For faster navigation, this Iframe is preloading the Wikiwand page for අම්මා.

අම්මා

සංක්රුමණික මව ඩොරතියා ලේන්ජ් විසිනි

දෙමව්පිය භූමිකාව තුළින් මව යනු, ගැබ්ගත්, දරුවෙකුට ජන්මය ලබාදුන් හෝ දරුවකු උස් මහත් කළ කාන්තාවකි. [1] මව පිළිබඳ සමාජයීය, සංස්කෘතික හා ආගමික වශයෙන් පවතින නිර්වචනයන්හි හා භූමිකාවන්හි සංකීර්ණභාවය හා විවිධත්වය නිසා මව යන්නට විශ්වයම පිළිගත් නිර්වචනයක් ලබාදීම අභියෝගාත්මක වේ. පුරුෂලිංගික සමානතාව පියා වේ.comment ;-)

ජීවවිද්‍යාත්මක මව

[සංස්කරණය]

මිනිසුන් වැනි ක්ෂීරපායී සත්ව කොට්ඨාශයේ ගර්භනී කාන්තාවන් සඵල ගර්භබීජයක් ලෙස දරුවකු කුසෙහි දරාගෙන සිටියි. ජීවය සහිත වූ සඵල ගර්භබීජයකින් හෝ කළලයකින් ගර්භයක් වර්ධනය වේ.

නියමිත කාලය තුළ සිදු වූ බවට උපකල්පනය කළ විට පිළිසිඳගැනීමේ සිට උපත සඳහා ප්‍රමාණවත් තරම් වර්ධනය වන තුරු ම ගර්භය කාන්තාවන්ගේ ගර්භාෂය තුළ කුසෙහි දරාගෙන සිටීම සිදු වේ.

සාමාන්‍යයෙන් ළදරුවා ඉපදුණු විගස ම ක්ෂීරණ ක්රිකයාවලිය තුළින් මව්කිරි නිපදවීම ආරම්භ වේ. මව්කිරි ළදරුවන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්‍රතිදේහ සඳහා ප්රමභවය සේම, දරුවකුගේ ජීවිතයේ මුල් වසර හෝ ඊට වඩි කාලයක් සඳහා එකම ප්රුභවය ද වේ.[2][3][4]

ජීවවිද්‍යාත්මක නොවන මව

[සංස්කරණය]

ජීවවිද්‍යාත්මක මව හැරුණු කොට විශේෂයෙන් යම් කාන්තාවක් දරුවකු උස් මහත් කිරීමේ සමාජ භූමිකාව සපුරන්නේ නම් බොහෝ විට මව යන්න ඇයට ද භවිතා කළ හැකි ය.

එනම් සාමාන්ය යෙන් දරුවෙකුගේ පියාට ජීවවිද්යාවත්මකව සම්බන්ධයක් නැති භාර්යාව අපත්යගර්යමකාරක හෝ ධාත්රීා මවකි. දරුවකුගේ පළමු මවට අමතර ව තමාට ජීවවිද්යා ත්මකව අයත් නොවන දරුවකු රැකබලාගන්නා කාන්තාවන්ට ද ඇතැම් සන්දර්භයන්හීදී "වෙනත් මව" යන යෙදුම භාවිතා වේ.

අන්වාදේශ මව

[සංස්කරණය]

සාමාන්‍ය වශයෙන් ජීවවිද්‍යාත්මකව දරුවන් ලැබීමට නොහැකි යුවලක, වෙනත් කාන්තාවකගේ සඵල ගර්භබීජයක කළලයක් උසුලන කාන්තාවක් අන්වාදේශ මවක් වේ.

මෙලෙස ඇය තමා ජීවවිද්යා ත්මකව මව නොවන දරුවකු උසුලාගෙන සිට බිහි කරයි.

වත්මන් ප්‍රජනන තාක්ෂණයේ ප්‍රගමනයත් සමඟම ජීවවිද්යාටත්මක මවකගේ කාර්යතය ජන්ම මව (ගර්භබීජය සපයන්නා) සහ ගර්භණී මව (සාමාන්ය යෙන් අන්වාදේශ ලෙස හඳුන්වන ගර්භනී බව දරන්නා) අතර වෙන්කර දැක්විය හැකි ය.

සමාජයීය භූමිකාව

[සංස්කරණය]
දයාව Bouguereau විසිනි (1878)

ඓතිහාසිකව මව්වරු දරුවන් උස් මහත් කිරීමේ මූලික භූමිකාව සපුරන ලද නමුත්, විසිවන සියවසේ සිට ඇතැම් බටහිර රටවල දරුවන් රැකබලා ගැනීමේදී පියාගේ භූමිකාවට මවට වඩා ප්‍රමුඛත්වයක් හා සමාජයීය පිළිගැනීමක් ලබාදී තිබිණි. [5][6]

මාතෲත්වයේ සමාජයීය භූමිකාව හා අත්දැකීම ස්ථානීය වශයෙන් විවිධ වේ."දරුවන් සුරකිමු" සංවිධානය ලෝකයේ රටවල් පෙළගැස්වීමේදී ස්කැන්ඩිනේවියානු රටවල් දරුවන් ජනිත කිරීමට වඩාත් ප්රටවේශම් ප්රරදේශ බවත්, අප්රිැකානු අනු සහරා රටවල් ප්ර වේශම් අඩුම ස්ථාන බවත් සොයාගෙන ඇත.[7]

මෙම පෙළගැස්මේ අවසන් ස්ථාන දහයේ රටවල සිටින මවකට සාපේක්ෂ්ව, මුල් ස්ථාන දහයේ රටවල මවක් ගර්භණීභවායේදී හෝ දරු උපතේදී මියයාමේ 750 ගුණයක ප්රවවණතාවයක් පවතින බවටත්,අවසන් ස්ථාන දහයේ රටවල සිටින මවකට, පළමු උපන්දිනය උදාවීමට ප්ර‍ථම තම දරුවා මියයාම දැකීමේ 28 ගුණයක වැඩි ප්රේවණතාවයක් පවතින බවටත් මෙම අධ්ය0යනය තර්ක කරයි.

දරුවන්ගේ සංස්ලේෂක හා සංවාදාත්මක රටාවන් උද්දීපනය කිරීමට පියාට වඩා මව සුදුසු වේ.[8] ළමුන්ගේ කතාබහ සඳහා වූ දායකත්වය පිළිගැනීමට පියාට වඩා සුදුසු මවයි. [9][10][11][12] මව්වරු දරුවන්ට කතා කරන ආකාරය බොහෝ තරුණ දරුවන්ට ඔවුන්ගේ කථනය තේරුම්ගැනීමේ ප්රුයත්නවලදී පියවරුන්ට වඩා සුදුසු වේ.[9] ආචාරධර්ම මතභේද හා මාතෘත්වයේ සමාජ අර්ථයට සුවිශේෂී වෙනස්කම් මතු කරමින් 1970 වර්ෂයේ සිට කෘතිම ගැබ්ගැන්වීම් මගින් ස්වභාවික වයස් සීමාවන් ඉක්මවා ගැබ්ගැනීමට හැකියාව ලබා දී ඇත.[13][14]

කෙසේවුවත් මෙය බටහිර ලෝක ප්රවජාවගේ දැඩි නැඹුරුවක් පවතින පදවියකි. බටහිර ලෝකයෙන් පිටත කෘතිම ගැබ්ගැන්වීම සඳහා, මූලික සෞඛ්යාගරක්ෂාව, කාන්තා සෞඛ්යබය, ළදරු මරණ අවම කිරීම සහ පෝලියෝ, මැලේරියාව, බෝවන උණ වැනි තර්ජනාත්මක රෝග වළක්වාගැනීම සමඟ සංසන්දනය කළ විට, බොහෝ දුරට අඩු ප්රරමුඛතාවයක්, වැදගත්කමක් හෝ වටිනාකමක් පවතී. එසේම 1970දී පමණ කාන්තාවන්ගේ හා මව්වරුන්ගේ සමාජයීය භූමිකාව පිළිබඳ බටහිර ආකල්ප වෙනස්වීම ඇරඹිණි. ස්ත්‍රීන්ට ශ්‍රම හමුදාව තුළ වැඩි අවස්ථාවක් ලබාදුන් අතර, වැඩි ස්ත්‍රීන් ප්‍රමාණයක් පසු වයස්වලදී පළමු වරට මවක් වීම මෙහි ප්‍රතිඵලය විය. මෙම ප්ර්වණතාව 1990දී උච්ච වූ නමුත්, එතැන් සිට පියා ප්‍රධාන උපයන්නා වීමත්, මව නිවස හා දරුවන්ගේ වගකීම භරගැනීමේ සාම්ප්‍රදායික දැක්මට නැවත අවතීර්ණ විය. [15]


ආගමික පැතිකඩ

[සංස්කරණය]
ගර්භණී මාතාවක්

ලෝකයේ පවතින සෑම ආගමක්ම පාහේ ආගමික නීතියේ හෝ ආගමික සිදුවීම්වලදී දේවත්වාරෝපණයෙන් හෝ උත්තරීතරභාවයෙන් කටයුතු කළ මව්වරු තුළින් මවකගේ කාර්යවභාරය හා භූමිකාව නිර්වචනය කරයි. මව්වරුන්ට හා කාන්තාවන්ට සම්බන්ධ ආගමික නීති සඳහා වන නිදසුන් රාස්ජියක් පවතියි.

මව්වරුන් සම්බන්ධ ආගමික නීති හෝ ශාස්ත්රම ග්රහන්ථ පවතින මූලික ලෝක ආගම් අතර කිතුණුවන[16]්, යුදෙව්වන්[17] සහ මුස්ලිම්වරු [18] වේ. දේවත්වාරෝපණය හා උත්තරීතරභාවය සඳහා කිතුණුවන්ගේ මඩෝනා හෙවත් භාග්යුවත් මරිය මව්තුමිය, හින්දු මව් දේවතාවිය හෝ අතීත ග්රීුක ඩිමිති පිළිගැනීම නිදසුන් වේ.

සමාන පද හා පරිවර්ථන

[සංස්කරණය]

ළදරුවකුගේ ඉතා ප්‍රකට මුල්වදන "මා" වැනි ශබ්දයක් වේ. "අම්මා" යන්නට එය දක්වන ප්‍රබල සම්බන්ධය මෙලොව පවතින සියළුම භාෂාවන්හි පවතියි.

හුරුපුරුදු ලෙස “අම්මා” යන්නට විවිධ රටවල ව්‍යවහාර වන වෙනත් වදන් මෙසේ ය.

  • මම්, මමී - ඇමරිකාව, කැනඩාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය, එංගලන්තයේ බටහිර මිඩ්ලන්තය
  • මමා, මමී - මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අයර්ලන්තය
  • මා, මමී, මැමී - නෙදර්ලන්තය, අයර්ලන්තය, වේල්ස්
  • මා, අම්මා, මාතා - ඉන්දියාව, ශ්‍රී ලංකාව


මේවාද බලන්න

[සංස්කරණය]


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Definition from Allwords.com
  2. ^ Dhushara.com
  3. ^ Growth and Development, http://people.uncw.edu/ballardt/bio240_241_lecture%20notes/Study%20Guide%2027%20-%20DEVELOPMENT.doc, ප්‍රතිෂ්ඨාපනය 2004-08-09 
  4. ^ Chapter 46 Animal Reproduction, http://www.cbu.edu/~esalgado/BIOL112/Campbell/ch46.doc, ප්‍රතිෂ්ඨාපනය 2006-03-03 
  5. ^ "In most Western countries the family model of a sole male breadwinner is in full retreat." Accessed 19 September 2007.
  6. ^ Why Are Fathers Important? සංරක්ෂණය කළ පිටපත 2008-02-25 at the Wayback Machine Interview with Dr. Ross Parke, professor of psychology at the University of California at Riverside, author of Fatherhood (1966) and co-author of Throwaway Dads (1999). Accessed 19 September 2007.
  7. ^ Save the Children, State of the World's Mothers Report 2006 සංරක්ෂණය කළ පිටපත 2015-05-01 at the Wayback Machine.
  8. ^ Gendered differences in parents' encouragement of sibling interaction: implications for the construction of a personal premise system
  9. ^ a b Fathers' speech to their children: perfect pitch or tin ear?
  10. ^ Hladik, E., & Edwards, H. (1984). A comparison of mother-father speech in the naturalistic home environment. Journal of Psycholinguistic Research, 13, 321-332.
  11. ^ Leaper, C., Anderson, K., & Sanders, P. (1998). Moderators of gender effects on parents' talk to their children: A meta-analysis. Developmental Psychology, 34, 3-27.
  12. ^ Mannle, S., & Tomasello, M. (1987). Fathers, siblings, and the bridge hypothesis. In K.E. Nelson & A. vanKleeck (Eds.), Children's language, Vol. 6, (pp. 23-42). Hillsdale, NJ: Erlbaum.
  13. ^ Motherhood: Is It Ever Too Late?, July 15, 2009
  14. ^ Getting Pregnant After 50: Risks, Rewards July 17, 2009
  15. ^ "Australians more conservative on gender issues, working mothers". Sydney Morning Hearld. 11 October 2010. සම්ප්‍රවේශය 11 October 2010.
  16. ^ "What The Bible Says About Mother". Mothers Day World. සම්ප්‍රවේශය 2008-11-24.
  17. ^ Katz, Lisa. "Religious Obligations of Jewish women". About.com. සම්ප්‍රවේශය 2008-11-24.
  18. ^ 'Ali Al-Hashimi, Muhammad. The Ideal Muslimah: The True Islâmic Personality of the Muslim Woman as Defined in the Qur'ân and Sunnah. Wisdom Enrichment Foundation, Inc. 2002-03-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-11-24.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අම්මා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?