For faster navigation, this Iframe is preloading the Wikiwand page for අල්ටයර් (ගොඩනැගිල්ල).

අල්ටයර් (ගොඩනැගිල්ල)

Altair (අල්ටයර්)
2017 මාර්තු වන විට ඉදිකරමින් පවතින කුළුණු දෙක
අල්ටයර් (ගොඩනැගිල්ල) is located in මැද කොළඹ
අල්ටයර් (ගොඩනැගිල්ල)
පිහිටීම මධ්‍යම කොළඹ
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයඉදිකරමින් පවතින
ප්‍රභේදයනේවාසික, ව්‍යාපාරික
පිහිටීමකොළඹශ්‍රී ලංකාව
ලිපිනයඅංක 121 A, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02
නගරයකොළඹ
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක06°55′08″N 79°51′16″E / 6.91889°N 79.85444°E / 6.91889; 79.85444ඛණ්ඩාංක: 06°55′08″N 79°51′16″E / 6.91889°N 79.85444°E / 6.91889; 79.85444
ඉදිකිරීම් ආරම්භ වූයේ2012
උස
වාස්තුවිද්‍යාත්මකමීටර් 240.0 (අඩි 787)
තාක්ෂණික තොරතුරු
මහල් සංඛ්‍යාව68
මහල් වර්ගඵලයවර්ග අඩි 1,500,000 (140,000 වර්ග මීටර්)
සෝපාන/උත්තෝලකසේවා 2  , අධීවේගී  9 
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාMoshe Safdie
ප්‍රධාන කොන්ත්‍රාත්කරුShapoorji Pallonji Mideast LLC sp-group.co.in
Engineering services
Piling WorksSan Piling (Pvt) Ltd sanpiling.com
Water ProofingFinco Engineering (Pvt) Ltd fincoengineering.com
ආශ්‍රිතයන්
Skyscraper Database [1]

මෙම Altair ව්‍යාපෘතිය (හෝ Altair) ඉදිකිරීම් යටතේ පවතින ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ලකි. තට්ටු 68 කින් සහ උස මීටර් 240ක් වන මෙම ගොඩනැගිල්ලේ වැඩ අවසන් වූ විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි වලින් එකක් බවට පත්වනු ඇත. මෙම ගොඩනැගිල්ල බෙරේ වැවට යාබදව ඉඩම් අක්කර 2ක, අංක 121, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02 යන ලිපිනයේ පිහිටා ඇත. 2013 අගෝස්තු මස වන විට, පළමු අදියර අවසන් කර ඇත.[2]

පිහිටීම

[සංස්කරණය]

කොළඹ නගරයේ ඉතා සුවිශේෂී ස්ථානයක බේරේ වැවට යාබදව අංක 121, සර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටා ඇත. මෙම ගොඩනැගිල්ලේ බිම් මහලේ වර්ග අඩි 40000ක (වර්ග මීටර් 3,700) උසස් තත්ත්වයේ සිල්ලර සාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට නියමිත බැවින්, ඊට පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සර් ජේම්ස් පීරිස් මාවතේ කොටසක් පදිකයින් පමණක් ගමන් ගන්නා මාවතක් ලෙස වෙනස් කිරීමට සැලසුම් කර ඇත. තදබදය අඩු කිරීමට රථවාහන නව ප්‍රවේශ මාර්ගයක් හරහා හරවා යවනු ඇත. පවත්වනු ලැබූ රථවාහන විශ්ලේෂණයට අනුව ගමන් කාලය නාමික තත්පර 14කින් වැඩිවනු ඇත.[තහවුරු කර නොමැත]

එහි පිහිටීම නිසා එම ගොඩනැගිල්ලේ පදිංචිකරුවන්ට බේරේ වැවේ සහ ඉන්දියන් සාගරයේ අංශක 270ක පැහැදිලි දර්ශණයක් දිස්වේ.

විශේෂාංග

[සංස්කරණය]

Altair හි සුඛෝපභෝගී මහල් නිවාස (නිදන කාමර 3ක් සහිත, නිදන කාමර 4ක් සහිත සහ උප ගෘහයන්) 400කට අධික සංඛ්‍යාවක් වර්ග අඩි 1500 (වර්ග මීටර් 140) සිට වර්ග අඩි 4000 (වර්ග මීටර් 370) අතර පරතරයක දැකගත හැකි වේ. මෙම ගොඩනැගිල්ලේ 63 වන මහලේ අහස් උයනක්, තටාකයක්, විවේකාගාරයක් සහ උත්සව අංගනයකින් සමන්විත වේ.

නිර්මාණය හා ඉදිකිරීම්

[සංස්කරණය]

මෙම ගොඩනැගිල්ල සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ගෘහ නිර්මාණ ශිල්පියා වන Safdie Design හි Moshe Safdie විසින් නිර්මාණය කර ඇත. මෙහි එක් කුළුණක් මත අනෙක් කුළුණ හේත්තු වී පවතින ආකාරයට කුළුණු දෙකක් නිර්මාණය කර ඇත. ඇලව පවතින කුළුණ පැතලි පුවරු සමග සුවිශේෂී Diagrid ව්‍යුහයක් යොදාගෙන නිර්මාණය කර ඇති අතර එමගින් ගොඩනැගිල්ලට අභ්‍යන්තර කණු වල අවශ්‍යතාවක් නොමැතිව නොමැතිව ව්‍යුහාත්මක ස්ථාවරත්වයක් පමණක් නොව විශාල ජනෙල් සහිත ප්‍රවේශ මතුපිටක්ද ලබා දෙයි. මෙයින් උපරිම වායු ගැලීමක් සහ ආලෝකයක් ලබාදෙන අතර එයින් ගොඩනැගිල්ල තුල සිදුවන උණුසුම් සහ සිසිලස තත්ත්ව නිසා බලශක්ති ඉතුරුවක් සහ අකර්ශණීය දර්ශණයකට සඳලුතලයට ප්‍රවේශයද ලබාදෙයි.

මෙම කුළුණු ශක්තිමත් සිමෙන්ති ගොඩවල්, ශක්තිමත් කොන්ක්‍රීට් සහිත පහුරු අඩිතාලමක සහ වානේ උපරිව්‍යුහ මත ඉදිකරනු ලබයි. කොළඹ දිස්ත්‍රික්කයට කලාතුරකින් භූමිකම්පා ඇති වූවත් ( 0 භූකම්පන කලාපයක් ලෙස ජාත්‍යන්තර භූකම්පන කේතකරණය යටතේ වර්ගීකරණය කර ඇත ) රික්ටර් පරිමාණ 7 දක්වා ඇතිවන භූකම්පන වලට ඔරොත්තු දීමට Altair නිර්මාණය කර ඇත.

සංවර්ධකයින් RWDI හට සුළං උමං පරීක්ශණ පැවැත්වීම සඳහා බලය ලබාදී ඇත. බර්ජ් කලීෆාහි පරීක්ෂණ පවත්වන ලද්දේ ද මෙම කණ්ඩායම විසිනි. මීටර් 2ක Altair ආකෘතියක් මත තනි සුලං වේග සංවේදක 103ක් තැන්පත් කරන ලදී. තවද ඔවුන් මීටර් 480ක අරයක් ඇතුලත සියළුම අවට ගොඩනැගිලි සහ භූ ලක්ෂණද ආකෘතිගත කරන ලදී.

ඉදිකිරීම් තත්ත්වය

[සංස්කරණය]

Altair හි ඉදිකිරීම් ඇරඹීමට පදනම දමා දොඹකර සකස් කර ඇත. 2015 වන විට ගොඩනැගිල්ල අවම වශයෙන් මීටර් 50ක උසකින් සමන්විත විය. 2017 අවසන් වන විට සියලු මහල් සම්පූර්ණ කර ඇති අතර තවමත් GFRC පැනල් සහ ජනෙල් සවිකිරීමට ඇත.

  1. ^ සැකිල්ල:Ctbuh
  2. ^ "Altair completes first 100 piles for Sri Lanka's tallest condominium". The Island. 3 April 2013. සම්ප්‍රවේශය 4 April 2013.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අල්ටයර් (ගොඩනැගිල්ල)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?