For faster navigation, this Iframe is preloading the Wikiwand page for අයිරිස් තිරය.

අයිරිස් තිරය

අයිරිස් (紙本金地著色燕子花図, shihonkinjichakushokukakitsubata-zu) යනුවෙන් හැඳින්වෙන්නේ රින්පා ගුරුකුලයේ ජපන් ශිල්පියකු වන ඔගතා කෝරින් විසින් නිර්මාණය කරන ලද පනේල සයකින් යුත් නැමුම් තිරයකි (බ්යෝබු). මෙමගින් නිරූපණය වන්නේ ජලයේ දර්ශනයක් වන අතර ජපන් අයිරිස් (Iris laevigata) මල් එහි පාවී යයි. මෙම කෘතිය බොහෝවිට 1701–05 අතර කාලයේ නිර්මාණය වන්නට ඇත.[1][2] මෙය එදෝ යුගයේ ගෙන්රොකුබුන්කා නැමැති සුඛෝපභෝගී දර්ශන කාලසීමාවක නිර්මාණය වී ඇත.

අයිරිස්, ඔගතා කෝරින්, මුල්කාලීන 18වන සියවස

මෙම තිර වර්ෂ 200කට අධික කාලයක් කියෝතෝවේ නිෂි හොන්ගන්ජි නම් බෞද්ධ විහාරයේ තැන්පත් කොට තිබිණි. වර්තමානයේ මේවා නේසු කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති අතර, එය ජපානයේ ජාතික වස්තුවක් ද වේ.

මෙයට වසර 5[3] සිට 12[4] දක්වා කාලයකට පමණ පසුව ඔගතා කෝරින් විසින් නිර්මාණය කළ අයිරිස් මල් නිරූපිත මෙයට සමාන තිර යුගළක් නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. සියවසකට පමණ පසු ප්‍රථම වරට මෙම අයිරිස් තිර හතරම එකට ප්‍රදර්ශනය කෙරුණේ[5] 2012දී නේසු කෞතුකාගාරයේ පැවති "කොරින්: නේසු කෞතුකාගාරයේ ජාතික වස්තුව අයිරිස් සහ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ පාලම්-අට" නම් ප්‍රදර්ශනයේ දී ය.[6]

මෙම තිර ද්විත්වයම ඉසේහි කථා (伊勢物語, ඉසේමොනාගතරි) තුළ එන කථා පුවතකින් ආභාසය ලබා ඇත.[7] එපමණක් නොව මෙම තිරවල පිටපතක් වින්සන්ට් වැන් ගෝගේ අයිරිස් මල් ඇතුළු උපස්ථිතිවාදී සිතුවම් සඳහා ආබාසය සපයන්නට ඇතැයි විශ්වාස කෙරේ.

අයිරිස්

[සංස්කරණය]

බෞද්ධ කලා ශිල්පීන් සඳහා පිදෙන තෙවන ඉහළම පදවි නාමය වූ හොක්ක්යෝ (法橋) (අර්ථය "ධර්මයේ පාලම") හිමිවීමෙන් පසුව ඔගතා කෝරින් (尾形光琳) විසින් නිර්මාණය කළ පළමු කෘති අතුරින් එකක් ලෙස මෙම තිරය සැලකේ. මෙමගින් උපස්ථිතිවාදීව නිරූපිත පිපුණු නිල් ජපන් අයිරිස් පොකුරක් සහ ඒවායේ කොළ පැහැ අතුරිකිලි දක්නට ලැබේ. මෙය පනේල ඔස්සේ රිද්මයානුකූල දර්ශනයක් මවා පායි. ඇතැම් මල් පොහොට්ටුවල ඇති සමානකම් මගින් ස්ටෙන්සිල් අච්චුවක් භාවිතා වූ බැව් පෙනී යයි. මෙම කෘතියේ තවරායා සෝතත්සුගේ ආභාසය දක්නට ලැබේ. මෙය නව ශිල්පී ගුරුකුලයක් වන රින්-පා (琳派) සම්ප්‍රදායේ දර්ශීය නිර්මාණයක් වන අතර, එම ගුරුකුලයට මෙම නම ලැබී ඇත්තේ "කෝරින්" යන්නෙහි අවසන් අක්ෂරයෙනි.

කෝරින් ඉතා සීමිත වර්ණ පදාසයක් අනුගමනය කොට ඇති අතර, එය මල්වල අල්ට්‍රාමැරීන් නිල, ඒවායේ පත්‍රවල වූ කොළ පැහැය සහ රන්වන් පසුබිම තුළින් දක්නට ලැබේ. කඩදාසිය මත තීන්ත සහ වර්ණවලින් නිමවූ මෙහි රන් පත්‍රවලින් තැනූ චතුරස්‍ර සිතුවම් කළ ප්‍රදේශ වටා යෙදීමෙන් මෙයට දිදුලක පසුබිමක් ලැබී ඇත. එය ජලයේ ස්වභාවය සිහිගන්වයි. තද නිල් වර්ණය නිර්මාණය කොට ඇත්තේ කුඩු කරන ලද ඇසූරයිට් (群青 (ගුන්ජෝ)) භාවිතයෙනි.

සෑම තිර සයේ පනේලයක්ම 150.9 by 338.8 සෙන්ටිමීටර (59.4 in × 133.4 in) යන මිනුම්වලින් යුක්ත ය. මෙම තිර බොහෝවිට නිජෝ පවුල සඳහා නිර්මාණය කොට ඇති බැව් පෙනෙන අතර, ඒවා කියෝතෝවේ නිෂි හොන්ගන්ජි බෞද්ධ විහාරස්ථානයට ප්‍රදානය කොට ඇත. 1913දී විහාරයෙන් මේවා අලෙවි කරන ලදී.

යට්සුහෂිහි අයිරිස්

[සංස්කරණය]
යට්සුහෂිහි අයිරිස්, ඔගතා කෝරින්, මුල්කාලීන 18වන සියවස

අවුරුදු 5[8] සිට 12[9] දක්වා කාලයකට පසු කෝරින් විසින් මෙයට සමාන තවත් පනේල සයකින් යුත් නිර්මාණයක් සිදුකොට ඇති අතර, එය යට්සුහෂිහි (පාලම් අටේ) අයිරිස් (八橋図屏風) ලෙස හැඳින්වේ. මෙම දෙවන තිර යුගල 1953දී නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 2013දී ඒවා අවසන් වරට ප්‍රදර්ශනය කෙරිණි.[10]

1710–16 අවට කාලයේ නිමවූ මෙම දෙවන අයිරිස් තිර යුගල ද නිර්මාණය කොට ඇත්තේ රන් පත්‍ර ඇලවූ කඩදාසිය මත තීන්ත සහ වර්ණ යොදාගනිමිනි. මේවා එක එකක් සෙන්ටිමීටර 163.7 × 352.4 (64.4 in × 138.7 in) යන මිනුම්වලින් යුක්ත වේ.[11]

මුල් අයිරිස් තිර යුගල මෙන් නොව, දෙවන අයිරිස් තිර යුගලේ කෝණික පාලමක නිරූපණයක් ද ඇතුළත් ය.[12]

ඉසේහි කථා

[සංස්කරණය]

මෙම තිර යුගල සඳහාම පෙළඹවීමක් ලැබී ඇත්තේ ඉසේහි කථා (伊勢物語, ඉසේමොනොගතරි) තුළ එන කථා පුවතකිනි. කථාවේ එන නමක් නොමැති ප්‍රධාන චරිතය (බොහෝවිට අරිවරා නෝ නරිහිරා) ගඟකට ඉහළින් වූ පුවරු අටකින් යුත් ග්‍රාම්‍ය පාලමක් අසල දී මල් දකියි. එය ප්‍රේමාන්විත පද්‍යයකට පෙරළී ඇත. මෙහි සෑම පේළියකම පළමු අක්ෂරය එක පෙළට ලියුවහොත් අයිරිස් සඳහා යෙදෙන ජපන් වදන ලැබේ. (ක-කි-ත්සු-හ-(බ)-තා). ජපන් අයිරිස් විශේෂය වන Iris laevigata (කකිත්සුබතා (カキツバタ)) වැවෙන්නේ වගුරු සහිත තෙත්බිම්වල ය.

මුල් පෙළ උච්චාරණය අර්ථය

からごろも
きつつなれにし
つましあれば
はるばるきぬる
たびをしぞおもふ

කරගොරොමෝ
කිත්සුත්සුනරෙනිෂි
ත්සුමාෂියරෙබා,
හරුබරුකිනුරු
තාබි වෝ ෂි‍සූමෞ

මෙවර මෙම ගමනේ දී මා දිගු දුරක් පැමිණ ඇති අතර, කියෝතෝවේ මා හැර දමා ආ මගේ බිරිය ගැන සිතමි

බලපෑම

[සංස්කරණය]

පැහැදිළිවම වින්සන්ට් වැන් ගෝගේ අයිරිස් මල් සිතුවම සඳහා මෙම සිතුවමේ ආභාසය බලපාන්නට ඇත: ඔහුට මෙහි සැබෑ සිතුවම දැකගත නොහැකි විය. තවමත් මෙහි මුල් පිටපත ජපානයේ ඇති අතර, කොරින් හ්‍යකුසු කොහෙන් එකතුවේ දැව කැටයමක් ලෙස එය ප්‍රතිනිර්මාණය වී ඇත.

මේවාත් බලන්න

[සංස්කරණය]
  • රතු සහ සුදු ප්ලම් කැකුළු

සටහන්

[සංස්කරණය]
  1. ^ Daugherty 2003, පිටු අංකය: 42.
  2. ^ "Irises". Columbia University. සම්ප්‍රවේශය 2017-09-16.
  3. ^ "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
  4. ^ "National Treasure Irises of the Nezu Museum and Eight-Bridge of the Metropolitan Museum of Art". Nezu Museum. සම්ප්‍රවේශය 2017-09-20.
  5. ^ "National Treasure Irises of the Nezu Museum and Eight-Bridge of the Metropolitan Museum of Art". Nezu Museum. සම්ප්‍රවේශය 2017-09-20.
  6. ^ "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
  7. ^ "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
  8. ^ "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
  9. ^ "National Treasure Irises of the Nezu Museum and Eight-Bridge of the Metropolitan Museum of Art". Nezu Museum. සම්ප්‍රවේශය 2017-09-20.
  10. ^ "National Treasure Irises of the Nezu Museum and Eight-Bridge of the Metropolitan Museum of Art". Nezu Museum. සම්ප්‍රවේශය 2017-09-20.
  11. ^ "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
  12. ^ "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අයිරිස් තිරය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?