ආබාධිත පුද්ගලයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය
ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය (දෙසැම්බර් 3) යනු, 1992 වසරෙහි සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය ලැබෙන ජාත්‍යන්තර සැමරුමකි. ලොව වටා විවිධ සඵලත්වයෙන් යුතුව මෙය සමරා ඇත. ආබාධිත තත්ත්වයන් පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීමද ආබාධිත තත්ත්වයන් සහිත පුද්ගලයන් සඳහා අභිමානය, අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් රුකුල් දීම වෙත අනුග්‍රහ දැක්වීමද මෙම දිනය සැමරීමේ අදහස් අතර වෙති. දේශපාලන, සමාජ, ආර්ථික සහ සංස්කෘථික දිවියෙහි සෑම අංශයකදීම, ආබාධිත තත්ත්වයන් සහිත පුද්ගලයන් සමෝධානය කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභයන් පිළිබඳව දැනුවත්කිරීම ඉහළ නැංවීමටද මෙයින් අදහස් කෙරෙයි. එය මුලින් හැඳින්වුනේ " ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය" ලෙසිනි.[1] එක් එක් වසරෙහිදී මෙම දිනය අවධානය යොමු කරන්නේ වෙනස් කරුණු සම්බන්ධයෙනි.
2014 වසර සඳහා තේමාව
[සංස්කරණය]2014 වසර සඳහා තේමාව ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ "තිරසාර සංවර්ධනය: තාක්ෂණයෙහි පොරොන්දුව" යන්නයි. [2] මෙම වසරෙහි ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය විසින් අවධානය යොමු කරනු ලබන්නේ, ආපදා අවදානම් අල්පිකරණය, බලදායී වැඩ කිරීමේ වටපිටාවන් නිමැවීම, ආබාධිකත්ව-ඇතුළත් තිරසාර සංවර්ධන අරමුණු යන දේ සාක්ෂාත් කර ගැනුමට තාක්ෂණයෙහි භූමිකාව වෙත වෙයි. [3]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් පර්සන්ස් විත් ඩිසැබිලිටීස්". සම්ප්‍රවේශය 4 දෙසැම්බර් 2008.
- ^ "තීම් ෆෝ 2014: සස්ටනබල් ඩිවලප්මන්ට්: ද ප්‍රොමිස් ඔෆ් ටෙක්නලජි". සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2014.
- ^ "ටුඩේ ඊස් ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් පර්සන්ස් විත් ඩිසැබිලිටීස්". සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2014.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.