටස් ප්‍රාග්ධන සමාගම්වල නම් අයිතිකරුවන් ඇපකරුවන් ලෙස හැඳින්වේ. ඇතැම් විටක දී මෙම සමාගම නෛතික සහ පාලන අරමුණු අනුව පොදු සමාගම් සහ පුද්ගලික සමාගම් ලෙස බෙදා වෙන් කරයි. පොදු සමාගම් යනු ප්‍රසිද්ධියේ කොටස් විකුණනු ලබන නිරතුරුව ම කොටස් හුවමාරු ක්‍රමයක් මඟින් පාලනය වන සමාගම් වේ. පුද්ගලික සමාගම්වල ප්‍රසිද්ධියේ කොටස් විකිණීමක් සිදු නොවේ. නිරතුරුව ම කොටස් පැවරීමේ සීමා වලින් යුක්ත වේ. පුද්ගලික සමාගම් සඳහා සිටිය හැකි උපරිම කොටස්කරුවන් ගණන අධිකරණ තීන්දු මඟින් සීමා කොට ඇත. විශේෂිත සංස්ථා අකාර සහ වෙනත් ව්‍යාපාරික සමාගම් විවිධ රටවල ස්ථාපිත කොට ඇති අතර ඒවායේ අධිකරණ බලය ලොව පුරාවම පවතී.

හැකියාව සහ බලතල

[සංස්කරණය]

නීතියට අනුව පුරාතනයේදී ආයතන යනු කෘත්‍රීම පුද්ගලයන් ලෙස සැලකූ බැවින් ඒවා විසින් කළ යුතු සහ නොකළ යුතු කාර්යන්ද නීතිය මගින් නිර්දේශ කරන ලදී. බොහෝවිට මෙම ආයතන පිහිටුවන්නට බලපෑ වාණිජ පරමාර්ථය පිළිබඳ ව හැඳින්වීමක්ද විය, පසුව මෙය ආයතනික අරමුණු ලෙස ව්‍යවහාරයට පැමිනුණ අතර අරමුණු කොට්ඨාශ ආයතනයේ හැකියාව ලෙස හඳුන්වන ලදී.යම් හෙයකින් කිසිවක් ආයතන්යේ හැකියාවට බාහිරව සිදු වුවහොත් එය බලාත්මක ක්‍රියාවක් වන අතර එම ක්‍රියාව ශූන්‍ය ක්‍රියාවක් වේ.

මෙම විලක්ෂණයට අනුව ආයතනික අංශයන් හට විවිධාකර වූ ආයතනික බලතල හිමිවී ඇත. යම් හෙයකින් ආයතනික අරමුණු සපුරාලිය හැකි නම් ඒවා කිරීමට බලතල පවතී. සාමාන්‍යයෙන් බලතල වල ප්‍රකාශනය මුල්කාලීනව අරමුණු සහ බලතල අතර වෙනස නීතීඥවරුන්ව අපහසුතාවයට පත් කළද ඒවා ප්‍රාග්ධනය උපයා ගැනීමේ මාර්ග මත සීමා වී පවතී.

බොහෝ අධිකරණ බලතලයන් වර්තමානයේදී තත්ත්වයට ගැලපෙන අයුරින් ව්‍යවස්ථානුකූලව නවීකරණය කර ඇත, එසේම ආයතනයකට සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කළ හැකි සියලු කාර්යයන් කිරීමට උචිත තත්ත්වයක් සහ එය ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට බලතලද ලබා දී ඇත.

කෙසේනමුත්, ආයතනික බලතල සහ හැකියාවලට අනුව බලතල නීතිමය වශයෙන් ඉතිහාසයට විසි කර දමා නැත. බොහෝ අධිකරණයනට අනුව ආයතන අධ්‍යක්ෂ මණ්ඩලය තවමත් ආයතනික අරමූණුවලින් බාහිරව කටයුතු කළ අවස්ථාවලදී එම ආයතනය සහ තුන්වන පාර්ශවය අතර ගනුදෙනුව වලංගු වුවද ආයතන කොටස්කරුවන් වෙත වගකීමට ඔවුන් බැඳී සිටී. එසේම සමහර නීති පද්ධතීන් මගින්, ගනුදෙනු " ආයතනික ප්රතිලාභ" යටතේ අභියෝගයට ලක් කළ හැක. එනම් එම අදාළ ආයතන ප්‍රතිලාභ ලබා නොදෙන අවස්ථා වලදීය.

ආයතනන වලට අදාළ නීතිය හා ආයතන සංයුතිය

[සංස්කරණය]

ලොව බලපැවත්වෙන සෑම අධිකරණ නීතියකින්ම පාහේ දක්වා ඇති පරිදි සමාගමක සතුව එහි සංයුතියක් පැවතිය යුතු වේ. මෙමගින් එම ආයතනයේ පැවැත්ම අර්ථ දැක්වෙන අතර එම ආයතනයේ ව්‍යුහය සහ පරිපාලනය විස්තර වේ.

සම්මුතියක් ලෙස අධිකරණ බලතල මගින් ආයතනික සංයුතිය ලේඛන දෙකකට බෙදා දක්වයි. ඒවා නම්

  • සාංගමික සංස්ථා පත්‍ර (සමහරක් රටවල සංස්ථාගත කිරීමේ ව්‍යවස්ථාවලිය හෝ සංස්ථාගත කිරීමේ සහතික පත්‍රය ලෙසද හැඳින් වේ) යනු ප්‍රාථමික ලියවිල්ලයි, මෙය ආයතනයේ බාහිර ලෝකයත් සමග ඇති කාර්යයන් නියම කරයි. උදාහරන ලෙස ආයතනයේ අරමුණු සහ බලතල මගින් එම ආයතනයේ අනුමත කොටස් ප්‍රාග්ධනය විදහා දක්වයි.
  • සාංගමික ව්‍යවස්ථාවලිය (සමහර රටවල අතුරු ව්‍යවස්ථාව ලෙස හඳුන්වන්නේ ද්විතීය ලියවිල්ලයි. මෙය සාමාන්‍යයෙන් ආයතනයේ අභ්‍යයන්තර සබඳතා සහ කළමනාකරණය නියාමනය කරයි. උදාහරණ ලෙස අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා ක්‍රියා පටිපාටි සැකසීම, ලාභාංශ නිකුතු දැක්විය හැකිය.

බොහෝ රටවල ප්‍රාථමික ලියවිල්ල පමණක් ගොනු කරන අතර ද්වීතීයික ලියවිල්ල පුද්ගලිකව තබා ගනී. අනෙකුත් රටවල ලියවිලි ද්විත්වයම වශයෙන් ගොනු කරනු ලබයි. සමහරක් රටවල් මගින් ආයතනයක තිබියයුතු සංයුතිය පිළිබඳ තොරතුරු ව්‍යවස්ථාපිත ලේඛනයක් මගින් ඉදිරිපත් කරයි ( උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ චක්‍ර ලේඛන ඒ සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රතිස්ථාපන නීති දැක්විය හැකිය .)

සිවිල් නීති සංග්‍රහයන්ට අනුව ආයතනික ව්යුහය එක් ලියවිල්ලකට ගෙන හැර දක්වයි. මෙය අධිකාර පත්‍රය ලෙස හඳුන්වයි.

සාමාන්‍යයෙන් ආයතනික සාමාජිකයන් විසින් ආයතනික ව්‍යුහය අවශ්‍ය අමතර සැකස්මද සමග පරිපූර්ණය කරයි, උදාහරණ ලෙස කොටශිමි ගිවිසුම් දැක්විය හැකිය. එමගින් ඔවුන් තමාගේ සාමාජික අයිතිවාසිකම් පිළිගැනීමට එකඟ වෙති. බොහෝ ආයතනික ව්‍යුහයන් තුළ කොටස් හිමියන්ගේ ගිවිසුම ඒ ලෙසින්ම සපුරාලනු ලබයි, නමුත් එය ගිවිසුමකි. යම්කිසි ලෙසකින් සඳහන් කර ඇත්නම් මිස නවක සාමාජිකයන් ඒ සඳහා බැඳී නොසිටී.

අනෙක් පරිපූරණය සිදු කරන පොදු ක්‍රමය නම් ඡන්ද විශ්වාසය පළකිරීමයි, මෙය එක්සත් ජනපද අධිකරණය හා ඇතැම් අධිකරණ ප්‍රතික්ෂේප කරයි.

ඇතැම් නීති සංග්‍රහ ආයතනික මුද්‍රාව ව්‍යුහයේ පාර්ශවයක් ලෙස ද සලකනු ලබයි.

සටහන්

[සංස්කරණය]
Corporations law
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ආයතනික නීතිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?