For faster navigation, this Iframe is preloading the Wikiwand page for දකුණු අ.එ.ජ. සාහිත්‍යය.

දකුණු අ.එ.ජ. සාහිත්‍යය

මෙම ලිපිය වනාහි Southern literature ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.

Southern Literature


නවීන අර්ථ දැක්වීම: තද රතු ජනපදය දකුණේ වත්මන් අර්ථදැක්වීම්වල බොහෝ විට ඇතුලත් වන අතර සාමාන්‍යයෙන් මධ්‍යම රතු පැහැය ද ඇතුළත් වේ. විලිඛිත ජනපද ඇතැම් විට අවස්ථාවාදිව දකුණේ ලෙස සැලකේ.

දකුණේ සාහිත්‍යය (ඇතැම් විට දකුණු ඇමරිකානු සාහිත්‍යය ලෙස හැදින්වේ). දකුණු එක්සත් රාජධානියේ ඇමරිකානු සාහිත්‍යය හෝ එම කලාපයේ රචකයින් මගින් අර්ථ කථනය කර ඇත. දකුණේ සාහිත්‍යය තුළ ඇති ප්‍රධාන ලක්ෂණ ලෙස හදුනාගත හැක්කේ පොදු දකුණු ‍සාහිත්‍යය, පවුලේ විශේෂත්වයන්, සාමුහික හැඟීම්, සහ ඒ තුළ තමන්ට හිමි කාර්යභාරය, කළාපය තුල ප්‍රබල ආගම් (ක්‍රිස්තියානි - රෙපරමාදු ආගම විමසන්න) සහ ආගම් තුළින් ලැබෙන කරදර/ වරප්‍රසාද, ජාතිවාදී ආතතියේ ප්‍රශ්න, ඉඩම් සහ ඉන් ලැබෙන පොරොන්දු, සමාජ පන්ති සහ ස්ථානය පිළිබඳ හැඟීම්, සහ දක්ෂිණ දේශිය භාෂාවේ යොදා ගැනීම් වේ.

යුද්ධයට පෙර රචිත සාහිත්‍ය

[සංස්කරණය]

17 වන හා 18 වන සියවස් වලදී බොහෝ රච‍කයෝ දකුණු ඇමරිකාව පිළිබඳ ලියූහ. බොහෝවිට ඔවුහු ඇමරිකානුවෝ වූහ. (උදා: කැප්ටන් ජෝන් ස්ම්ත්ගේ කෘති) කෙසේ වෙතත් මෙම කෘති දකුණු ඇමරිකාවට අයත් නොවුනේ ඒවා ඇමරි‍කාවේ ගොඩනැගීම විස්තර කරන බැවිනි.දකුණු ඇමරිකාව විශේෂිත වු සංස්කෘතියකින් හෙබිව පැවතීම ඇරඹුයේ 1800 යේ මුල් කාලයේදී පුළුං වගාව, වහල් භාවය ඇරඹීමත් සමඟය. යුද්ධයට ප්‍රථම කාල වකවානුයව්දී ජීවයෙන් පිරි සාක්ෂරතාවයක් සහිත සමාජයක් චාල්ස්ටන් හා දකුණු කැරොලිනාඩ්යේ දැක ගත හැකි විය. එම සමයේ ලේඛකයන් වන ජොන් හැම්ල්ටන් හයිනි ආදී කිවිවරුන් ගීතමය, හැගිම්බර කෘති එළි දැක් වූහ. එසමයේ බිහි වූ වැදගත් කෘතියක් ලෙස clotel හා The President's Daughterයන කෘති දැක්විය හැක. එම කෘතිවල කතුවරයා වනුයේ දකුණු ඇමෙරිකානූ වහලකු වන විලියම් වෙල්ස් බ්‍රවුන්ය. එය අප්‍රිකානු ඇමරිකානුවෙක් අතින් ලියවුණු ප්‍රථම කෘතිය වේ. එසමයේ පැවති කටකතාවක් වූ තෝමස් ජෙරේසන් ගේ හා ඔහුගේ වහලියකගේ දරුවා පිලිබඳව එහි අන්තර්ගත විය.

දකුණු ඇමරිකාවෙන් බිහි වූ තවත් සාර්ථක කතුවරයකු වන්නෙන් මහාචාර්ය විලියම් එච් පෙක්ය. (1830) ජෝර්ජියාවේ ඉපදුණු ඔහු සිය පියාවන කර්නල් පෙක් සමඟ 1843 දී මධ්‍යම ෆ්ලෝරිඩාවට පදිංචියට ගියේය. ඔහු පසුව විස්තරාත්මක අයුරින් මෙම ප්‍රදේශය පිළිබඳ ලියුවේය. 1853 දී උපාධිය ලබා ගත් හෙතෙම සිය ලේඛන ජිවිතය රිචඩ් බොනර්ගේ නිව්යෝර්ක් ලෙජරයට ලබා දුන් ලිපි මගින් ඇරඹුවේය. ඔහු ඉතිහාසය පිළිබද මාහාචාර්යවරයකු ලෙස සේවය කළ අතර ජොර්ජියා වීක්ලි යන සඟරාව පසුව ජෝර්ජියාවේ දී ඇරඹිය. පසුව ඔහු විශ්‍රාමිකව ‍ෆ‍්ලෝරිඩාවේ දිවි ගෙවු අතර සිය බිරිඳගේ අභාවයෙන් පසු 1892 දී අභාවයට පත් විය.

දකුණු සාහිත්‍යය විවරණය

[සංස්කරණය]

දකුණේ සාහිත්‍යය සරලව ආකාරයේ සමන්විත වන්නේ, දකුණු ඇමෙරිකාව, දකුණු කැලිෆෝනියා උච්චතම දකුණු රාජ්‍ය ලෙස හෝ අර්ථ දක්වමින්, ජෝර්ජියා, අලබානියා‍, උතුරු කැරලිනා, වර්ජිනියා, ටෙනසි, මිසිසිපි සහ ලුයිසිනාය සහ ආකන්සාස් හෝ දකුණේ පැතිරුණ කොන්ටකි, මෙරිලන්ඩ්, බටහිර වර්ජිනියා, මිසොරි යන දේශ සීමා ඇතුලත්ව සහ පර්යන්ත දකුණු ජනපද වන ෆ්ලෝරිඩා, ටෙක්සාස් සහ ඔක්ලොහොමා

දකුණේ සාහිත්‍යයේ භූගෝලිය කොටස් වලට අමතරව, දකු‍ණු ජනපදයේ වහලුන් පිළිබඳව, ඇමරිකානු සිවිල් යුද්ධය සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාන ඉතිහාසයන් හේතුවෙන් ඇතැම් තේමාවන් මතු වී ඇත. දකුණේ ගතානූපාතික සංස්කෘතිය, දකුණේ සාහිත්‍යය තුළ ඉතා තදබල ලෙස පවුලේ සුවිශේෂත්වයන්, ආගම පුද්ගලයන් තුල සාමූහිකත්වය සහ සමාජීය ජීවිතය, දකුණේ දේශිය භාෂාව යොදා ගැනීම සහ ස්ථානය පිළිබඳ හැඟීම් අඩංගු කර තිබේ.

මෙම පොදු තේමාවකට අමතරව, දකුණේ ඔවුන්ගේ සාහිත්‍යය සහ රචකයින් බොහෝ විට මතභේදයට ලක් වේ. උදාහරණයක් ලෙස, තර්කානුකුලව දකුණේ සාහිත්‍යයේ පියා වන 'මාර්ක්ටිවේයින්' ඇසුරු කළ බොහෝ ජනතාවගේ ගති ලක්ෂණ අර්ථ කථනය කර තිබේ. තවද ඔහු තමාවත් 'දකුණේ රචකයෙක්' ලෙස සැලකුවේය. මීට අමතරව ඔහුගේ උපන් පලාත වන සම්ප්‍රදායික ලෙස දකුණේ කොටසක් ලෙස නොසැලකුණේය. මීට අමතරව බොහෝ ජනප්‍රිය දකුණේ ලේඛකයින් තමන් විසින්ම කර ගත හැකි වයසට පත් වු විගය උතුරු ඒක්සත් ජනපදයට පලා ගියේය. භූගෝලීය සාධකයක් වූ නමුත්, භූගෝලයේ උපත් ස්ථානය දකුණේ රචකයෙක් ලෙස අර්ථ දැක්වීමට සාධකයක් නොවීය.

දකුණු සාහිත්‍යයේ පුනරුදය

[සංස්කරණය]

1920 දී සහ 1930 දී විලියම් ෆොල්කර්, කැලරින් ගෝර්ඩ්න්, ටෙනිසි විලියමස්, කැතරින් ඇන් පෝටර්, ඇලන් ටේට්, තෝමස් වුල්ෆ් සහ රොබර්ට් වාරෙන් වැනි කතෘවරුන්ගේ හා අනෙකුත් අයගේ රචනා ප්‍රකාශ වීමත් සමග දකුණු සාහිත්‍යයේ පුනරුදය ආරම්භ විය. ඇමරිකානු සිවිල් යුද්ධය සහ වහලුන් අතර වු පරතරය නිසා කතුවරයන්ගේ අභිප්‍රාය වුයේ දකුණ පිළිබදව රචනා කිරීමටය. 1920 කාලවකවානුව තුළදී දකුණු සාහිත්‍යය 'වැන්ඩර්බ්ලට් විශ්ව විද්‍යාලය' 'ෆ්‍රයිටිවුස් යටතේ වඩා ශක්තිමත් විය. එච්.එල්. මෙන්කෙන්ස්ගේ ජනප්‍රියතාව වර්ධනය වුයේ දකුණේ සාහිත්‍යයේ වටිනාකම නිපැදවීම ඌනතාව ඔහුගේ උපහාසාත්මක ලේඛණයන් තුළින් මතුකිරීමෙන් පාඨකයින් මවිතයට පත් කරවමිනි. 'ද සරා ඔෆ් ද බොසාර්ට්ස්' මැකෙන්ස් ලේඛණයන්ට වස්තු විෂය වුයේ, දකුණේ කෘෂිකර්මයයි. (වැන්ඩර්බිල් මත බොහෝ අතර වු) දකුණේ කෘෂිකර්මය නැවත කථා කල අතර, දකුණේ නාගරීකරණය සහ කාර්මීකරණයේ නැග්ම පිළිබදව වැළපුනේය. ඔවුන් නිර්මාණාත්මක බව සහ කාර්මීකරණයේ නැග්ම පිළිබදව වැළපුණේය. 1919 දී සාහිත්‍ය සම්බන්ධ නොබෙල් ත්‍යාගය දිනු 'ෆොල්කර්' වැනි ලේඛකයින් සංඥා ප්‍රවාහයන් සහ සංකීර්ණ ලේඛණ මඟින් තාක්ෂණයන් හදුන්වා දෙන ලදී. උදාහරණයක් ලෙස ඇස් අයි ලේ ඩයින්ග් 'පොඩි පුතාගේ අභාවය' නැමැති නිර්මාණයෙන් පසු කථිකයන් පෙළ ගැස්වීමෙන් වෙනසක් සිදු කළේය.

1930 අගදී මාග්‍රට් මිචෙල්ගේ 'ගොන් විත් ද වින්ඩ්' යන දකුණු නවකතාව ප්‍රකාශයට පත් වීම දක්නට ලැබේ. 1937 දී ප්‍රකාශයට පත් වු නවකතාව හොදින් අලෙවි වන බවට වේගයෙන් ප්‍රචාරයට පත් වු අතර ජනප්‍රිය චිත්‍රපටයකට සමාන විය. දකුණේ සාහිත්‍ය බොහෝ වර්ගයන් තුළ ප්‍රසිද්ධ විය. 'එසෙකියල්' වැනි ලමා පොත්, 1937 ප්‍රකාශයට පත් වු 'එල්විරා ගානර්' ලේඛකයා විසින් දකුණේන් පිටත වු ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගත්තේය.

1940 සිට දකුණේ සාහිත්‍යය වර්ධනය වුයේ ඇමරිකානු සිවිල් අයිතිවාසිම් සංගමය තුළින් වු සමාජයීය සහ සාහිත්‍ය වෙනස්කම් තේමාවන් වැළද ගැනීමෙනි. තවද බොහෝ කාන්තාවන් සහ අප්‍රිකානු ඇමරිකානු ලේඛකයින් දකුණු සාහිත්‍යයේ කොටසක් ලෙස පිළිගැණුනු අතරම 'සොරා නිල් හර්ස්ටන්' 'ස්ටර්ලින් ඇලන් බ්‍රවුන්' සහ ‍'ඩොරි සැන්ඩර්ස්' ඇතැම් 'යුඩෝරා වෙල්ටි' 'ෆලැනර් ඔ කෝනර්' සහ 'කාර්සන් මැක්කියුලර්ස්' යන කාන්තාවන් ද ඇතුළත් විය. මෙම කාලය තුළ හොඳින් දන්නා දකු‍ණු ලේඛකයින් ලෙස 'රෙනෝල්ඩ් ප්‍රයිස්', 'ජේම්ස් ඩිකේ' සහ 'වොල්කර් පර්සි' දැක්විය හැක. 20 වන ශතවර්ෂයේ වර්ණනාවට පත් වු දකුණේ නවකතාව වන්නේ, 'හාර්පල් ලි' විසින් රචිත වු කිල් ටොකින්බර්ඩ් 1960 දී ප්‍රකාශනයෙන් පසු 'පුලිට්සර්' සම්මානය දිනා ගත්තේය. 1960 දී ජනප්‍රිය නවකතාවක් වුයේ 'නිවු ඕර්ලින්ස් විසින් රචිත 'අ කොන්ෆෙඩර්සි ඔ‍ෆ් ඩියුන්සස්ය. නමුත් එය 1980 තෙක් ප්‍රකාශයට පත් නොවිය. නමුත් 1981 දී 'පුලිට්සර් සම්මානය' දිනාගැනීමෙන් පසු සම්භාව්‍ය කෘතියක් බවට පත් විය.

වර්තමානයේ දක්ෂිණ සාහිත්‍යය

[සංස්කරණය]

වර්තමානයේ දක්ෂිණ ඇමරිකා‍ව වේගවත් කාර්මීකරණය රට තුළට සංක්‍රමනිකයන්ගේ ඇතුලු වීම ඇතුලත්ව, සමාජීය සහ සංස්කෘතික විපර්යාසයන් රැසකට මුහුණ පා තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂිණ සාහිත්‍ය කුමන වෙනස්කම්වලට පත්වනවාද යන්න නිවැරදි අර්ථ දැක්වීමක් කල නොහැක. ඇතැම් විචාරකයින් දක්ෂිණ සාහිත්‍යයේ පෙර අර්ථ දැක්වීම් තවදුරටත් තිබෙනබව පවසයි. තවමත් සාර්ථක ජේම් ලී බුක් ගේ අපරාධ නවකතාව, ඔවුන්ගේ දක්ෂිණභාවය පෙන්වීමට ලැජ්ජා නොවන අතර ඔවුන්ගේ දේශ ව්‍යාප්ත ජනප්‍රසාදය දක්ෂිණ සාහිත්‍යයේ සිත් ඇදගැනීමට අනුග්‍රහය වී ඇත.

අනෙක් අය පවසා සිටින්නේ පැරණි දකුණු සාහිත්‍ය කල්පිත තවදුරටත් වලංගු නොවන ආකාරයෙන් දකුණේ නිර්මාණ වෙනස් වී ඇති බවයි. දකුණේ ඉපදී වැඩුන 'ට්‍රමෑන් කැපෝට්' ප්‍රසිද්ධ වුයේ ඔහුගේ 'ඉන් කෝල්ඩ් බ්ලඩ්' නවකතාවටය. එම රචනාවෙහි 'දකු‍ණු රචනා' ගතිගුණ කිසිවක් අඩංගු වී නොමැත. අනෙක් දකුණු රචකයින් වන ප්‍රසිද්ධ කතෘ ‍'ජෝන් ග්‍රිසාන්' දකුණු සාහිත්‍යයේ ප්‍රශ්න පිළිබද ලියුවේ ඉතා කලාතුරකිනි. ප්‍රසිද්ධ 'මිස්නයිට් ඔෆ් ද ගාඩ්න් ඔෆ් ගොඩ් ඇන්ඩ් ඊවිල්' රචිත ජෝන් බෙරට් දකුණේ වැසියෙක් නොවේ.

වර්තමානයේ දක්ෂිණ ලේඛකයින් අතර ප්‍රසිද්ධ වන්නේ බැරැ හුනා, දට් කොන‍රොයි, ෆැනි ෆ්ලැග්, අර්න්ට් ගෙයින්ස්, මැරි හුඩ්, ලී ස්මිත්, ටොම් රොබින්ස්, ටොම් මුල්ෆ්, ඈන් රයිස්, එඩ්වඩ් ජෝන්ස්, විලි මොර්ස්, ලැරි බ්‍රවුන් සහ කේයි ගිඔන්ස් යන අයයි.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
දකුණු අ.එ.ජ. සාහිත්‍යය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?