අරවානා මාළුවා
අරවානා මාළුවා මකර මාළුවා හා Lucky Fish ලෙසද හඳුන්වයි. සාමාන්‍යයෙන් මෙම මාළුවා අගල් 25 ත් 30 අතර ප්‍රමාණයකට වැඩෙන අතර සමහරක් අරවානා මසුන් අගල් 48 ක් දක්වා වර්ධනය වීමද දැකිය හැකිය. මෙම මසුන් සාමාන්‍යයෙන් අවුරුදු 20ක් පමණ ජිවත් වේ.මෙම මසුන් ඇති කිරීම සුබ ලකුණක් ලෙස සලකයි. එම නිසා විවිධ ස්ථාන වල මෙම මසුන් ඇති කිරීම දක්නට ලැබෙයි.මොවුන්ගේද විවිධ ප්‍රබේද දක්නට ලැබෙයි. ඒවා නම් Malayan , Red , silver , Blue , Platinum & golden ලෙස නම් කර ඇත. මෙම මසුන්ගේ ඉල්ලුමේ වැඩිකම හා පවතින අලංකාර ශරීර ස්වභාවය නිසා මොවුන්ගේ මිල අධික වේ. මෙම මසුන් $ 150 සිට $ 150,000 මිලකට අලවි වෙනු දැකිය හැකිය.
අරවානා මාළු ටැංකියක අවශ්‍යතා
[සංස්කරණය]මෙම මාළුවන් විශාල නිසා ඔවුන්ට කුඩා ප්‍රමාණයේ මාළු ටැංකි සුදුසු නොවේ. ඔවුන්ට ගැලුන් 250 සිට 300 දක්වා විශාල මාළු ටැංකි වඩාත් සුදුසු වෙයි. මාළු ටැංකිය තුල විශාල ලෙස ගස් වැවිමද නොකළ යුතුය. කුමක් නිසාද යත් මෙම මසුන්ට පිහිනීම හඳහා විශාල නිදහස් කලාපයක් අවශ්‍ය වීමයි. මෙම මාළු ටැංකියක උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 ත් 30 ත් අතර හා PH අගය 7 ත් 7.5 ත් අතර පවත්වා ගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙම මසුන් මාංශ භක්ෂක වන අතර ගප්පි මසුන් , ගෝල්ඩ් ෆිෂ් මසුන් හා කුඩා මසුන් අහාරයට ගනී.වෙනත් මාංශමය මත්ස්‍ය ආහාරද ලබා දිය හැකිය.මොවුන් අබිජනනය පහසු නොවේ.
මුලාශ්‍ර
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.