For faster navigation, this Iframe is preloading the Wikiwand page for අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය.

අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය


අයිසීසී විස්සයි20 ලෝක කුසලානය
පරිපාලකඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියවිස්සයි20
පළමු තරගාවලිය2007
අවසාන තරගාවලිය2021
මිලඟ තරගාවලිය2022
කණ්ඩායම් ගණන16
වත්මන් ශූරයා ඕස්ට්‍රේලියාව (1 වන ශූරතාවය)
වඩාත් ජයග්‍රාහී බටහිර ඉන්දීය කොදෙව් (ශූරතා 2)
 එංගලන්තය (ශූරතා 2)
වඩාත් ලකුණුශ්‍රී ලංකාව මහේල ජයවර්ධන (1016)[1]
වඩාත් කඩුළුපකිස්තානය ෂහිඩ් අෆ්රිඩී (39)[2]

අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය (අයිසීසී ලෝක වි20 තරගාවලිය හෝ වි20 ලෝක කුසලාන තරගාවලිය ලෙසින්ද හැඳින්වෙන) යනු, ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ශූරතා තරගාවලියකි. ක්‍රිකට් ක්‍රීඩාවෙහි පාලන අධිකාරිය වන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කෙරෙන මෙම තරගාවලිය, කණ්ඩායම් 12 කින් සමන්විත වන අතර, එම කණ්ඩායම් අයිසීසී පූර්ණ සාමාජිකයෝ දස දෙනාගෙන් සහ අයිසීසී ලෝක විස්සයි20 යෝග්‍යතා නිර්ණය ඔස්සේ තෝරාගනු ලැබූ වෙනත් අයිසීසී සාමාජිකයන් දෙදෙනෙකුගෙන්ද සැදී පවතියි. මෙම ඉසව්ව සෑම දෙවසරකට වරක් පැවැත්වෙන අතර, සියළු තරග සඳහා, විස්සයි20 ජාත්‍යන්තරය තත්ත්වය පිරිනැමෙයි.

පසුබිම

[සංස්කරණය]

2002 වසරෙහිදී බෙන්සන් ඇන්ඩ් හෙජර්ස් කුසලාන තරගාවලිය අවසන්වත්ම, එම පුරප්පාඩුව පිරවීමට ඊසීබී සඳහා තවත් එක් දින තරගාවලියක් අවශ්‍ය විය. සීඝ්‍රයෙන් අඩුවෙමින් පැවති ප්‍රේක්ෂක ප්‍රමාණය සහ අඩුවී තිබුණු අනුග්‍රාහකත්වය වෙත ප්‍රතිචාර වශයෙන් ක්‍රීඩාවෙහි ජනප්‍රියත්වය නැංවීම සඳහා කිසියම් ක්‍රමවේදයක් ක්‍රිකට් බලධාරීන් විසින් සොයා බැලිණි. දිගු වේලාවක් තිස්සේ ක්‍රීඩා කෙරෙන අනුවාදයන් නිසාවෙන් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් සිටින ක්‍රීඩාලෝලීන් දහස්ගණනක් සඳහා අධි වේගී, උද්යෝගීමත් ක්‍රිකට් ක්‍රීඩාවක් සැපයීම අරමුණ විය. ඊසීබී හී අලෙවිකරණ කළමනාකරු වූ ස්ටුවට් රොබට්සන් විසින් 2001 වසරෙහිදී ප්‍රාන්ත සභාපති වෙත යෝජනා කලේ ඉනිමකට පන්දුවාර 20 කට සීමාවූ තරග පැවැත්විය යුතු බව වූ අතර නව ආකෘතිය පිළිගැනීමට ඔවුහූ 11–7 ලෙසින් ඡන්දය දෙමින් පිළිගත්හ.[3]

ප්‍රාදේශීය තරගාවලියන්
2007 තරගාවලියෙහිදී බංග්ලාදේශය එ දකුණු අප්‍රිකාව

2003 ජූනි 13 දිනදී පළමුවන නිල විස්සයි20 තරග පැවැත්වුනේ විස්සයි20 කුසලාන වෙනුවෙන් ඉංග්‍රීසි ප්‍රාන්ත අතර විය.[4] එංගලන්තයෙහිදී ක්‍රීඩා කෙරුණු පළමුවන විස්සයි20 තරග වාරය සාපේක්ෂ වශයෙන් ගත් කල සාර්ථක තරග වාරයක් විය.[5] 2004 ජූලි 15 දින මිඩ්ල්සෙක්ස් සහ සරේ කණ්ඩායම් අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙහිදී පැවැත්වුණු පළමුවන විස්සයි20 තරගය සඳහා 27,509 ක ප්‍රේක්ෂක ජනතාවක් ඇදී පැමිණි අතර 1953 වසරෙන් පසුව එක්දින අවසන් තරගයක් වෙත හැරුණු විට එම ක්‍රීඩාංගණයෙහි කිසිම ප්‍රාන්ත ක්‍රිකට් තරගයකට සහභාගි වූ වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණය එය විය.[6]

අනෙකුත් ක්‍රිකට් මණ්ඩල විසින් විස්සයි20 තරග ක්‍රීඩා කිරීම ඇරඹීමත් සමග මෙම තරග ආකෘතියෙහි ජනප්‍රියතාවය නොසිතූ තරම් ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක්, පකිස්තානයෙහි ෆයිසල් බෑන්ක් වි20 කුසලාන සහ ස්ටැන්ෆර්ඩ් 20/20 වැනි නව ප්‍රාදේශීය තරගාවලි සහ ආකෘතිය සඳහා මූල්‍යමය දිරිගැන්වීම් හා සමග සීඝ්‍ර වර්ධනයකට ලක්විය.

පැවැත්වුණු තරගාවලි

[සංස්කරණය]
වසර සත්කාරකත්වය අවසන් මහා තරගය තරගාවලියේ වීරයා
පැවති ක්‍රීඩාංගනය ශූරයන් ප්‍රතිඵලය අනුශූරයන්
2007 දකුණු අප්‍රිකාව වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්  ඉන්දියාව ලකුණු 5 කින්  පකිස්තානය ෂහිඩ් අෆ්රිඩි
2009 එංගලන්තය ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන්  පකිස්තානය කඩුලු 8 කින්  ශ්‍රී ලංකාව තිලකරත්න ඩිල්ෂාන්
2010 බටහිර ඉන්දීය කොදෙව් කෙන්සින්ග්ටන් ඕවල්, බ්‍රිජ්ටවුන්  එංගලන්තය කඩුලු 8 කින්  ඕස්ට්‍රේලියාව කෙවින් පීටර්සන්
2012 ශ්‍රී ලංකාව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ  බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 36 කින්  ශ්‍රී ලංකාව ශේන් වොට්සන්
2014 බංගලාදේශය ශරේ-බන්ග්ලා ක්‍රීඩාංගනය, ඩකා  ශ්‍රී ලංකාව කඩුලු 6 කින්  ඉන්දියාව විරාත් කෝලි
2016 ඉන්දියාව ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා  බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 4 කින්  එංගලන්තය විරාත් කෝලි
2021 එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි  ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින්  නවසීලන්තය ඩේවිඩ් වෝනර්
2022 ඕස්ට්‍රේලියාව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න්  එංගලන්තය කඩුලු 5 කින්  පකිස්තානය සෑම් කරන්
2024 බටහිර ඉන්දීය කොදෙව්, එක්සත් ජනපදය කෙන්සින්ග්ටන් ඕවල්, බ්‍රිජ්ටවුන් ඉන්දියාව ලකුණු 7 කින් දකුණු අප්‍රිකාව Jasprit Bumrah
2026 ශ්‍රී ලංකාව ,

ඉන්දියාව

2028 ඕස්ට්‍රේලියාව ,

නවසීලන්තය

2030 එංගලන්තය ,

අයර්ලන්තය ,ස්කොට්ලන්තය


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ රෙකඩ්ස් – අයිසීසී වර්ල්ඩ් ට්වෙන්ටි20 – මෝස්ට් රන්ස් ක්‍රික්ඉන්ෆෝ
  2. ^ රෙකඩ්ස් – අයිසීසී වර්ල්ඩ් ට්වෙන්ටි20 – මෝස්ට් විකට්ස් ඉන් අ කරියර් ක්‍රික්ඉන්ෆෝ
  3. ^ Newman, Paul; මීට් ද මෑන් හූ ඉන්වෙන්ටඩ් ට්වෙන්ටි20 ක්‍රිකට් – ද මෑන් මිසිං අවුට් ඔන් මිලියන්ස්; ඩේලි මේල්; 11 ජූනි 2008. සම්ප්‍රවේශය 6 ජනවාරි 2009
  4. ^ මැචර්ස් ප්ලේඩ් 13 ජූන් 2003 ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 9 ජූනි 2008
  5. ^ ට්වෙන්ටි20 කප්, 2003, ෆයිනල් – සරේ වර්සස් වෝවික්ෂයර් ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 9 ජූනි 2008
  6. ^ වීවර්, පෝල් (25 මැයි 2009). "උස්මාන් අෆ්සාල් ගිව්ස් සරේ විනිං ස්ටාර්ට් බට් ඇබ්සන්ට් ෆෑන්ස් ෆුවල් කන්සර්න්ස්". ද ගාඩියන්. https://www.theguardian.com/sport/2009/may/25/usman-afzaal-surrey-middlesex-twenty20. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 මැයි 2012. 
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?